ඔව් බං කතාවෙ ඇත්තක් තියනවා. හැබැයි දුක හිතෙන සීන් එක තමා හොදට ඉගෙනගන්න පුලුවන් ඩොක්කු ඉන්ජො වෙන්න පුලුවන් කොල්ලො පවා දැන් ඉක්මනට සල්ලි හොයන්න කොරියන් කම්කරු ජොබ් කරන්න යන්න හදන එක. ඌ අවුරුදු 28 විතර වෙනකන් සල්ලි හොයලා සෙට්ල් වෙලා ඇවිල්ලා ආය ඉගෙනගන්න යන්නෑනෙ මොනවත්. දඩ කබේ වගේ චේන් එක දාගෙන KDH එකෙන් ඇඩ් දදා ඉදී ටිපිකල් කොරියන් හරකෙක් වගේ ඊටපස්සෙ ඌත්. හැදෙන්න තිබ්බ quality මිනිහෙක් නැති වෙනවා
උගේ වරද නෙවෙයි රටේ වරද.
ඌ හිතන විදියෙ වරදක් නෑ මට නං. හොඳටම ඉගෙන ගන්නව කියන්නෙ ලංකාව වගේ රටවල් වල වැඩක් නැති දෙයක් වෙලා. වැඩිය ඕන නෑ ලංකාවෙ ඉහළටම ඉගෙනගත්ත ඩොකාලා, ඉන්ජොන්ට ගෙවන පඩි බලපන්. Working conditions බලපන්. එතකොට තේරෙනවා උන් හිතන විදිය හරි අපියි වැරදි කියලා.
රට ගියත් වැඩක් නෑනෙ ලංකාව වගේ රටකින් එනකොට ඒ රටවල් වල සෙට්ල් වෙන්නත් කාලෙ යනවා. ලංකාවෙ ඉන්න හිතන් ඉගෙන ගත්ත අපි වගේ උන් අනාතයි. එහෙනං ඉගෙනගන්න ඕන අවුට් වෙච්ච ගමන් ආපහු ලංකාවට නොඑන්න රට යන්න තමයි මේ ඉගෙන ගන්නෙ කියලා. අපි එහෙම නෙවෙයිනෙ කරේ. ඒ ගැන මට අවුල් දැන්.
ලංකාවෙ ජනගහනයෙන් 0.01%ටත් අඩු පිරිසකට යන්න පුලුවන් ලංකාවෙ තියෙන හොඳම යුනි එකකට මෙරිට් එකකින් සිලෙක්ට් වෙලා ගිහින් ඩිග්රියක් කරපු එකෙක් විදියට මම ඒ පොඩි එකා හිතන විදියෙ කිසිම වරදක් දකින්නෙ නෑ. ඒ වගේම මේ මම දැන් ඉන්න රටේ/ ඒ වගේ රටක ඒ වගේ ඉගෙනගන්න කෙනෙක් ගැන එහෙම අවුලක් දකින්නෙත් නෑ.