කොරෝනා අස්සේ 'අනියම් සබඳතා' ප්‍රමාණයත් ඉහ&#352

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    කොරෝනා අස්සේ 'අනියම් සබඳතා' ප්‍රමාණයත් ඉහ&#352

    කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළක්වන්න කටයුතු කරමින් ඉන්න බොහොමයක් රටවල ආන්ඩු මේ දවස්වල ජනතාව නිවෙස්වලට සීමාකරන්න අවශ්‍ය නිසා එක්කෝ ඇඳිරි නීතිය හෝ නගර වසා දැමීම් (lock down) කරලා තියෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් මේ වෙද්දි නිවෙස්වලට වෙලා කාලය ගතකරමින් ඉන්නේ.

    සමහරු චිත්‍රපටි බලනවා, අන්තර්ජාලයේ සැරිසරනවා, පොත් කියවනවා, ඉවුම් පිහුම් කරනවා, ගෙවල් දොරවල් අස්කරනවා. මොකද මේ නිවාඩු කිසිම සැලසුම් කිරීමකින් තොරව ලැබුණ ඒවා නිසාත් වෙනදා නිවාඩුවලට කරන සංචාර හෝ සාද මේ දවස්වල කරන්න තහනම් නිසා නිවෙස්වලට වෙලා සමහරුනම් ඉන්නේ කරන්න දෙයක් නැතිව කම්මැලිකමේ.

    තවත් අය නිවෙස්වලට වෙලා රාජාකාරි කරනවා. ප්‍රවෘත්ති වලට නිතර අවධානය යොමුකරද්දි බලාපොරොත්තු වෙන්නේ ටිකක් හරි හිත හැදෙන ප්‍රවෘත්තියක්. මොකද ගොඩක් දෙනෙක් මේ වසංගත තත්වය එක්ක ටිකක් බයවෙලයි ඉන්නේ.

    මේ නිසාම කාලය ගතකරන්න, පීඩනය අඩුකරගන්න අති බහුතරයක් දෙනා කරන්නේ වැඩි කාලයක් අන්තර්ජාලය පිරික්සමින් facebook, youtube, instagram, whatsapp, snapchat, Netflix වගේ සමාජ ජාල සහ විනෝදාත්මක වෙබ් අඩවිවල කාලය ගතකරන එකයි. ඒ අතරේ ඇතැම් අය මේ සමාජ ජාල හරහා චැට් කිරීමත් එක්ක වැඩි වශයෙන් සබඳතා වලට යොමුවෙලා කියලත් වාර්තා වෙනවා. ඒ නිසාම ඇතිවෙන අනියම් සබඳතා හේතුවෙන් තමන්ගේ විවාහ ජීවිතේ දෙදරලා යන්න පවා කටයුතු සිද්ධවුණු තැන් ගැන දැන් දැන් වැඩිපුර ආරංචි ලැබෙනවා.

    Gleeden කියන වෙබ් ඇප් එක ලෝකයේ අනියම් සම්බන්ධතාවලට බොහොමයක් රටවල් වල සුප්‍රසිද්ධ ඇප් එකක්. එම ඇප් එක පවත්වාගෙන යන ආයතනය සඳහන් කරන්නේ පසුගිය සතියේ පමණක් එහි නව සාමාජිකයන් ප්‍රමාණය 70% කින් පමණ ඉහලා ගිහිල්ලා කියලා. ඒ කියන්නේ තමන්ගේ විවාහයෙන් හෝ ආදර සම්බන්ධයෙන් පිට වෙනත් සම්බන්ධයක් පවත්වාගෙන යන පිරිස ඉතා විශාල ප්‍රමාණයකින් වැඩිවෙලා.

    තවත් සමහරු තමන්ගේ පරණ පෙම්වතියන්ගේ ෆේස්බුක් ගිණුම්වලට ගිහින් ඔවුන්ගේ සැප දුක් අහලා පරණ සබඳතා නැවත අලුත් කරගෙන කියලත් සමාජ ජාල මාධ්‍යවල විවිධ පෝස්ට් දැක්කම කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනෑම ආදර සම්බන්ධයක දෙන්නා එකට ඉන්න කාලය වැඩිවෙද්දි ටිකක් දෙන්නටම ඒ සම්බන්ධය බෝරින් වෙන්න යම්කිසි ඉඩක් තියනවා කියන එක බොරුවක් නෙවෙයි. ඒ වගේ තත්වෙකදි ලැබෙන ඉඩකඩෙන් වෙනත් සම්බන්ධයක පැටලෙන්න තියන ඉඩකඩ මේ දවස්වල බොහොම වැඩියි කියලා තමයි ආරංචි වෙන්නේ.

    මේක විවාහ ජීවිත හෝ ආදර සම්බන්ධතා පවත්වාගෙන යන අයට එච්චර හොඳ ප්‍රවෘත්තියක් නෙවෙයි. මොකද වසංගත තත්වයක් අස්සේ මෙච්චර කාලයක් පරිස්සම් කරගත්ත විවාහය හෝ ආදර සම්බන්ධය බිඳවැටෙනවා කියන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක්. ඒ නිසා ගෙදරට වෙලා කාලය ගතකරද්දි ජංගම දුරකතනය, කම්පියුටර් එකට හෝ ටී.වී එකටම ඇබ්බැහිවෙලා ඉන්නේ නැතිව පුළුවන් තරම් තමන්ගේ සහකරු හෝ සහකාරිය එක්ක වැඩිපුර කාලයක් ගතකරන්න බලන්න.

    දෙන්නා එකට එකතුවෙලා කෑම උයන්න, චිත්‍රපටි බලන්න, මල් වවන්න, එක එක දේවල් ගැන කතාකරන්න, වෙනදට වඩා නිදහසේ ලිංගිකව එක්වෙන්න ඒ අතරෙම සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් වෙන්න. එතකොට කොරෝනා වසංගත අවදානමෙන් මිදෙනවා වගේම ඔබේ සහකරු හෝ සහකාරිය අනියම් සම්බන්ධතාවයක පැටලිලා ඔබේ විවාහය හෝ සම්බන්ධය දෙදරා යාමේ අවදානමත් අඩුවෙනවා සත්තයි.

    මූලාශ්‍රය - https://her.lk/sex-and-relationship/1066-extramarital-affairs-rises
     
    • Like
    Reactions: chega995

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,122
    3,976
    113
    ඔය කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. යූඑන්පී ජේවීපී දෙකේ කට්ටියට මෙහෙමයි.

    කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළක්වන්න කටයුතු කරමින් ඉන්න බොහොමයක් රටවල ආන්ඩු මේ දවස්වල ජනතාව නිවෙස්වලට සීමාකරන්න අවශ්‍ය නිසා එක්කෝ ඇඳිරි නීතිය හෝ නගර වසා දැමීම් (lock down) කරලා තියෙන්නේ. ඒ නිසා යූඑන්පී ජේවීපී දෙකේ කට්ටිය බොහෝ දෙනෙක් මේ වෙද්දි නිවෙස්වලට වෙලා ආණ්ඩුව කරන හොඳ වැඩ විවේචනය කරමින් මඩ ගහමින් ඉන්නේ.

    සමහරු සජිත් මතක් වෙලා අඬනවා , අන්තර්ජාලයේ සැරිසරනවා, මඩ පෝස්ට් හදනවා, වැඩ කඩාකප්පල් කරන හැටි හිතනවා මොකද මේ නිවාඩු කිසිම සැලසුම් කිරීමකින් තොරව ලැබුණ ඒවා නිසා හරියට මඩ ගහන්න සැලසුමක් කරගන්න බැරි උන හන්දා හරි හිතේ අමාරුවෙන් ඉන්නේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,294
    113
    Kotahena

    LOL ඒක ඇත්ත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. යූඑන්පී ජේවීපී දෙකේ කට්ටියට මෙහෙමයි.

    කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළක්වන්න කටයුතු කරමින් ඉන්න බොහොමයක් රටවල ආන්ඩු මේ දවස්වල ජනතාව නිවෙස්වලට සීමාකරන්න අවශ්‍ය නිසා එක්කෝ ඇඳිරි නීතිය හෝ නගර වසා දැමීම් (lock down) කරලා තියෙන්නේ. ඒ නිසා යූඑන්පී ජේවීපී දෙකේ කට්ටිය බොහෝ දෙනෙක් මේ වෙද්දි නිවෙස්වලට වෙලා ආණ්ඩුව කරන හොඳ වැඩ විවේචනය කරමින් මඩ ගහමින් ඉන්නේ.

    සමහරු සජිත් මතක් වෙලා අඬනවා , අන්තර්ජාලයේ සැරිසරනවා, මඩ පෝස්ට් හදනවා, වැඩ කඩාකප්පල් කරන හැටි හිතනවා මොකද මේ නිවාඩු කිසිම සැලසුම් කිරීමකින් තොරව ලැබුණ ඒවා නිසා හරියට මඩ ගහන්න සැලසුමක් කරගන්න බැරි උන හන්දා හරි හිතේ අමාරුවෙන් ඉන්නේ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: