කොරෝනා තත්වය

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කොරෝනා තත්වය එන්න එන්නම වැඩියි සිංහලූ.... මේක මගේ පුද්ගලික මතය..

    දැං අපි මහ ගඟේ දාගෙන ඉවරයි වැඩේ.. ඒත් අපිට ගැල වෙන්න ක්‍රමයක් තියෙනවා... මම මේ කියන දේවල් මගේ පුද්ගලික මතයක් විතරයි මේවා පරීක්ශනාත්මකව හෝ සායනිකව තහවුරු කරලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්...

    අනිවාර්යෙන්ම මාස්ක් දෙකක් වත් පලදින්නම ඕන...

    තමන්ගේ ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයින් ගැන නිතර සෙවිල්ලෙන් ඉන්න ඕන.. ආසාදිත කෙනෙක් ඉන්නවා නම් ගමේ ඒ ගෙදර බල්ලා දැක්කත් බය වෙන්න ඕන.. ( හැබැයි කොන් කරන්න පද හදන්න යන්න එපා ) බය වෙන්න කියන්නෙ තමන්ගෙ පරිස්සමට සහ තමන්ගෙන් වෙන අයට බෝ වීම වැලැක්වීමට.

    සෙනග ඉන්න තැන් ( විශේෂයෙන් ෆාමසි / බෙහෙත් ශාලා / වයින් ස්ටෝස් බාර් වගේ ඒවා ) භාවිතය නොකරන්නම ඕන... බොන්න ඕන නම් තනියම ගහන්න ගෙදර ගෙනැල්ලා.. යාළුවො එක්ක කිසි දෙයක් හවුලේ කරන්න එපා මේ දවස් ටිකේ...

    සුපර් මාකට් වගේ පාවිච්චි කලාට කමක් නෑ.. පුළුවන් තරම් අත පත ගෑම් කරන්න එපා.... හැකි ඉක්මනට ගත්ත දේ අරන් චුත වෙන්න... සෑම විටම සනිටයිස් කරගන්න... අනෙක තමා කොරෝනා ආසාදිතයෙක් ඇවිත් ගිය පලියට කොරෝනා බෝවෙන්නෙ නෑ... ඔහු සමග ලඟ ඇසුරක් ඒ කියන්නෙ ලඟ ලඟ ඉදන් කතා කරන එක, අතට අත දීම සිප වැලඳ ගැණීම් පොදුවේ භාන්ඩ පරිහරනය කිරීම ( උදා හරනය එකම වීදුරුවෙන් ෆ්‍රෙන්ඩ්ශිප් ගැසීම / එකම සිගරට් එක / එකම ටවල් එක භාවිතය එකම වගේ ඒවා ) සෑම විටම අවම කරගන්න ඕන.. මම හොයලා බලපු ඒවායින් මට දැන ගන්න ලැබුනෙ ගොඩක් තදාසන්න ප්‍රදේශ වල උදාහරණ කොලඹ පැතිරීමට ප්‍රදාන හේතු තමා ඕවා.. ගෙවල් වල ඉඩකඩ සීමිතයි පොදු පරිහරණයන් වැඩියි...

    පුළුවන් තරම් කල්ලි ගැසීම නවත්තන්න... අපිට මේ ලෙඩේ පැතිරීම අඩු කරගන්න පුළුවන් වෙන්නෙ අපි පරිස්සම් වුනොත් තමා.. රජයට වත් ජනාධිපතිට වත් හමුදාපතිට වත් බැන බැන මාස්ක් නොදා කට්ටිය එක්ක සෙට් වෙලා අඩියක් ගහන ගමන් ආයෙ බනින්න එපා... අඩු පිඩි පස්සෙ ගහමු.. ඉස්සර වෙලා බේරිලා ඉමු..

    අනෙක තමා පොදු ප්‍රවාහනය භාවිතා කරන අය ඉන්නවා නම් පුලුවන් තරම් මාස්ක් දෙකක්ම දාගෙන යන්න... අත් දිගට අදින්න ඇග පුළුවන් තරම් නිරාවරනය වෙන එක නතර කරන්න. මේ අවට පරිසරයෙ ඉන්න හැම එකාම කොවිඩ් ලෙඩෙක් කියලා හිතලා හැසිරෙන්න..

    පුරුද්දක් විදියට නෙල්ලි ටිකක් කන්න නිතර.. ඇඹුල් දෙයක් කන්න උණු වතුර ටිකක් බොන්න හුමාලෙ ඇල්ලුවා කියලා වෛරස් එක විනාශ වෙන්නෙ නෑ කියලා රට පන්ඩිත කන් කියවන්න එපා... කරන්න තියෙන හැම දෙයක්ම කරන්න... පොඩි කාලයක් කට්ට කන්න වෙනවා.. කරන්න දෙයක් නෑ...

    ට්‍රිප් යන එක නවත්තන්න.. ට්‍රිප් යනවා කියන්නෙ ඔබ වෛරස් එක අලියට අරන් යනවා සහ එලියෙන් අරන් එනවා කියන එක... මේ දවස් වල හොටෙල් වල රේට්ස් අඩුයි කියලා එක වාහනයක හැට හුටා මාරක් පටවන් විනෝද ගමන් යන්න එපා... ස්විමින් පූල් පොදු නාන තොටුපොල වල් වල කිටි කිටියෙ නාන්න එපා... ඇමරිකාව එංගලන්තයට වුනේ ඕක.. උන් රොත්ත පිටින් පූල් වල මුහුදේ නානවා... අව්ව තපිනවා

    ආගමික ස්ථාන පරිහරනයත් හැකි තරම් සෙනග අඩු වෙලාවක කරන්න... මල් පූජ කරන්න පෝලිම් වල මිරිකෙන කොට කොරෝනා හැදෙන්න තියෙන සම්බාවිතාවය ඉතාම වැඩියි.. හැකි තරම් පෝලින් වල ඉදලා කරගන්න වැඩ ස්කිප් කරන්න... විෂේෂයෙන් බැංකු කටයිතු... රාජ්‍ය සේවා වල වැඩ.. උදා හරන මෝටර් ප්‍රවාහන ඒජී ඔෆිස් බැංකු කස්ටම්ස් , එතකොට බාර් ගැන විශේෂයෙන්ම... බොන්න මතක් වෙනකොට කොරෝනා අමතකයි

    ඉතින් ඔය වගේ වැඩ පිලිවෙල වල් තමා අපිට රෝගයෙන් බේරිලා ඉන්න කරන්න පුළුවන්...

    රජයක් විදියට ඉතාම බාරදූර වගකීමක් තියෙනවා... අනිවාර්‍යෙන්ම සති දෙකක කාලයක් රටම එක දිගට ඇඳිරිනීතිය පනවන්නම ඕන... ඒ වගේම දැඩි පරිශ්‍රමයක් දරලා මිනිස්සු හිර කරන්නම ඕන ගෙවල් වලට.. ඇඳිරි නීතිය දාපු ගමන් අපේ උන් කරන්න බාර් එක ගාවට දුවනවා බූතල් 20 විතර එකතු කරගන්නවා ඇදිරිනීතිය කාලෙ ගසනවා.. පවුල් පවුල් එකතු වෙලා සතුටු සාමීචි එහෙම කරලා මේක නවත්තන්න බෑ.. අපේ කැපවීම අනිවාර්යෙන්ම ඕන.. අපේ හික්මීම අනිවාර්යෙන්ම ඕන.. ලෝකයේ අනෙක් රටවල් වලින් උදාහරන ගන්න

    ඕශ්ට්‍රේලියාව නවසීලන්තය ජපානය චීනය වගේ රටවල් මේක පාලනය කලේ හික්මීමෙන්... මතක ඇති චීන්නු ප්ලාස්ටික් බෝතල් කපල පවා මූන වහගත්තා... එහෙම කරලා වෛරස් එක හොයාගත්ත රට පාලනය කලා.. තාම උන් 90000 කිට්ටුවට ඇවිල්ලා විතරයි... අපි සතියක් ඇතුලත ඒක පන්නයි... අපි එකා වගේ මේ වැඩේ කරන්නම ඕන..

    අනික රජය ලොක් ඩවුන් එකකට යන්න තිබ්බ එක අවස්ථා දෙකක් මග ඇරගත්තා... පෑලිය ගොඩ සහ බ්‍රැන්ඩික්ස්. තුන් වෙනි අවස්ථාව මේක.. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තෙ නැත්නම් කෙලවෙලා යනවා.. එහෙම ලොක් ඩවුන් කරන්න බෑ මිනිස්සු කන්නෙ බොන්නෙ කොහොමද කම්පැනි වල පඩි ගෙවන්නෙ කොහොමද අරව මේවා රට බයිලා නම් මේකට රිප්ලයි කරන්න එපා.. මිනිස්සු කයි බොයි තනකොල හරි ජීවත් වෙයි නොකා නොබී හරි.. සති දෙකක් මිනිස්සු බෙල්ල මුලින්ම හිර කරලා තිබ්බා නම් මෙකෙ 60% ක් වත් නවත්තන්න තිබ්බා.. සති දෙකයි ඕන...

    පාලකයො කියනවා නම් රජයට සල්ලි නෑ ඒක නිසා නිශ්පාදන ඇනහිටිනවා කියලා - ඒක ට උත්තර හොයන්න තමයි උන්ව පත් කරලා ඉන්නෙ.. නැත්නම් ඕක ටීවි එකේ ජාතිය අමතල කියන්න නෙවෙයි... ජාතිය අමතන්න පුලුවන් ඕන එකෙක්ට.. විඅසඳුම් හොයලා රට සති දෙකකට හුදකලා කරන එක තමා කරන්න ඕන...

    තාමත් උක්‍රේන් වල ඉඳලා එන සෙනග විලි ලැජ්ජ නැතුව එන්න දෙනවා... එයාපෝට් හායි හූයි ගාලා ඇරලා.. ඒකෙන් එන්නෙ නැත්තෙ අපේ උන් විතරයි.. අනෙක් ඔක්කොම උන් එනවා...

    ආයෙ කියනවා මේක මගේ මතයක්... මට හිතුන දෙයක්.. ක්‍රියාත්මක කරනවා නම් මෙහෙම මම හිතනව මීට වඩා ගොඩක් දියුනු තැනක අපි ඉදීවි කියලා
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    BUMP

    පොදු අපිට තේරෙන දේ පාලකයන්ට තේරෙන්නෙ නෑ බන් .
    අනිත් එක හැම වෙලේම ටිවී වල ඇඩ් වගේ දාන්න ඕන මාස්ක් දාන් ඉදපන් වගේම බය හිතෙන විදියට පොඩ්ඩක් හදලා ඇඩ්වර්ටීසිට්මන්ට්. අපේ උන් බය වෙන්න වෙන්න ඕවා හරියට කරනවා. නැත්නම් ආයේ හිටු හිටු කියලා මාස්ක් දාන් යන්න නැති උන්ව අල්ලන්න ඕන. මාස්ක් බාගෙටදාන් ඉන්න උන්ට නම් හොද පාඩම් උගන්නනඕන.
    බ්‍රැන්ඩික්ස් පොකුර ආපු වෙලේ අඩුම සතිදෙකක් ගම්පහදිස්ත්‍රික්කේ ලොක්ඩවුන් කලා නම් මෙච්චර නෑ බන් අද. අලුත් එකදැන් කොහේ තියෙනව දදන්නෙ දෙයියො තමා

    ඔය කියෙව්වට පොලිසිය උනත් ඕව කරන්නෙ නෑනේ හරියට. ඊයේ ගමනක් යන අතර දෙපාරක් ලයිසන් චෙක් කලා , මන් කෝකටත් කියලා ලයිසන් ඉන්ශුරන්ස් අතේ තියන් පෙන්නද්දි මූ බලෙන්ම අතට අරගෙන බැලුවා, නිකමට හිතපන් මට කලින් බලපු එකා කෝවිඩ් එකෙක් කියලා. උගේ වයිරස් ලයිසන් එකේ තිබිලා රාලහාමිගෙ අතට අවිත් ඒකෙන් මගේ එකෙ ගෑවිලා මට ආසාදනය වෙන්න බැරිද?
     
    ඔව් බන්.. අනෙක මේ ලංකාවෙ මතකයක් ගිහිල්ල තියෙනවා මැරෙන්නෙ වයසක උන් කියන එක.. ඒක නිසා අනෙක් උන් කිසි ගානක් නැතුව ආතල් එකේ ඉන්නවා... අහපු ගොඩක් අය කියන්නෙ හැදුනට මැරෙන්නෙ න බං ඔන්න ඔහේ හැදුනාවෙ කියලා... ඒක වැරදියි.. අනෙක තමා නිදන්ගත රෝග තියෙන අය මැරෙනවා කියලා අනෙක් අය නෑ කියලා මතයක් ගොඩ නැගිලා තියෙනවා.. ඒක නිසා අපිට දියවැඩියාව හතිය නෑ නේ කිය කිය පිස්සු කෙලිනවා... මේවා නවත්තන්න ඕන බන්... මෙහෙම කොන්ට්‍රෝල් කරන්න බෑ මේක...
     
    • Love
    Reactions: The Hacker

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Mokadda ban mask 2 k dana sin eka. Eka effective da????
    ඔව් එෆිසන්සි එක වැඩියි... ෆිල්ටර් වෙන % එක වැඩියි... කෝකටත් පරිස්සම් නේ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    හුමාලෙ ඇල්ලුවා කියලා වෛරස් එක විනාශ වෙන්නෙ නෑ :P :P
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    'අනිවාර්‍යෙන්ම සති දෙකක කාලයක් රටම එක දිගට ඇඳිරිනීතිය පනවන්නම ඕන... ඒ වගේම දැඩි පරිශ්‍රමයක් දරලා මිනිස්සු හිර කරන්නම ඕන ගෙවල් වලට' ??

    ලන්කාවෙ 66% රොල ගහන්නෙ, ඒකෙනුත් වැඩි හරිය එදා හම්බ කරන්නෙ.
    මාර්තු ඉදන් කෙලවෙලා මුන් වැලේ වැල් නැතුව ඉන්න, ඉතුරු කරගත්ත දෙයක් තියනව නන් ඒකත් ඉවරයි මෙ වෙද්දි

    සති 2ක් වැහුවම මුන්ගෙ පවුල් ජීවත් වෙන්නෙ කොහොමද ?

    මුන් කන්නෙ බොන්නෙ කොහොමද ?

    රට වැහිල්ල මිත්යාවක්.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හුමාලෙ ඇල්ලුවා කියලා වෛරස් එක විනාශ වෙන්නෙ නෑ :P :P
    ඇත්ත.. ඒත් වෙන හෙම්බිරිස්සාවක් උණක් හැදිලා අමාරු වෙලා කොරෝනා කියලා උස්සන් ගිහින් ලෙඩ්ඩු ඉන්න තැණක අතෑරියොත්... එදාම බෙහෙත් ගන්න තැන කොරෝනා ලෙඩෙකුත් හිටියොත්.. ඒකයි කියන්නෙ වෙන විනාශ වෙන වෛරස් එකක් හරි විනාශ වෙලා හෙම්බිරිස්සාව හරි නොහැදි බේරෙයි නේ

    'අනිවාර්‍යෙන්ම සති දෙකක කාලයක් රටම එක දිගට ඇඳිරිනීතිය පනවන්නම ඕන... ඒ වගේම දැඩි පරිශ්‍රමයක් දරලා මිනිස්සු හිර කරන්නම ඕන ගෙවල් වලට' ??

    ලන්කාවෙ 66% රොල ගහන්නෙ, ඒකෙනුත් වැඩි හරිය එදා හම්බ කරන්නෙ.
    මාර්තු ඉදන් කෙලවෙලා මුන් වැලේ වැල් නැතුව ඉන්න, ඉතුරු කරගත්ත දෙයක් තියනව නන් ඒකත් ඉවරයි මෙ වෙද්දි

    සති 2ක් වැහුවම මුන්ගෙ පවුල් ජීවත් වෙන්නෙ කොහොමද ?

    මුන් කන්නෙ බොන්නෙ කොහොමද ?
    ඒක ගැන හිතලා නේ දැනට වහන්නෙ නැත්තෙ... වහන්නෙ නැතුව තියෙන එකෙන් හැමදාම වෙන්නෙ බෝවෙන එක වැඩි වෙන එක නේ... එදා වේල කන මිනිස්සු ගැන ප්‍රශ්නයක් තියෙනවා... ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න තමා රජයක් පත් කරලා තියෙන්නෙ 2/3 බලය එක්ක...
    ------ Post added on Feb 15, 2021 at 3:07 PM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    ඇත්ත.. ඒත් වෙන හෙම්බිරිස්සාවක් උණක් හැදිලා අමාරු වෙලා කොරෝනා කියලා උස්සන් ගිහින් ලෙඩ්ඩු ඉන්න තැණක අතෑරියොත්... එදාම බෙහෙත් ගන්න තැන කොරෝනා ලෙඩෙකුත් හිටියොත්.. ඒකයි කියන්නෙ වෙන විනාශ වෙන වෛරස් එකක් හරි විනාශ වෙලා හෙම්බිරිස්සාව හරි නොහැදි බේරෙයි නේ

    ඔව් ඔව් .
    හිතටත් පොඩි හරි සහනයක් එනවනේ ඔයවගේ දේවල් කරද්දී .
     
    • Like
    Reactions: NRTG

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ පෝස්ට් එක ඉහළින්ම අගේ කරනවා..!!
    මම දෙසරයක්ම පොසිටිව් රෝගීන්ට නිරාවරණය වුනා.
    මුලින්ම වැඩකරන තැන ලන්ච් රෑම් එකේදී. 10-12ක් වෙනදට කෑම කන තැන පුටු ඉවත් කරලා හතර කොනේ 4 දෙනෙකුට විනාඩි 15ක් ලෙස සීමා කරලා තිබුණ නිසා ගොඩ ගියා.
    දෙවනි වතාවෙ පීසීආර් කරලා රිසල්ට් එනකන් අපි තුන් දෙනෙක් එක ඒසී රූම් එකක පැය 6ක් නිදා ගත්තා. එතනින් එක්කෙනකෙුට පොසිටිව්. නමුත් පුලුවන් තරම් අනෙකාට ඈතින් මාස්ක් දාගෙන සිටි නිසා බේරුණා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    වාසනාව.. ඒ වුනාට මචන් අලුත් බ්‍රිතාන්‍ය ප්‍රභේදයෙන් නම් එහෙම බේරෙන්න බෑ වගේ නේද? ඒක බෝ වෙන්න තියෙන ඉඩ හුගක් වෑඩි . ඒ හින්දා කලින්ටත් වඩා පරිස්සම් වෙන්න වෙනවා. පුලුවන් තරම් ඈත් වෙලා මාස්ක් දෙකක් දාගෙන කොයි වෙලාවෙත් අත් පිරිසිදු කරන් ඉන්න වෙන්නේ
     
    • Like
    Reactions: lilman

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇත්ත.. ඒත් වෙන හෙම්බිරිස්සාවක් උණක් හැදිලා අමාරු වෙලා කොරෝනා කියලා උස්සන් ගිහින් ලෙඩ්ඩු ඉන්න තැණක අතෑරියොත්... එදාම බෙහෙත් ගන්න තැන කොරෝනා ලෙඩෙකුත් හිටියොත්.. ඒකයි කියන්නෙ වෙන විනාශ වෙන වෛරස් එකක් හරි විනාශ වෙලා හෙම්බිරිස්සාව හරි නොහැදි බේරෙයි නේ

    ඒක ගැන හිතලා නේ දැනට වහන්නෙ නැත්තෙ... වහන්නෙ නැතුව තියෙන එකෙන් හැමදාම වෙන්නෙ බෝවෙන එක වැඩි වෙන එක නේ... එදා වේල කන මිනිස්සු ගැන ප්‍රශ්නයක් තියෙනවා... ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න තමා රජයක් පත් කරලා තියෙන්නෙ 2/3 බලය එක්ක...
    ------ Post added on Feb 15, 2021 at 3:07 PM

    උත්තරේ තමා මෙහෙම යන එක සහ වැක්සින් කරන එක.

    රට වහලා පාලනයක් කරන්න බෑ, වැහුව කියමු මාස 2කට, ආයෙ වයිරස් එක මතු වෙනව. එතකොට ආන්ඩුව වියදම් කරපු සල්ලි ටිකත් නෑ, කොරොන නැති වෙලත් නෑ. මිනිස්සු බිමටම වැටිල.
    ප්‍රිකෝශන්ස් ආරගෙන ඉන්න එක ඇරෙන්න වෙන විසදුමක් නෑ.

    මේ යන්නෙ 2 වෙනි නය මන් හිතන්නෙ

    මුලින් චිනගෙ මිලියන් 150ක් ගත්ත
    දැන් ආයෙ 1500ක් ගත්ත. ඕවගෙ තමා වියදම් කවර් වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG and asylum

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    වාසනාව.. ඒ වුනාට මචන් අලුත් බ්‍රිතාන්‍ය ප්‍රභේදයෙන් නම් එහෙම බේරෙන්න බෑ වගේ නේද? ඒක බෝ වෙන්න තියෙන ඉඩ හුගක් වෑඩි . ඒ හින්දා කලින්ටත් වඩා පරිස්සම් වෙන්න වෙනවා. පුලුවන් තරම් ඈත් වෙලා මාස්ක් දෙකක් දාගෙන කොයි වෙලාවෙත් අත් පිරිසිදු කරන් ඉන්න වෙන්නේ
    මාක්ස් 2කක් දාන්න වෙනවා. සාක්කුවට තමා බලපාන්නේ
     
    • Sad
    Reactions: malakadss

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොනවා නැතත් උන් නම් ගානට එන්නත් විද ගන්නවා.

    D521ACEA-EEEB-4636-89EB-ABD18141FEED.jpg