AL වලට කලින් මගෙ කොන්ඩෙ පොල් කෙදි වගේ හයියයි.
ඒත් දැන් කොන්ඩෙ ගොඩක් තුනී, තට්ටෙ වගේ.
බයොටින්, විටමින් බීවා ඒත් හරිගියෙ නෑ.
කේශ මූල තරලය ගෑවොත් හරියයිද?
කොන්ඩේ යන්න එක එක හේතු බලපානවා..
මගෙත් කොන්ඩේ නෑ ඕයී..
බෙහෙත් කරා බර ගානක කිසි ප්රතිඵ්ලයක් නෑ..
දැන් මුකුත් කරන්නේ නෑ නිදහසේ ඉන්නවා අමතක කරලා.
උබ නිතරම කොන්ඩේ යන එක ගැන හිතුවොත් මානසික ආතතිය වගේ ඇවිත් ගොඩක් කොන්ඩේ උබ බලන් ඉද්දිම වැටෙනවා.
ඒ නිසා ඕක ගැන හිතන එක නතර කරපන්..එතකොට අනිත් ටික හරි රැකෙයි.
පවුලේ කට්ටියගේ තාත්තගේ එහෙම කොන්ඩේ ගිහින් තියෙනවා නම් උබෙත් අනිවා ඒ විදිහටම යනවා..ඒවා ජානමය දේවල්.
කේශමූල තරලය ගදයි ප්රතිඵ්ල තියෙනවා කියලා කට්ටිය දාලා තිබ්බාට හොද නරක නම් දන්නේ නෑ..
කොන්ඩේ ඔක්කොම ගියොත් තට්ටේ ගාලා ඉන්න හිත හදා ගනින්..
එහෙම නැත්තන් රංජා වගේ විග් එකක් දාපන්