කතාවක් දාන්න හිතුනා කාලෙකින් මුකුත් දැම්මෙත් නැති හින්දා
මේකයි සීන් එක
කලින් අහල තියෙනවත් ඇති...

ඔන්න ගෙදරක නිවාඩු දවසෙ නෝනත් පොලේ ගිහිං හින්දා මහත්තයටත් පට්ට කම්මැලී ලු
කරන්න වැඩකුත් නැති හින්දා පරණ කබඩ් එකක් පේන්ට් කරන්න ගත්තලු ඉතුරු වෙලා තිබ්බ පේන්ට් වගේකින්.
පේන්ට් කරලා ඉවර වෙද්දි ටින් එකේ තව පේන්ට් ටිකක් ඉතුරුයිලු. පොර ඉතිං ඕක වීසි කොරන්න අපරාදේ හින්දා අහුවෙන අහුවෙන තැන්වල ඉතුරු ටික උල උල යද්දි තවත් ගාන්නම තැනක් නැතුව බැලුවලු. එතකොට අහම්බෙන් වගේ දැක්කලු ගෙදර කොමොඩ් එකේ උඩ පුක තියන ප්ලාස්ටික් පියන කිලිටි වෙලා පාට පිච්චිලා. පොර ඉතිං අන්තිම ටික ඕකෙ හොඳට ගෑවලු.
ඉන්පස්සේ ඉතිං හෙමින්සැරේ වොෂ් එකක් හෙම දාලා ඇලට් එකක් දාලා ඉන්න වෙලාවේ පොලේ ගියපු නෝනා මොකද්ද ජරාවක් මගදී කාලා ඒක හිතුවට කලින් යන්න කලබල කරන්න පටන් අරං දඩබඩ ගාලා ගෙදර ආවලු. ආපු ගමන් ගෑණි ටොයිලට් එකට ගිහිං වැඩේ කරලා නැගිටින්න බලද්දි මෙන්න බොලේ නැගිටින්න බෑලු. පේන්ට් ටික ම්ල්ටිබොන්ඩ් වගේ නියම ගානට වේලීගෙන එනගමන් තිබිලා තියෙන්නේ. දැන් මේ මනුස්සයාගේ පුක ඇලිලා හොඳ ගානට.
නැගිටින්න හදලා හදලා බැරිම තැන ගෑණි කෑගහන්න ගත්තලු. නිදාගෙන හිටපු මිනිහත් ඒ සද්දෙට කලබල වෙලා දුවගෙන ඇවිත් බැලින්නං ටොයිලට් එකේ දොරත් වහලා. "මේ මගුලේ මගේ පස්ස පැත්ත ඇලිලා. තමුසෙ මේකෙ මොනවද උළල තියෙන්නේ" "අයියෝ ඔහේ ඕකෙ වාඩි උනාද ? අපරාදේ මම පේන්ට් ගාලා තිබ්බෙ" "මම කොහොමද ගොන් වාහේ තමුසෙ මේකෙ පේන්ට් ගාල කියල දන්නෙ? ඇවිල්ලා මාව ගලවගන්නවා"
වැඩේ ඩේන්ජර්ස් වේගෙන එන බව දැනුන හින්දා පොර කොහොමහරි දොරටත් පයින් කෙලලා ඇතුලට ඇවිත් බැලුවලු මේ ගෑනිව නැගිට්ටවන්න. මොන! අලිච්ච ඇලිල්ලට එන්නෙම නෑලු.
පස්සේ බැරිම තැන පොර ගෑනිගේ ඉස්සරහින් හිටගෙන, කකුල් දෙක කොමොඩ් එකේ දෙපැත්තට තියලා, ගෑනිගේ අත් දෙකෙන් ෆුල් ඩම් එක දාලා ඇද්දලු. ඇද්ද ඇදිල්ලට ගෑණි නැගිට්ටවෙලා මිනිහත් එක්කම විසික් වෙලා ආවලු.
"යාන්තං හරි වගේ නෙ?" "කොහෙද ඕයි හරි? මේ හත්ඉලව්ව තාම මගෙ පුකේ"!!!
මලා. බැලින්නං කොමොඩ් එකේ රවුම ගෑනිගේ පුකේලු. තවත් ඕක අදින්න ගියොත් හමත් එක්ක ගැලවිලා එනවා. ඒකනිසා ඉක්මනට දොස්තර කෙනෙක් ළඟට යන්න හිතාගෙන දෙන්න ගියාලු.
ගෑනිත් ඉතිං ගෙදර තිබ්බ තඩිම සායත් ඇඳන් දොස්තර ගාවට ගිහිං, ඔන්න ඉතිං රූම් එක ඇතුලට ගියාලු. දොස්තරට වැඩේ කිව්වම, අමුතු සීන් එකක් හින්දා පොර කිව්වලු මුනින් අතට ගෑණිට ඇඳේ හාන්සි වෙන්න කියල. ඊටපස්සේ ශේප් එකේ සාය ඉස්සුවලු.
දැන් ඉතිං දොස්තරය කට කොනකින් කින්ඩි හිනාවකුත් දාගෙන ගෑනිගේ පුක දිහා අර පැත්තෙන් බලනවලු, මේ පැත්තෙන් බලනවලු. උඩින් බලනවලු. යටින් බලනවලු.
ගෑනිටත් බලං ඉන්න බැරිම තැන මලම පැනල අහනවලු "මොනවද ඔහේ ඔච්චර ඕකෙ බලන්නේ ඈ? ඇයි ඔහේ මීට කලින් ඕවා දැකල නැද්ද? ගෑණියෙක්ගේ පුකක් මීට කලින් දැකල නැද්ද?!
දොස්තරත් කින්ඩි හිනාව දාගෙනම කියනවලු, "අපෝ නෑ පුකවල් මීට කලින් දැකල තියෙනව ඕන තරං....හැබැයි අද තමයි මුලින්ම ෆ්රේම් කරපු එකක් දැක්කේ" ....!!!