කාලයක් තිස්සෙ මට ලොකු ප්‍රශ්ණයක් වෙලා තිබුනා අපේ රටට ආවේනික අපේ කොටියාට ඇයි මේ කට්ටිය දිවියා කියන්නෙ කියල. මේ නූල කියෙව්වහම මට හිතෙන්නෙ ගොඩ සුද්දන්ට Leopard ඉංග්‍රීසි කියන වචනෙට සමාන වචනයක් හොයාගන්න බැරි වීම නිසා කොටියා දිවියා කරගත්ත කියලයි. දුකයි බං. සුද්දගෙන් ලැබුනු කේක් වලට 'කේක්' කියලා කියන, අපේ රටේ හදන කැවුමට ඉංග්‍රීසියෙන් 'ඔයිල් කේක්' කියන්න ගිය අනාත ජාතියක්නේ අපි. මේ කියන විදිහට අපි කාගෙ කාගෙත් සිංහල නම් වලට සමාන ඉංගිරීසි නම් තියෙන්න ඕනෙ නේද? අඳොමැයි කිව්වලු. 
කොටියා සහ ව්‍යාග්‍රයා අතර වෙනස පැහැදිලි කරල දීල ඇති. උඹලට සැක නම් අහපන් රුක්ශාන් ජයවර්ධන මහත්මයා වගේ මේ සබ්ජෙක්ට් එක ගැන හොඳට දන්න කෙනෙක්ගෙන්. Leopard කියන වචනෙට සමාන සිංහල වචනයක් මම නම් දන්නෙ නැහැ. සමාන වචනයක් ඕනෙම නම් 'පුල්ලි සහිත සමක් ඇති සතා' කියල කියමු. මොකෝ දිවියා කියන වචනයේ Leopard කියන වචනාර්ථය වත් ගම්‍ය වෙන්නෙ නෑ.
අන්තිම වතාවට පොඩි සාරංශයක් දෙන්නම්. Sri Lankan Leopard එහෙම නැත්තම් කොටියා කියන්නෙ ලංකාවට ආවෙනික leopard sub-species එකක් (Panthera pardus kotiya). දිවියා කියන නම Leopard විදිහට ගන්න එක නිවැරදිද කියන ප්‍රශ්ණයක් මතුවෙනවා. මොකද සිංහල භාශාවේ දිවියන් විදිහට හැඳින්වූවෙ කොටියාට වඩා ප්‍රමාණයෙන් කුඩා බළල් පවුලේ සාමාජිකයන්: හඳුන් දිවියා, කොළ දිවියා. කොටියා හඳුන්වන්න 'කොටියා' කියන නාමය භාවිතා කලා මිසක් දිවියා කියන නම භාවිතා කලේ නැහැ.
Leopard කියන ඉංග්‍රීසි වචනෙට සමාන වචනයක් නැති නිසා කොටියට දිවියා කියන එක හරිද? සුද්දට අපේ රටේ ඉන්න සතාට නමක් නැත්තෙ ඌ සුද්දගේ රටෙ හිටියෙ නැති නිසා. නමුත් අපිට ඒ සතාට වෙනමම නමක් තියෙනව. සුද්දට නමක් නැති නිසා සුද්දා නැති කමට කියපු Leopard කියන වචනේ නිසා කොටියට දිවියා කියන එක සාධාරණද? එහෙම නම් උඹේ ඉංග්‍රීසි නම මොකද්ද? සුද්දට එහෙම ඉංග්‍රීසි නමක් දෙන්න බැරි වුනොත් අපි උඹව නිර්ණාමික කරනවද නැත්තන් වෙන නමකින් කතා කරන්නද? 
තවත් උදාහරනයක් ගනිමු. ඉංග්‍රීසියෙන් BUS කියන වචනෙන් හඳුන්වන රථයට කියන සිංහල නම මොකක්ද? සිංහල අපි කියන්නෙත් 'බස්' කියල නේද (බස් එක). මොහොතකට හිතපන් ඇයි සිංහල අපිට ඒ වාහනයට නමක් නැත්තෙ? සිංහල අපිට එහෙම වාහනයක් තිබුනෙ නෑ, දැකල තිබුනෙත් නෑ. නොදන්න, නොදකපු දේකට නමක් දාන්නෙ කොහොමද? ඒ වගේ තමා, සුද්දට, කොටියාට ඉංග්‍රිසි නමක් නෑ. උනුත් කියන්නෙ කොටියා (Kotiya) හරි නැත්නම් 'පුල්ලි සහිත සමක් ඇති සතා' කියන අර්ථය ගම්‍ය වෙන Leopard කියන නමින්. සිංහල අපිට සිංහල නමක් තියෙද්දි, ඒ නම අන්තර්ජාතිකවත් පිළිඅරන් තියෙද්දි (කොටියාගේ විද්‍යාත්මක නාමය අරන් බලපන්), සුද්දගේ බාසාවෙන් අපේ රටේ සතාට නමක් නැති නිසා උගේ නම විකුර්ති කරල කියනව. 
අපේ රටේ ඉන්න මේ වගේ අපේ රටට ආවේනික සත්තු හඳුනගමු. හරි දේ ඉදිරි පරම්පරාවල් වලටත් උගන්නමු. ලංකාවෙ කොටියා වඳවීමේ තර්ජනයට මුහුනපාපු රතු දත්ත පොතට ඇතුලත් කරපු සතෙක්. 2005 දි කරපු සමීක්ශණයක් අනුව ලෝකෙටම ඉන්නෙ 700-950 අතර ප්‍රමාණයක්. උන්ව රැකගන්න වගකීම අපිට බාරයි. ඔක්කොටම කලින් සතා හරියට අඳුනගෙන ඉමු!
ඕකේ මචං, සීන් එක වෙලා තියන්නේ, කොටියට TIGER, කියන්න අපේ කට්ටිය පුරුදු වෙලා තියන එකයි, leopard කියන සතාට අපේ අය දිවියා කියන එකයි. ලංකාවේ ඉන්නේ TIGER නෙමෙයි, මෙයා leopard subspecies එකක්.
සීන් එක,
TIGER = කොටියා
LEOPARD = දිවියා
කියන දෙක වැරදි.. (මේ මගුල හින්දා තමයි ඔක්කොම වෙලා තියන්නේ.. මටත් අවුල් ගිහින් තිබුනේ)
කොටියා, දිවියා කියන දෙකට අත්තටම ඉංග්‍රීසි නම් නැහැ.
පහල තියනවා පට්ට විස්තරයක් කට්ටියම බලන්න..
විස්තරය
ශ්‍රී ලංකා කොටියා ලොව වෙසෙන කොටි විශේෂයට අයත් උපවිශේෂ අටෙන් එකකි. මෙම සතුන් ගේ සම ටෝනි හා රස්ටි කහ යන වර්ණයන් ගන්නා අතර තද පැහැති ලප සම පුරාම දක්නට ලැබේ. ගැහැනු සතුන් හත් දෙනෙකු අඩංගු වූ නියදියකින්, ගැහැනු සතකුගේ සාමාන්‍ය බර කි.29ක් වී ඇති අතර විශාලතම පිරිමි සතකුගේ බර කි.77ක් වන විට පිරිමි සතකුගේ සාමාන්‍ය බර කි.56ක් ව සටහන් වී ඇත.[2]
පැතිරීම හා වාසස්ථාන
ශ්‍රී ලංකා කොටියා ලොව අන් කිසිදු රටක හමුනොවන අතර ශ්‍රී ලංකාව තුළ හමුවන විලෝපීන් අතරින් ප්‍රමුඛස්ථානයනක් ලබා ඇත. මුල්කාලයේ දී මෙම සතුන් පිළිබඳ විශාල ලෙස තොරතුරු අනාවරනය වී නොතිබුනත් මැතකාලය් දී සිදු කරන ලද පර්යේශණ වලින් අනාවරණය කරගන්නා ලද තොරතුරු වලට අනුව (The Leopard project- The Wilderness and Wildlife Conservation Trust, www.wwct.org) මෙම සතුන් ශ්‍රී ලංකාව තුළ රක්ෂිත මෙන්ම අනාරක්ෂිත පෙදෙස් හී පැතිර පවතී. වර්තමානයේ දී මෙම සතුන් වාසභූමි ලෙස, වියළි සදාහරිත මෝසම් වනාන්තර, වියළි කටු කැළෑ, උස් හා පහත් නිවර්තන වනාන්තර,වැසි වනාන්තර හා කලාපීය අතරමැදි වනාන්තර ප්‍රධාන වශයෙන් තෝරාගෙන ඇත.
ශ්‍රී ලංකා කොටියා
පෝෂණය
ලොව වෙසෙන අන් සියලු කොටියන් සේම ශ්‍රී ලාංකික කොටියා ද තම ආහාරය පිණිස කුඩා ක්‍ෂීරපායීන්, පක්ෂීන්, උරගයින් සහ විශාල ප්‍රමාණයේ සතුන් ඇතුළු සතුන් විශාල ප්‍රමාණයක් ගොදුරු කරගනී. තිත් මුවෝ වියළි කලාපීය දිවි ගොදුරු අතර ප්‍රමඛස්ථානයක් උසුලයි. තව ද මෙම සත්වයා වදුරන්, වල් ඌරන්, සම්බා වැනි සතුන් ද ගොදුරු කරගනී.
විවිධ නිරීක්‍ෂණ වල ප්‍රතිඵලවලට අනුව මෙම සතුන්ට හොදින් වැඩුනු මීමින්නන් පවා තම ග්‍රහණයට නතුකරගැනීමේ හැකියාව ඇත. කොටියා දඩයමේ යෙදෙන විට පළමුව ඉතාමත් උපක්‍රමශීලීව නිශ්ශබ්දව තම ගොදුර කරා ඇදේ. අනතුරුව ඉතාමත් ප්‍රබල වේගයකින් ලගා වේ. දිවියන් විසින් තම ගොදුරේ ගෙල එක් වරක් සපනු ලැබීමෙන්ම ගොදුර මරා දමනු ලබයි.
ජීව විද්‍යානුකූල විවරණය
මෑත කාලයේ දී යාල ජාතික වන උද්‍යනය තුළ සිදු කරන ලද පර්යේශනයකින් අනාවරනය කරන ලද තොරතුරු වලට අනුව (The Leopard project- www.wwct.org) ශ්‍රී ලංකා කොටියා ලොව අන් කොටි ගහනයන් හා සසදන කල වැඩි සමාජශීලී බවක් හෝ අඩු නිශාචර හැසිරීමක් නොපෙන්වති. ගැහැනු සතුන් හා පැටවුන් හැරුනු කොට ශ්‍රී ලංකා කොටියා ඒකචාරී දඩයම් කරුවෙක් ලෙස සැළකේ. ශ්‍රී ලංකාව තුළ ගැහැනු හා පිරිමි සත්තු කොට්ඨාස, අතිච්චාදනයවු භූමි ප්‍රදේශ වල වාසය කරති. එනම් පිරිමි සත්තු, ගැහැනු සත්ව තොට්ඨාස අතරේ ද අසල්වැසි පිරිමි සත්ව කොට්ඨාස අතරේ ද සැරිසරති. බොහෝ විට ගැහැනු සතුන් වරකට පැටවුන් දෙදෙනෙක් පමණ බිහිකරන අතර වියළි කාලවලදී තරමක වැඩි සම්භාවිතාවක් සහිතව වසර පුරාම සංවාසයේ යෙදෙයි. සාමානය්‍යයෙන්, ලොව වෙසෙන අන් කොටි සසඳන කල ශ්‍රී ලංකා කොටියා තම දඩයම ගස් මත සැගවීම නොකරයි.
තර්ජන
ශ්‍රී ලංකා කොටියා විවිධ අකටයුතුකමි නිසා වදවීමේ තර්ජනයට ලක් වී ඇත. මින් ප්‍රධාන වශයෙන් මිනිස් දඩයම්කරුවන්ට හසුවීම, තම වාසස්ථාන අහිමි වීයාම හා විවිධ ආකාරයේ වධ හිංසා වලට ලක් වීම සිදු වේ. තත්‍වය එසේ තිබුන ද මෙම සතුන් සතු අතිශය අනුවර්තන හැකියාව හේතු කොට ගෙන, ඔවුන් මිනිස් වාසස්ථාන අසල පවා වාසය කිරීමට පුරුදු වී ඇත. වසර ගනනාවක සිට රට තුළ පවතින සිවිල් යුධමය කටයුතු හේතුවෙන්, දිවි සංරක්ෂණ කටයුතු පවා අඩාල වී ඇත. මෙය විශේශයෙන්ම විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ හා රාජ්‍ය හමුදාව හා එල්. ටී.ටි. ඊ. ත්‍රස්තවාදීන් අතර ගැටුම් පවතින නැගෙනහිර කළාප වල දැකිය හැක.
ප්‍රධාන තර්ජනය ලෙස දැකිය හැකි වන්නේ දඩයම්කරුවන් විසින් අටවන උගුල් වල හසුවීමෙන් කොටින් මිය යෑමයි.
දිග : අඩි 7 පමණ්ස්ථානය : නුවර එළිය , සීතා එළියමිය යැමට හේතුව : දඩයම්කරුවකු විසින් අටවන ලද උගුලකට හසුවීම.
සංරක්‍ෂණය
වර්තමානයේ දී ශ්‍රී ලංකා කොටියා සම්බන්ධව සංරක්‍ෂණ කටයුතු සාර්ථක කරගැනීමට නම් තවදුරටත් පර්යේෂණ කටයුතු මෙහෙයවිය යුතුව තිබේ. The Wilderness and Wildlife Conservation Trust (WWCT) යටතේ අරඹා ඇති The Leopard project නම් වූ ව්‍යාපෘතිය මගින් කොටියන්සංරක්‍ෂණය සදහා ශ්‍රී ලංකා රජයේ ද අනුබල ලැබී ඇත. මීට අමතරව Sri Lanka Wildlife Conversation Society නම් වූ ආයතනය මගින් ද විවිධ අධ්‍යයන කටයුතු කරගෙන යනු ලබයි.
වර්තමානයේ දී WWCT මගින් මධ්‍ය කදුකරයේ සීඝ්‍රයෙන් කොටස් වී ගෙන යන කොටි වාසස්ථාන සදහා තම සැළකිල්ල යොමුකරමින් පවතී. මෙම ආයතනය මගින් මීට පෙරද යාල ජාතික වන උද්‍යානය තුළ කරන ලද පර්යේෂණ කටයුතුවල දී සොයාගත් තොරතුරු අනුසාරයෙන් මෙම සතුන් සම්බන්ධව හොඳ පදනමක් වැටී ඇත.
වැරදි වැටහීම්
වසර කිහිපයකට පෙරාතුව, ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකුගෙන් ලද තොරතුරු වැරදි ලෙස වටහාගත් මාධ්‍යය ආයතනයක් විසින්, ශ්‍රී ලංකා කොටියා, tiger ලෙස පළ කර ඇත. පසුව වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින්, ශ්‍රී ලංකාව තුළ tiger වාසය නොකරන බවට කල ප්‍රකාශය, ලංකාව තුල 'කොටි' වාසය කරන්නෙ නැත, ලෙසට තවදුරටත් වැරදි ලෙස තේරුම් ගෙන ඇත. පුරාණ ප්‍රස්ථාව පිරුළක් වන "කැළේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ " යන්න නිවැරදි සිංහල ව්‍යවහාරයට අනුව කොටියා සතුව පවතින්නේ පුල්ලි බවත් ඉරි පවතින්නේ ව්‍යාඝ්‍රයාට බවත් තහවුරු කරයි.
Panthera pardus kotiya යන්නෙන් පැහැදිලි වන පරිදි "කොටියා" සත්‍යවශයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්වභාවික තත්‍ව යටතේ වාසය කරනු ලබයි. තව ද Panthera pardus diviya ලෙස ද හදුන්වන සත්‍යවයෙක් වාසය කරනු නොලබයි. මෙසේ ගැටළුකාරී තත්‍වයක් උදා වී ඇත්තේ, මිනිසුන් විසින් ඉංග්‍රීසි බසේ යෙදෙන, tiger යන්න කොටියා ලෙසත්, leopard යන්න දිවියා ලෙසත් භාවිතා කරන බැවිනි. නිවැරදි සිංහල භාවිතය අනුව tiger යනු 'ව්‍යාඝ්‍රයා' වන අතර leopard යනු 'කොටියා' වේ. තව ද ශ්‍රී ලංකාව තුළ දිවියා යන යෙදුම සියවස් ගනනාවක සිටම බළල් පවුලට අයත් තරමක් කුඩා ප්‍රමානයේ සතුන් සදහා පොදුවේ භාවිතා කර ඇත. උදා: හඳුන් දිවියා, කොළ දිවියා.
මෙම වැරදි වැටහීම් ඉතා තදින් භාවිතා වන බවට බව 2011-ජන්වාරි-23 ලංකාදීප පුවත් පතේ ඇති පුවත් 2 කින් සනාථ වෙයි. "සිංහරාජයට තවත් දිවියෙක් අහිමි වේයි "[4] යන පුවත යටතේ නිවැරදිව නීති විරෝධීව මරා දමන ලද දිවියෙක් පිලිබඳව වාර්තා කරන අතර "දිවියෙක් මිනිස් උගුලට දිවි පුදයි" [5]යන පුවත යටතේ සැබෑ ලෙසම උගුලකට අසුවූ කොටියෙකු ගැන වාර්තා කරයි. එකම පුවත් පතේ වෙනස් සතුන් දෙදෙනෙක් ගැන එකම වචනය ( දිවියා) භාවිතා කරමින් වාර්තා කරයි. නමුත් ඉදිරිපත් කර ඇති ජායරූප වලින් අනතුරට පත් සතුන් දෙදෙනාගේ වෙනස පැහැදිලිව පෙනේ.
http://bfy.tw/A6JC
Last edited: