කොන්ඩේ_යනවද ?

thomian

Well-known member
  • May 20, 2011
    12,460
    17,567
    113
    අද ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ කොන්ඩේ යාම. බොහෝ තරුණ වයසේ ඉන්න අයගේ අද විවිද ප්‍රමාණ වලින් කොන්ඩේ යනවා. රූප වාහිනියේ උනත් දවසකට වෙළඳ දැන්වීම් දහස් ගානක් යනවා මේ කොන්දේ යන එක වලක්වා ගන්න විවිද බෙහෙත් වර්ග ගැන.

    කොන්ඩේ යාම සඳහා බොහෝ කාරණා බලපානවා. මේ අතරින් ප්‍රධානම වෙන්නේ ජානමය සාදක සහ හොර්මෝනමය සාදක. ජානමය සාදක කියන්නේ අපේ පවුලේ වැඩිහිටි කෙනෙක්ගේ කොන්ඩේ යනවනම් අපෙත් කොන්ඩේ යන්න ඉඩක් තිබෙනවා. මේකට කියන්නේ අපේ අ ය පරම්පරාවෙන් කොන්ඩේ යනවා කියලා. මෙහෙම කොන්ඩේ යන එක බෙහෙත් වලින් නවත්තන්න පුළුවන්කමක් නැහැ මම දන්නා තරමින්.


    අපේ හොඳට තිබුන කොන්ඩේ හිටි හැටියේම යන්න පටන්ගත්තොත් ගොඩක් දුරට ඒකට හේතුව තමයි අපේ සිරුරේ ඇතිවෙන හෝර්මෝන අසමතුලිත තාවයක් (hormone imbalance ). මෙහෙම උනාම අප කලයුත්තේ සුදුසකම් ලත් වෛද්‍යවරෙයෙක් ලඟට ගිහින් අවශ්‍ය ප්‍රතිකාර ගැනීමයි. වෙළඳ දැන්වීම් වල තියෙන බෙහෙත් වලින් කිසිම වෙලාවක අපේ රෝග මූලයට ප්‍රතිකාර කරන්නේ නැහැ.:yes::shocked: ගොඩක් ඒවගේ කරන්නේ තාවකාලිකව කොන්ඩේ යන එක නවත්තලා දාන එක. මේක කොහොමවත් හොද වැඩක් නෙවෙයි. මොකද අපේ හෝර්මෝන වෙනස්වීම සිද්ද උනේ අපේ සිරුර ඇතුලේ සැඟවී තිබෙන වෙනත් දරුණු ලෙඩක් නිසා වෙන්නත් පුළුවන්.:sorry:

    හෝර්මෝන වෙනස් වීම නිසා මේ වගේ ලක්ෂනත් ඇතිවෙන්න පුළුවන් -

    Anxiety - depression
    ලිංගික දුබලතාවයන්
    සිරුර කෙට්ටු වීම (කොපමණ කෑවත් මහත් වෙන්නේ නෑ )
    අසාමාන්‍ය බර අඩු වැඩි වීම.
    නින්ද පිලිබඳ ප්‍රශ්න
    පිරිමි අයගේ අසාමාන්‍ය ලෙස පියයුරු වර්ධනය
    ක්‍රියාශීලි ගතිය නැතිව යාම
    mood disorders
    නිතර අමතකවන ගතිය / මතකය ගැන ප්‍රශ්න
    අවධානය පිලිබඳ ගැටළු
    අධික ලෙස කේන්ති යාම

    මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනෙනවා නම් අපි කලයුතේ හෝර්මෝන පිලිබඳ විශේෂඥ වෛද්‍යවරෙයෙක් (endocrinologist) මුණ ගැසී අපේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම. මේ සමගම ඔබගේ medical history එකත් පැහැදිලිව ඉදිරිපත් කරන එක වඩා හොඳයි. එවිට වෛද්‍යවරයා විසින් ඔබට ගැලපෙන හෝර්මෝන පරීක්ෂණය සඳහා ඔබව යොමු කර අවශ්‍ය නිවැරදි ප්‍රතිකාර ලබා දේවි .

    මේ පහල දාල තියෙන වීඩියෝ වලින් හෝර්මෝන සහ කොන්ඩය යාම අතර සම්බන්දය දැනගන්න පුළුවන්. මේ වීඩියෝ වල අන්තිමට පෙන්නන ප්‍රොඩක්ට් එක ගැන නම් මම දන්නේ නැහැ. :yes:

















    ***ඉහත සියලුම කරණු අන්තර්ජාලය ඇසුරෙනි :)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මගෙත් හොදට කොන්ඩේ තිබුනා. රෙද්දේ මේ රටවල් වල තියෙන වතුරටද දන්නේ නෑ පට්ට විදියට කොන්ඩේ ගියා.:( වීඩියෝ ටික පස්සෙ බලන්නම් මචන්. TFS

    You must spread some Reputation around before giving it to thomian again.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,460
    17,567
    113
    මගෙත් හොදට කොන්ඩේ තිබුනා. රෙද්දේ මේ රටවල් වල තියෙන වතුරටද දන්නේ නෑ පට්ට විදියට කොන්ඩේ ගියා.:( වීඩියෝ ටික පස්සෙ බලන්නම් මචන්. TFS

    You must spread some Reputation around before giving it to thomian again.

    සමහර විට වතුර නිසා වෙන්නට් පුළුවන් මචං.. නැත්නම් අපි වැඩකරන පරිසරය, ගන්න කෑම වර්ගත් මේකට බලපානවා කියලා කියනවා.. ගොඩක්ම කොන්ඩේ යනවා නම් හොඳ doctor කෙනෙක් ට පෙන්නන එක තමයි හොඳ :yes:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    mageth konde gya kalin. magenm yanne jana walin. thaththage thatte. Docekta pennala dan Minixidil 5% pawichchi karanwa 1year witara. matanm hari gya. habai digatama pawichchi karanna ona
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,689
    113
    Good post mcn...

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    thushanwasa

    Junior member
  • Oct 28, 2008
    151
    8
    18
    සමහර විට වතුර නිසා වෙන්නට් පුළුවන් මචං.. නැත්නම් අපි වැඩකරන පරිසරය, ගන්න කෑම වර්ගත් මේකට බලපානවා කියලා කියනවා.. ගොඩක්ම කොන්ඩේ යනවා නම් හොඳ doctor කෙනෙක් ට පෙන්නන එක තමයි හොඳ :yes:


    දන්න හොද ඩොකෙක් නෙද්ද බන් මට හොදටම මල පනිනවා බන් සිරා . බොරුවක් නෙමෙඉ
     

    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    mageth konde gya kalin. magenm yanne jana walin. thaththage thatte. Docekta pennala dan Minixidil 5% pawichchi karanwa 1year witara. matanm hari gya. habai digatama pawichchi karanna ona

    eka gagena kohomada ban inne nidagannakota gannath bane ban kotte gawenawane..suwadai habai..