කොරියාවේ යමු..

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63


    මෙ වන විටත් දකුණු කොරියාවේ ශ්‍රීලංකිකයන් විශාල ප්‍රමාණයක් සිටිනවා ඉස්සර නම් විවිධ විදි වලින් යන්න පුලුවන් එත් දැන් විභාගෙ පාස් වෙලා විතරක් මදි ස්කිල් ටෙස්ට් එකත් ඔන මෙනවා හරි වෘත්තිය සුදුසු කමක් තියනවා නම් තව ලකුණු 5ක් ලැබෙනවා මම දන්න විදියට මෙ පාර විභාගෙ තියෙන්නෙ කම්පුයුටර් එක්සැම් එකක් එ කියන්නෙ ඔන්ලයින් සමහර විට 11 මාසෙ වෙනකම් වත් එක්සෑම් එක තියෙයි
    හරි..

    හන්ගල් හෝඩිය (한글)

    • මූලික ස්වර 10 කි.

    අකුර කියවන ආකාරය

    ㅏ 아 ආ
    ㅑ 야 යා
    ㅓ 어 ඔ
    ㅕ 여 යො
    ㅗ 오 ඕ
    ㅛ 요 යෝ
    ㅜ 우 උ
    ㅠ 유 යූ
    ㅡ 으 අ
    ㅣ 이 ඉ

    හන්ගල් හෝඩියේ ස්වර අකුරු ටික ඔයාලා දැක්කානේ. දැන් අපි බලමු මේ ස්වරලියන්නේ කොහොමද කියලා.හරිම ලේසියි මේ හැම අකුරක්ම ලියවෙන්නෙ කෙටි ඉරි වලින්. නමුත් ස්වරයක් තනිව ලිවුවාට අකුරක් සෑදෙන්නේ නැති බව මතක තියා ගන්න.මෙම ස්වර අපේ මවුබසෙහි ඉස්පිලි පාපිලි වලට සමානයි.මෙහි අකුරක් සෑදෙන්නේ ස්වරයකට ඉදිරියෙන් හෝ ඉහලින් බිංදුවක් ලිවීමෙන් හෝ ව්‍යංජන අකුරු එකතු කර ගැනීමෙන්ය.

    උදාහරණ:

    ㅇ + ㅏ = 아 ආ
    ㅇ + ㅑ = 야 යා
    ㅇ + ㅗ = 오 ඕ


    දැන් තියෙන්නෙ ඔයාලගේ වැඩ කෑල්ල මේ අකුරු හොදට මතක තියා ගන්න උත්සහ කරන්න. මොකද කොරියා ගිහින් ලක්ෂ ගනන් උපයන්න දාන අත්තිවාරම තමයි මේ.නිතරම ලියලා ලියලා හුරු වෙන්න. ජීවිතේ අනාගතයට පසුතැවෙන්න ඉඩ තියන්න එපා.කරන දේ හරියට කරලා ඒකේ ප්‍රථිඵලය බුක්ති විදින්න බලන්න.එතකොට පුලුවන් අපිට අපේ ජීවිතේ දිහා බලලා කවදා හරි සතුටු වෙන්න...

    මුලින්ම EPS TOPIC කඩඉම් විභාගයේ ප්රෙශ්න පත්රඅය සෑදෙන ආකාරය බලමු
    ලිවීම කොටසටසේ ප්‍රශ්න25යි ලකුණු 100

    25 *4 = 100

    ඇසීම කොටසටසේ ප්‍රශ්න25යි ලකුණු 100

    25 *4 =100



    සැලකියුතුයි……

    පාස් පෝට් එක අත්‍යවශයයි.( මෙමවිභාගයේඅයදුම්පත නිකුත් කරන්නේ පාස් පෝට් එකට)

    ඔයාලා පාස් පෝට් එක හදනවා නම් ලගම ප්‍රාදේශීය ලේඛ්ම් කාර්යාලයෙන් පෝම් එකක් ඉල්ලගෙන ඒක පුරවලා,මුද්දර ගාස්තු ගෙවලා යවන්න දවස් 14 කින් ගෙදරටම එයි.
    දැන්ම එක් හදලා තියා ගන්න මොකද 7-20 ඉදන් විභාගෙ තියෙනවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මචං Engineering Degree holder කෙනෙක්ට කොරියා ජොබ් තියනවද? ඒ අයත් ඔය procedure එක follow කරන්න ඕනෙද?
     

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    ඒහේනම් යාලුවෝ ඔක්කෝටම කොරියානූ සිහිනය සෑබෑවෙන්නයි සුභපතනවා
     

    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    ලියන කස්ටිය නිෂ්පාදනම ලියන්න...ධීවර ලියන්න එපා.... මම ධීවර ලියල තව ටික දවසකින් යන්න ඉන්නේ....ගියපු කට්ටිය ඔක්කොම කියන්නේ අමාරුයි කියලා...
    නිෂ්පාදන වල ඕටී බෝනස් වගේ දේවල් ගොඩක් තියනවා
    ගොඩක් අයට නිවාඩුත් හොඳට තියනවා
     

    Predchat

    Member
    Aug 8, 2012
    53
    5
    0
    ඔව් මචන් ඔය විදිහට තමයි තියනවා කියන්නෙ..
    එන්න ඉන්න උන් ඉතින් ආතල් ලෝක මවාගෙන එන්න එපා ටික්ක කට්ට කන්න බලාගෙන වරෙල්ලා..
    ආතල් ගන්න නම් පුලුවන් හැබැයි ඉතින් මෙහෙ හම්බෙන පඩිය මදි ආතල් ගන්න.. මොකද මෙහෙ බඩු පට්ට ගනන්... (එ කිව්වෙ කන බොන දෙවල් හොදෙ...;))

    අවු. 5 ක් ඉදලා හරියට නාඩියෙන් ගෙම ගහලා ලංකාවට ඇවිත් පිලිවෙලකට ඉන්න පුලුවන්...

    හැමොටම ජයවෙවා...
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ඉලගට තියෙන්නෙත් නිෂ්පාදන විබාගයක් තමයි කොරියන් කියවන්න පුලුවන් නම් ලකුනු 100ක් ගන්න පුලුවන් පුලු පුලු වන් විදියට ටික ටික කියා දෙන්නම් මැසෙජ් දාපු කාටත් වෙන වෙනම කියා දෙන්න අමාරැ නිසායි මෙහෙම දැම්මෙ..


    ㄱ + ㅏ =ㄱㅏ
    ක් + අා =කා

    ㄱ + ㅑ =ㄱㅑ
    ක් + යා =ක්‍යා

    ㄱ + ㅓ =ㄱㅓ
    ක් + ඔ =කො

    ㄱ + ㅕ =ㄱㅓ
    ක් + යො =ක්යො

    ඉලක්කම් ටික ගැන ඊලග පාඩමෙන් කථා කරමු