කොන්ඩේ හිටවන එක ගැන කිරියන්ස්ලා අහපු ප්‍රශ්න වලට.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    කීප දෙනෙක්ම කොන්ඩේ හිටවන එක ගැන ඇහුවා. අහපු ඔක්කොම ප්‍රශ්න වල එකතු කරලා උත්තරයක් ලියන්න හිතුවා.

    ⁣කොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් කොන්ඩේ යන එක. දහස් ගනන් වියදම් කරලා එක එක ජතියේ බෙහෙත් හා ක්‍රම භාවිතා කරලා කොහොමහරි වවාගන්න තමයි ට්‍රයි එක. ඒත් සාර්ථක නැ වගේ නිසා හිටවගන්න පුලුවන්ද කියලා බලනවා කට්ටිය.

    මුලින්ම කියන්න ඕනා, හරියටම හිටවන එක හිටවන පැලැන ගහන්න වෙන්නේ ඔයාගේ කොන්ඩේ බලලා. නමුත් ඉතින් මේ මම කියන්න යන ටික ඔයා දැනගන්න ඔනා දේවල්. හැකිතරම් බර වෙද පද අයින් කරලා ලියන්නේ තේරෙන්න එක්ක.

    හිටවන්නේ කොහොමද?
    ඔයාගේ පිටිපස්සේ තියන කොන්ඩ ගස් මුල් ටික සීරුවට ගලවලා, අවශ්‍ය තැන්වල ඉන්දනවා. පිටුපස කොන්ඩේ, කොන්ඩෙ යැමට ප්‍රතිරෝදය වැඩි. අනික කොන්ඩ ගහනය වැඩියි. ඒ නිසා අඩුව පෙන්නේ නැති වෙන්න ක්‍රමිකව ගලවගන්න පුලුවන්.

    එහෙනම් පිටුපස ප්‍රමාණවත් තරම් හිසකෙ තියෙන්න ඕනා නේද?
    ඔව්.

    සම්පුර්ණ තට්ටයෙක්ට බැරිද?
    ප්‍රායෝගිකව බැරි තරම්.

    ඒ නිසා ⁣සම්පුර්නයෙන්ම කොන්ඩේ යනකං ඉන්නේ නැතුව, ඉන්දගන්න ඕනානම් ට්‍රයි කරපිය.

    රිදෙනවාද?
    වේදනාව නැති කරන්න හිරි වට්ටනවා.

    වියදම්ද?
    ඔව්.

    කියක් විතරද?
    සාමාන්‍යයෙන් ඉස්සරහ පැටන් එකට ගිහින් හා මැදත් ටිකක් අඩුනම් ලක්ෂ 10කට ආසන්න ගානක් යයි.

    ගනන් නේ?
    හැබැයි ඔයා ඔය එක එක පලක් නැති ප්‍රතිකර්ම කරන්නම ඔය වගේ ගානක් යනවානේ. බලන්න දැන් ඔය ඔලුවට ගාන එවා වල වියදම හදලා. ඒත් පලක් නැනේ.

    ඔලුව ලොකුවට කපාගන්නවාද?
    හපෝ නැ.

    මුල් දවස් ටිකේ පෙනුම?
    සතියක් වගේ යනකං නිකං කැඩෙට් කරන කොල්ලෙක් ගේ නෝට් ගැහුවා වගේ තියෙයි. ඔක වැවෙද්දි වෙනසක් නැ.

    ඉස්සොරි පිරිලා අප්පා.
    කරන්න කලින් ඒකට බෙහෙත් දෙයි අඩු වෙන්න.

    මම දිනපතා මිනොක්සිඩිල් දානවා. නවත්තන්න වෙයිද?
    ඔව්. කරන්න කලින් සති 2කට වත් කලින් නවත්තන්න ඕනා.

    කරද්දි වෙලා යයිද?
    ඒක ඉතින් ඉන්දන ප්‍රමානය අනුව තමා. සමාන්‍යයෙන් වෙලාව යනවා.
    ලොකේ බෙරගන්න imf සාකච්චාවකුත් දාගෙන කඩිපුලප්පුවේ දුවන්න බලාගෙන එන්න එපා.


    ගොඩක් පරිස්සම් කරන්න ඕනාද?
    මුල් දින කිහිපය නම් ඉතින් නිතිපතා සේලයින් ස්ප්‍රෙකිරිම කරන්න වෙනවා. මුල් දවස්ටික නිසා ලොකුවට දාඩිය දාන වැඩ කරන්න එපා. ආසාධන වලින් වැලකෙන්න එපැයි. ඒ හැර ආසාධන වලකන ඇන්ටිබයෝටික් ඇතුලු බෙ⁣හෙත් දෙනවා. ඊට පස්සේ හරි.

    මුල් ගස් ටික හැලෙනවාද?
    ඔව් මුලින් ඉන්දපු කොන්ඩ කැලි පසුව හැලෙයි. බය වෙන්න එපා. ආයි එනවා.

    නිතරම වෙදා හම්බවෙන්න යන්න ඔනාද?
    නැ.
    විශේෂ අවුලක් උනේ නැත්තම්, වැඩේ හරියට උනා කියලා ok එක දුන්නනාම නම්, ආයි මාසෙන් මාසේ යන්න ඔනාම නැ. බොහෝ විට කරාට පස්සේ එක විසිට් එකයි.

    මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙනවාද සම්පුර්ණයෙන්?
    නැ එහෙම නැ. මුල් දවස්වල ජිම්දාන්න බර උස්සන්න මඩ නාන්න වගේ වැඩ එපා. පස්සේ හරි. උබ උබමයි.

    ගොඩක් කල් බොන්න බෙයි දෙනවාද?
    පෙත්තතක් පරිස්සමට කල්පනාවෙන් මාස 6ක් වගේ බොන්න දෙයි. එච්චරයි.

    අවුරුදු කියක් විතර තියාගන්න පුලුවන්ද?
    ඔයා හෙයාකෙයා ගැන කලින් දක්වපු සැලකිල්ල එහෙමම ගියොත්, අවුරුදු 20කට ආසන්න ගානක් තියගෙන්න පුලුවන්.

    මොන ශැම්පුද දාන්නේ කොන්ඩෙට?
    බබා ශැම්පු.
    ජොන්සන් අංකල් අංකල් ජොන්සන්. බෙබි සෙරමි.
    ඔය තියෙන්නේ. ඔයා බබෙක් කියලා හිතන්න
    ඔයා බබා.

    මගේ පිරිමි ගතිය නැති වෙයිද?
    පිරිමියෙක් හැමදාම. ජුන්ඩා වැඩ. මම කිව්වට සුවර් නැතත්ම් බයක් හැක කරන දොස්තරගෙන් අහලා දුරු කරගන්න.

    ඉතින් කරන තැනකුත් කියපංකෝ.
    ඒක මට අදාල දෙයක් නෙවෙයි. ගුගලයක් දාලා හොයගන්න. එයාලා කියන විස්තර ප්‍රශ්න කරන්න. අනික මම ඕවා කරන කෙනෙකුත් නෙවෙයි. මගේ විශේෂඥතාව වෙන එකක්.

    පුද්ගල පුශ්න සියල්ල දිනයක් දාගෙන අදාල දොස්තර කෙනෙක් හම්බලා තව දැනගන්න. මේ සාමාන්‍ය දැනුවත් කිරිමක්.


    Pm දදා අහපු අය නිසාම ලියපු එකක්. අහපු නහපු හැමෝටම උන් නිසා ලියනවා. ආදරෙයි කිරියනි.

    -ඉමොජි අයියා 😚
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    කිහිල්ල වගේ තැනක මයිල් ගලවලා හිටවන්න බැරිද පිටිපස්සෙ කෙස් මදි උනොත්

    Minoxidil දාල නැවත්තුවම කෙස් හොදට තිබුන ටිකත් යනවද
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    තට්ටයන්ට පුද කරමි

    කිහිල්ල වගේ තැනක මයිල් ගලවලා හිටවන්න බැරිද පිටිපස්සෙ කෙස් මදි උනොත්

    Minoxidil දාල නැවත්තුවම කෙස් හොදට තිබුන ටිකත් යනවද
    junde wate tiyena ewath ganna puluwn ne ehema wunoth :yes:
    ------ Post added on Oct 4, 2024 at 3:10 PM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    මගේ පිරිමි ගතිය නැති වෙයිද?
    පිරිමියෙක් හැමදාම. ජුන්ඩා වැඩ. මම කිව්වට සුවර් නැතත්ම් බයක් හැක කරන දොස්තරගෙන් අහලා දුරු කරගන්න.

    Pm දදා අහපු අය නිසාම ලියපු එකක්. අහපු නහපු හැමෝටම උන් නිසා ලියනවා. ආදරෙයි කිරියනි.

    -ඉමොජි අයියා 😚
    meka pm kale mokada :rofl: :rofl: :rofl: :lol: :lol: :rofl: :lol: :P
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Konde yannaha eth Hair Whorl 2 thiyenawa eka thana, ethenta konde hitawanna puluwnd?
    image0(1).jpeg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    කිහිල්ල වගේ තැනක මයිල් ගලවලා හිටවන්න බැරිද පිටිපස්සෙ කෙස් මදි උනොත්

    Minoxidil දාල නැවත්තුවම කෙස් හොදට තිබුන ටිකත් යනවද
    puke mailuth glawanna puluwan wenna one ehnm
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    කිහිල්ල වගේ තැනක මයිල් ගලවලා හිටවන්න බැරිද පිටිපස්සෙ කෙස් මදි උනොත්

    Minoxidil දාල නැවත්තුවම කෙස් හොදට තිබුන ටිකත් යනවද
    මටත් හිතුනා. පේන්නෙ නැති තැන් වලින්, බඩෙන් එහෙමත් ගන්න පුළුවන් නෙ.