කොච්චර_රැවටුනාද_බලපල්ලා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කොච්චර_රැවටුනාද_බලපල්ලා

    පොටෝෂොප් වැනි මෘදුකාංග භාවිතා කරමින් නිර්මාණය කරනු ලැබූ ඇතැම් ජායාරෑප ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. අන්තර්ජාලය හරහා ජනපිය වූ එම ජායාරෑප ලොව පුරා පැතිර ගොස් තිබෙන්නේ වෛරසයක් ආකාරයෙනි. ලෝකයම මුලා කිරීමට සමත් වූ  එවැනි ව්‍යාජ ජායාරෑප 10 ගැන සොයා බලන්න දැන් අපි හදන්නේ.. බලන්න.. මෙහි ඇති ජායාරෑප වලට ඔබත් රැවටී තියෙන්න පුලුවන්..


    01. ඉන්දියානු සාගර සුනාමිය

    1.jpg



    2004 වර්ෂයේ දී සිදු වූ සුනාමි ව්‍යවසනයෙන් පසුව බොහෝමයක් ජායාරෑප ලොව පුරා පැතිරී ගියා මේ ඉහළින් ඔබ දකින්නේ එවැනි එක් ජායා රෑපයක්. එය චිලී වල සත්‍ය ජායාරෑපයක් වුවත් පෙනෙන්නට තියෙන විශාල දිය රැලි නම් පොටෝෂොප් භාවිතයෙන් සකස් කර තියෙනවා.. ඒ කියන්නේ මේක ව්‍යජ පො‍ටෝවක්..



    02. 09/11 සංචාරකයා


    2.jpg


    ඇමරිකානු ලෝක වෙළද මධ්‍යස්ථානයට දරැණ තස්ත පහාරයක් එල්ල වුණ බව ඔබට මතක ඇති. ඒ ස්‍රදහා තස්තවාදීන් භාවිතා ක‍ර තිබුනේ අධික පුපුරණ දව්‍ය සහිත ගුවන් යානා දෙකක්. බොහෝ දෙනෙක් විශ්වාස කලේ‍ මේ ජායාරෑපය එම සිදුවීම සිදුවීමට සුඵ මොහොතකට පෙර ගනු ලැබූ ජායාරෑපයක් බවයි . නමුත් පසුව ඔවුන් තේරැම් ගත්තා එය ව්‍යාජ ජායාරෑපයක් බව.


    03‍. මෝරා සහ හෙලිකොප්ටරය‍


    3.jpg


    මේත් අන්තර්ජාලය කැළඹූ ජායාරෑපයක්.. බැලූ බැල්මට මෙය ව්‍යාජ චාජාරෑපයක් සේ ඔබට පෙනුනත් ඇතැමෙක් මෙය සත්‍ය චායාරෑපක් බව විශ්වාස කලා..

    04. වැලි කුණාටුවට මැදිවූ ලිබර්ටි ලිය


    4.jpg


    ලිබර්ටි පතිමාවට ඉහලින් දිස්වෙන මෙම අතිවිශාල කුණාටුව පොටෝෂොප් මෘදුකාංග ශිල්පියෙකුගේ විශිෂ්ට තවත් එක් නිර්මාණයක් පමණයි.


    05. බුෂ්ගේ උඩියටිකුරැ කියවීම


    5.jpg


    ඇමරිකානු ජනාධිපති පෝජ් බුෂ් ‍මහතා‍ උපහාසයට ලක් කිරීමේ අදහසින් මෙම චායාරෑපය පොටෝෂෝප් බාවිතයෙන් නිර්මාණය කර තියෙනවා..


    06. ගැබෙහි වූ දරැවාගේ පාදය


    6.jpg


    මව් කුස තුල සිටින දරැවෙකුගේ පාදයක් බව පවසමින් ලොව පුරා පැතිරී ගිය මෙම චායාරෑපය බොහෝ දෙනෙක් විශ්වාස කරනු ලැබු තවත් එක් මිත්‍යාවක් පමණයි. මොකද ඔබ දන්නවාද කුස තුල සිටින දරැවාගේ පාදය කුස තුලින් මතුවී පෙනෛන්නට තරම් ඝර්භනී කාන්තාවකගේ උදරයේ සම තුනී එකක් නොවන බව


    07. තෙල් කණින ස්ථානයේ ජල කෙමිය සහ අකුණ


    7.jpg



    මේ තවත් ඇස් රැවටු දක්ෂ නිර්මාණයක්. චායාරෑපයේ පෙ‍නෙන්නට තිබෙන ලේ කණින ස්ථානය පසුව එකතු කරනු ලැබූ එකක්. එහි දක්නට තිබෙන ජල කෙමිය හා අකුණ නම් චායාරෑපයටකට හසු වූ සත්‍ය සිදුවීමකි. එය 1991 වර්ෂයේ ජුනි මස 15 වෙනි දිනි ප්ලෝරීඩා වලදී අරගනු ලැබූ දුර්ලභම වර්ගයේ සත්‍ය එකකි. නමුත් තෙල් කණින ස්ථානය පසුව එකතු කරනු ලැබූවකි.

    08. ගුප්ත ශාකය

    8.jpg



    අපිකාවෙන් සොයා ගනු ලැබූ අමුතු ගුප්ත ශාකයක් බව පවසමින් මෙය අන්තර්ජලායේ පුරා පැතිරී ගිය ව්‍යාජ එකක්.


    09. මූන් මෙලන්


    9.jpg


    මෙය ජපානයේ ඇති මිලාධික කොමඩු විශේෂයක් බව බොහෝ දෙනක් විශ්වාස කළහ. නමුත් මෙය ව්‍යාජ එකකි.



    10. ස්කොට් ලන්තයේ පෙරී පූල්ස් වල දම් පැහැති ශාක


    10.jpg


    අවසන් ජායාරෑපය වන මෙම ජායාරෑපයෙන් දිස්වෙන් ශාක ඇත්තම දම්පැහැති ඒවා නොවෙයි. පොටෝෂොප් භාවිතායෙන් නිර්මාණය කරන ලද්දකි. එම ජායාරෑපයේ දක්නට තිබෙය ස්ථානය නවසීලන්තයේ ෂොට්ඕවර් ගංගාවයි. .




    ඔනන් ඕහොමයි අපි ඇන්දුනේ....



    thinking_smiley.gif



    දැං ඉතිං ඔලුවෙ අත ගහං කල්පනා කරල වැඩක් නෑ... ඉතිං හොදනං සලකල යන්න... තව මේ වගේ ලස්සන කතාවකින්ආයේ හම්බෙනකං අපි ගියා...

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැඩක් නැත්තේ කොයිද ඩෝ කප්පනා කලේ
    නැත්තම් කෝමද තේරුම් ගන්නේ :P
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දැං ඉතිං ඔලුවෙ අත ගහං කල්පනා කරල වැඩක් නෑ...
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇයි බන් ඊයෙ මම දැක්ක PS කරපු කන්ටෙනර් වගයකට කට්ටිය පට්ටයි කිය කිය යනව
    එකත් එක්ක බලද්දි මෙව ගැන මොන කතා ද
     

    Similar threads