කොරියාවට ගිහින් ජිවීතේ ගොඩ දාගන්නේ මෙහෙම

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කොරියාවට ගිහින් ජිවීතේ ගොඩ දාගන්නේ මෙහෙම

    කොරියාවට ගිහින් මාරියාවට අහු නොවී
    ජිවීතේ ගොඩ දාගන්නේ මෙහෙමයි...

    සමහර කොල්ලො රෑට පටන් ගන්න පාටිය
    ඉවර කරන්නේ ඊළඟ දවසේ දවල්ට...

    අන්තිමට ලංකාවට එන්න විතරයි
    සල්ලි ඉතුරු වෙන්නේ...

    මට කියන්න තියෙන්නේ කොරියාව දැන ගියොත් ගොඩ,
    නොදන ගියොත් අනාථයි...

    මිනිසුන්ට සිහින තිබේ. ඒ බොහෝ සිහිනවල සැබෑ යථාර්ථය නිදහසේ සතුටින් ජීවත්වීමය. මෑත කාලයේ තරුණ පිරිස්‌ තම සිහින සැබෑ කරගැනීමට මාර්ගය බවට පත් කරගෙන ඇත්තේ විදෙස්‌ රටකට ගොස්‌ රැකියාවක නියුතු වෙමින් යහමින් මුදල් හරි හබ්බ කිරීමය. එහෙත් යහමින් මුදල් සෙවීමට නම් යුරෝපීය රටකට යා යුතුය. සිතැඟි පරිදි සෑම දෙනාටම යුරෝපීය රටකට යැමට අසීරුය. ඒ සඳහා විශේෂ සුදුසුකම් සහ යහමින් වියදම් කිරීමට මුදල් තිබිය යුතුය. එහෙයින් සාමාන්‍ය කෙනෙකුට යුරෝපීය රටකට යැමත් සිහිනයකි. එසේ සිහින බොඳ කරගන්නා තරුණයන් අවසානයේ කොරියාවට යැමට උත්සාහ දරති. එසේ කොරියා සිහිනය සැබෑ කරගත් තරුණ, තරුණියන් මෙරට ගම්දනව්වල බොහෝය. එහෙත් ඒ සියලු දෙනා ජීවිතය ජයග්‍රහණය කර නැත. ඇතැම්හු කොරියාවට යැමට පෙර සිටියාටත් වඩා පහළට වැටී සිටිති. සුළුතරයක්‌ කොරියාවේ සිට මෙරට පැමිණ සුපිරි ජීවිත ගත කරති. දැන් අප ඉදිරියේ සිටින්නේ කොරියාවේ දුක්‌ මහන්සියෙන් රැකියා කර මෙරටදී ජීවිතය සතුටින් ගත කරන තරුණයෙකි. ඔහු පී. ජී. චමින්දය. මේ අපේ තරුණයන් කොරියාවේ ගත කරන ජීවිත ගැන මෙන්ම ඔහු ජීවිතය ජයගත් හැටි කියන කතාවය.

    මගේ ගම පොළොන්නරුවේ බැඳිවැව. තාත්තා වැඩ කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. මට සහෝදරයෝ දෙන්නයි, එක සහෝදරියක්‌ හිටියා. තාත්තට ලැබුණු පුංචි වැටුපෙන් පවුල නඩත්තු කරලා අපිටත් හොඳ අධ්‍යාපනයක්‌ ලබා දුන්නා. මම 1993 අවුරුද්දේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා විශිෂ්ට විදිහට සමත් වුණා. මම උසස්‌ පෙළ පන්තියේ ඉගෙනගන්න කාලේදී තමයි ලොකු මල්ලි වකුගඩු රෝගයට ගොදුරු වුණේ. මල්ලිට බෙහෙත් කරන්නයි අපිට ජීවත් වෙන්නයි තාත්තා ගන්න වැටුප මදි වුණා. පස්‌සෙ මම උසස්‌ පෙළ අතහැරලා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ වැඩට ගියා. අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කරගෙන ගියේ කොරියන් සමාගමක්‌. ඒ සමාගමේ කොරියන් ජාතිකයන් මම වැඩ කරනවා දැකලා සතුටු වුණා. මගේ වැඩ ගැන පැහැදුණා.

    මම උදේ පාන්දරින් වැඩට වාර්තා කරනවා. පවරන වැඩ කොටස හරියටම කරලා අමතර වැඩත් කරනවා. අනිත් අයත් එක්‌ක වල් පල් දොඩවන්න කාලය ගත්තේ නෑ. අවංකව මහන්සි වෙලා වැඩ කළා. කොරියන් ජාතිකයොත් එහෙමයි. ආපු වෙලාවේ ඉඳලා වැඩම තමයි. ඒ අයත් එක්‌ක වැඩ කරනකොට මට කොරියාවට යන්න ආසා හිතුණා. ඔය කාලේ වෙනකොට අපේ ශ්‍රමිකයන්ව කොරියාවට යවන්න ආණ්‌ඩුව පටන් ගෙන තිබුණා. කොරියාවේ රැකියාවකට යන්න මමත් ඉල්ලුම් කළා. වාසනාවකට විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් පවත්වන සම්මුඛ පරීක්‍ෂණයට මාව තෝරගෙන තිබුණා. සම්මුඛ පරීක්‍ෂණයෙනුත් මම පාස්‌ වුණා. ඊට පස්‌සේ වෛද්‍ය පරීක්‍ෂණය. ඒ වෙනකොට මට අවුරුදු 19 යි. අවුරුද්ද 1996. වෛද්‍ය පරීක්‍ෂණයෙන් සමත් වෙන්න නම් අවමය කිලෝ 55 ක්‌ බර තියෙන්න ඕනා. මගේ බර තිබුණේ පනහයි. පස්‌සේ මම ඩෙනිම් කලිසම් තුනක්‌ ඇඳලා, තැඹිලිගෙඩි පහක වතුර බීලා වෛද්‍ය පරීක්‍ෂණයට ඉදිරිපත් වෙලා කිලෝ 55 බර පෙන්නුවා.

    වෛද්‍ය පරීක්‍ෂණය කරලා ඉවර වෙලා එනකොට කෙනෙක්‌ මාව ලොකු මහත්තයෙක්‌ ළඟට එක්‌කගෙන ගියා. ඒ මහත්තයා මට කිව්වා රුපියල් ලක්‍ෂයක්‌ දුන්නොත් ඉක්‌මනින් කොරියාවට යවන්න පුළුවන් කියලා. ඒ වෙනකොට මම රුපියල් පන්දාහක සීට්‌ටුවක්‌ දාලා ලක්‍ෂයක්‌ විතර එකතු කරගෙන හිටියේ. ඊට පහුවදාම මම ඒ කියපු මහත්තයට රුපියල් ලක්‍ෂයක්‌ ගෙනිහින් දුන්නා. ඊට දවස්‌ දෙකකට පස්‌සේ ඒ මහත්තයාව අල්ලස්‌ එකට කොටු වුණා. මගේ රුපියල් ලක්‍ෂය නැතුව ගියා. ඒත් කොරියාවට යන උත්සාහය අතහැරියේ නෑ. ඊට පස්‌සෙ මම තනියෙන්ම කොරියාවට යන්න උත්සාහ කළා.

    ඒ සිද්ධිය වුණේ 1996 අවුරුද්දේ. එතකොටත් මම කටුනායක අධිවේගී මාර්ගයේ වැඩ කරගෙන යනවා. මගේ වැඩ ගැන පැහැදුණුq කොරියන් සමාගමේ නිලධාරීන් මාව කොරියාවට අරගෙන යන්න කැමැති වුණා. 2002 අවුරුද්දේ තමයි මට ඒ වාසනාව උදා වුණේ. ඒත් ඒ ගමනත් ලේසි වුණේ නෑ. සියලුම දේවල් ලකලෑස්‌ති කරගෙන කොරියාවට යන්න ගුවන් තොටුපළට ගියාට පස්‌සෙත් වීසා ඉවරයි කියලා යන්න දෙන්න බැහැ කිව්වා. ඒ වෙනකොට මම වීසා කතාන්දර දන්නේ නෑ. මට කෑගැස්‌සිලා ඇඬුණා. කරන්න කිසිම දෙයක්‌ ඉතිරි වෙලා තිබුණෙත් නෑ. මම අඬ, අඬා ගුවන්තොටුපළෙන් පිටත් වෙලා ආවා. කොළඹට එනකොට රෑ 12 යි.

    koria1.jpg


    පි.ජී.චමින්ද

    ඒ වේලාවේම මම කොරියාවට යන්න ටිකට්‌ එක හදලා දුන්න කොරියන් ජාතිකයාට කතා කරලා වෙච්ච දේ කිව්වා. ඒ මහත්තයා ඒ මොහොතේම පිටකොටුවට ඇවිත් මාව මුණගැහුණා. ඊට පහුවෙනිදාම ඒ මහත්තයා ටිකට්‌ එක ගත්තු ආයතනයට මාව එක්‌කගෙන ගිහිල්ලා හෙට රෑ 12 ට කලින් මේ ළමය සෝල්වලට බස්‌සන්න ඕනෑ කියලා ඒජන්සියේ නිලධාරීන්ට කිව්වා. ඊට පස්‌සේ ඒ නිලධාරීන් මැදිහත් වෙලා පාන්දර සිංගප්පූරු යන ප්ලයිට්‌ එකකින් මට යන්න අවස්‌ථාව හදලා දුන්නා. දෙයිහාමුදුරුවන්ගේ පිහිටෙන් මම සෝල්වලට ගියා. ඒ ගුවන් තොටුපලේදීත් මාව චෙක්‌ කරලා ලියකියවිලි බලලා සැකයි කියලා කාමරයකට දාලා මට ප්‍රශ්න පත්තරයක්‌ දුන්නා. ඒ වෙනකොට මම වැඩ කරපු තැන කොරියන්කාරයොත් එක්‌ක කතා බහ කරලා කොරියන් භාෂාව ටිකක්‌ දැනගෙන හිටියේ. ඒත් මගේ වේලාවට එහෙන් ගන්න පොරොන්දු වෙලා හිටියා මහත්තයා ඇවිත් මාව සෝල් ගුවන් තොටුපළෙන් අරගෙන ගියා. ඒ මහත්තයා මාව දුම්රිය නැවතුම්පොළට ගෙනිහින් දුම්රියට දැම්මා. එයත් එක ස්‌ටේෂමකට ආවා. මට යන්න ඕනා තැන කිව්වා. 'උඹව ගන්න එතනට කෙනෙක්‌ එයි... බය නැතුව එයත් එක්‌ක පලයං' කියලා ඒ මහත්තයා ගියා. මට බයත් හිතුණා. එන විදිහකට මූණ දෙනවා කියලා හිතාගෙන හිතට ධෛර්ය ගත්තා. මම දුම්රිය නැවතුම්පොළෙන් බහිනකොටම අර කියපු කෙනා මාව ගන්න ඇවිත් හිටියා.

    මට මුලින්ම වැඩ කරන්න වුණේ රෙදි වියන කර්මාන්තශාලාවක. රටට ඇතුළු වෙන්න විතරයි මට වීසා තිබුණේ. මම එතැන වැඩේ කළේ වීසා නැතුව. ඔය අතරේ ලෝක කුසලාන පාපන්දු තරගයක්‌ කොරියාවේ පැවැත්තුණා. ඒ තරගයට පෙර රටේ නීති විරෝධීව ඉන්න හැමෝටම වීසා දීලා සංගණනයක්‌ කළා. මටත් වීසා හම්බ වුණා. මම කොම්පැණිය වෙනස්‌ කළේ නෑ. පළවෙනි කොම්පැණියේම වැඩ කළා. වැඩ ලේසි නෑ. මට කරන්න තිබුණේ මැෂින්වල හැදිලා එන රෙදි රෝල් මීටර් 100 විතර දුරට ගෙනිහිං අහුරන්න. ඒ රෙදි රෝලක්‌ දාලා එනකොට තව එකක්‌ ඇවිත්. ඉවරයක්‌ නෑ. රෑ එළිවෙනකොට ටොන් 14 ක රෙදි රෝල් ඇද්දා. එක රෙදි රෝලක්‌ කිලෝ 22 ක්‌ බරයි. මාත් එක්‌ක ලංකාවේ හතර දෙනෙක්‌ ඒ කොම්පැණියේ වැඩ කළා. නොසෑහෙන්න මහන්සි වුණා. සමහර දවස්‌වල රෑට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්‌ අංශක සෘණ 15 වගේ වෙනවා. ඒත් මම වැඩ කරන හැම වේලාවේම, රෙදි රෝලක්‌ උස්‌සගෙන ගිහිල්ලා දාලා එන අතරේ කොරියන් භාෂාව කොලයක ලියාගෙන පාඩම් කළා. ඒ කොම්පැණියේ අවුරුදු තුනක්‌ වැඩ කරලා 2005 අවුරුද්දේ නීත්‍යනුකූලව මම ලංකාවට ආවා. ඒ ඇවිත් මම දුක්‌මහන්සි වෙලා හම්බ කරපු සේරම සල්ලි මල්ලිගේ ජීවිතේ බේරගන්න වියදම් කළා.

    මගේ නෝනගේ අයියයි, මමයි කොරියාවේ වැඩ කළේ එක කොම්පැණියේ. ඒ හැඳුනුම්කමට තමයි මගේ බිරිඳව මට මුණගැහෙන්නේ. අපි කසාද බැඳලා නුවරින් කුලියට ගෙයක්‌ අරගෙන පදිංචියට ගියා. නුවර කුලියට ඉඳගෙන තමයි මල්ලිට ප්‍රතිකාර කළේ. මල්ලිට ඔපරේෂන් එක කරලා ඉවර වෙනකොට අතේ සතේ නැති වුණා. ඊට පස්‌සේ ආයෙමත් පොළොන්නරුවට ආවා. තාත්තාගේ උදව්වෙන් නිල නිවාසයක්‌ ඉල්ලගෙන ජීවත් වුණා. ටික කාලයක්‌ යනකොට මල්ලිත් නැති වුණා. අන්තිමේ අපිට ජීවත් වෙන්න ක්‍රමයක්‌ නැති වුණහම පොළොන්නරුවේ ටවුන් එකේ සෙල්ලම් බඩු කඩයක්‌ දැම්මා. ඒ බිස්‌නස්‌ එක පටන් ගත්තේ 2015 අවුරුද්දේ දෙසැම්බර් මාසේ. නොහිතපු විදිහට ඒ ව්‍යාපාරය දියුණු වුණා. සමහර දවස්‌වලට තිස්‌, හතළිස්‌දාහ බිස්‌නස්‌ වුණා.

    ඒත් මගේ හිත කිව්වේ ආයෙමත් කොරියාවට යන්න කියලා. අන්තිමේ බිස්‌නස්‌ කරලා ඉතුරු කරගත්ත මුදල්, බිරිඳගේ රත්‍රං බඩු උගස්‌ කරලා ගත්ත සල්ලි වියදම් කරලා ආයෙමත් මම 2007 අවුරුද්දේ කොරියාවට ගියා. මම ගියේ වානේ දොරවල් හදන කර්මාන්ත ශාලාවකට. කොරියන් භාෂාව හොඳට කතා කරන්න පුළුවන්කමත්, කලින් වතාවේ අවංකව වැඩ කරලා නියම කාලයට ලංකාවට ආපු නිසා ඒ වානේ කර්මාන්තශාලාවෙන් මාව හොඳට පිළිගත්තා. ඒ වගේම මට හොඳ වැටුපක්‌ ගෙවන්නත් පොරොන්දු වුණා. මමත් කැපවීමෙන් වැඩ කළා. සමහර දවස්‌වලට පැය 17 වැඩ කළා. නිවාඩු දවස්‌වලටත් වැඩ කළා. මම හොඳට වැඩ කරන නිසා කම්පැණිය මට නවාතැන්, තුන්වේලටම ආහාර, දුරකථන පහසුකම් හැම දේම දුන්නා. රුපියල් ලක්‍ෂ දෙකහමාරක විතර පඩියක්‌ ගෙව්වා. මට මාසෙකට වියදම් වුණේ රුපියල් පන්දාහක්‌ විතර. ඒ කොම්පැණියේ වැඩ කරපු අවුරුදු තුනටම මම නිවාඩු අරගෙන තිබුණේ දවස්‌ එකහමාරයි.

    ආයතනයේ ප්‍රධානියා මට සැලකුවේ එයාගේ දරුවකුට වගේ. කොරියාවේ සිරිතකට අනුව අම්මා, තාත්තා හැර කිසිම කෙනෙක්‌ව ගෙදරක කෑම වේලකට සම්බන්ධ කරගන්නේ නෑ. ඒත් මගේ බොස්‌ හැමදාම උදේ කෑමට මාව එයාගේ ගෙදරට එක්‌කගෙන යනවා. ගෙදර හෑමෝමත් එක්‌ක එකට වාඩි වෙලා කලා බීලා බොස්‌ගේ කාර් එකේම තමයි මම වැඩට ආවේ. 2010 අවුරුද්දේ මාගේ සේවා කාලය අවසාන වෙනකොට මගේ මාසික පඩිය රුපියල් ලක්‍ෂ පහයි. කොම්පැණියේ හැමෝම කිව්වේ මට තව වැඩ කරන්න කියලා. 2011 අවුරුද්ද වෙනකොට මම සැලකිය යුතු මුදලක්‌ ඉතිරි කරගෙන තිබුණා. එහෙම ඉතිරි කරගත්ත මුදල්වලට සේවක අර්ථසාධක අරමුදලත් දාලා වානේ දොරවල් ටැංකියක්‌ අරගෙන මම ලංකාවට ආවා. මාත් එක්‌ක වැඩකරපු කොම්පැණියේ ලොක්‌කත් ආවා.

    අවුරුදු එකහමාරක්‌ යනකම් ගෙනාපු එක දොරක්‌වත් විකුණගන්න බැරිව ගියා. ඒත් මම මානසිකව වැටුණේ නෑ. මගේ බිරිඳ නිතරම මාව දිරිමත් කළා. 2013 අවුරුද්දේ ඇමැති කෙනෙක්‌ මුqණගැහිලා එතුමාට මම වානේ දොරේ වටිනාකම පැහැදිළි කරලා දුන්නා. ඒ මහත්තයා මම කියපු කතාව පිළිගත්තා. මට උදව් කරන්නත් පොරොන්දු වුණා. එතුමාගේ උදව් ඇතිව ගෙනාපු දොරවල්වලින් පහළොවක්‌ විකුණ ගත්තා. ඊට පස්‌සේ රජයේ ඉංජිනේරු මහත්වරු සහ තාක්‍ෂණ නිලධාරීන් වානේ දොරේ වටිනාකම අවබෝධ කර ගත්තා. ප්‍රථමයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයකට වානේ දොරවල් සවි කළා. ඊට පස්‌සේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දොරවල් ඇණවුමක්‌ ලැබුණා. ඒ එක්‌කම මහින්දෝදය තාක්‍ෂණික විද්‍යාගාර සියල්ලටම දොරවල් සැපයීමට මට අවස්‌ථාව ලැබුණා.

    එක පාරටම හිතාගන්න බැරි විදිහට වානේ දොරවල්වලට ඉල්ලුම වැඩි වුණා. පස්‌සේ මම වානේ දොරවල් නිෂ්පාදනය කරන්න කර්මාන්තශාලාවක්‌ පටන් ගත්තා. හබරණ මොරගස්‌වැව පොළොන්නරුව මාර්ගයේ තමයි මගේ කර්මාන්තශාලාව තියෙන්නේ. දැන් අපේම ආයතනයේ වානේ දොරවල් නිෂ්පාදනය කරන නිසා ඉතාම සාධාරණ මිලකට ගුණාත්මක භාණ්‌ඩයක්‌ වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන්. පරිසරයට දශමයක්‌වත් හානියක්‌ නොවන විදිහට කොරියාවේ ප්‍රමිතියටම ලංකාවේ අපි දොරවල් නිෂ්පාදනය කරනවා. මගේ කර්මාන්තශාලාව ආරම්භ කරන්න සහ පවත්වාගෙන යන්න උදව් කරන්නේ මම වැඩ කරපු කොරියන් සමාගමයි.

    ලංකාවේ ආරම්භ කරපු පළමු වානේ දොරවල් නිෂ්පාදන ආයතනය. දැන් මට ඒ ගෞරවය හිමි වෙලා තියෙනවා. ඒ වගේම දැන් මම කොරියාවේ සේවය කරන අපේ රටේ අයට දේශන පවත්වන්න වරින්, වර කොරියාවට යනවා. කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් තමයි මාව ඒ සඳහා තෝරාගෙන තියෙන්නේ. මම වැඩ කරපු ආයතනයෙනුත් දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වනවා. ඒවටත් මම සහභාගි වෙනවා. ඒ නිසා දැන් මම මාසෙකට දෙවතාවක්‌ විතර කොරියාවට යනවා. දැන් මට කොරියාවට යනවා, එනවා කියන්නේ පොළොන්නරුවේ ඉඳලා කොළඹ ඇවිත් යනවා වගේ වැඩක්‌..."

    අද මම මෙතැනට ඇවිත් තියෙන්නේ විශාල වෙහෙසක්‌ දරලා. කොරියාවේ රැකියා කරනවා කියන්නේ ලේසි නෑ. මහන්සි වුණොත් හොඳට හම්බ කරන්න පුළුවන්. අපේ රටෙන් යන කොල්ලො හොඳට මහන්සි වෙලා වැඩ කරනවා. ඒ වගේම අවංකයි. ඒ නිසාම කොරියන් ජාතිකයෝ අපේ කොල්ලන්ට හරිම කැමැතියි. සමහර කොම්පැණිකාරයෝ අපේ රටේ අය ගන්න පොර කනවා. ඒත් අපේ කොල්ලො හම්බ කරන මුදලටත් වඩා වියදම් කරනවා. කන්න බොන්න පුදුම විදිහට වියදම් කරනවා. සතුටටත් පාටි. දුකටත් පාටි. සමහර කොල්ලො රෑට පටන් ගන්න පාටිය ඉවර කරන්නේa ඊළඟ දවසේ දවාලට. එක පැත්තකින් සල්ලි වියදම් වෙනවා. අනිත් පැත්තෙන් ලෙඩ්ඩු වෙනවා. මම කොරියාවේ හිටිය කාලය තුළ කිසිම පාටියකට සම්බන්ධ වෙලා නෑ. අපි කොරියාවට යන්න මහන්සි වෙලා කීයක්‌ හරි හම්බ කරගෙන එන්න මිසක්‌ ආතල් ගන්න නෙමෙයි. µන් එකට බර වුණොත් කොරියාවෙන් සල්ලි ගේන්න බෑ. කොරියාවේ ආර්ථිකය හැඩ ගැහිලා තියෙන්නෙ හම්බ කරන මුදලම වියදම් වෙන විදිහට. ඒක අපි තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනා. ඒ දේවල් තේරුම් නොගත්ත අපේ සමහර කොල්ලො අවුරුදු පහ රස්‌සාව කරලා ඉතුරුවක්‌ නැති වුණහම වීසා නැතිවත් රස්‌සාව කරනවා. ඊට පස්‌සේ පොලිසියට කොටු වෙලා හිරෙත් ඉඳලා අත පිහදාගෙන ලංකාවට එනව. ලංකාවෙන් කොරියාවට යන ගොඩක්‌ම අය ඔය ඉරණමට මුහුණ දෙනවා. පැහැදිළිව කියනවා නම් කොරියාව කියන්නේ දැන ගියොත් ගොඩ. නොදැන හිටියොත් අනාථයි..."

    "මම මත්පැන්, දුම්වැටි භාවිත කරන්නේ නෑ. පන්සිල් ආරක්‍ෂා කරනවා. මිනිස්‌සුන්ට වගේම ගහකොළ, සතා සිව්පාවටත් ආදරය කරනවා. මගේ දියුණුවේ රහස එයයි. මමත් කොරියාවේ හම්බ කරපු මුදල් පාටි දාලා ආතල් ගත්තා නම් අද මට මෙහෙම ඉන්න බෑ. කොරියාවේ රැකියා කරන අයට මම කියන්නේ උපයන මුදල් ලංකාවේ ආයෝජනය කරලා මොනවාහරි නිෂ්පාදනයක්‌ පටන් ගන්න කියලා..."

    චමින්දගේ ජීවිත කතාව කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට පමණක්‌ නොව රටේ සියලුම පුරවැසියන්ට පාඩමකි. තව, තවත් රටට ඇවැසි චමින්දලා වැනි තරුණයන්ය. එහෙත් අපේ රටේ අවාසනාවකට චමින්ද වැනි දිරිය තරුණයන් හමුවන්නේ කලාතුරකිනි. එමෙන්ම චමින්දව රටේ ආර්ථිකයට සම්පතක්‌ කරගැනීම රජයේ වගකීමකි.

    ප්‍රසන්න සිල්වා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොයි රටට ගියත් තමන් ජීවත් වෙන්ඩ ඕනේ කොහොමද කියන එක තියෙන්නේ තමන්ගේ අතෙයි.
    කල බිලා පිස්සු නටල නාස්ති වෙලා එනවද නැත්තන් ඉතුරුවක් කරල අනාගතේ හදාගෙන එනවද කියන එක තේරුම් ගන්ඩ ඕන
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    දවසට පැය 17 ක් ඔහෙම වැඩ කරන්න තහනම් නැද්ද? .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,921
    113
    අපේ අයියලා කොරියාවේ ගිහින් වැඩකරන විදියට ලංකාවේ හැමෝම යකා වගේ වැඩ කරනවනම් ලංකාවම ගොඩ
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    oya 1 weni photo eke inne ape teacherla 2na oya 2 photo eke tiyenne 1998 ape lankawe liyapu pothak ithin a kale koreawai ada koreawai beluwama ape PAl#AKAYO nonada karala tiyenne kiyla hitha ganna puluwan ape rate sampath walin 10%k unta nelu raten bageta bagayak kadulu apita api genama dukai bn ape rata e thathwen tibba num apita ada un lagata yanna ona ne
     
    Mar 14, 2017
    22
    1
    0
    පොළොන්නරුවේ ටවුන් එකේ සෙල්ලම් බඩු කඩයක්‌ දැම්මා. ඒ බිස්‌නස්‌ එක පටන් ගත්තේ 2015 අවුරුද්දේ දෙසැම්බර් මාසේ. නොහිතපු විදිහට ඒ ව්‍යාපාරය දියුණු වුණා. සමහර දවස්‌වලට තිස්‌, හතළිස්‌දාහ බිස්‌නස්‌ වුණා.

    ඒත් මගේ හිත කිව්වේ ආයෙමත් කොරියාවට යන්න කියලා. අන්තිමේ බිස්‌නස්‌ කරලා ඉතුරු කරගත්ත මුදල්, බිරිඳගේ රත්‍රං බඩු උගස්‌ කරලා ගත්ත සල්ලි වියදම් කරලා ආයෙමත් මම 2007 අවුරුද්දේ කොරියාවට ගියා. 2015n passe kohomada 2007 enne mokadda bn me kiyanne theren nane
     
    Last edited:

    mustang3

    Junior member
  • Nov 14, 2016
    34
    2
    8
    පොළොන්නරුවේ ටවුන් එකේ සෙල්ලම් බඩු කඩයක්‌ දැම්මා. ඒ බිස්‌නස්‌ එක පටන් ගත්තේ 2015 අවුරුද්දේ දෙසැම්බර් මාසේ. නොහිතපු විදිහට ඒ ව්‍යාපාරය දියුණු වුණා. සමහර දවස්‌වලට තිස්‌, හතළිස්‌දාහ බිස්‌නස්‌ වුණා.

    ඒත් මගේ හිත කිව්වේ ආයෙමත් කොරියාවට යන්න කියලා. අන්තිමේ බිස්‌නස්‌ කරලා ඉතුරු කරගත්ත මුදල්, බිරිඳගේ රත්‍රං බඩු උගස්‌ කරලා ගත්ත සල්ලි වියදම් කරලා ආයෙමත් මම 2007 අවුරුද්දේ කොරියාවට ගියා. 2015n passe kohomada 2007 enne mokadda bn me kiyanne theren nane

    man hithanne 2005