කොරෝනා තවමත් සමාජගත වෙලා නෑ - වෛද්‍ය සුදත් සමරවීර

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කිසිදු ලෙසකින් කොවිඩ් - 19 රෝගය සමාජගත වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    වෛද්‍යවරයා පවසන්නේ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරු අති විශාල බවත් එමනිසා රටපුරා සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයින් වාර්තාවන බවත්ය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (26) පැවති කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ ව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී වෛද්‍යවරයා ඒ පිළිබඳ ව ප්‍රකාශ කළේය.

    කොවිඩ් - 19 වෛරසය සමාජගත වී ඇත්නම් ආසාදිතයින් එකිනෙකාට සම්බන්ධතාවයක් නොමැති බවත් නමුත් එවැනි තත්ත්වයක් මෙරට තුළ වාර්තා නොවන බවත් මෙරටින් වාර්තාවන සියලුම ආසාදිතයින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධ බවත් වෛද්‍යවරයා පැහැදිලි කළේය.

    මෙරට තුළ හොඳ සෞඛ්‍ය පද්ධතියක් තිබෙන බැවින් කොවිඩ් තත්ත්වට මුහුණදීමට සහ පාලනය කිරීමට හැකියාව තිබෙන අතර ආසාදිතයින්ට කිසිදුවිටකදී අපහසුතාවයකට මුහුණදීමට සිදුවී නොමැති බවද වෛද්‍යවරයා පැවසීය.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව කොවිඩ් - 19 රෝගය ව්‍යාප්තවීමත් සමග මත්ස්‍ය ආහාර ගැනීමට බියක් ඇතිකරගැනීමට අනවශ්‍ය බව ද වෛද්‍යවරයා පැහැදිලි කළේය.

    ආහාර සැකසීම, පිසීම සහ පිරිසිදු කිරීම් කටයුතු නිවැරදිව සෞඛ්‍යාරක්ෂිත ලෙස සිදුකරන්නේ නම් එයින රෝගය ව්‍යාප්තියන් සිදුනොවන බවද වෛද්‍යවරයා පැහැදිලි කළේය.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    giphy.gif
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    සමාජ ගත වෙලා නැහැ කියමුකෝ
    දැනට පවතින පොකුරු දෙක ලංකාව පුරාම තියනවලු.
    එතකොට ඔය පොකුරෙන් හැමතැනම බෝ උනාට අවුලක් නැද්ද

    උගේ අප්පාගේ ලෝගික් නේ

    එයා එහම කියනොකට තව කෙනෙක් මෙහෙම කියනවා'

    “ඉතාම සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම බරපතළ අවදානමක් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. වෙනත් වචනවලින් කිව්වොත් අපිට ඉතා පැහැදිලිව පේන්න තියෙන දේ තමයි සමාජ ව්‍යාප්තියක් කියන සාධක සැළකීමේ දී සමාජ ව්‍යාප්තියක් අභියසට ලංකාව ඇවිත් තියෙනවා කිව්වොත් නිවැරදි. ඊයේ දිනයේ දීත් ලංකාවේ රෝගීන් 300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ රෝගීන්ගෙන් අති බහුතරය සමාජය තුළින් තමයි වාර්තා වෙලා තියෙන්නේ. සමාජ ව්‍යාප්තියක් කරා ගියොත්, දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. අපි මේ අරන් තියෙන ක්‍රියාමාර්ග නම් ගන්නේ, රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සම්බන්ධයෙන් අපිට යම් භයානක තැනකට තමයි යන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම ඉදිරි මාස 2ක තුළ අසාමාන්‍ය ඉහළ මරණ ගානක් බලාපොරොත්තු වෙන්න වෙනවා රටක් විදියට අපි අද දවසේ හරි තීරණ ගත්තේ නැත්නම්. අවධානම් දිස්ත්‍රික්ක 5ක් අපි හඳුනාගෙන තියෙනවා. කොළඹ, ගම්පහ, කළුතර, ඊට අමතරව අපි ගත්තහම කෑගල්ල සහ කුරුණෑගල නමුත් තව දිස්ත්‍රික්ක කිහිපයක දැන් අවදානම් තත්ත්වයක් මතුවෙමින් තියෙනවා. අපි කියන්නේ ඒ තත්ත්වයක් පාලනය කිරීමට නම් මේ දිස්ත්‍රික්ක 5 තුළ දිස්ත්‍රික් මායිම් සම්බන්ධයෙන් යම් සීමා පැනවීමක් සිදුවිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකායටත් අපි යෝජනා කරලා තියෙනවා. මේ තීරණ ප්‍රමාද වීම තුළ රටට භයානක ප්‍රතිඵල ලැබීමට නියමිතයි.“
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අලුතෙන් එකෙක් හම්බුන ගමන් ඒකට අසවල් පොකුර කියල නමක් දානව එතකොට ඒකත් සමාජෙන් නෙවෙයි අසවල් පොකුරෙන් :yes:

    කොහොමද ටිකිරි මොලේ...