කේන්දරය සහ සක්කාය දිට්ටිය

Sep 27, 2014
152
33
0
කේන්දරය සහ සක්කාය දිට්ටිය

කේන්දරය සහ සක්කාය දිට්ටිය

85JgXGG.png


ලෝකයේ බොහෝ මිනිසුන් සිතා සිටින්නේ සියලු ග්‍රහ වස්තු පෘතුවිය වටේ යනවා කියා හෝ එය අවට ඇති ග්‍රාහක සූර්යයා වටේ යනවා කියා නොව, ලෝකයේ ඇති සියල්ල තමන් ""කේන්ද්‍ර"" කොට සිදුවනවා යයි කියායි. බුදු දහමේ සක්කාය දිට්ටිය යයි සදහන් වෙන්නේ මෙම ""මමත්ව"" යයි.

බමුණු දහමේ සදහන් පරිදි ග්‍රහලෝක වල පිහිටීමට අනුව තමන්ට ""කේන්දර"" හදාගෙන තමන් ගේ ජීවිතයේ ඉරණම ග්‍රහ වස්තුන්ගේ පිහිටෙන් හොයන්නට මිනිසුන් පෙලබුනේ මෙම ආත්මවාදී සක්කාය දිට්ටිය නිසයි.

ජෝතිෂ්‍ය යනු මැවුම්/ඊශ්වර වාදයේ දිගුවකි

පුද්ගලයකුගේ ඉරණම ග්‍රහලෝක සහ තරුවල පිහිටීමට අනුව පූර්ව කථනය කල හැකි බව විශ්වාශ ආත්ම වාදී කලේ බමුණු දහමයි. ආත්මය යනු යම් නියමයකට අනුව සිදුවන දෙයක් බව විශ්වාශ කල ඔවුන් එම රටාව ග්‍රහ ලෝක වල පිහිටීම මත ඇතයි සිතුවේය. මෙලෙස නිශ්චිත රටාවකට අනුව ග්‍රහ තාරක පිහිට ඇතිබව ඔවුන්ට අනුව නිවැරදි උපකල්පනයකි මන්ද යත් ආත්මවාදින් අනෙක් අතට නිර්මාණ වාදයද (ඊශ්වර වාදය) පිළිගන්න බැවිනි.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය මත පිහිටි බුදු දහමේ සරණ යන අතර තුරම "කේන්දර" සරණත් යන බෞධයගේ වික්ෂිප්ත චින්තනයත් ඒ තුල ඔහු පත්වන මුලාවත් ගැනත් තම තමන්ම සිතා බැලිය යුතුය.

ජෝතිෂ්‍ය සහ ගණිතය

ජෝතිෂ්‍ය යනු වඩා විදිමත් විද්‍යාවක් (formal science) ලෙස සැලසෙන ගණිතය මත පදනම් වූ ගැබුරු සාශ්‍රයක් බවට පෙන්වීමටද ජෝතිෂ්‍ය ජීවිකාව කරගන්නා පිරිස දරන උත්සාහය විහිළු සහගතය.

යමෙක් ඉලක්කම් සමග සහ ගණිතමය සමීකරණ සමග හරබ කර යමක් පැවසූ පමණින් එය විද්‍යාත්මක වන්නේ යයි සැලකීම මුලාවකි. ජෝතිශ්යයේ ඉලක්කම් සහ සමීකරණ යොදා ගත්තද භාවිතාකරන සමීකරණ සහ යොදා ගන්න දුරවල් ඇතුළු අගයන් වැරදි බව නූතන දැනුම සමග ඔප්පුවී දැන් බොහෝ කළකි. මනෝ මූලික ජෝතිෂ්‍ය ගණනය කිරීම් වල සිටින රාහු, කේතු වැනි ග්‍රහයන් යනු ග්‍රහයන්ද නොවේ. :-)

මෙම අගයන් සහ සමීකරණ සියල්ල පොලව වටා ග්‍රහයන් බ්‍රමණය වන්නේ යයි සිතා සිටි සහ ජීවිතයේ යතාර්ථය පෙන්වන බුදු දහමේ ආලෝකය නොලබා සිට අදුරු සමයේ මිනිසුන්ගේ සිතේ ඇතිවන අවිනිශ්චිතතාවය යම් පිළිතුරක් ලෙස එකල සිටි බමුණන් සකස් කල හිතළු බව පැහැදිලි කරුණකි.

යථාර්ථය

කෙළවරක් නොසෙවිය හැකි විශ්වය යනු යමෙකුගේ නිර්මාණයක් නොවන බවත් එතුල ඇති චලිතයන් එය යම් දිනක සිදුවන විනාශය (සහ එම ස්වභාවික විනාශය තුලින් නැවතත් බිහිවීමක්) තෙක් පවත්නා ස්වභාවික දර්මතාවයන් බවත් බුද්ධ දේශනයයි. ස්වභාවික විද්‍යාවේ නෙරීක්ෂණයන් සහ දැනුමද සපත කරනුයේ බුදු දහමේ සදහන් දේ මිස ජෝතිශ්යයේ සදහන් නිත්‍ය සහ ආත්මීය හිතළු නොවේ.

අදටත් යමෙක් ට මෙය නොතේරෙන්නේ නම් සහ නොදැනෙන්නේ නම් එය තව දුරටත් මුලාව හෝ නොදැනුවත් කම නොව මිත්‍යාව සහ බොරුව මත බැදුන තම ජීවිකාව තුල ව්යාජත්වයට ඇල්ම දැක්වීමක් ම පමණි.දේව වාදීන් වැරදි කර එය දෙවියන්ගේ කැමැත්තට හෝ දෙවියන්ගේ සමාවට යටත් කර සැනසෙන් නේ යම් සේද කන්න ඕනෑ වූ විට කබර ගොයාත් තල ගොය කරගන්න ඕනෑ ව්‍යාජ බෞධයන්ට ජෝතිෂ්‍ය යනු කදිම කෙලි බඩුවකි. එයින් ඔබ්බට ගිය කපටින්ට නම් එය කදිම වෙළද බඩුවකි.


ජෝතිෂ්‍ය සහ දේශපාලනය/වෙළද ආර්ථිකය

සාමාන්‍ය දේශපාලුවන් නිරතුරු උත්සහ කරන්නේ අවිචාරශීලී ව (පෙනෙන හෝ නොපෙනෙන) බලයන්ට බය පක්ෂපාති මානසික වහලුන් රැලක් බිහිකරගැනීමට යි. එවන් රටවැසියන් ව තමන්ට රිසි දිශාවකට දැක්කිය හැකි බව ඔවුන් අත්දැකීමෙන් දනී.

පාරිභෝගිකයන් මුලා කර අනවශ්‍ය බාල තොරම්බල් භාණ්ඩ සහ සේවා විකුණා මදි තර කරගන්නා ව්යාපරිකයන්ද මෝඩ බොලද සමාජයක් බිහිකරගැනීමට ජෝතිෂ්‍ය කදිම උපකරණයකි. වෙළෙන්දන් මත යැපෙන ජනමාධ්‍ය සකලවිද විකාර රූපී ගැයුම් වැයුම් සහ මෙගා නාට්‍ය අතර ජෝතිශ්යට ද මෙතරම් ඇල්මක් දක්වන්නේ එබැවිනි.

සැබෑ බෞධයා

ලෝකයේ දිග පළල හෝ කෙළවරවල් සොයන්න නොගොස් බබයක් වූ ශරීරයෙන් ලෝකය බලන්නයි බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත.

බුදු දහමේ සදහන් පරිදි යමෙක් පටිසෝතගාමිව සෝවාන් පලය ලබන්නට නම් අවම වශයෙන් 'සක්කාය දිට්ටි', 'විචිකිච්චා' සහ 'සීලබ්බත පරාමාස' යන සංයෝජනයන් තුන දුරු කල යුතුයි


නාලකගේ සිතුවිලි
 
Last edited:

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    sirawata bn
    oken karanne tanikarama boruwak
    lankawe godak bauddhayo gana nam kata karala wadak na
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔව් බන් ඔය ග්‍රහ ලොක ටික විතරක් රාශි ච්ක්කරේ යන්නැතුව අමුතු හැසීරීමක් තියෙන නිසා තමයි ඕවගෙන් අනාවැකි කියන්න පුලුවන් ශාස්ත්‍රයක් හැදුනේ. අනික ඔය රාශි කියන එකම බොරුවක්නේ.ගොනුස්සා වගේ පේන රාශිය ගැලීලියො ගැලීලිගෙ දුරේක්ශයෙන් බැලුවොත් නිකම් අච්චාරුවක් වගේ පෙනෙයි.අනික ඔය තියෙන සමහර තරු ඇත්තටම එතන දැන් නෑ එව්වා විනාශ වෙලා ආලොක් වර්ශ මිලියන ගානක් ඈතින් තියෙන තරු දැන් එතන නෑ.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    jothisya kiynne pulul wishayak oya hethuwadiyta mn kiynne podk nadi waakya gana igena gen enna. siylla watahey methek meloke wecha dewal saha wenna tina dewal eke tiinawa. prasident la ee ayge maranaya siylla tiinawa.

    anika oya kiyna widihta nuuthana widyawath athaharinna onii. ubla
    nuthna widyawe idn thmange athitithaytama banina gahrahana ewun, niyma bauddayo kiynne oya wage dewal gana boruwta tharka krnna ynne na, podk madyasthawa balapn, etakota terey
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,892
    113
    බම්ප් ... එකෙක් අයිත් ලිඳේ ... ජෝතිෂ කියන්නෙ මිත්‍යාදෘෂ්ටියක් ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හේතුවදියා;17190892 said:
    මේ ගැන විග්‍රහයක් කරන්නට අපේ නැකත් රාල සහෝදරයාට ආරාධනා
    :D:D lidei athi
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන් ඔය ග්‍රහ ලොක ටික විතරක් රාශි ච්ක්කරේ යන්නැතුව අමුතු හැසීරීමක් තියෙන නිසා තමයි ඕවගෙන් අනාවැකි කියන්න පුලුවන් ශාස්ත්‍රයක් හැදුනේ. අනික ඔය රාශි කියන එකම බොරුවක්නේ.ගොනුස්සා වගේ පේන රාශිය ගැලීලියො ගැලීලිගෙ දුරේක්ශයෙන් බැලුවොත් නිකම් අච්චාරුවක් වගේ පෙනෙයි.අනික ඔය තියෙන සමහර තරු ඇත්තටම එතන දැන් නෑ එව්වා විනාශ වෙලා ආලොක් වර්ශ මිලියන ගානක් ඈතින් තියෙන තරු දැන් එතන නෑ.
    :yes::yes::yes::yes: meka venda puluvan athama
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    හේතුවාදය = RATIONALISM
    source: http://www.sinhaladictionary.org/in...4521d7f9038741&il=en&p=1&visualtheme=gw_brand

    rationalism >>

    http://en.wikipedia.org/wiki/Rationalism

    යකෝ උඹ යකාගෙ හේතුවාදියෙක්නෙ බං...

    උඹ හේතුවාදියෙක් නං කොහොමද බං බුද්ධාගමේ සරණ යන්නෙ ?
    බුද්ධාගම කවද ඉඳන්ද හේතුවාදෙට ගැලපෙන්න ගත්තෙ ? o_O

    උඹ තව ටික දවසකිං කුරාණෙ නැකැත්, ඵලාඵල බොරුයි කියල කියල තියෙනව, ඒ නිසා නැකැත් ඵලාඵල බොරුයි කියයිනෙ..
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හේතුඵලවාදය, නියමයි මචන් දිගටම කරගෙන යමන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හේතුවාදය = RATIONALISM
    source: http://www.sinhaladictionary.org/in...4521d7f9038741&il=en&p=1&visualtheme=gw_brand

    rationalism >>

    http://en.wikipedia.org/wiki/Rationalism

    යකෝ උඹ යකාගෙ හේතුවාදියෙක්නෙ බං...

    උඹ හේතුවාදියෙක් නං කොහොමද බං බුද්ධාගමේ සරණ යන්නෙ ?
    බුද්ධාගම කවද ඉඳන්ද හේතුවාදෙට ගැලපෙන්න ගත්තෙ ? o_O

    උඹ තව ටික දවසකිං කුරාණෙ නැකැත්, ඵලාඵල බොරුයි කියල කියල තියෙනව, ඒ නිසා නැකැත් ඵලාඵල බොරුයි කියයිනෙ..
    :yes::yes: