කොන්ද කෙලින්නම් වැඩත් කෙලින්

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
කොන්ද කෙලින්නම් වැඩත් කෙලින්

පහසු ලෙස ඉඳගැනීම මගින් ආතතිය අඩු කර ගත හැකි බව නවතම අධ්‍යනයකින් පෙන්වා දී තිබේ. මනස ව්‍යාකූලවූ අවස්ථාවලදි සංසුන්ව සිටීමට හොඳම ක්‍රමය නම් තමන් ඉඳගෙන සිටින ආකාරය වෙනස් කිරීම බව පර්යේෂකයන්ගේ අදහසයි.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ දී මෙම පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ මිනිසුන් බාහු කෙලින් තබා ගෙන කෙලින් ඉඳගෙන සිටින විට කුදුගසාගෙන සිටනවාට වඩා භාවාත්මක හැඟීම් ඉස්මතුවන බවයි.
ඉරියව්වක පිහිටා සිටින විට විවිධ මාංශපේශින්හි ස්වරෑපය හෝර්මෝන සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපෑම මීට හේතුවි ඇත.
වඩා නිවැරදි ඉරියව්වක පිහිටා සිටිම මගින් ආත්ම සංයමය, වඩා හොඳ මනොභාවයත් සහ සිතේ ඇතිවන බිය අඩුවන බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
එවැනි නිවැරදි ඉරියව්වක සිටීමේ දි වඩාත් ධනාත්මක වචන භාවිතයට පෙළඹෙන බවත් තමන්ගේ පලපුරුදු දේ ගැන විස්තර කිරීමේ දී නිශ්ඵල වචන ප්‍රකාශ කිරීම ඉතාමත් අඩුවෙන් සිදුකරන බවත් සොයාගෙන ඇත. මෙම අධ්‍යනය නවසීලන්තයේ ඔක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.
 

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    පහසුවෙන් වාඩි වෙන්නවත් දැන් වෙලාවක් නෑ බන්.. කක්ක දාන්නවත් වාඩි වෙන්න වෙලාවක් නෑ. වාඩි වෙන්නත් කලින්ම කක්ක දාල දුවනවා..