කොරෝනා දෙවන රැල්ල ආවේ යුක්රේන සේවකයන්ගෙන්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දෙවන කොරෝනා රැල්ලක් ඇතිවීම සඳහා ශ්‍රී ලංකාවට කොරෝනා වයිරසය යළි ඇතුළු වූයේ, ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි යුක්රේන ගුවන්සේවයේ ගුවන් යානා කාර්යමණ්ඩලයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය විසින් කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද පැවසූයේ මෙම කණ්ඩායම සීදුව ආසන්නයේ හෝටලයක පසුගිය සැප්තැම්බර් මාසය මුලදී නවාතැන් ගෙන සිටි බවයි.

    image_ee57f3e961.jpg


    ඩේලි මිරර් පුවත්පත වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් වෛද්‍ය සුදත් සමරවීර මහතා එසේ පැවසීය.

    ''නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිසගෙන් හෝ වයිරසය ඇති බව හඳුනානොගත් පිරිසගේ පැමිණීම නිසා කොරෝනා වයිරසයේ දෙවනි රැල්ල යළිත් රටට පැමිණියා වෙන්න පුලුවන්. නමුත් දැනට තහවුරු වන කරුණු අනුව වඩාත් පිළිගන්න පුලුවන් වන්නේ යුක්රේන ගුවන් සේවයට අයත් යානා කාර්යමණ්ඩලයෙන් වයිරසය පැමිණි බවයි'

    යුක්රේන ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයේ 11දෙනෙක් ඉකුත් සැප්තැම්බර් 11 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන්ව සීදුව හෝටලයක නිරෝධායනය කෙරිණි. ඔවුන් නික්මයාමට පෙර හෝටල් පරිශ්‍රයෙහි සමුගැනීමේ සාදයක් පැවති අතර, ඊට බාහිර පුද්ගලයන් ද සහභාගී වූ බව වාර්තා වී තිබේ.

    මෙම කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සැප්තැම්බර් 13වැනි දින තහවුරු විය. ඔහු කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරිණි. පසුව එම හෝටලයේ සේවකයන් 5දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගැණිනි.

    Source: http://www.lankadeepa.lk/latest_news/කොරෝනා-දෙවන-රැල්ල-ආවේ-යුක්රේන-සේවකයන්ගෙන්/1-584312
     

    Similar threads