කේන්දර_Problems

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ela thread ekak
    11.gif
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ


    //බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්ෂුවක්‌ විය. මේ භික්ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක්‌ දැක්‌වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ.

    එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක්‌ කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්ෂුව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක්‌ උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්ෂුව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.



    "ස්‌වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?"

    බුදුන් වහන්සේ කිසිවක්‌ නෑසුන සවන් ව බලවත් කල්පනාවක නිමග්නව සිටියහ. එබැවින් මඳක්‌ පසුබා සිටි භික්ෂුව දහවල් වරුවේ බුදුන්ට දන් පිළිගන්වන ගමන් එම පැනයම විචාළේ ය. එහෙත් පිළිතුරු නැත. මඳක්‌ පසුබා සිටි භික්ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද එම පැනයම විචාරන්නේ ය.

    "රාත්‍රී කාලයේදී ඔබට පහදා දෙමි" යි වදාළ බුදුන් වහන්සේ නැවතත් ධර්ම කාරියක නිරත වූහ. ඒ අතර රාත්‍රියද එළැඹිනග භික්ෂුන් වහන්සේ නැවත වතාවක්‌ බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නැමද තම ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

    භික්ෂුව ආරාමයෙන් පිටතට කැටිව ගිය බුදුන් වහන්සේ තරු දිලිසෙන අහස්‌ ගැබට සිය ශ්‍රී හස්‌තය දිගු කර මෙසේ විචාරන්නාහ.

    "ඇවැත්නි, දුර ඈත පෙනෙන තාරකාව එහි සැබැවින්ම පවතින්නක්‌ද?"

    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ"

    එවිට බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ.

    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥාව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත. කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ//

    ;)
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    koi sasthrayad widyawada dn bisnus ekk nemei kiyl kiynn puluwn.anik mn mekt buddhagam gewwe ne
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    සිරාවට බං.. ඔව්ව හෙන බොරු.. අපි වෙඩිමට දිනයක් බලන්න කේන්දර කාරයො 3 දෙනෙක් ගාවට ගියා.. 3 දෙනා දුන්නේ දවස් 3ක්.. යකෝ අපේ කේන්දරත් එකමනං.. බලන ලිතත් එකමනං.. සාස්තරෙත් එකමනං.. කොහොමද එහෙම වෙන්නේ..? :eek::eek::eek::eek::eek:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land



    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත.
    ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥාව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත. කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ//

    ;)
    ජොතිශ්‍ය පොඩ්ඩක් පැත්තකින් තියලා මෙන්න මේක ඇත්තටම බුදුහාමුදුරුවෝ කියලා තියේද කියලා හොයලා බැළුවා. අවුරුදු 2500 කට කලින් මිනිස්සු ගස් ගල්වලට වැද වැද ඉදපු කාලෙක මෙහෙම කතාවක් කිව්වෙ කොහොමද බන් ? මගෙ ඔළුව කුරිඥ්ඥැං උනා
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේක ඇත්තම කතාවක්. ගියසතියෙ මේ සිද්දිය උනෙ. අපේ පැත්තෙ ලඟදි කොල්ලෙක් මැරුන ලිඳක් කපද්දි ඉවුරක් කඩාවැටිල. මේ කොල්ලගෙ කේන්දරේ බලපු මහත්මය කියල තිබිල තියෙනව ඒ දවසෙ මාරකයක් තියෙන හින්ද ගොඩක් පරිස්සමින් ඉන්න කියල.ඒ කොල්ල ලිඳ කප කප ඉන්න වෙලාවෙ ඒ මහත්තය මූට කෝල් එකක් අරන් අහල තියෙනව දැන් කොහෙද ඉන්නෙ කියල . ලිඳේ ඉන්නව කිව්වහම කියල තියෙනව මේ දැන්ම ගොඩට එන්න කියල .ඒත් ඌට ගොඩට එන්න හම්බෙලා නෑ.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හිතාදර මා පුත්‍රය..ඔබේ පුංචි මොලේට ගෝචර නොවන දෑ බොහොමයක් මේ විශ්වය තුල පවතී .. මේත් එවැන්නක් යැයි සිත සිත සාදාගනු?(නුබට නොතේරෙන බැවින් ) .. නුබට මෙහි තේරුම් සෙවීමට තරම් මොලය මෝරා නැති බවක් පෙනේ :no:

    නිකමට සිතා බලනු ග්‍රහ ලෝකවල බලපෑමක් නැත්නම් පෝයට කොහොමද පිස්සන්ට පිස්සු තද වෙන්නේ , වඩදිය බාදිය ගැන එහෙමත් සිතා බලනු ..ඒ සරල දෑ තේරුම්ගෙන ඉන් පසුව කතා කරනු..
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හිතාදර මා පුත්‍රය..ඔබේ පුංචි මොලේට ගෝචර නොවන දෑ බොහොමයක් මේ විශ්වය තුල පවතී .. මේත් එවැන්නක් යැයි සිත සිත සාදාගනු?(නුබට නොතේරෙන බැවින් ) .. නුබට මෙහි තේරුම් සෙවීමට තරම් මොලය මෝරා නැති බවක් පෙනේ :no:

    නිකමට සිතා බලනු ග්‍රහ ලෝකවල බලපෑමක් නැත්නම් පෝයට කොහොමද පිස්සන්ට පිස්සු තද වෙන්නේ , වඩදිය බාදිය ගැන එහෙමත් සිතා බලනු ..ඒ සරල දෑ තේරුම්ගෙන ඉන් පසුව කතා කරනු..

    oyama kiyala denna balanna.