කොම්පියුටරේ

supzter

Member
Nov 20, 2010
1,136
481
0
එදා අප්පච්චි - ගෙදර ගෙන ආපු
එහා ගෙයි මාමා - අටවලා දීපු
එදා සිට අයියාගේ කාමරේ වෙසෙන
කොම්පියුටරේ

කාඩ්බෝඩ් සුවඳ මැද - පෙට්ටියෙන් ගත්ත
පාඩම් වැඩ වලට අත දෙනවයි කිව්ව
මහා පරිමාණ - වැඩ වුනත් ඇහැකි
කොම්පියුටරේ

වර්ඩ් වලින් යමක් - ටයිප් කර ගන්න
විකිපීඩියා ගිහින් ඉගෙන ගෙන එන්න
අය්යගෙන් අවසරය ඉල්ල ගෙන පාවිච්චි කරන
කොම්පියුටරේ

පැය ගනන් අය්ය - නොදුන්නම අවසර
අම්මාට කිව්වම -දාහක් බැණුම් අහගෙන
"ඕක කොළයක අතින් ලියපන්" - කීවාම කරබාගෙන
අත අරින කොම්පියුටරේ

අපොස සා පෙළ සමත් වූවට
තෑග්ගක් ගෙන දෙන්න ඇසු කල
"අප්පච්චි මට ඕනෙ" කියලා ගෙන්න ගත්තු
කොම්පියුටරේ

පැය ගණන් අය්ය
දොර ජනෙල් වහගෙන
හොරෙන් හොරෙන් මොනවද බලන
කොම්පියුටරේ

වෙලාවකට හය්යෙන් හිනා වෙනව ඇහෙන
අය්ය අක්කලත් එක්ක කතා කරන
ඉඟි බිඟි පාන
කොම්පියුටරේ

ෆේස්බුක් ගිය කලට
"කොල්ලො එක්ක කතා මොටද?"
දාහක් බැණුම් මට අස්සෝපු
කොම්පියුටරේ

උගත් නෝනෙක් වෙලා
අය්යගෙ ආඩම්බර නොබලා
මගේ සල්ලිම් දීල ගත යුතු
කොම්පියුටරේ
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපෙ ගෙදරත් ඕකමයි වෙන්නෙ නංගී, හැබැයි අයියා මම :P
    කොම්පූටරේ නං මරු ආ
    11.gif
    ...

    රෙප් ස්ප්‍රෙඩ් සිද්දිය :sorry:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    පැය ගණන් අය්ය
    දොර ජනෙල් වහගෙන
    හොරෙන් හොරෙන් මොනවද බලන
    කොම්පියුටරේ
    :shocked::P:P
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    අත්දැකීමෙන් කියන දෙයක් වගේ :S

    වාසනාවකට නෑ. මම ගෙදර එකම දරුවා නිසා මට කියල ඔක්කොම තියෙනවා. ඒත් මගේ යාළුවන්ට නම් ගොඩක් ප්‍රශ්ණ ඕක හින්ද.

    මගේ යාළුවෙක් ඉන්නවා, හරිම අහිංසකයි. අය්යා නම් නරක කෙනෙක්, ඒත් ගෙදර උදවිය හැම දේම දෙන්නෙ අය්යට.:(:(:(:(:(
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    attachment.php



    හිතවත් සහෝදරයා,

    මේ ආදි කාලෙ නෙමෙයි. ගැහැණුන්ටත් තමන්ගෙ හැකියාවන් ඉස්මතු කරගන්න, වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් යුගයක් මේක. මම කියන්නෙ නැහැ ඔයාට ගෑණුන්ට යටත් වෙලා ඉන්න ඕනෙ කියල.

    මම කියන්නෙ, ගැහැණු ළමයිටත්, පිරිමි ළමයිටත් එක වගේ අයිතියක් තියෙනවා ඉගෙන ගන්න. රස්සාවක් කරන්න. අපේ හැකියාවන් වලින් අපි වැඩක් ගන්නවානම් ඒකෙන් හොඳක් වෙන්නෙ අපේ රටට. හැදියාව ගෑනුන්ටත් පිරිමින්ටත් පොදු දෙයක්.ගෑණු සිල් ගත්ත වගේ ඉඳිද්දි පිරිමි වනචාරියො වගේ ඉන්න ඕනෙ නෑ නෙ.

    ඔයා වගේ සාම්ප්‍රදායිකව හිතන අය ගොඩක් ඉන්නවා. ඒත්, ඔයගොල්ලො වගේ අය ඔය වහගෙන් ඉන්න ඇස් ඇරිය දවසක අපේ රට දියුණු වේවි, හිතනවටත් වැඩිය. අපිත් ආසයි රටට හොඳක් කරන්න. ඒකට අපිටත් ඉඩ දෙන්න.

    :yes::yes::yes::yes::yes:
     

    Attachments

    • fedf.jpg
      fedf.jpg
      43.5 KB · Views: 68

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අයියලට එෆ්බී ගිහින් නංගිලට කතා කරන්න හොදයි.
    ඒත් නංගිල එෆ්බී යනවට අයියල කැමති නෑ :baffled:
    මටත් ඕක නිතරම හිතෙනව
    වෙලාවට අපි අයියල උනෙ :P:P
    ලස්සනයි නංගි කවිය :D;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැය ගණන් අය්ය
    දොර ජනෙල් වහගෙන
    හොරෙන් හොරෙන් මොනවද බලන
    කොම්පියුටරේ

    ha ha ha :lol: elakiri

    (bump) ;)

     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    වාසනාවකට නෑ. මම ගෙදර එකම දරුවා නිසා මට කියල ඔක්කොම තියෙනවා. ඒත් මගේ යාළුවන්ට නම් ගොඩක් ප්‍රශ්ණ ඕක හින්ද.

    මගේ යාළුවෙක් ඉන්නවා, හරිම අහිංසකයි. අය්යා නම් නරක කෙනෙක්, ඒත් ගෙදර උදවිය හැම දේම දෙන්නෙ අය්යට.:(:(:(:(:(

    :(ඒක වැරදි වැඩක් :(:(