කොටුව,කොටුව, පිට කොටුව(පරිස්සමින්)

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    සිරාවටම වටින වැඩක් තවත් දෙයක් කොටුවේ තියන වතුර බෝතල් ගොඩක් වෙලාවට gewal ගෙවල්වල පුරවපු කිසිම ප්‍රමිතියක් නැති වතුර බෝතල් ... ඒවගේ දේවල් ගන්නවා නම් පොඩ්ඩක් හොදින් බලලා ගන්න jaya ජයවේවා
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    එළකිරි_කොල්ලා;13951955 said:
    මට පිට කොටුව ගැන Thread එකක් දාන්න හිතුනේ තාම අපේ ගොඩක් අය මේගැන දන්නේ නැහැ කියල හිතුන නිසයි.අපේ යාලුවෙක් දොඩම් බොන්න ගිහින් උන දෙයක් දාලා තිබ්බ නිසා මට හිතුන මම ලබල තියන අත්දැකීම් ඔයාල එක්ක බෙදා ගන්න.

    සමහර අය නම් නිතරම කොළඹ එනවා සමහර අය එන්නේ කලාතුරකින් සහ අලුතෙන් කොළඹට ඇවිත් යන අයට මේක ටිකක් වැදගත් වේවි.හරි එනම් අනම් මනම් ඕනේ නැහැ කෙලින්ම කතාවට බහිමු.
    මේක මට උන සිද්දියකින් පටන් ගන්නම්.මම එකටම කොළඹ අවේ Computer ගන්න.එදා මම අවේ මගේ යාලුවෙක් එක්ක.මමයි යාළුවයි කොළඹ ගැන දන්නේ නැහැ .කොහොම හරි එහාට මෙහාට ගිහින් බස් වලින් වැරදි වැරදි ගිහින් බම්බලපිටියට ගිහින්
    Computer 1 අරගෙන එන ගමන් මහන්සියට කොටුවේ කඩේකින් ගිහින් කැවා.(ඉස්සර ලොකු කඩවල් වලට යන්න බයයි).කොහොම හරි කාල ගෙදර එන්න පැය 3ක් යනවා බස් එකේ එන්න.ඔන්න ඉතින් අපි බස් එකේ කොළඹ කෙල්ලෝ ගැන අනම් මනම් කියෝ කියෝ බස් එකේ එනවා පැයක් විතර යද්දී බඩ රිදෙන්න ගන්නවා මගේ "අපොයි" හදිස්සියක්.නවත්ත ගන්නත් අමාරු තරමේ හදිස්සි අවශ්‍යතාවයක්(බෝකක්). මොන කරන්නද බැස්ස බස් එකෙන් කඩේකට පින් සිද්ද වෙන්න වැඩේ සාර්ථකව අවසන් කර ගත්තා.අයේ බස් එකක් එනකම් ඉද්දි මගේ යාලුවට හදිස්සි, ආයේ ගියා කඩේට. ඔහොම කොහොම හරි මග දිගට බස් එකෙන් දෙසැරයක් බහින්න සිද්ද උනා. :lol::lol:දැන් අවරුදු 5ක් තිස්සේ කොළඹ ඉන්න නිසා කොළඹ ගැන මම දන්න දේවල් ටිකක් කියන්නම්. පලවෙනි එක- පිටකොටුවේ කඩවල් වලින් කන්න නම් එපා.අපිට දෙන හොදි පිරිසියේ ඉතුරු උනොත් අපහු ගිහින් හොදි බාජනේටම දානවා.ඔය කඩේ පිටි පස්සේ ගිහින් බලන්න සමහර කෑම ජාති බිම තියෙන්නේ, ඒවා ඇවිත් බල්ලොත් කාලා යනවා.ඔය මිනිස්සු වැසිකිලි ගිහින් අත සොදන්නෙත් නැහැ.සරමෙන් පිහාගෙන එන්නේ.මස් මාලු බැදලා තියාගෙන ඉන්නේ ඒවා ගොඩක් පරණයි.(බදපුවම කල් තියාගන්න පුළුවන් )ඒවා ආයේ අරන් ටිකක් බැදලා හොද්දට දාල දෙනවා..
    අනිත් එක බනිස් ජාති කන්නත් එපා ඔය ඒවා දිලිසෙන ලස්සනට තියනවා නේද:lol::lol: මම ඒ රහස කියන්නද ඔයාල හිතයි බටර් ගාල කියල:lol::lol: මොන පිස්සුද තෙත රෙදි කැල්ලක් අරන් ඒවා පිහිනවා. ඔක්කොම බනිස් ජාති අතින් අරගෙන පිහිනවා. බනිස් කොච්චර පරණද කියන්න නම් දන්නේ නැහැ පුස් තියනවා නම් ගානට ඒවා අයින් වෙලා ලස්සනට දිලිසෙනවා :lol:.රෙදි කැල්ල කළුම කලුයි.මේකේ ලියන ඒවා මම හිතල නමේ ලියන්නේ ,මම දැකල තියන ඒවා මගේ ඇස් වලින්ම.

    දෙවෙනි එක-කොළඹින් වතුර බොන්න නම් එපා.සමහර කඩවල් වල වතුර කිසිම පිරිසින්දුවක් නැහැ වැසිකිලි වලින් වතුර ගෙනත් තියාගෙන ඉන්නේ.ඔය බිම ජාති හදන්න ගන්න පලතුරු එහෙම පට්ට පරණ ඒවා බාගෙට නරක් වේගන එන ඒවා අරගෙන නරක් උන කොටස කපල විසි කරලා(ඔක්කොම කපන්නේ නැහැ නරක ඒවත් පොඩ්ඩක් හරි තියෙනවා) හොඳ කොටස අරගෙන ඒවගෙන් ජුස් හදනවා.ඔය බිම වලට දාල දෙන අයිස් කැට ගොඩක් වෙලාවට බිම තියල තියෙන්නේ.පස්සේ තමයි වතුර බජනෙකට දාලා තියන්නේ. වතුර බොනවා නම් බෝතල් වතුර පමණක් ගන්න.කඩෙන් ගන්න වතුර බෝතලේම උස්සන් බස් වලට නගිනවා සමහර කට්ටිය ,එයාල ගාව පොඩ්ඩක් ගණන් වැඩි.අනිත් එක වතුර බෝතලේ ගද්දි සීල් කරලා තියන ඒවා විතරක් ගන්න.නැත්නම් ටැප් වලින් පුරෝපු බෝතල් එහෙම වැරදිලා ගන්න පුළුවන්.

    තුන-කොටුවෙන් පලතුරු ගන්න එක ගැන නැවත වරක් හිතල බලන්න.පලවෙනි එක තරාදියෙන් හොරට කිරන්නේ ඔයාල පලතුරු ගද්දි බලන්න බැලන්ස් එක අපේ පැත්තට හරවල නැහැ.පලතුරු දාලයි හරවනවා නම් අපේ පැත්තට හරවන්නේ.මොකද පලතුරු දාන්න කලින් බැලන්ස් එක බැලුවොත් එක 100 g-200g වගේ වැඩියෙන් තියල තියෙන්නේ. අනිත් එක උඩින් පෙන්න තියල තියන ලස්සන ලොකු ගෙඩි එහෙම අපිට දෙද්දී දෙන්නේ නැහැ එහෙන් මෙහෙන් අරන් ටක් ගල දෙනවා.දෙන්නේ පොඩි ගෙඩි ලොකු ගෙඩි මාරුවට සහ පරණ ඒවා.එයාල හොඳ ඒවා නරක එවයි ගානට අඩුක් කරලා තියෙන්නේ සට පට ගාල අරගෙන දෙනවා.අනිත් එක කොටුවේ තියන apple
    අපිට වඩා නාකි ඇති. ඒ තරම් පරණයි අරන් කාලා බලන්න නිකන් පිටි පිටි වගේ.තැනින් තැනින් තැලුන ඒවා එහෙම තියනවා එකයි , 100 ට 5 100 ට 12 කියල දෙන්නේ.

    හතර-දන්නේ නැති තැනකට බස් එකෙන් යන්න ඕන නම්,දන්නේ නැති පාරක් අහගන්න ඕනේ නම් පොලිසියේ කාගෙන් හරි අහන්න අයියේ කියල කතා කරලා අහන්න.නැත්නම් බස් කොන්දොස්තර කෙනෙක්ගෙන් අහන්න .එයාල දන්නවා නම් කියනවා නැත්නම් දන්නේ නැහැ කියල කියනවා.නැත්නම් ස්වීප් විකුණන කෙනෙක් ගෙන් අහන්න බැරිම උනොත් විතරක් වෙන කෙනෙක්ගෙන් අහන්න.මොකද සමහර අය හිතල කියනවා දන්නෙත් නැහැ.ඉස්සර මම දන්නේ නැතුව එක එක්කනගෙන් අහල වැරදි බස් වල ගිහින් ආයේ බැහැල ඇවිත් කට්ට කාල තියනවා.ගැහැණු ළමයෙක් නම් කොහේ හරි පාරක් අහද්දී ඉහත සදහන් නොවන අයගෙන් අහද්දී පරිස්සම් වෙන්න ඕනේ.මොකද වෙන වෙන තැන් වලට දන්නේ නැති පාරවල් වලට ගෙනිහින් අතවර පවා සිද්ද වෙන්න පුළුවන්.එක නිසා ගැහැණු ළමයෙක් නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ.

    පහ-වලියක් සෙට් වේගන අවොත් පොර වෙන්න ගිහින් ගහගන්න රණ්ඩු කරන්න යන්න නම් එපා .තනි කෙනෙක් කියල ගහගන්න රණ්ඩු කරන්න ගියාට උන්ට සෙට් ඉන්නවා.අම්බානකට කන්න වෙනවා .සමහර විට පිහි පාරක් කන්නත් වේවි.හොඳම දේ වලියක් සෙට් වේගන එනවා නම් පොලිසියේ කාට හරි කියන්න ඕනේ.තමුන්ට සෙට් එකක් හිටියත් තමුන්ගේ ප්රාන්තේ නොවන නිසා කරබාගෙන ඉන්න එක ඇඟට ගුණයි.

    හය-මොන හරි ගන්න හදනවා නම් වෙළෙන්දෙක් ගෙන් එහි මිල සහ බ්‍රෑන්ඩ් එක සහ ගුණාත්මක බාවය ගැන දෙවරක් හිතන්න ඕනේ.මේක ගැන වෙනම ත්‍රඩ් එකකින් කියන්නම්.කොහොමද මිල අඩු කරලා බඩු ගන්නේ කියල.මගේ යාලුවෙක් දවසක් Nokia phone එකක් ගේනවා පට්ට අඩුයි කියල බලනකොට එක Nokea:lol::lol: china ලට්ටක්.

    තව නම් කියන්න දේවල් ගොඩක් තියනවා තමුන්ගේ සාමාන්‍ය දැනීම පාවිච්චි කරන්න නිතරම.මට වඩා ගොඩක් කොළඹ ගැන දන්න අය මෙතන ඉන්නවා.නොදන්නා අයට මේක වැදගත් වේවි කියල හිතනවා.

    Ape rata tharam kama walata wancha karana thawath ratak nathi tharam ban ...
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    කොලබ ගැන කියද්දී මේකත් කියන්න ඕනි ,,පිට් පොකට් කාරයෝ ,මර්සි කාරයොයි එමට ඉන්නවා මචන්ලා ..
    1.ගමනක් බිමනක් යනවනම් යන්න කලින් මග තොට විස්තර හරියටම දන්නා කෙනෙක්ගෙන් අහගෙන යන්න .ඕකට ඉස්සර කියන්නේ මං සලකුණු ඔස්සේ යනවා කියලා ..හැරෙන්න ඕනි පර ලග තියන බිල්ඩින් එකේ නම ,පාට ,බස් එකේ රූට් නො එක වගේ දේවල්.
    2.තමන් ලග තියන උපකරණ,බෑග්,මොබයිල් ,පර්ස් ගැන ලොකු අවධානයක් දෙන්න
    3.තමුන් එක්ක සුහදව කතා කල පමණින් කිසිම විස්තරයක් දෙන්න යන්න එපා .මොකද මර්සි කාරයෝ දන්නෙම නැතුව අපේ උත්තර අරන් අපිටම ගේම් දෙන වෙලාවල් තියනවා
    4.නොදන්නා කෙනෙක් දෙන කෑම ,බීම කිසිම විටකදී භාවිතා කරන්න එපා .(සමහර ගෑනු ඉන්නවා line එකට වගේ ඇවිත් නිදි පෙති වගේ දේවල් පොවලා ෆුල් සුද්දෙ දීල යනවා )
    5.බීම වැටිලා තියන වටිනාකමක් ඇති හෝ නැති කිසි දෙයක් අහුලන්න යන්න එපා ..තමන්ගේ නොවන කිසි දෙයක් ගන්න යන්න එපා,මොකද plan කරලා ඔය ඉස්සරහින් යන කෙනා ඔයාට පෙන විදියට දෙයක් බිමට දාලා ඔයා ගන්නකන් ඉදලා ඔයාව blackmail කරන්න බලන් ඉන්නවා.
    6.තමන් දන්නා තැනකට යනවනම් වට පිට බල බල නුහුරු ගතියකින් යන්න එපා.ඔය දිහා ඇස දහසක් යොමු වෙලා තියෙන්නේ .
    7.තමන් ලගට පැමිණෙන ඇතැම් පුද්ගලයන් තමන් ඉහල රැකියාවක් කරන බව පවසමින් අවසානයේ ඔයාගෙන් ගානක් කඩා ගන්න මට්ටමට සෙට් වෙන්න පුළුවන් .අවධානයෙන් ඉන්න
    8.තමුන්ට අසාධාරණයක් උනානම් ඒ ගැන පොලිසියට මිස වෙන ඒ අවස්ථාවේ පැමිණෙන පුද්ගලයන්ගෙන් උදව් ඉල්ලන්න යන්න එපා.
    :yes::yes:
    තව දන්නා දේවල් අපිත් එක්ක බෙදා ගන්න .සැවොම දැනුවත් කරමු :D:yes: