කොරෝනා කුඩු සෙට් එක වලියක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    කන්දකාඩු මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදනයවූ දෙපිරිසක් අතර ගැටුමක් : පිරිසක් රෝහල් ගත කෙරේ


    කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එහි ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් තුවාල ලබා ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා. මෙලෙස තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා අද අලුයම වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත්කර තිබෙන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

    මෙම දෙපිරිස අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් දෙපිරිස අතර මෙම ගැටුම ඇතිව ඇති බවයි මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
    කන්දකාඩුව සහ සේනපුර පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගෙන් දෙපිරිසක් අතර මේ ගැටුම ඇතිවී තිබෙනවා. සිද්ධිය සැලවීමත් සමග එම විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආරක්ෂාව භාරව සිටින යුධ හමුදා නිලධාරීන් මැදිහත්වී සිද්ධිය සමථයකට පත් කොට තිබෙනවා.මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින මෙම පිරිස් ඇතැම් අවස්ථාවලදී පාලනය කිරීමට අපහසු ආකාරයෙන් හැසිරෙන බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ..

    neth
     
    • Angry
    Reactions: Lahiru120