කොන්ඩේ_සහ_ලොකු_ලූණු
කොණ්ඩය වැවීම වේගවත් කරගැනීම සදහා වූ ලුණු යුෂ ප්‍රතිකාරය.
ලූණු සදහා අමුතුවෙන් හදුන්වාදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ආහාරයන් වල රස සහ ගුණ වැඩි කරගැනීම සදහා සැවොම ලූණු භාවිතා කරනවා. නමුත් වැඩි දෙනෙක් දැනුවත් නැහැ හිසකෙස් සදහා එයින් ලැබෙන විශ්මිත ගුණාංගයන් පිලිබදව. හිසකෙස් වල වර්ධන වේගය වැඩි කරගැනීම සදහාද දුර්වර්ණ වී අළු පැහැයට හැරී ඇති හිසකෙස් තද කළු පැහැයට හැරවීම සදහාද විශ්මිත හැකියාවක් ලූණු වලට තිබෙන බව කරනලද පර්යේෂණයන් හී දී සනාත වී තිබෙනවා. හිසකෙස් සදහා අවශ්‍ය කරන පෝෂක පදාර්ථයන් ද Hair Follicles සදහා රුධිර සංසරණය වැඩිදියුණු කිරීම වැනි කරුණු හේතුකොට ගෙන තමයි හිසකෙස් වර්ධන වේගය වැඩි කිරීම වැනි විශ්මිත කාර්යයන් සිදු කිරීමට ලූණු වලට හැකියාව ලැබී තිබෙන්නේ. ඔබේ හිසකෙස් වල වර්ධනය අඩාල කරන හිසකෙස් ආශ්‍රිතව ඇති අහිතකර germs වර්ගයන්ද ඒවගේම පරපෝෂිතයන්ද විනාශ කිරීමට හැකි සුවිශේෂී බලයක්ද ලූණු යුෂ වලට තිබෙනවා. තවද ලූණු වල බහුලව පවතින (සල්ෆර්) මගින් Hair Follicles පුනර්වර්ධනයක් සිදු කරන අතර ප්‍රදාහය කියන තත්වය සමනය කිරීමක්ද සිදු කරනවා.
ලූණු යුෂ සාදාගන්නේ කෙසේද?
හිසකෙස් වර්ධනය වේගවත් කරමින් දිගු කොණ්ඩයක් ඔබට ලබා දෙන ලූණු යුෂ පානය සකසා ගන්නේ කෙසේද කියා දැන් අපි බලමු. ලූණු යුෂ සකස් කරගැනීම සදහා වූ බොහොමයක් ක්‍රමවේදයන් තිබෙනවා. ලුණු ගෙඩියේ පොතු ඉවත් කර කෑලි කිහිපයකට කපා ගෙන ඉතුරු හරිය කිරීමේ කාර්යය ඇඹරුම් යන්ත්‍රයකට(Blender) බාර දෙන්න. ඇඹරුම් යන්ත්‍රය මගින් අඹරා ගත් ලුණු මගින් එහි යුෂය පමණක් ඉවත් කරගන්න. නිවසෙහි ඇඹරුම් යන්ත්‍රයක් නොමැතිනම් ඉතාමත් කුඩා කොටස් වලට කපා පසුව එහි යුෂ වෙන් කරගැනීමටද හැකියාව තිබෙනවා.
ලූණු යුෂ භාවිතා කරන්නේ කෙසේද ?
දැන් තමයි ඉතාමත්ම වැදගත් තැනට අප ඇවිත් තිබෙන්නේ එනම් කොණ්ඩය වැවීමේ වේගය වැඩි කරගැනීම සදහා ලූණු යුෂ භාවිතා කරන්නේ කෙසේද යන කාරණය දැනගැනීමයි. ප්‍රථමයෙන්ම ඔබ කල යුතු වෙන්නේ හිසෙහි කුඩා කොටසක ලූණු යුෂ ස්වල්පයක් තවරා බැලීමයි. මොකද ඇතැමෙකුට ලූණු යුෂ අසාත්මික වීමට හැකියාවක් තිබෙනවා. ලූණු යුෂ ඔබට අසාත්මික තාවයක් දක්වන්නේ නැති බව අවබෝධ කරගත් පසුව එහි සැර ගතිය අඩු කරගැනීම සදහා අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කරගන්නට පුළුවන්. දවසකට වරක් එලෙස සාදා ගත් ලූණු යුෂ හිස් කබලෙහි තවරාගෙන හොදින් සම්බාහනය කරන්න. කේශ කෝෂයන් වලට හොදින් උරා ගන්නා තුරු සැහැල්ලුවෙන් යුතුව සම්භාහනය කරගන්න. හොදින් මතක තබා ගන්න ඔබේ දෑතෙහි තැවරී ඇති ලූණු ශ්‍රාවය ඉවත් නොකොට පැයක් පමණ කාලයක් තබා ගන්න. මොකද මෙම ප්‍රතිකාරයේ ගුණය සහ සාර්ථක භාවය වැඩි කිරීමට එය ඉවහල් වෙනවා. ලූණු යුෂ මගින් හිසකෙස් වර්ධනය සදහා සැලකිය යුතු මෙහෙයක් ඉටු කරනවා එම නිසා අධික මුදලක් වැය කොට නොයෙකුත් නිෂ්පාදනයන් ඔබ මිලදී ගත යුත්තේ නැහැ.
- උපුටාගැනීමක් -
සියලු දෙනාටම නීරෝගී සුවපත් ජීවිතයක් පතනවා.
ඔබ සැමට තෙරුවන් සරණයි!!