කොතලාවල පණතට විරුද්ධව නැගෙන අදහස් කිහිපයකට පිළිතුරු
විනාඩියක් වෙන් කරලා කියවන්න.
-----------------------------------------
1. ප්‍රධාන විරෝධයක් තමයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, වෘත්තීය ප්‍රමිති ආයතන (උදා. SLMC, IESL), විශ්ව විද්‍යාල සනාතන සභාවන් හා පාලක සභාවන් යන ඔක්කොම ආයතන වල බලය, එක මණ්ඩලයකට දුන්නොත් කොහොමට තියෙයිද?
ඒ මණ්ඩලයේ 10 දෙනා ගෙන් 5 දෙනෙක් හමුදා නිලධාරීන්. දෙදෙනෙක් ආරක්ෂක ඇමතිගේ ලේකම්ලා. ඉතුරු තුන් දෙනාත් අඩු වැඩි වශයෙන් දේශපාලන පත්වීම්. කියන කාරණය.
#පිළිතුර
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සතු බලතල මෙම විශ්වවිද්‍යාලය රැගෙන නැත. ලංකාවේ දැනට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොවන වෙනත් අමාත්‍යාංශ සතු විශ්වවිද්‍යාල ඇත. උදාහරණයක් ලෙස NSBM සලකන්න පුළුවන්.
විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්වීමක් නැහැ. ඒ නිසා ඒක අදාළ නැහැ
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අයත් නැති විශ්වවිද්‍යාල ලංකාවේ තියෙනවා. එනිසා එවැනි බලතල ගැනීමක් නැහැ. උදාහරණයක් ලෙස බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සලකන්න පුළුවන්
වෘත්තීය ප්‍රමිති ආයතන විසින් ප්‍රමිතිගත කර ඇති නියමාවලි UGC මගින් නියම කර තිබෙනවා. පණතේ 19. (i) ආ වගන්තිය යටතේ එකී UGC නියමාවලින්ට නොඅඩුව ක්‍රියා කිරීමට විශ්වවිද්‍යාලය බැඳී සිටිනවා
මණ්ඩලය කියන්නේ විශ්වවිද්‍යාලයේ පාලක සභාව තමයි. 18 (i) වගන්තියේ එය පැහැදිලිව සඳහන් වෙනවා.
මේ අනුව බොහොම පැහැදිලියි මණ්ඩලයට එවැනි අසීමිත බලයක් හෝ සුවිශේෂී අමුතු බලයක් හිමිවෙන්නේ නෑ.
ඊළගට මණ්ඩලයේ සංයුතිය. හමුදා විශ්වවිද්‍යාලයක හමුදා නිලධාරීන් තමයි වැඩි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ භික්ෂූන් වැඩී වගේ තමයි
ආරක්ෂක විශ්වවිද්‍යාලයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නැතුව කොහෙන් එන්නද?
හැබැයි මෙහි UGC නියෝජිතයෙක්, භාණ්ඩාගාරයේ නියෝජිතයෙක්, උපකුලපතිවරයා ඇතුලත්.
ඉතින් ගැටලුව කුමක්ද ?
මෙම චෝදනාව හුදු අසත්‍ය හා කරුණු නොදැන කරන පදනම් විරහිත චෝදනාවකි.
..................................................
2. දැනට ලංකාවෙ ක්‍රියාත්මක වෙන 1978 විශ්ව විද්‍යාල පණත මේ මණ්ඩලයට බලපාන්නෙ නෑ.
#පිළිතුර
ලංකාවේ එවැනි විශ්වවිද්‍යාල දැනටමත් තියෙනවා. රජයේම විශ්වවිද්‍යාලයක් වන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය 1978 විශ්වවිද්‍යාල පණතට යටත් නැහැ.
.................................................
3. ඕනෑම පුද්ගලික විශ්ව විද්‍යාලයකට, මේ මණ්ඩලයෙන් අනුමැතිය අරගෙන, කොතලාවල විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෙලා "උපාධි පිරිනැමීමේ තත්වය" (Degree Awarding Status) ලබා ගන්න පුලුවන්.
#පිළිතුර
අමූලික බොරුවක්. පණතේ 5 (උ) යටතේ පැහැදිලිව කියනවා විශ්වවිද්‍යාලය මගින් නියම කර ඇති නිර්ණායක වලට අනුකූලව විශ්වවිද්‍යාල අධීක්ෂණය යටතේ
වෙනත් යම් පණතක් මගින් පිහිටුවා ඇති හමුදා අධ්‍යාපන ආයතනවලටයි, මෙම පණත යටතේ පිහිටුවන ආයතනවලටයි විතරයි අවස්ථාව තියෙන්නේ
ඉතින් මොකක්ද වරද?
.................................................
4. මේ මණ්ඩලයෙන් අනුමත කරන උපාධි වලට ප්‍රමිති ආයතන වල පිලිගැනීමක් අවශ්‍ය නෑ. තමන්ගෙ උපාධි ප්‍රමිතිය හොඳයි කියලා ඒ මණ්ඩලයටම තීරණය කරන්න පුලුවන්.
#පිළිතුර
තවත් බොරුවක්. පණතේ 19 (i) ආ වගන්තිය යටතේ පැහැදිලිව කියනවා UGC ප්‍රමිති නියමාවලින්ට නොඅඩුව ප්‍රමිති පැවතිය යුතුයි කියලා.
.................................................
5 මේ මණ්ඩලය වග කියන්නෙ ආරක්ෂක ඇමතිට විතරයි. මුදල් නියාමනය, විගණනය තමන්ම කර ගන්නවා. තමන්ගෙ උපාධි වල මිල තීරණය කරන්නෙත් මේ මණ්ඩලය විසින්මයි.
#පිළිතුර
ඔව්. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියන මෙම ආයතනය වග කියන්න ඕනේ ආරක්ෂක ඇමතිට තමයි. හැබැයි ඒ වගේම පණතේ III කොටස අනුව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ. ඉතින් එහෙනම් ගැටලුවක් නෑනේ.
විගණනය

පණත කියවලාවත් නැතුවයි මේ චෝදනාව කරලා තියෙන්නේ. පණතේ 40 (2) වගන්තිය යටතේ බොහොම පැහැදිලිව කියනවා රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනය සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තිය විශ්වවිද්‍යාල ගිණුම් විගණනය සඳහා අදාල විය යුතුයි කියලා.
41 වගන්තිය අනුව විගණනය කළ ගිණුම් වාර්තා ගැසට් කරන්න ඕනේ
42 අනුව විගණකාධිපති වාර්තාවා හා ඊට මණ්ඩලයේ අදහස් සහිතව අමාත්‍යවරයා වෙතත් අමාත්‍යවරයා එය පාර්ලිමේන්තුව වෙතත් ඉදිරිපත් කරන්න ඕනි
තව වෙන මොනවාද ඉතින් විගණනය ගැන ඕනේ.
.................................................
6. විශ්ව විද්‍යාල විතරක් නෙමෙයි, පාසල් පිහිටුවන්න, ඒවල විෂය නිර්දේශය තීරණය කරන්න, විභාග පවත්වන්නත් සම්පූර්ණ බලතල මේ මණ්ඩලයට හිමියි. අධ්‍යාපන අමාත්‍යාංශය අදාලම නෑ.
#පිළිතුර



පාසල් හදනවාලු



ඔය කියන්නේ මණ්ඩප හෝ අනුබද්ධ ආයතන ගැන වෙන්න ඕනි. ඉතින් ඕනෙම විශ්වවිද්‍යාලයකට ඒ බලය තියෙනව.
විෂය නිර්දේශ, විභාග පවත්වන්නේ විශ්වවිද්‍යාලය මගින් තමයි. ඒකට බලය හැම විශ්වවිද්‍යාලයකටම තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්වීමක් කරන්න අවශ්‍ය නෑ.
.................................................
7. විශ්ව විද්‍යාලය ඇතුලෙ සිදුවෙන ඕනෙම විරෝධතාවයක්, ""තමන්ට සුදුසු යැයි හැඟෙන ඕනෑම පියවරක්"" අරගෙන මර්දනය කරන්න ආරක්ෂක ඇමතිට සම්පූර්ණය බලය තියෙනවා.
ඔය කියන්නේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්නයක් ගැන. ඔව් මෙතැන හමුදා පුහුණුව අවි ආයුධ පුපුරන ද්‍රව්‍ය තිබෙන නිසා එවැනි බලයක් ඕනේ. අනික එවැනි බලයක් UGC විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාටත් තිබෙනවා. නිසිබලධරයන් පත් කරන්නේ එවැනි අවස්ථාවලදී ඒ බලයෙන් තමයි
...............................................
මේ දවස් වල, කඩිමුඩියේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න හදන "කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පණත" ගැන ප්‍රශ්න ගැන සාරංශයක් තමයි මේ කිව්වේ කියලා කියන්නේ
ඉතින් පිලිතුර කියවනකොට පැහැදිලි ඇති ප්‍රශ්න කියලා කියන්නේ හිතලු බව. අසත්‍ය බව. පණත කියවලාවත් නැතුව චෝදනා කරන බව.
ඊළගට මෙහෙම කියනවා
ලංකාවෙ දේශපාලකයන්ට සම්පූර්ණයෙන් විනාශ කරන්න බැරි උනු දේවල් 2යි තියෙන්නේ.
01. නිදහස් අධ්‍යාපනය
02. නිදහස් සෞඛ්‍ය
මේ පණත සම්මත උනොත්, මෙතනින් එකක් ඉවරයි. හැබැයි අධ්‍යාපනය විකිණීමටත් වඩා භයානක දෙයක් මෙතන වෙනවා. ඒ අධ්‍යාපන මිලිටරීකරණය. පාසල් මට්ටමේ ඉඳලා විශ්ව විද්‍යාල මට්ටම දක්වාම.
නිදහසේ හිතන්න පුලුවන්, හරි වැරැද්ද දකින්න පුලුවන් මිනිස්සු වෙනුවට, අණ පිලිපදින, කොන්ද කඩපු පරම්පරාවක් ඉස්සරහට දැක ගන්න පුලුවන් වෙයි.
තවත් හිතලුවක්.
මේකෙන් කොහොමද අධ්‍යාපනය මිලිටරිකරණය වෙන්නේ. මේ පණත අදාල වෙන්නේ කොතලාවල විශ්වවිද්‍යාලයට විතරයි. ඉතින් අනෙක් විශ්වවිද්‍යාල නැද්ද රටේ. දැනටත් මේ කියන විශ්වවිද්‍යාලය මේ අයුරින්ම පවත්වාගෙන යනවා
අධ්‍යාපනය පෞද්ගලීකරණය



කොතලාවල විශ්වවිද්‍යාලය නිසා නෙමෙයි දැනටමත් පෞද්ගලික විශ්වවිද්‍යාල කොච්චර තියෙනවා ද? රාජ්‍ය විශ්වවිද්‍යාලවල කොච්චර මුදල් ගෙවන උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා තියෙද? මොන්ටිසෝරියේ ඉදන් උපධිය දක්වා කොච්චරක් වියදම් කරනවාද දෙමව්පියන් ආණ්ඩුව නොමිලේ උගන්නලත්. ඒ නිසා මේ පණත නිසා අමුතුවෙන් වෙන පෞද්ගලිකකරණයක් නැහැ.
අධ්‍යාපනය ව්කිණීමත් මිලිටරිකරණයක් පෞද්ගලිකකරණයක් #අමුතුවෙන් මෙහි සිද්ධවෙන වගන්තියක් කාට හරි පෙන්වන්න පුළුවන් නම් දහසින් බැඳි පියලි දෙනු ලැබේ.
රංග බුද්ධික කංකානන්ගේ
Ranga buddhika kankanange