ඔහු, රියර් අද්මිරාල් සරත් වීරසේකර, නාවික හමුදා සේවයේ සිටි සමයේ සිට ම රටට සහ ජාතියට අප්රමාණව ආදරය කළ මිනිසෙකි. විවේචන වලට වැඩ වලින් පිළිතුරු දෙන වර්ගයේ දුලබ මිනිසෙකි. වරක් අභවාප්රාප්ත තිස්ස අබේසේකර සමග ඔහු දැඩි විවේචනයක පැටලුනේ සුළග එනු පිණිස චිත්රපටය පිලිබදව ය. තිස්ස අබේසේකර රියර් අද්මිරාල් සරත් විරසේකර හෙලා දුටුවේ නාවික සෙබලෙක් චිත්රපට කලාව ගැන දන්නේ කුමන ඉටි ගෙඩියදැයි අසමිනි. රියර් අද්මිරාල් වීරසේකර එයට දුන්නේ නියම පිළිතුරකි. ඒ වසර දෙකක් තුළ චිත්රපටකරණය පිළිබදව හදාරා ගාමනී චිත්රපටය එළිදැක්වීමෙනි. ගාමනී සෙබලුන් ගේ ධෛර්යය උත්කර්ෂයට නැංවූ එකම සිනමා පටය විය. එහි අධ්යක්ෂනය ඔහු ගේය. යමුත් අවාසනාවකට එය නරඹන්න තිස්ස මොලොව සිටියේ නැත.....
මේ මහා මිනිසා නාවිකයෙකු වීම පිළිබදව ආඩම්බර වෙමි. නාවිකයෝ කවදත් තම යුතුකම රට වෙනුවෙන් කරන මිනිසුන් ය.........