කොත්තු කන්න කලින්....

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කොත්තු කන්න කලින්....

    මේ රටේ මිනිස්සු කඩවලින් කන්නේ, බොන්නේ වහ! ඒක බොරුවක් නොවේ. කඩකාරයෝ හදන කෑම බීම ජාතිවලට දමන ද්‍රව්‍ය බොහෝ විට නිෂ්පාදනය කරන්නේ ප්‍රමිතිගත නිෂ්පාදනාගාරවල නොවේ. ඒ වගේම මොවුන් යොදා ගන්නේ නිෂ්පාදනවලට අවශ්‍ය සැබෑ අමුද්‍රව්‍ය නොවේ. වස සහ
    ko2.jpg
    විසයි
    .



    මේ බව වඩාත් තහවුරු වන්නේ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් දෙසැම්බර් 11 වැනිදා කොළඹ කොම්පඤ්ඤවීදියේ සිදුකළ වැටලීමකදී. මෙම ස්ථානයේ තිබී නිලධාරින් විසින් තක්කාලි සෝස්, මිරිස් කුඩු සහ කහ කුඩු සොයා ගත්හ. තක්කාලි සෝස් සෑදීමට මෙම ජාවාරමුන් විසින් යොදා ගෙන ඇත්තේ චුයින්ගම් නිෂ්පාදනය කිරීමට ගන්නා ඇලෙන සුළු ගම් වර්ගයක් හා වර්ණ ගැන්වීම සඳහා ‍යොදා ගන්නා ෆැබ්රික් ඩයි වර්ගයකි.මොවුන් සිරයට නොව, පණපිටින් අපාගත කළත් ඒ දඬුවමත් මදි තරම් ය.


    ගම් හා ඩයි මිශ්‍රණයට තක්කාලි සෝස් ස්වල්පයක් දමා ඉතිරියට වතුරද දමා කවලම් කොට ඇලන සුළු තත්ත්වයෙන් තක්කාලි සෝස් නිපදවා තිබේ. අනතුරුව විවිධ ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතලවලට තක්කාලි සෝස් අසුරා කඩවලට අලෙවි කරන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එවැනි තක්කාලි සෝස් ලීටර් දෙදහසක් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත්හ.
    ko6.jpg

    මෙම අපරාධකරුවන් මිරිස් කුඩු සහ කහ කුඩු නිපදවීම සඳහා යොදාගෙන ඇත්තේ කල් ඉකුත් වූ බටානා පිටි, රතු පැහැති ෆැබ්රික් ඩයි, සිවුරු වර්ණ ගන්වන ෆැබ්රික් ඩයි යනාදියයි. එම ඩයි වර්ග හා බටානා පිටි යොදා සකස් කළ ‘මිරිස් සහ කහ කුඩු’ කි‍ලෝ ග්‍රෑම් පන්සියයක් අධිකාරියේ අත්අඩංගුවට පත් විය.


    ඒ වගේම මෙම ස්ථානයේ වැසිකිළි සෝදන දියර සහ පිඟන් සේදීමට ගන්නා සේදුම් දියරද නිෂ්පාදනය කර තිබෙන අතර ඒවා සකස් කිරීමට භාවිතා කළ භාජන, තක්කාලි සෝස් නිපදවන්නට පාවිච්චි කර තිබෙන බවත් අනාවරණය වී තිබේ.මෙම පවුකාරයින්ට දිය යුතු දඬුවම කුමක්දැයි මෙය කියවන ඔබම
    ko4.jpg
    යෝජනා කරනු මැනවි. මොවුන්ට දඬුවම් ලබා දීමේ බලයක් අපට නැත. නමුත් එයින්වත් සෑහිමකට පත් වීමට පිළිවන.මේ ආකාරයට නිපදවන සෝස් වර්ග සහ මිරිස්,කහ කුඩු ඇතුළු තුනපහ වර්ග යවන්නේ කොහාටද?

    මහපාරවල දිගටම දකින්නට ඇත්තේ කොත්තු රොටි කඩ, චයිනීස් රෙස්ටුරන්ට්, පේස්ට්‍රි ෂොප්, පළතුරු බීම කඩ, ආප්ප කඩ යනාදියයි. සවස 5 -6 වන විට මේවාට ඇඟිල්ලක් ඔබන්න බැරි තරමට පාරිභෝගිකයින් පිරී සිටිති. බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ සතියකට දෙතුන් වතාවක් කඩෙන් කන්නටය. ඊට රැයක් දවාලක් කියා වෙනසක් ද නැත. සමහර පේස්ට්‍රි ෂොප්වල වාඩි වී කට්ලට්ස්, පැටිස් තක්කාකාලි සෝස්වල පොඟවා ගෙන යස අපූරුවට බුදින අයුරු අමුතු දසුනක් නොවේ. නමුත් මෙම ආහාර නිපදවීමට යොදා ගන්නා පිටි, සීනි, මිරිස්, කුළු බඩු වර්ග සැබෑ පිරිසිදු ද්‍රව්‍ය නොවන බව ඉතා පැහැදිලිය.


    කොත්තු රොටීකාරයට,චයිනීස් ෆුඩ් ෂොප්කාරයාට අවශ්‍ය ලාභයට කුළු බඩුය.සෝස් වර්ගය. රටට නොවේ,මිනිසුන්ගේ බඩ පපුවට මොන වසංගයක් සෑදුනත් මොවුන්ට වගක් නැත. අවශ්‍ය වන්නේ රීරිමාංශ විකුණා හෝ මුදල් උපයන්නටය. ඒවා සැපයීම සිදුකරන්නේ ඉහත කී තක්කඩි ජාවාරමුන්ය.


    කොත්තුකාරයාට අවශ්‍ය කොත්තුව විකුණා ගන්නටය. ඊට යොදන සෝස් වර්ග, ලුණු, මිරිස්වල ප්‍රමිතියක් ඔහුටද අවශ්‍ය නැත. රත් වූ තැටියට ගෝදම්බ රොටි අහුරක් දමා, කුණු බිත්තරයක් ද ඊට කඩා දමා, ඩයි මිරිස් කුඩු, ඩයි සෝස් කළළුම් කොට, රටටම ඇහෙන්න තැටියට තාලයට තඩි බා, උණු උණුවේ
    ko5.jpg
    ෂොපින් කොළයට දමා, පාර්සල් ගසා දෙන කුණු කොත්තුව රැගෙන යන්න පාරිභෝගිකයින් බලා සිටින්නේ නොඉවසිල්ලේය.එය බුදින තුරු ඉවසිල්ලක් නැති තරම්ය. දහදරාව දමා සකස් කළ කොත්තු හා චයිනීස් රස කරමින් ආහාරයට ගනිද්දී හෙට දවසේ තමන්ට වැළ‍‍ඳෙන්නේ දොස්තරවරුන්ටවත් සොයා ගන්නට බැරි අසනීපයක් බව අප කාටත් සිතෙන්නේ නැති තරම් ය. ඒ තරම් ප්‍රණීත ‍රසයකින් දිව පිනා යයි.



    මේ අන්දමට මගෝඩියන්ට රටේ රජ කරන්නට හැකි වී ඇත්තේ රටේ නීතියට අංශබාගේ රෝගය වැළඳීම නිසාය. කුණු කරවල, කුණු පළතුරු ඕනෑ තරම් පිටකොටුව ප්‍රදේශයේ විකුණති. සමහර වෙළෙන්ඳන් බොහෝ විට රැගෙන එන එළවළු සහ මාලු වර්ග මඳක් එහා මෙහා පෙරළන විට හොඳ මාලු එළවළු අස්සේ සඟවා ගෙන ආ කුණු මාලු සහ එළවළු සොයා ගන්නට පිළිවන. මොවුන් නොබියව මෙවැනි අපරාධ සිදු කරන්නේ නීතියට අංශබාගේ වැළඳීම නිසා නොවේ නම් වෙන කුමක් නිසාද?



    මෙම භාණ්ඩ කිරන්නේද හොර තරාදිවලින්ය. පාරිභෝගික ජනතාව වෙළෙන්දන්ගේ අතට අසුවුණ මොහො‍තේ පටන් ගසා කෑමකට ලක් වන්නේ නීතියේ පවතින දැවැන්ත සිදුරු නිසාය.


    කෙසේ වෙතත් මෙම ජාවාරමුන් අත්අඩංගුවට ගන්න, පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරින් දරන වෙහෙස අප ඉතා ඉහළින් අගය කරන්නෙමු. ඔවුන් මෙම මගෝඩි වෙළෙන්දන් කුදලා ගෙන ගොස් උසාවි දමා දඩ ගසන්නට කටයුතු කරති. නමුත් තක්කඩි වෙළෙඳාම රටින් තුරන් කර දැමිය නොහැක්කේ තල්මසුන් වැනි ලොකු ප්‍රමාණයේ තක්කඩි ජාවාරමුන්, පිටකොටුවේ ඇටවල්ලන් වැනි තක්කඩි වෙළෙන්ඳන්ට ඉහළින් රජ කරන නිසාය. ‘තල්මසුන්’ අත්අඩංගුවට ගන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ගේ දෑත් දිගු මදිය.


    ko3.jpg
    සමාජයේ ඉහළින් හිඳ අපරාධ කරන පුද්ගලයන් සඳහා රටේ නීතිය එකක්ය. පහළ පංතියට නීතිය තව එකක්ය. ජනතාවට පෙනෙන්නේ ඒ වගේය. මේ දෙබිඩි ප්‍රතිපත්ති නිසා නීති බල ගන්වන්ට සිටින බොහෝ නිලධාරින් පසුවන්නේ දැඩි සිත් වේදනාවෙන් බව අප දනිමු.



    ආසියාවේ ලොකුම හෙරොයින් තොගයට බදු පනවන්නට එපා යැයි කී අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා පවසන්නේ තමන් එවැනි ලිපියක් රේගුවට නිකුත් නොකළ බවයි. රේගුව කියන්නේ එවැනි ලිපියක් ලැබුණ බවයි. මේ සිද්ධිය ගැන සම්බන්ධිකරණ ලේකම්වරයා‍ගෙන් මේ දක්වා කිසිම කට උත්තරයක් පොලිසිය ලබාගෙන නැත. එවැනි පුද්ගලයෙක් අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා වශයෙන් සේවය කළා දැයි පොලිසිය අගමැතිවරයාගෙන් විමසීමක් කර නැත.


    කුඩු සිද්ධියකදී පොලිසිය ක්‍රියාත්මක වන පිළිවෙලට හාත්පසින්ම වෙනස් ‘හුළං බැහැපු’ තත්ත්වයකින් මෙහිදී ක්‍රියා කරන බවක් ජනතාවට පෙනෙන්නට තිබීම කොහෙත්ම හොඳ නැත. කුඩු ග්‍රෑම් හතරට මරණ දඬුවම නියම කරන රටේ කුඩු කිලෝ ග්‍රෑම් 131ක අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන පිළිවෙල පොලිස් නීති පොතේ කොතැන තිබේදැයි කියන්නට අප දන්නේ නැත. එහෙව් රටේ කොත්තු රොටිය, පේස්ට්‍රිය, චයිනීස් ඇතුළු ආහාර, පළතුරු බීම වස විසෙන් නිපදවීම එච්චර අරුමයක් නොවේ.




    උපුටා ගැනීම:-ලක්බිම
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    Eye raa fried rice ekak kawa kadekin ada una wage wamane yannath wage ude indan thama kanna ba ,boka yanneth na .ada ra boka set unoth aruge kade issaraha padiya uda dala enawa .
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    100% ක් එකඟ වෙන්න නම් අමාරුයි. මොකද මොන දහ ජරාව හැදුවත් කුණු බිත්තර නම් දමන්න බෑ.
    ඒ විතරක් නෙවෙයි. දැන් ටික දවසක ඉඳල කට්ටිය කෑ ගහන්නේ ලංකාවේ තියන ඔක්කොම සෝස් ඔය කියන තැන හදපුව වගේ. ඔය කොම්පඥ්ඥ වීදියේ තියෙන්නේ මහා ජරා කඩ. නමුත් කොළඹ ඕන තරම් කඩ තියනවා හොඳට කෑම හදන. පිට කොටුවෙයි කොම්පඥ්ඥ වීදියෙයි ආමර් වීදිය හරියෙයි තමයි ජරා කඩ ගොඩක් තියෙන්නේ. අනිත් තැන් වල නැතුව නෙවෙයි. නමුත් හොඳ කඩ ගොඩක් තියනවා.
    අනික ඔය කියන විදිහට කඩෙන් කන එක නැවත්තුවොත් ගමෙන් ගිහින් කොළඹ රස්සාවල් කරන ලක්ෂ ගානක් මිනිස්සුන්ට බඩගින්නේ ඉන්න තමයි වෙන්නේ.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මචන් ගොඩක් යට වැදගත් වෙයි මේක,
    විශේෂයෙන්ම කොලබ රස්සාවල් කරන අයට
    +9 added :)
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    100% ක් එකඟ වෙන්න නම් අමාරුයි. මොකද මොන දහ ජරාව හැදුවත් කුණු බිත්තර නම් දමන්න බෑ.
    ඒ විතරක් නෙවෙයි. දැන් ටික දවසක ඉඳල කට්ටිය කෑ ගහන්නේ ලංකාවේ තියන ඔක්කොම සෝස් ඔය කියන තැන හදපුව වගේ. ඔය කොම්පඥ්ඥ වීදියේ තියෙන්නේ මහා ජරා කඩ. නමුත් කොළඹ ඕන තරම් කඩ තියනවා හොඳට කෑම හදන. පිට කොටුවෙයි කොම්පඥ්ඥ වීදියෙයි ආමර් වීදිය හරියෙයි තමයි ජරා කඩ ගොඩක් තියෙන්නේ. අනිත් තැන් වල නැතුව නෙවෙයි. නමුත් හොඳ කඩ ගොඩක් තියනවා.
    අනික ඔය කියන විදිහට කඩෙන් කන එක නැවත්තුවොත් ගමෙන් ගිහින් කොළඹ රස්සාවල් කරන ලක්ෂ ගානක් මිනිස්සුන්ට බඩගින්නේ ඉන්න තමයි වෙන්නේ.
    :yes::yes::yes:

    මොන ජරාව උනත් කනකොට රහයිනෙ බං...මමනම් ඉතින් කනවා...ඉඳල හිටල තමා අවුල් යන්නෙ..බඩ හුරු වෙලාද මන්දා :D:D
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    :yes::yes::yes:

    මොන ජරාව උනත් කනකොට රහයිනෙ බං...මමනම් ඉතින් කනවා...ඉඳල හිටල තමා අවුල් යන්නෙ..බඩ හුරු වෙලාද මන්දා :D:D

    එකක් කියන්නං. පිට කොටුවෙන් නම් කන්න එපා. ඊට හොඳයි ඩිංගක් එහාට ගිහින් ගෝල් ෆේස් එකෙන් මූදට පැනහන්.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    කුණු බිත්තර තැම්බෙන්නේ නෑ බං. දිගටම දියාරුවට තියෙනවා. කුණු බිත්තර දාන කතාව නම් බොරුවක් කොත්තුවට :rolleyes:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    එකක් කියන්නං. පිට කොටුවෙන් නම් කන්න එපා. ඊට හොඳයි ඩිංගක් එහාට ගිහින් ගෝල් ෆේස් එකෙන් මූදට පැනහන්.
    පිටකොටුවෙන්නම් කන්නෙ නෑ බං...ඒකෙ සිරවට අප්පිරියයි... :baffled::baffled::baffled::baffled: