මෙ වන විටත් දකුණු කොරියාවේ ශ්‍රීලංකිකයන් විශාල ප්‍රමාණයක් සිටිනවා ඉස්සර නම් විවිධ විදි වලින් යන්න පුලුවන් එත් දැන් විභාගෙ පාස් වෙලා විතරක් මදි ස්කිල් ටෙස්ට් එකත් ඔන මෙනවා හරි වෘත්තිය සුදුසු කමක් තියනවා නම් තව ලකුණු 5ක් ලැබෙනවා මම දන්න විදියට මෙ පාර විභාගෙ තියෙන්නෙ කම්පුයුටර් එක්සැම් එකක් එ කියන්නෙ ඔන්ලයින් සමහර විට 11 මාසෙ වෙනකම් වත් එක්සෑම් එක තියෙයි
හරි..
හන්ගල් හෝඩිය (한글)
• මූලික ස්වර 10 කි.
අකුර කියවන ආකාරය
ㅏ 아 ආ
ㅑ 야 යා
ㅓ 어 ඔ
ㅕ 여 යො
ㅗ 오 ඕ
ㅛ 요 යෝ
ㅜ 우 උ
ㅠ 유 යූ
ㅡ 으 අ
ㅣ 이 ඉ
හන්ගල් හෝඩියේ ස්වර අකුරු ටික ඔයාලා දැක්කානේ. දැන් අපි බලමු මේ ස්වරලියන්නේ කොහොමද කියලා.හරිම ලේසියි මේ හැම අකුරක්ම ලියවෙන්නෙ කෙටි ඉරි වලින්. නමුත් ස්වරයක් තනිව ලිවුවාට අකුරක් සෑදෙන්නේ නැති බව මතක තියා ගන්න.මෙම ස්වර අපේ මවුබසෙහි ඉස්පිලි පාපිලි වලට සමානයි.මෙහි අකුරක් සෑදෙන්නේ ස්වරයකට ඉදිරියෙන් හෝ ඉහලින් බිංදුවක් ලිවීමෙන් හෝ ව්‍යංජන අකුරු එකතු කර ගැනීමෙන්ය.
උදාහරණ:
ㅇ + ㅏ = 아 ආ
ㅇ + ㅑ = 야 යා
ㅇ + ㅗ = 오 ඕ
දැන් තියෙන්නෙ ඔයාලගේ වැඩ කෑල්ල මේ අකුරු හොදට මතක තියා ගන්න උත්සහ කරන්න. මොකද කොරියා ගිහින් ලක්ෂ ගනන් උපයන්න දාන අත්තිවාරම තමයි මේ.නිතරම ලියලා ලියලා හුරු වෙන්න. ජීවිතේ අනාගතයට පසුතැවෙන්න ඉඩ තියන්න එපා.කරන දේ හරියට කරලා ඒකේ ප්‍රථිඵලය බුක්ති විදින්න බලන්න.එතකොට පුලුවන් අපිට අපේ ජීවිතේ දිහා බලලා කවදා හරි සතුටු වෙන්න...
මුලින්ම EPS TOPIC කඩඉම් විභාගයේ ප්රෙශ්න පත්රඅය සෑදෙන ආකාරය බලමු
ලිවීම කොටසටසේ ප්‍රශ්න25යි ලකුණු 100
25 *4 = 100
ඇසීම කොටසටසේ ප්‍රශ්න25යි ලකුණු 100
25 *4 =100
සැලකියුතුයි……
පාස් පෝට් එක අත්‍යවශයයි.( මෙමවිභාගයේඅයදුම්පත නිකුත් කරන්නේ පාස් පෝට් එකට)
ඔයාලා පාස් පෝට් එක හදනවා නම් ලගම ප්‍රාදේශීය ලේඛ්ම් කාර්යාලයෙන් පෝම් එකක් ඉල්ලගෙන ඒක පුරවලා,මුද්දර ගාස්තු ගෙවලා යවන්න දවස් 14 කින් ගෙදරටම එයි.
දැන්ම එක් හදලා තියා ගන්න මොකද 7-20 ඉදන් විභාගෙ තියෙනවා
)