View attachment 215313
මේ කැටලිනා යානයක් දැක්කාම හිතෙන්නේ "මේ අටමගලේ බටහිර ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට නොනවත්වා පියාසර කරනවා තියා පොළවෙන් උඩට ගියොත් පුදුමයක්" කියන හැඟීමයි. ඒවා එතරම්ම රළු, බොහොම ප්‍රාථමික, Aerodynamics කියලා දෙයක් අහලාවත් නැති, තටු දෙකක් හයි කරපු ඇළුමිනියම් පෙට්ටියක පතුලට කොල්ලෑවක් හයි කළා වගේ එකක්. ඒකේ වේගය ගැන මේ පෝස්ට් එකේ තියනවානේ.
ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියාවේ ස්වෝන් හිල් නගරය ආසන්නයේ තියන ලේක් බොගා කියන තැන මේ ගුවන්යානා නඩත්තු කල හැන්ගර් එක දැන් කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යනවා. ඒකේ නම lake boga flying boat museum. ඒකේ මේ කැටලිනා සහ තවත් නොයෙකුත් පැරණි සිහිවටන ප්‍රදර්ශනය කෙරෙනවා. එහි කොග්ගල සහ සිලෝන් රටේ විස්තරත් තියනවා.
View attachment 215314
1942 පාස්කු ඉරිදා ජපන්නු බෝම්බ දාන්න එනකොට අනතුරු ඇඟවීමක් දුන්න ගුවන් යානයත් කැටලිනා එකක්. ඒක කොග්ගල ඉඳලා නැගෙනහිර මුහුදේ මුර සංචාරය කරනකොට තමයි ජපන් යුධ නැව් දැකලා ලංකාවට අනතුරු ඇඟවීම කලේ. (ඒකට ජපන් සීරෝ යානා වලින් වෙඩි තියලා මුහුදට වැටුනාම crew එක අල්ලා ගත්තා) ඒ නිසා කල්වේලා ඇතුව සූදානම් වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ජපන් ප්‍රහාරය අසාර්ථක උනේ.
මේ කැටලිනා ගමන නැවත්තුවාට පස්සෙත් ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ඉඳලා ලංකාවේ රත්මලානට Liberator (Consolidated B-24 Liberator බෝම්බ හෙලන ගුවන් යානා හා සමාන) යානාවෙන් ගුවන් ගමන පවත්වාගෙන ගොස් තියනවා. නමුත්, රත්මලානෙන් ඒකට සම්පූර්ණයෙන්ම තෙල් පුරවලා ගුවන්ගත කරන්න තරමට ගුවන් පථය දිග නැති නිසා, මින්නේරියට ගිහිල්ලා, එහිදී තෙල් පුරවාගෙන නැවත පර්ත් පැමිණීම කර තිබෙනවා.
View attachment 215315
මේ තියන සිලෝන් එකේ කොග්ගල පින්තූර කිහිපය ජාලයෙන් උපුටා ගත් ඒවා.
View attachment 215316