කොර්රෙජෝ වේ සබන් සදන්නිය

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කොර්රෙජෝ වේ සබන් සදන්නිය

    [FONT=&quot]කොර්රෙජෝ වේ සබන් සදන්නිය[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    leonarda-cianciulli-11.jpg
    [/FONT]​
    [FONT=&quot]
    කවදාවත් අහලා තියෙනවද කෙනෙක්ව මරල ඒ මළ සිරුරු වලින් සබනුයි කෑමයි හදපු කෙනෙක් ගැන.

    [/FONT]

    [FONT=&quot]ලියොනාර්ඩා චන්චුල්ලි එහෙමත් නැත්තම් කොර්රෙජෝ වේ සබන් සදන්නිය ඉපදිලා තියෙන්නේ [/FONT][FONT=&quot]1893 [/FONT][FONT=&quot]නොවැම්බර් 14 දින ඉතාලියේ මොන්ටෙල්ලා නගරයේදීයි. ඇය ඉපදිලා තියෙන්නේ කාන්තා දුෂණයක ප්‍රතිපලයක් විදිහටයි. ඇගේ මවට දුෂණය වීමෙන් පසු දුෂකයාව කසාද බඳින්න සිද්ද වෙලා තියෙනවා. පසුව ඔහු මිය ගොස් වෙන කෙනෙකු හා විවාහ වූවත් ඇයගේ මව ඇයට වෛර කිරීම නිසා ලියොනාර්ඩා චන්චුල්ලි ට ගත කරන්න වුනේ බොහොම දුක්ඛිත ළමා කාලයක් බවයි වාර්තා වෙන්නෙ. සඳහන් වෙන විදිහට ඇය කුඩා කලදීම දෙවරක් සිය දිවි නසා ගන්න උත්සහ කරලා තියෙනවලු. [/FONT][FONT=&quot]1914 දි ඇය රෙජිස්ටාර් කාර්යාල ලේකම් වරයෙකු සමඟ විවාහ වෙලා තියෙනවා. නමුත් ඇයගේ දෙමව්පියන් විසින් ඊට වඩා හොඳ කෙනෙකුට ඇයව විවාහ කර යැවීමට අවශ්‍ය වූ නිසා ඔවුන් එයට එකඟ වෙලා නෑ. එම විවාහය නිසා මව ඇයට සාප කල බව සඳහන් වෙනවා.[/FONT][FONT=&quot]විවාහයෙන් පසු ලරියානෝ ප්‍රදේශයට පදිංචියට ගියත් 1930 දී ඇති වූ භුමි කම්පාවක් හේතුවෙන් නිවස විනාශ වීම නිසා ඔවුන්ට කොර්රෙජෝ වල පදිංචියට යන්න සිදු වෙලා තියෙනවා. ඇය එහිදී කුඩා වෙළඳ සලක් අරඹා ඇති අතර කරුණාවන්ත කාන්තාවක් විදිහටත් සෙනෙහෙවන්ත මවක් විදිහටත් ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා.

    [/FONT]
    [FONT=&quot]චන්චුල්ලිට පිළිසිඳ ගැනීම් 17 වුනත් ඉන් 3 ක් ගබ්සා වී ඇති බවයි සඳහන් වෙන්නෙ. තව 10 දෙනෙකු ළමා කාලයේදීම මිය ගොස් තියෙනවා. තව ඇයට කලින් අනාගතය කියන්නෙකුගෙන් ඇය කසාඳ බැන්දත් ළමුන් සේරම මිය යන බවට ලැබුණු අනතුරු ඇඟවීමක් නිසා ඉතුරු ළමයින් හතර දෙනා ඉතාමත් ප්‍රවේශමෙන් රැක බලා ගත්තලු. තව ඇයගේ අත්ල කියවූ සාස්තරකාරියක් පවසා ඇත්තේ ඇය චන්චුල්ලිගෙ දකුණු අතේ සිර ගෙයත් වම අතේ අපරාධ උන්මත්තකාගාරයත් දුටු බවයි.

    [/FONT]
    [FONT=&quot]1939 [/FONT][FONT=&quot]දි ඇයට දැන ගන්න වෙනවා අයගේ කැමතිම දරුවා වුනු ජුසෙප්පෙ ට දෙවැනි ලෝක යුද්ධය නිසා ඉතාලි හමුදාවට බැඳෙන්න වෙනවා කියලා. ඇයට ඕනේ වෙලා තියෙනවා ඔහුව මොන දෙයක් කරලා හරි ආරක්ෂා කර ගන්න. එහෙම කරන්නනම් නිගමනය වුනේ මනුෂ ජිවිත කැප කරන්න ඕනේ කියල අය නිගමනය කළා. ඇයගේ ගොදුරු වුනේ අසල්වැසි මැදි වයසේ කාන්තාවන් තුන් දෙනෙක්. සමහර වාර්තා වල සඳහන් වෙනවලු ඇය අනාගතය පවසන්නියක් විදිහටත් කටයුතු කළා කියලත් මෙම කාන්තාවන් ඇයගෙන් උදව් ඉල්ලා පැමිණි අය බවත්. නමුත් අනෙක් අය පවසන්නේ මේ ඇයගෙන් උපදෙස් පැතු අසල්වැසි මිතුරියන් බවයි.


    [/FONT]
    [FONT=&quot]ෆවුස්ටිනා සෙට්ටි[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]චන්චුල්ලි ගෙ පලවෙනි ගොදුර වුනේ ෆවුස්ටිනා සෙට්ටි කියන අවිවාහක කාන්තාවක්. ඇය චන්චුල්ලි ගාවට ඇවිත් තියෙන්නේ ඇයට සහකාරයෙක් සොයා ගන්න උපදෙස් පතාගෙන. ඉතින් චන්චුල්ලි කියනවා ඇයට පොලා නගරයේ සුදුසු සහකාරයෙක් ඉන්නවා.. නමුත් මේ පුවත තාම කාටවත් කියන්න එපා කියලා. ඒ වගේම ඇයට කියනවා ඇය පොලා වලට ගිහයම නෑ හිත මිතුරන්ට ඇය හොඳින් කියලා දන්වන්න දැන්මම තැපැල් පත් ලියලා තියන්න කියලා.

    [/FONT]​
    [FONT=&quot]ඉතින් මේ ෆවුස්ටිනා පොලා වලට යන්න කලින් අන්තිම වතාවට චන්චුල්ලිව හම්බ වෙන්න ආවලු. ඇයට මත් පෙති ඇතුලත් වයින් පිරිනැමූ චන්චුල්ලි පොරොවකින් පහර දී ඇයව මරා දානවා. ඊට පස්සේ ෆවුස්ටිනා ගෙ සිරුර කොටස් නවයකට කපා දාලා රුධිරය බේසමකට එකතු කරගෙන තියෙනවා. ඊළඟට මොකද වුනේ කියල ඇගේ නිල කටඋත්තරයේ මෙහෙම සඳහන් වෙලා තියෙනවා.

    [/FONT]
    [FONT=&quot]“මම ඇයගේ කොටස් හැලියට දමලා[/FONT][FONT=&quot] සබන් හදන්න ගෙනාපු කිලෝ හතක කොස්ටික් සෝඩා ([/FONT][FONT=&quot]sodium hydroxide) [/FONT][FONT=&quot]ඒකට දැම්මා. ඊට පස්සේ ශරීර කොටස් ඝනකම අඳුරු තලපයක් වෙනකම් හොඳින් කලවම් කරා.[/FONT][FONT=&quot]ඊට පස්සේ බාල්දි කිහිපයකට දාලා අසල පූතික ටැංකියකට [/FONT][FONT=&quot](septic tank)[/FONT][FONT=&quot] බැහැර කළා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එකතු කර ගත්ත ලේ කැටි ගැහෙනකම් ඉඳලා ඒක අවන් එකේ දාලා වේල ගත්තා. ඊට පස්සේ ලේ කැටිය කුඩු කරලා පිටි, සීනි, චොකලට්, කිරි, බිත්තර, මාජරින් දාලා හොඳින් කලවම් කරලා ටී කේක් ( අපේ කඩවල් වල තියෙන මුද්දරන් පාලම් හේම දාපු ලොකුම ලොකු බනිස් වගේ ) හැදුවා. ඒවා මමයි ජුසෙප්පේ යි කැවා වගේම ගෙදරට ආපු අනිත් කාන්තාවන්ටත් කන්න දුන්නා. ”[/FONT]


    leonarda-cianciulli-pot-2.jpg


    leonarda-cianciulli-museum.jpg

    [FONT=&quot]

    සමහර තැන් වල සඳහන් වෙනවලු චන්චුල්ලි ට ෆවුස්ටිනා ගෙන් ඉතාලි ලීරා[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]ඉතාලියේ 1999 ජනවාරි 1 වන තෙක් භාවිත කල මුදල් වර්ගය) 30000ක් ඇය කල සේවයට ගෙවීම් වශයෙන් ලැබුනා කියලත්.


    [/FONT]
    [FONT=&quot]ෆ්රැන්සිස්කා සොආවී
    [/FONT]


    [FONT=&quot]ෆ්රැන්සිස්කා සොආවී තමයි චන්චුල්ලිගේ දෙවැනි ගොදුර වුනේ. චන්චුල්ලි ඇයව රවට්ටන්නේ චන්චුල්ලි විසින් පියාසෙන්සා වල කාන්තා පාසලක රැකියාවක් ෆ්රැන්සිස්කා ට හොයා ගත්තා කියලා. ඉතින් ෆවුස්ටිනා ට වගේම ෆ්‍රැන්සිස්කා ටත් තමන්ගේ හිත මිතුරු අයට පොස්ට් කාර්ඩ් ලියල යන්න කියල ඇය කියනවා. ඉතින් ෆ්‍රැන්සිස්කා තමන්ගේ අලුත් රැකියාවට යන්න කලින් අන්තිම වතාවට චන්චුල්ලි ව මුණ ගැහෙන්න ආවහම ෆවුස්ටිනාට වගේම ඇයටත් සිදු වන්නේ මත් බෙහෙත් අඩංගු වයින් පානය කර පොරෝ පහරකට ගොදුරු වෙන්නයි. ඇගේ සිරුරටත් ෆවුස්ටිනා ගෙ සිරුරට කරපු දේවල් ටිකම වෙලා තියෙනවා. චන්චුල්ලි විසින් ෆ්‍රැන්සිස්කාගෙන් ඉතාලි ලීරා 3000ක් ලබාගෙන තියෙනවලු.


    [/FONT]
    [FONT=&quot]වර්ජීනියා කැචොප්පො


    leonarda-cianciulli-victims.jpg



    [/FONT]​
    [FONT=&quot]චන්චුල්ලිගේ අන්තිම ගොදුර වුනේ වර්ජීනියා කැචොප්පො හිටපු ගායිකාවක්.[/FONT][FONT=&quot]චන්චුල්ලි ඇයව රවට්ටන්නේ ෆ්ලොරන්ස් වල නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ට ලේඛම් ලෙස කටයුතු කිරීමට රැකියාවක් ඇති බව පවසමින්. කලින් දෙන්නට වගේම මේ ගැන කාටවත් කියන්න එපා කියලා යන්න කලින් චන්චුල්ලිව හමු වෙන්න ආපු අවස්ථාවේ කලින් දෙන්න විදිහටම මරණයට පත් වෙන්න වර්ජිනියාටත් සිද්ද වෙනවා. පහලින් තියෙන්නේ චන්චුල්ලි වර්ජීනියාගෙ ඝාතනය ගැන දුන්න කට උත්තරය.

    [/FONT]

    [FONT=&quot]“කලින් දෙන්න වගේම ඇයවත් මම හැලියකට දැම්මා. ඇයගේ මස සුදු මහත එකක්. ඉතින් මම මස් දිය වුනාට පස්සේ එයට කොලොන් බෝතලයක් එකතු කළා. ගොඩක් වෙලා රත් කලාට පස්සේ ඇයගෙන් මට හොඳ උකු සබන් හදා ගන්න පුළුවන් වුනා.[/FONT][FONT=&quot]මම ඒ සබන් අසල වැසියන් අතරේ බෙදල දුන්නා. ඇයගෙන් හදපු කේකුත් හොඳයි. හරිම රසවත් කාන්තාවක්. ”


    [/FONT]
    [FONT=&quot]චන්චුල්ලි විසින් වර්ජීනියාගෙන් ඉතාලි ලීරා 50000 ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නෙ.

    leonarda-cianciulli-trial-9.jpg



    [/FONT]
    [FONT=&quot]ඉතින් වර්ජිනියාගේ ක්ෂණික අතුරුදහන් වීමත් සමඟ ඒ ගැන සැක හිතුනු වර්ජිනියාගේ සහෝදරිය ඒ ගැන පොලිසියට පැමිණිලි කරනවා වගේම තමා විසින් අවසන් වරට වර්ජීනියා චන්චුල්ලිගේ නිවසට ඇතුළු වනු දුටු බව පවසනවා. එයින් ඇරඹු පරීක්ෂණ මත චන්චුල්ලි අත්අඩංගුවට පත් වන අතර ඇය විසින් කෙලින්ම තමන්ගේ මිනීමැරුම් පාපොච්චාරණය කරලා තියෙනවලු. ඉතින් මේ වැරදි වලට ඇයට අවුරුදු 30 ක සිර දඬුවමුත් අවුරුදු 3ක් අපරාධ උන්මත්තකාගාරයේ ගත කරන්නත් නියම වෙනවා.[/FONT][FONT=&quot]1970 ඔක්තෝම්බර් 15 වෙනිදා අපරාධ උන්මත්තකාගාරයේදි මී මැස්මෝරය සෑදීම නිසා චන්චුල්ලි මරණයට පත් වූ බවයි සඳහන් වෙන්නේ.[/FONT]

    බම්ප් එකක් හේම දාලා යන්න ;)

     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    +REP Added! ;)
    මම අහල තියෙන විදියට හිට්ලර්ගෙ පාලනකාලෙත් යුදෙව්වන්ගෙන සබන් හදල තියෙනවලු.
    අර ගෑස් කාමර වල දාල මරපු අයව එහෙම යොදාගෙන, ඒ වගේම ඉතුරුවෙන ඇටකටු වලින් බොත්තම් හැදුවලු.:baffled:
     
    • Like
    Reactions: Garrus