
අපි වාහනයක් එලවගෙන ගමනක් යනකොට පාරේ ගස් වගයක් කඩා වැටිලා පාර අවහිර වෙලා
යාළුව ඔයා මම කියන එක හරියට තේරැම් අරන් නැහැ. මම මෙතන කියන්න ගියේ අපේ ජීවිතේ හැම දෙයක්ම කේන්දර වලට වලට භාර දීල අපි නිකම්ම බලාගෙන හිටියොත් හරියන්නේ නැහැ කියල.
උදාහරණක් හැටියට අද කේන්දරේ බලන්න ගියාම අපිට තව අව්රුදු 5කින් ලොකු පෝසතෙක් වෙනව. අපිට යාන වාහන. ලොකු ගෙවල් දොරවල් හම්බවෙනව කිව්ව කියමු. ආ කේන්දරෙන් මට මෙහෙම කිව්ව මම මොනවටද මහන්සි වෙන්න කියල උඩ බලාගෙන හිටියට මොනවත් ලැබෙන්නේ නැහැ. අපි ඒ දෙවල් වලට මහන්සි වෙන්න ඕනේ. අපි අපේ ජීවිතේ මූලික තැන දෙන්න ඕනේ අපි ජීවත් වෙලා ඉන්න සැබෑ ලෝකයට මිසක් අපිට නොපෙනෙන ලෝකයකට නෙමෙයි. ඒත් එහෙම කියල ඒව අහක දාන්න කියලම කියනව නෙමෙයි. ඒවට අපේ ජිවිතේ තැනක් දෙන්න ඕනේ ගානකට.
අපි වාහනයක් එලවගෙන ගමනක් යනකොට පාරේ ගස් වගයක් කඩා වැටිලා පාර අවහිර වෙලා
කාගේ හරි උදව්වක් අරන් අපි ගස් ටික අයින් කරලා දැම්මා කියමුකෝ
දැන් පාර ක්ලියර්
අපි වාහනය ස්ටාර්ට් කරලා එලවගෙන ගියොත් නේද අපිට ඒ ගමන යන්න පුලුවන්
නැතුව දැන් පාර ක්ලියර් එහෙනම් මාව එතනට යනු මැනවි කිය කියා වාහනේ ඇතුලට වෙලා නිදා ගත්තොත් ගමන යන්න බෑ නේද
ගුප්ත විද්‍යාව අනුව කරන්න පුලුවන් යම් කෙනෙකුගේ ජීවිතයට තියන බාධක/කරදර යම් තාක් දුරට යටපත් කිරීමක් හෝ ඉවත් කිරීමක් පමණි
ඉන් පසු තමන් සතු දැනුම සහ ධෛර්ය ශක්තිය අනුව ඒ ඒ දේවල් වල නිතර වීම ඒ ඒ පුද්ගලයින් සතුවේ
http://www.elakiri.com/forum/showthread.php?t=1512136&page=3

thawa pissek



ඔයාගේ මේ post එක බලන ඕනෙම කෙනෙක්ට තේරෙන දයක් තමයි ඔයාගේ ජිවිතේ වෙන හැමදෙයක්ම තීරණය කරන්නේ ඔයාගේ කේන්දෙරේයි අර කෙන්දර බලන කෙනෙයි කියල.
දැන් ඔයා ඒක වෙන පැත්තකට හරවන්න හදනව.
"මෙයා කියපු දෙය මට අමතකම වෙලා ගියා
මං ඒ දවස්වල පුල් පන් ලයිප් එකක් ගෙව්වේ රස්තියාදු ගැසීම අංක එක
ඊට පස්සේ ඉතින් විශේෂ දෙයක් කලේ නෑ
ඒත් මට දැන් වයස අවුරුදු 22යි
මම දැන් අදායම් බදු ගෙවන
සේවයකයින්ට පඩි ගෙවන කෙනෙක්"
ඔබතුමා මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. ඔබතුමා මේ විදිහට රස්තියාදු ගැසීම අංක එක කරගෙන මේ විදිහට විශේෂ දෙයක් කරගෙන හිටිය නම් කොහොමද එකපාරටම සේවකයන්ට පඩි නඩි ගෙවන සල්ලිකාරයෙක් උනේ මේක කියවන ඕනෙම තොත්ත බබෙක් උනත් හිතන්නේ ඔබතුමාට ඒ දේවල් ඔබතුමාගේ කේන්දරේ ගෙනත් දුන්න කියල.
![]()
![]()
![]()
කේන්දර බැලීම, සාස්තර කීම ආදී සියල්ල "ශිල්ප ක්‍රම" ගණයට වැටෙනවා.
බුදු දහම කිසිම හේතුවක් නිසාවත් කිසිදු ශිල්ප ක්‍රමයක් ප්‍රතික්ශේප කළ බවක් සඳහන් වෙන්නේ නෑ.
සිදුහත් කුමරා ගිහිගෙය ඉගෙනගත් අශ්ඨා දශ ශිල්ප වලට ජෝතිශ්යත් ඇතුලත් වනවා. නමුත් උන් වහන්සේ බුදුවූ පසු මේවායින් ප්‍රතික්ශේප කළ ශිල්ප එකක්වත් නෑ. (නමුත් සමහර කලාවන් ලාමක දේවල් ලෙස බැහැර කළා.)
වරක් හිස් කබලට තට්ටු කරල මිය ගිය කෙනා ඉපදිච්ච ආත්ම භවය කියන කෙනෙක් බුදුන් වහන්සේ ගාවට ආවා.
බුදුන් වහන්සේ ඔහුගේ ශිල්ප ක්‍රමය ප්‍රතික්ශේප කලේ නෑ. උන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් ගේ හිස් කබලක් ගෙනාවහම අර බමුණා එයට තට්ටු කරලා නිරුත්තර උනා (ඒ කියන්නේ ශිල්ප ක්‍රමය නිවැරදියි).
නමුත් අර තරුණ බමුණා හිතුවේ තමන්ගේ ශිල්ප ක්රමයේ වරදක්/ අඩුවක් තියනවා කියලා. ඒක ඉගෙන ගන්න මහණ වූ ඔහු රහත් වුනා.
මේ කතාවෙන් කියන්නේ ශිල්ප ක්‍රම වැරදියි කියන එක නෙවෙයි ඒවායින් සසර ගමන කෙටි කරගන්න උදව්වක් නෑ කියන එක විතරයි.

මීට හාත්පසින් වෙනස් සාස්තරයක් ගැන මීළඟට.
නිවාඩුවට අවරුද්දකින් ලංකාවට ආවම මස්සිනා සමග ඉතා ප්‍රසිද්දයි කියන අත බලල සාස්තර කියන කෙනෙක් ලඟට ගියා. දෙසපාලුවොත් යන්නේ එතෙන්ට ලු.
මගේ වාරේ ආවම මස්සිනාත් නෝනවත් සමග කාමරය තුලට ගියා.
අනාවැකි කියාගෙන යද්දී ඔහු කිව්වා මගේ ලිවර් එක නරක්වෙගෙන එන්නේ, මත්පැන් බීම නවත්වන්න කියල. මම ජීවිතේටම මතින් තොර ජීවත්වෙන කෙනෙක්. අඩු ගානේ සිගරේට් එකක්වත් බොන්නේ නැහැ.
ඒ අනාවකියටත් හා කියල මම ප්‍රස්නයක් ඔහුගෙන් ඇහුව. මට රට යන්න පුලුවන්වෙවිද කියල. ඔහුගේ පිළිතුර උනේ ඔබ උනන්දුවෙන්න ඕනේ.
මම අහන්නේ ප්‍රසිද්දයි කියන කෙනාට මගේ හරි විස්තරයක් කියන්න බැරි උනේ මන්ද.![]()











මම මේකට උත්තර දෙන්න ගියොත් සමහරු හිතයි මං පොර ටෝක් දෙනවා කියලා
අවුලක් නෑ
මං කියන්නම්
ඒ සාස්තර කාරයා ඒ කතාව මට කීවේ මට වයස දාසයේදී
මම එතකොට එකොලහ වසරේ හිටියේ
එකලහ වසරේ මුල් කාලයේ දී තමා ඒ කතාව මට කීවේ
මං ඒ දවස්වල ඉස්කෝලේ ඇතුලේ උන්නේ ටිකක් ජරා චරිතයකින්
ස්කූල් කට් කරන්න
එක එක තැන් වල ඇවිදින්න යන්න
වගේ දේවල් තමා කලේ
රස්තියාදු ගැහුවා කීවේ
කිසිම දේක බරක් පතලක් හෑල්ලුවක් තිබ්බේ නෑ
සාමාන්‍ය පෙල විභාගය ඉවර වෙනකන්ම කලේ රස්තියාදු ගගහා හිටපු එක
විභාගයෙන් පස්සේ මාස ගානක නිවාඩුවක් හම්බ වෙනවා
ඒ කාලෙදි ගෙදර අය මාව කොළඹ නෑදෑ ගෙදරක නතර කලා
පරණ යාලුවෝ සෙට් එක ඒකෙන් වෙන්වුනා
මම කොළඹ ඉදන් තීඩී ඇනිමේෂන් හදාරන්න පටන් ගත්තා
මගේ ලෝකය වෙලා තිබ්බේ ඇනිමේෂන්
මාස දෙකක් විතර ඉන්නකොට ක්ලාස් පටන්ගන්න නිසා ආපහු ගෙදර ආවා
ඇනිමේෂන් ක්ලාස් එකට දිගටම යන්න ඕනි නිසා රත්නපුර බාන්ච් එකට සෙට් වුනා
උසස් පෙල පන්ති යන ගමන් කලේ ඇනිමේෂන් ගැන ඉගෙන ගත්ත එක
ඒ පීල්ඩ් එකට ආසා හිතුන නිසා
වෙනදා වගේ රස්තියාදුවේ යන්න ගියේ නෑ
ටවුන් එක පුරා දුව ඇවිද්ද මං ඊට පස්සේ ගෙදරටම කොටු වුන ළමයෙක් උනා
එතනින් පස්සේ මට සෙට් වුනේ ඉගෙන ගන්න දක්ෂ යාලුවෝ කාණ්ඩයක්
දහසක් බලාපොරොත්තු මැද පන්ති යනකොට
අවාසනාවන්ත විදිහට මාව ලෙඩ වුනා
මාස ගණනක් රෝගී තත්ත්වයෙන් පසු වුනා
ඒ කාල සීමාවේදී තමයි මම බණ දහම් පැත්තට යොමු වුනේ
වැඩි දවසක් මං ගත කලේ කාමරේට වෙලා මගේ රෝගී තත්ත්වය නිසා
එහෙම ඉන්න කොට මාගේ මාමා කෙනෙක් හැමදාම බණ cd ගෙනවිත් මට අහන්න සලස්සනවා
ඒවා ගැන සාකච්ජා කරනවා
මේ කාලසීමාවේ දී තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට පෙරලුනේ
මාත් සමග එකට සිටි සමහර යාලුවෝ අද පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේර් පීඨ වල ඉගෙනුම ලබනවා
මේ අතරතුර කාලයේදී
මාගේ නෑදෑ වෙන අයියා කෙනෙක් පාවිච්චි කරන බයිසිකල් විකුණන සේල් වලට බිස්නස් අරන් යන සීන් එකක් කලා( බෝකර් වැඩේ බන්)
පසු කාලීන එයා මගෙත් එක්ක හිතවත් වෙලා
මේ ව්‍යාපාර කෙරෙන ආකාරය සහ ලාබ පාඩු ගැන කීවා
ඉන්පසු ණයට ගත් මුදල් යොදවා සුලුවෙන් ආරම්භ කලා
පටන් ගත්තේ බයිසිකල් එකකින් දෙකකින්
මං ඒ දවස්වල බයික් හොයන්න ගම්පහ , ගාල්ල, මාතර පැති වල නොකා නොබී වැස්සේ තෙමි තෙමී බයිසිකල් වලින් තව කෙනෙක් දාගෙන ගියා
ඒ යන අතරතුර ඒ ඒ පැති වලින් ගොඩක් සම්බන්ධතා ඇති වුනා
බොහෝ මිනිසුන් හිතවත් වුනා
කෙසේ හෝ මාස කිහිපයක් ඇතුලත සීඝ්‍ර දියුණුවක් ලබන්න අපේ උත්සහය නිසා අපිට පුලුවන් උනා.
ගොඩක් කාර්ය බහුල වෙනකොට අපි ගේන බයිසිකල් හදන්න අපිට ගැරේජ් වලට යන්න ටයිම් නැති වුනා
ඒක නිසා ඒවට දක්ෂ කෙනෙක් අරන් බයිසික්ල ගැරේජ් එකක් පටන් ගත්තා
එම ගැරේජ් එක කරන අතරතුර මාගේ හිතවතෙක් ඔහු කලින් වැඩ කරපු තැන ප්‍රශ්නයක් වෙලා මාව සොයාගෙන ආවා
ඔහු දක්ෂ ඩීසල් සහ පෙට්‍රල් වාහන කාර්මිකයෙක්
ඉන්පසු බයිසිකල් ගැරේජය වාහන රෙපයාර් කරන ස්ථානයක් බටව පත් වුනා
නැවතත් අධ්‍යාපනය වෙත යොමුවන අදහසින් මං කොළඹ ආවා
මෙන්න මේකයි සිද්ධිය
දැන් ඉතින් කියන්න එපා ලොකුකම් කියව්වේ කියලා
ඇහුව නිසයි කිව්වේ
මචන් මම කියන්ඩද කතන්දරේ....
ඉස්සර මිනිසා වේලාවන්, දින දර්ශන ගණනය ආදී දේවල් කරේ තාරකා අද්‍යනය කරලයි. මිනිස්සු ඒ ගණනයන් හරියට කරා. ඉතින් මිනිස්සු මේ ගණනයන්ට අමතරව තවත් දේවල් මේ තරු අතර තියෙනවද බැලුවා. ඉතින් ඇහැට පේන තරු රටාවන්ට එක එක නම් දැම්ම. කකුට්ටෙක් වගේ පේනවනම් කටක් කිව්වා. ධනු කිව්වා එක එක නම් දැම්මා. දැන් මේවා ඇහැට පේන හැඩයන් විතරයි නේ. ඒවුනත් දැන් අපි දන්නවා මේ තරු රාශි අස්සේ ඇහට පෙන්නේ නැති තරු ඇති විශාල ගානක් තියෙනව දුරදක්නයක් අරගෙන බැලුවොත්. දුරදක්නයකින් බැලුවොත් ධනු නිකන් අච්චාරුවක් වගේ පෙනෙයි.එතකොට එකෙන්ම තේරෙනවා මේ රාශි කියන ඊවා බොරු කියලා.අනික ආලෝක වර්ෂ දහස් ගණන් ඈතින් තියෙන සමහර තරු පෙනුනට එව්වා ඇත්තටම එතන නෑ.එව්වා විනාස වෙලා.
මේ අතීතයේ මිනිසුන්ට තරු 5 ක් ඇරෙන්නඩ අනික් තරු එකිනෙකාට සාපේක්ෂව නියමිත තැන වල ඉන්නව කියල තේරුණා.එත් ඇහැට පේන ග්‍රහ ලෝක 5 එහෙ මෙහෙ දුවනවා. ඒවුනාට ඇත්ත නම් තව නොපෙනෙන ග්‍රහ ලෝක 2ක් තනව කියන එක (නෙප්චුන්, යුරේනස්). ඉතින් මේ අකීකරු 5 දෙනෛ ඉරයි ,හඬයි අරගෙන අනාවැකි කියන්ඩ පටන් ගත්ත.දැන් සමහර එවුන් නෙප්චුන්, යුරේනස් අරගෙනත් කේන්දර හදනවා.ඉතින් උඹලට පේනවා නේද ඒකාලේ උන්ට පෙනිච්ච පෙනිච්ච විදිහට උන් හදපු ප්‍රෝඩාවක් තමයි මේ කේන්දර කියන්නේ.අනික කේතු කියන එකා අද්බූත ග්‍රහයෙක්.
සමහර පකීර් ලා විද්‍යාත්මකව කේන්දර පහදනවා ග්‍රහලෝක වල ආලෝක කිරණ හින්දයි මේක වෙන්නේ කියලා. සමහර එවුන් කියනවා චුම්බක ක්ෂේතරය නැත්තම් ගුරුත්වය හින්දා කියල. එහෙනම් කවුරු හරි කොළඹ ඉන්න එකෙක් කුරුණෑගල ගල ගාව ගෙදරක් අරන් ගියොත් චුම්භක බලේ හරි ගුරුත්ව බලේ හරි ඔය හද්ද දුර ඉන්න ග්රහයෙකුට වඩා අම්බානකට ආතු ගලෙන් හම්බෙනව වැඩියි. එතකොට මොකද කියන්නේ.
![]()
"පටන් ගත්තේ බයිසිකල් එකකින් දෙකකින්
මං ඒ දවස්වල බයික් හොයන්න ගම්පහ , ගාල්ල, මාතර පැති වල නොකා නොබී වැස්සේ තෙමි තෙමී බයිසිකල් වලින් තව කෙනෙක් දාගෙන ගියා
ඒ යන අතරතුර ඒ ඒ පැති වලින් ගොඩක් සම්බන්ධතා ඇති වුනා
බොහෝ මිනිසුන් හිතවත් වුනා
කෙසේ හෝ මාස කිහිපයක් ඇතුලත සීඝ්‍ර දියුණුවක් ලබන්න අපේ උත්සහය නිසා අපිට පුලුවන් උනා.
ගොඩක් කාර්ය බහුල වෙනකොට අපි ගේන බයිසිකල් හදන්න අපිට ගැරේජ් වලට යන්න ටයිම් නැති වුනා
ඒක නිසා ඒවට දක්ෂ කෙනෙක් අරන් බයිසික්ල ගැරේජ් එකක් පටන් ගත්තා
එම ගැරේජ් එක කරන අතරතුර මාගේ හිතවතෙක් ඔහු කලින් වැඩ කරපු තැන ප්‍රශ්නයක් වෙලා මාව සොයාගෙන ආවා
ඔහු දක්ෂ ඩීසල් සහ පෙට්‍රල් වාහන කාර්මිකයෙක්
ඉන්පසු බයිසිකල් ගැරේජය වාහන රෙපයාර් කරන ස්ථානයක් බටව පත් වුනා"
උඹ මෙහෙම දියුණු උනේ උඹගේ කැපකිරීම නිසා. ඒ උනාට උඹ මුලින් කියල තියෙන්නේ මේ හැම දෙයක්ම උනේ අර කේන්දර බලන කෙනෙයි, කේන්දරෙයි නිසා කියල.
"හැබැයි බුදුහාමුදරුවන් බෑ අපේ අපල කරදර බාදා නවත්වන්න
මන්ද උන්වහන්සේ දෙවිකෙනෙක් නොවන නිසා."
"බෝධි පූජා දාන ආදිය කලහම පිං ලැබෙනවා
ඒ පිං මගින් පව් යටපත් වෙලා ඒවා විපාක ලැබිම් ප්‍රමාද වීම හෝ නැතිවීම වෙනවා"
ඔයා මෙතන කියල තියනව නේද බුදුහාමුදරුවන්ට බැහැ කියල අපේ අපල කරදර කරදර බාදා නවත්වන්න. ඒත් ඊට පස්සේ කියල තියනව එහෙම පුළුවන් කියල. අනික මේක කියනවන සමහර අයට හිතෙන්නේ මෙතන බුදුහාමුදුරුවන්ට වඩා දෙවියො උස්ස කරල තියනව වගේ දෙයක්. බුදුහාමුදුරුවන්ට වඩා දෙවියොන්ට බලයක් තියනව වගේ දෙයක්.
අපි සෑම අවස්ථාවකදීම කටයුතු කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුවමයි. වෙනත් වෙනත් මති මතාන්තර පස්සෙ ගමන් කරන්නට හොඳ නෑ. අපේ බොහෝ දෙනෙක් බුදු දහම පසෙකලා වෙනත් පාරවල ගමන් කරන්න කැමතියි. අපි ඒ මාර්ගය වෙනස් කරල නියම මාවතට ප්රවිශ්ට වෙන්න ඕන. කේන්දර, සාස්තර ආදියට යටවෙලා කටයුතු කරන්නෙ නැතිව ධර්මයටම මුල්තැන දෙන්න ඕන. ඒ කියන්නෙ තමන් විශ්වාස කරන්න ඕන මේ ලෝකෙ තිබෙන සත්‍යයම දේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙ ධර්මය කියල. කොහොම උනත් මේකේ තියන සමහර කරුණු ඇත්ත යාළු