කොටියෙක් හමගහල........

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    @Fiona Dabare පොඩි එකො මොනා හරි කියහන්කො හිත හැදෙන්න..

    හිත හදන්න කලින් බලමු හදන්නේ මොකක්ද කියලා, ඕක දැකලා දුක හිතුනද නැත්තම් මරපු අය ගැන තරහක් හිතුනද?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙම සිදුවීම පිළිබඳව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම්, නයනක රන්වැල්ල ෆේස්බුක් සටහනක් තබා තිබිණි.
    ඒ අනුව, බීබීසී සිංහල ඔහුගෙන් මේ පිළිබඳව විමසීමක් කළේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, කොටියා මරා දමා සම ඉවත් කර ඇත්තේ ඒ පිළිබඳව මනා පළපුරුද්දක් ඇති පුද්ගලයෙකු බව ය.
    "හම ගැහිල්ලෙන් පේනවා මෙයා ඉතා පළපුරුදු දක්ෂ දඩයක්කාරයෙක් කියලා. එයා හම ගහලා තිබ්බා ඉතා ම හොඳින් ලේ, බිඳක් එළියට එන්න නැති වෙන්න. නොදන්න කෙනෙක් කැපුවොත් ලේ විශාල ප්‍රමාණයක් එළියට එනවා," ඔහු පැවසීය.
    සම, නිය, දත් සහ මස් පිණිස මෙසේ කොටින් මරා දමන බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම්, නයනක රන්වැල්ල බීබීසි සිංහල වෙත පැවසීය.
    "සමහර මිනිස්සු කොටි දත්, නිය පළඳනා විදිහට දාගෙන ඉන්නවා. ඒක නීති විරෝධීයි. ඒත් දාගෙන ඉන්නවා. එතකොට මේ සතාගේ ශරීරයේ සමහර කොටස් සමහර වෛකල්පිත වෙදකම්වලටත් ගන්න බවක් අපිට පේන්න තියෙනවා.
    "මස් පිණිසත් මරණවා. අපිට දැනගන්න තියෙනවා කොළඹ අධිසුඛෝපභෝගී හෝටල්වල ඉන්න විදේශිකයන් සඳහාත්, ඇතැම් විට එක්තරා රටක මෙහේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරන විදේශිකයන් සඳහා ඒ මස් එන බවට ත් අපිට තොරතුරු ලැබිලා තියෙනවා," ඔහු පැවසීය.

    https://www.bbc.com/sinhala/articles/c0e9l4q1y88o
    අල්ලපු එකා ආදිවසියෙක්ලු.. උන් දන්නවා නේ හොදට හැම ගහන්න...

    මස් පිණිසත් මරණවා. අපිට දැනගන්න තියෙනවා කොළඹ අධිසුඛෝපභෝගී හෝටල්වල ඉන්න විදේශිකයන් සඳහාත්, ඇතැම් විට එක්තරා රටක මෙහේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරන විදේශිකයන් සඳහා ඒ මස් එන බවට ත් අපිට තොරතුරු ලැබිලා තියෙනවා," ඔහු පැවසීය.
    අඩේ ඒ කියන්නේ කොටි මරනවා ඇති ගොඩක් අපි නොදැනම... චින්නුට තමයි ඉතින්..
     
    • Sad
    Reactions: Asmodeus