කේබල් කාර් පද්ධතියක් හදාගෙන යනවා.
මෙවර ඔලිම්පික් උළෙල බලන්න ලන්ඩන් යන අයට තේම්ස් නදිය ඉහළින් අහසින් යන්න පුළුවන්. ඒ සඳහා කේබල් කාර් පද්ධතියක් හදාගෙන යනවා. මේ කේබල් පද්ධතිය ඔලිම්පික් උළෙල පටන් ගන්න ජූලි 27 වැනිදාට කලින් තනා නිම වේවි කියල බලාපොරොත්තු වෙනවා. මේ සඳහා පවුම් මිලියන 50ක් වැය වෙනවා. මේ දිනවල එහි ආරක්ෂාව සහතික කිරීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙනවා.
මේ කේබල් කාර් පද්ධතිය හැඳින්වෙන්නේ ‘එමිරේට්ස් එයා ලයින්’ කියලයි. ඒ එම පද්ධතිය ඉදිකර නඩත්තු කරවන්නේ එමිරේට්ස් ගුවන් සේවාව මගින් නිසයි.
මෙහි ඇති ගොන්ඩෝලා තේම්ස් නදියට අඩි 160ක් ඉහළින් යන නිසා ඔලිම්පික් උළෙල කාලයට පමණක් නොව ඉදිරියේදී ලන්ඩන් අහසේ සිත්කළු දසුනක් වනවා නොඅනුමානයි. මෙය තේම්ස් නදිය දෙ පස යා කරන ගමන් මාර්ගයක් ලෙසත් අනාගතයේ දී ලන්ඩන් සිරි නරඹන අයට නැතිවම බැරි අංගයක් වේවි.
මේ තේම්ස් නදිය හරහා යන ගොන්ඩෝලා ගමනට ගත වෙන්නේ මිනිත්තු පහක කාලයක් විතරයි. ඔලිම්පික් කී‍්‍රඩාංගනවලට කී‍්‍රඩකයන් හා පේ‍්‍රක්ෂකයන් ගෙන යන්නත් මේ මාර්ගය යොදා ගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙහි ගොන්ඩෝලා 34ක් තියෙනවා. ඒවා යොදා ගෙන පැයක දී මගීන් 2,500ක් ගෙන යා හැකියි.
ලන්ඩනයේ ගර්කින් ප‍්‍රදේශය හරහා යනු දිස්වෙන්නේ මෙසේයි. මේ ප‍්‍රදේශයට ගර්කින් කියා කියන්නේ පසුබිමේ ඇති ‘පිපිඤ්ඤා’ ගෙඩියක හැඩයැති ගොඩනැගිල්ල නිසයි.
මේ ගොන්ඩෝලා ලන්ඩනයේ කැනේරි වෝෆ් ගොඩනැගිල්ල වැනි අහස සූරන මැඳුරුවලට ඉහළින් යන නිසා නගරයේ විසිතුරු නරඹන්න හොඳම මග මෙය වෙනවා නිසැකයි.