කොන්දෙන් පහළ අක්‍රියද?
ඔහු ගැන අපට දැන ගන්නට ලැබුණේ අහම්බෙනි. ඒ අපගේ මිතුරකු වෙතිනි. මිතුරාගේ 16 හැවිරිදි දියණියගේ කොඳු ඇට පෙළ ඇද වී තිබිණ. එය ඇද වන්නට පටන් ගන්නේ ඇය 8 වන වියෙහි පසුවන විටය. මුලින්ම දුන්නක හැඩයට ඇද වෙන්නට පටන් ගත් කොඳු ඇටය ක්‍රමයෙන් S අකුරේ හැඩය දක්වා ගියේය. මුල සිටම විවිධ වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි නැඹුරු වී සිටි මගේ මිතුරා ඉන් පළ නොලැබ අවසානයේදී විකලාංග චිකිත්සකයකු මගින් ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුවිය. "මෙතැනදී කරන්න තියෙන්නේ Open Suygery එකක් කරලා කොඳු ඇට පෙළට PIN ගහන එක." ශල්‍ය වෛද්‍යවරයා අපේ මිතුරාට කීවේය. "හැබැයි ලක්ෂ 30 ක් විතර යාවි..."
ඊළඟට මිතුරා කළේ Second Opnion ලෙස හැඳින්වෙන 'විකල්ප අදහසක්' ලබා ගැනීම සඳහා වෙනත් ශල්‍ය වෛද්‍යවරයකු හමුවීමය.
"ඕකෙ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කොඳු ඇටය දිගට පින් දමලා කෙලින් කළාම පින් කැඩෙන අවස්ථා තියෙනවා. ඒක අවදානම් තත්ත්වයක්. මොකද පුංචි ළමයකුට කියන්න බැහැනේ මෝල්ගහක් ගිල්ල වගේ පැය 24 ම කෙළින් ඉන්න කියලා."
අපේ මිතුරගේ සිහිය විකල් විය. දියණියගේ ඉනේ සිට උරහිස දක්වා වූ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඇදවීම නිසා ඉමහත් විකෘති සහගත බවක් දැක්වින. ඇදවුන කොඳු ඇට කෙළින් කරන වැලිගම එම්. ඒ මදනායක නමැති දේශීය වෛද්‍යවරයා ගැන ඔහුට දැන ගන්නට ලැබෙන්නේ ඒ අතරය. එතැන් සිට කතාව අප මිතුරාගේ වචනයෙන් මෙසේය.
"මේ වෛද්‍යවරයා කොඳුඇට පෙළ කෙළින් කරන්නේ කිසිම සැත්කමක් නොකර අතින්මයි. ඔහු මුලින්ම කොඳු ඇට පෙළ දිගේ තෙල් වර්ගයක් ගාලා සම්බාහනය කරනවා. ඊට පස්සේ ඇදවුණ ඇට පුරුක් හෙමින් හෙමින් කෙළින් කරනවා. ඒ විදියට මාස 6 ක් විතර ප්‍රතිකාර කරන කොට කොඳු ඇට පෙළ 80% ක් විතර කෙළින් වෙලා. ඉතිරියට තව මාස 2 ක් විතර යනවා.
මදනායක වෛද්‍යවරයා මේ සියල්ල කරන්නේ සියතිනි. ඒ සඳහා ඔහු රෝගියා තම වෙදහලේ නවත්වා ගනී. රෝගියා ඔහුදෙන කසාය පානය කළ යුතු අතර ඔහු දෙන ආහාර ගත යුතුය. ඔහුගේ විස්මිත හැකියාව සියෑසින් දැක ගනිමින් ඔහු සමග පැවැත්වූ සාකච්ඡා පෙළක් ඔබ වෙත ගෙන එමු.
ප්රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡාව අවසන් කරන්නේ රෝගී කාන්තාවක පිළිබඳ සිද්ධි අධ්‍යයනයක ආරම්භයේදී. ඒ පුවත යළිත් මතක් කරනවානම්, ඔබ හමුවීමට ගෙන එනවා හැට හැවිරිදි කාන්තාවක්. ඇයට ඇවිද යන්නට බැහැ. ඇයට මුලින්ම තිබිල තියෙන්නේ කොන්දේ අමාරුවක්. ඊට පස්සෙ ඒවා ඇඟේ පාද දක්වා පැතිරෙනවා. ක්‍රමයෙන් ඇයට බැරිවෙනවා පාද බිම තබමින් ඇවිදින්නට...
වෛද්‍ය එම්. ඒ. මදනායක - ඔව්. ඇයව රැගෙන එන්නෙ මෙට්ටයක තබාගෙන. සතියක ප්රතිකාරවලින් පස්සේ ඇය කෙළින් සිටින තත්ත්වයට පත්කරන්නට අපට පුලුවන් වෙලා තිබෙනවා.
ප්රශ්නය - ඇයට ඇවිද්දන්නට බැරිව ගියේ කොහොමද?
වෛද්‍ය එම්. ඒ. මදනායක - ඇයගේ කොන්දේ ස්නායු තෙරපීමකට ලක්වෙලා තිබුණා. ස්නායු තෙරපීම පටන් ගත්ත මුල් අවස්ථාවේ ඇයගේ කොන්ද වේදනා දෙන්නට පටන් ගන්නවා. ඊළඟට තෙරපීම තව වැඩිවනවිට වේදනාව කකුල් දක්වා පැතිරෙනවා. මෙහෙම ගිහින් එක් අවස්ථාවක් එනවා මොළයෙන් දෙන සංඥ සුසුම්නාව දිගේ තවදුරටත් පහළට ගමන් නොකරන. එතැනදී තමයි ඇයට ඇවිදීමට බැරි වන්නේ.
ප්රශ්නය - ඔබ ඇයව සුව කරන්නේ කොහොමද?
වෛද්‍ය එම්. ඒ. මදනායක - තනිකරම තෙල් සහ කසාය මගින්. ඒ එක්කම සම්බාහනය මගින්. මා ඔබට ගිය වතාවෙත් කිව්වා ශාක සාර ඖෂධ සීමිත ප්‍රමාණයක් යොදා සකස් කරගත් තෙල් වර්ග අප ළඟ තිබෙනවා කියලා. මේ තෙල් ගාලා කොඳු ඇට පෙළ අතින් සම්භාහනය කරන කොට ඇට අතර තෙරපුම අඩුවෙලා සුසුම්නාව ලිහිල් වෙන්නට පටන් ගන්නවා. මේ ලිහිල් වීම තුළ මොළයෙන් නිකුත් කරන සංඥ නැවත වතාවක් සුසුම්නාව දිගේ ශරීරයේ පහළට ගමන් කරන්නට පටන් ගන්නවා.
ප්රශ්නය - කසාය මගින් කරන්නේ මොනවාද?
වෛද්‍ය එම්. ඒ. මදනායක - ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිකර රුධිරයේ විෂ ගතියක් එහෙම තිබේනම් ඒ තත්ත්වය නැති කිරීම තමයි කසායවල අරමුණ. කසාය කියන්නේ ආමාශය තුළට යන දෙයක්. එතැනින් ජීර්ණ ක්‍රියාවලියට ලක්වුණාට පස්සේ කසායවල ඖෂධීය සාරය කෙළින්ම උරාගන්නේ රුධිරයටයි. ඊට පස්සේ රුධිර සංසරණ ක්‍රියාවලිය හරහා ඒ සාරය මුළු ඇඟ පුරාම යනවා. රෝගියාගේ කායික වර්ධනය ඇතිකරනවා.
ප්රශ්නය - සුසුම්නාව තෙරපීමට හේතු මොනවාද?
වෛද්‍ය එම්. ඒ. මදනායක - සුසුම්නාව තෙරපෙන හේතු කිහිපයක් තිබෙනවා. පළමුවැනිව එය කොඳු ඇට පුරුක් නිසා සිදුවෙනවා. දෙවනුව රුධිරය නිසා මේ තෙරපුම ඇතිවෙනවා. තෙවනුව කොඳු ඇට පෙළ මත හෝ එය ආශ්‍රිතව හටගන්නා තුවාලයකින් නිකුත්වන සැරව නිසා මෙය පීඩනයට පත්වෙනවා. ඊළඟට පිළිකාවක් හෝ අර්බුදයක් හටගැනීම නිසා මෙය පීඩාවට පත්වනවා. එහෙමත් නැත්නම් කොඳු ඇට පුරුක් දෙකක් එකිනෙක ගැටීමට පටන්ගැනීමෙන් ඒ දෙක අතර පරතරය අඩුවී ඒ මැදින් යන සුසුම්නාව ඇතිලීමෙන් තෙරපීම සිදුවනවා.
ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවාද?
වෛද්‍ය එම්. ඒ. මදනායක - කොන්ද වේදනාදීම, අසාමාන්‍ය හිරියක් කොන්ද දිගේ ඉහළට හෝ පහළට පැතිර යාම, මාංශ පේෂීන් දුර්වල වීම, මුත්‍රා බොක්කේ සහ අන්ත්‍ර ක්‍රියාකාරීත්වය අඩුවීම, තමයි මෙහි මූලික රෝග ලක්ෂණ. සාමාන්‍යයෙන් සුසුම්නාව පිහිටා තිබෙන්නේ කොඳු ඇට පෙළ මැදින් එම ඇට පුරුක්වල ආරක්ෂාව මතයි. සමහර විට මේ තෙරපීම නිසා විනාඩි කිහිපයක් පමණක් පවතින රෝග ලක්ෂණ ඇතිවෙනවා. තවත් විටෙක සති කිහිපයක් හෝ මාස කිහිපයක් පවතින රෝග ලක්ෂණ ඇතිවනවා. මේ කොයික ආවත් භයානකයි. අවසානයේදී රෝගියා අකර්මන්‍ය වීම තමයි සිදුවන්නේ.
ප්රශ්නය - අපි හිතමු රුධිර තෙරුපුමක් නිසා කොඳු ඇට පෙළ තෙරපී සුසුම්නාව පීඩනයට පත්වෙලා එහි ප්‍රතිඵලයක් වශයෙන් ශරීරය අකර්මන්‍ය වුණා කියලා. ඒ වගේ වෙලාවක ඔබ ප්‍රතිකාර කරන්නේ කොහොමද?
වෛද්‍ය එම්. ඒ. මදනායක - මම මේ තෙරපුම නැති කරන්න ප්‍රධාන ක්‍රමවේදය හැටියට යොදා ගන්නේ කොඳු ඇට පෙළ මත තෙල් යොදා සම්භාහනය කිරීමයි. මෙහෙම සම්භාහනය කරගෙන යනවිට අර ඖෂධීය තෙල් කොඳු ඇට පෙළට කාන්දු වෙන්නට පටන් ගන්නවා. ඊළඟට කොඳුඇට එකිනෙක ගැටෙනවානම් කිසියම් ප්‍රමාණයකට ඒවා ඈත් කරගන්නට අපට පුලුවන්. එහෙම ඇත් වුණාම සුසුම්නාවේ පීඩනය නැතිවෙලා යනවා. එවිට මොළයේ තිබෙන මධ්‍ය ස්නායු පද්ධතියෙන් නිකුත් කරන සංඥ සුසුම්නාව දිගේ ශරීරය පුරා ගමන් කර අවයව ක්‍රියාත්මක වීම යථාතත්ත්වයට පත්වෙනවා.
නොමිලේ විස්තර සඳහා 0412251321/ 0710827836
සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ link