කොටින්ගේ මහ නැව් 3ක්
ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ඇතිව
කොටින්ගේ මහ නැව් 3ක් ශ්‍රී ලංකාවට රැගෙන එයි
නෝමන් පලිහවඩන
http://www.divaina.com/2009/12/02/news01.html
කොටි සංවිධානයට අයත් විශාල නැව් තුනක් ජාත්‍යන්තර මුහුදේ සිට දැන් ශ්‍රී ලංකාට රැගෙන එමින් පවතින බව රජයේ ආරංචි මාර්ගවලින් හෙළිවී තිබේ. කොටි සංවිධානය සතු ජාත්‍යන්තර දේපළ ශ්‍රී ලංකා රජය වෙත පවරා ගැනීමේ මුල් පියවර මෙය බව ද රජය කියයි.
ශ්‍රී ලංකා රජය වෙත අත්පත් කරගත් මෙම නැව් තුන මෙසේ ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලැබුණු බව රජයේ ප්‍රකාශකයෙක් "දිවයින" ට පැවැසීය.
මෙම නැව් තුනේ වටිනාකම මෙතෙක් ගණන් බලා නැතැයි එම ප්‍රකාශකයා කීවේය.
මේ අතර කොටි සංවිධානය සතුව තවත් නැව් තුනක් තිබිය හැකි බව අනාවරණය වෙමින් පවතී.
කොටි සංවිධානය සතුව තිබූ මෙවැනි නැව් දහයක් ආරක්‍ෂක හමුදාව මගින් වරින්වර විනාශ කළ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්‌කාර මහතාගෙන් අප කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා රජය වෙත පවරා ගනු ලැබූ මෙම විශාල නැව් තුන පිළිබඳව හමුදා අත්අඩංගුවේ දැන් පසුවන කොටි සංවිධානයේ ජාත්‍යන්තර අවි ජාවාරම්කරු වන කේ. පී. හෙවත් කුමරන් පත්මනාදන් තොරතුරු හෙළිකර ඇත.
කුමරන් පත්මනාදන් ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශවල බුද්ධි අංශ මගින් ඉකුත් අගෝස්‌තු මස 6 වැනිදා මැලේසියාවේ ක්‌වාලාලාම්පූර් නගරයේ පිහිටි හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබිණි.
කොටින්ගේ නැව් තුන ශ්‍රී ලංකා රජය වෙත පවරා ගැනීමෙන් පසු කොටින්ගේ නැව් සමාගමේ ජාත්‍යන්තර නියෝජිතයන් දැන් කට්‌ටි පනිමින් සිටින බව වාර්තා වේ.
මෙම නැව් උපයෝගි කරගෙන කොටි සංවිධානයට විවිධ භාණ්‌ඩ ප්‍රවාහනය කර ඇති අතර ද්‍රවිඩ වැසියන් ඇතුළු කොටි සාමාජිකයන් විවිධ රටවලට යෑවීමට ද ක්‍රියා කර ඇත.
මෙසේ ශ්‍රී ලංකා රජය වෙත පවරා ගනු ලැබූ කොටින්ගේ නැව් තුන ඉදිරි සති කීපය තුළදී ශ්‍රී ලංකාවට රැගෙන එනු ඇත.
මේ අතර කොටින්ගේ සෙසු ජාත්‍යන්තර දේපළ පවරා ගැනීම පිළිබඳව ද ශ්‍රී ලංකා රජය ක්‍රියා කරගෙන යයි.