අද ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ කොන්ඩේ යාම. බොහෝ තරුණ වයසේ ඉන්න අයගේ අද විවිද ප්‍රමාණ වලින් කොන්ඩේ යනවා. රූප වාහිනියේ උනත් දවසකට වෙළඳ දැන්වීම් දහස් ගානක් යනවා මේ කොන්දේ යන එක වලක්වා ගන්න විවිද බෙහෙත් වර්ග ගැන.
කොන්ඩේ යාම සඳහා බොහෝ කාරණා බලපානවා. මේ අතරින් ප්‍රධානම වෙන්නේ ජානමය සාදක සහ හොර්මෝනමය සාදක. ජානමය සාදක කියන්නේ අපේ පවුලේ වැඩිහිටි කෙනෙක්ගේ කොන්ඩේ යනවනම් අපෙත් කොන්ඩේ යන්න ඉඩක් තිබෙනවා. මේකට කියන්නේ අපේ අ ය පරම්පරාවෙන් කොන්ඩේ යනවා කියලා. මෙහෙම කොන්ඩේ යන එක බෙහෙත් වලින් නවත්තන්න පුළුවන්කමක් නැහැ මම දන්නා තරමින්.
අපේ හොඳට තිබුන කොන්ඩේ හිටි හැටියේම යන්න පටන්ගත්තොත් ගොඩක් දුරට ඒකට හේතුව තමයි අපේ සිරුරේ ඇතිවෙන හෝර්මෝන අසමතුලිත තාවයක් (hormone imbalance ). මෙහෙම උනාම අප කලයුත්තේ සුදුසකම් ලත් වෛද්‍යවරෙයෙක් ලඟට ගිහින් අවශ්‍ය ප්‍රතිකාර ගැනීමයි. වෙළඳ දැන්වීම් වල තියෙන බෙහෙත් වලින් කිසිම වෙලාවක අපේ රෝග මූලයට ප්‍රතිකාර කරන්නේ නැහැ.
ගොඩක් ඒවගේ කරන්නේ තාවකාලිකව කොන්ඩේ යන එක නවත්තලා දාන එක. මේක කොහොමවත් හොද වැඩක් නෙවෙයි. මොකද අපේ හෝර්මෝන වෙනස්වීම සිද්ද උනේ අපේ සිරුර ඇතුලේ සැඟවී තිබෙන වෙනත් දරුණු ලෙඩක් නිසා වෙන්නත් පුළුවන්.
හෝර්මෝන වෙනස් වීම නිසා මේ වගේ ලක්ෂනත් ඇතිවෙන්න පුළුවන් -
Anxiety - depression
ලිංගික දුබලතාවයන්
සිරුර කෙට්ටු වීම (කොපමණ කෑවත් මහත් වෙන්නේ නෑ )
අසාමාන්‍ය බර අඩු වැඩි වීම.
නින්ද පිලිබඳ ප්‍රශ්න
පිරිමි අයගේ අසාමාන්‍ය ලෙස පියයුරු වර්ධනය
ක්‍රියාශීලි ගතිය නැතිව යාම
mood disorders
නිතර අමතකවන ගතිය / මතකය ගැන ප්‍රශ්න
අවධානය පිලිබඳ ගැටළු
අධික ලෙස කේන්ති යාම
මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනෙනවා නම් අපි කලයුතේ හෝර්මෝන පිලිබඳ විශේෂඥ වෛද්‍යවරෙයෙක් (endocrinologist) මුණ ගැසී අපේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම. මේ සමගම ඔබගේ medical history එකත් පැහැදිලිව ඉදිරිපත් කරන එක වඩා හොඳයි. එවිට වෛද්‍යවරයා විසින් ඔබට ගැලපෙන හෝර්මෝන පරීක්ෂණය සඳහා ඔබව යොමු කර අවශ්‍ය නිවැරදි ප්‍රතිකාර ලබා දේවි .
මේ පහල දාල තියෙන වීඩියෝ වලින් හෝර්මෝන සහ කොන්ඩය යාම අතර සම්බන්දය දැනගන්න පුළුවන්. මේ වීඩියෝ වල අන්තිමට පෙන්නන ප්‍රොඩක්ට් එක ගැන නම් මම දන්නේ නැහැ.
***ඉහත සියලුම කරණු අන්තර්ජාලය ඇසුරෙනි

වීඩියෝ ටික පස්සෙ බලන්නම් මචන්. TFS