කොරෝනා දෙවැනි රැල්ල

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    💥 කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා දෙවැනි රැල්ලක ආරම්භයද💥

    ⛑️කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ අද දින සොයා ගත් නව රෝගීන් 56 දෙනා සහ නාත්තන්ඩිය කොට්ටරාමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ එම කඳවුරේ උපදේශක කාන්තාව නවතම රෝගීන් පොකුරට අයත් වෙනවා.

    ⛑️මෙම කාන්තාව නිවාඩු ලබා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් පොළොන්නරුව , කුරුණෑගල , දංකොටුව හරහා කොට්ටරාමුල්ලට පැමිණ තිබෙනවා.

    ⛑️මේ ගමන අතරතුර ඇය මුව වැස්මක් භාවිතා කර ඇති නමුත් ඇය සමීපයෙන් සිටි අය සොයා ගැනීමේ පැහැදිලි දුශ්කරතා රාශියක් තිබෙනවා.

    ⛑️නිවසට පැමිණීමෙන් පසු අසනීප ස්වභාවය නිසා පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගෙන ඇති අතර අසල්වැසි නිවසකට සහ ඇඳුම් මසන ස්ථානයකට ගොස් තිබෙනවා. මේ සියළු දෙනා හදුනාගෙන නීරෝධායනයට යොමු කොට අවසන්.

    ⛑️කඳවුරේ තවත් කීපදෙනෙකු නිවාඩු ලබා ගොස් ඇති අතර ඔවුන්ගෙන් සමාජ ගතවීමට පෙර සියලු දෙනා කඩිනමින් පරීක්ෂාකර නීරෝධායනයට යොමු කල යුතුව තිබෙනවා

    ⛑️පුනුරුත්ථාපනය වෙමින් සිටින රැදවියන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් ඔවුන් ගේ සුවදුක් බැලීමට එම මධ්‍යස්ථානය වෙත පැමිණ ගොස් ඇති අතර මේ සියළු දෙනා නීරෝධායනයට ලක් කෙරෙනවා.

    ⛑️ නමුත් මෙම අමුත්තන් බොහොමයක් පොදු ප්‍රවාහන භාවිතා කර ඇති අතර ගම්බිම් බලා ගොස් දින කීපයක් වෙනවා. ඔවුන් සියලු දෙනාට PCR පරීක්ෂණ සිදු කර අවශ්‍ය අය සහ ඔවුනගේ සමීප සම්බන්ධතා පැවත්වූවන් නීරෝධායනයට ලක් කලයුතු වෙනවා

    ⛑️එම පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් සහ බාහිර සමාජය අතර විවිධ සබදතා පැවත ඇති අතර මේ සබඳතා හරහා කොතෙක් දුරට ව්‍යාප්තව ඇතිදැයි සොයා බැලීම අතීශය දුෂ්කර කාර්‍යයක් වනු ඇත.

    ⛑️නැවතත් තමන් ආසන්නයේ සිටින සියලු දෙනා ආසාධිතයින් සේ සලකා ක්‍රියා කිරීම නුවණට හුරුය

    ⛑️සියළුම දෙනා නිවරදිව මුව වැසුම් පැළඳීම , අත් නිතර සබන් දමා සේදීම සහ සමාජ දූරස්ථභාවය පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

    ⛑️පොදු ප්‍රවාහන සේවා, කාර්‍යාල, ආපනශාලා , ව්‍යාපාරික ස්ථාන සහ සියළු ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට නැවතත් සහභාගි වීම අවම කරමු

    ⛑️කෝවිඩ්19 දෙවන රැල්ලක් ඇති වීමට පෙර වලක්වා ගත හැක්කේද අපටමය

    වෛද්‍ය චමින්ද ජයසේන වියත්මග කෑගල්ල
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නිරෝධායන මද්යස්ඨාන වල වැඩ කරන ඒ උපදේශිකාව හිතල බලන්නේ නැතුව වැඩ කරලා වගේ. ගෙවල් ලග දොස්තර ලගටත් ගිහිල්ලනේ.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඕක ලොකුවට යන එකක් නැහැ
    කලින් නේවී එකේ කේස් එකත් ශේප් කරගත්ත එකේ මේක ලොකුවට යන එකක් නැහැ
    නේවී එකේ ය ලංකාවේ හැමතැනම ගිහින් ඉදලත් පාලනය කරගන්න පුළුවන් උනානේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඕක ලොකුවට යන එකක් නැහැ
    කලින් නේවී එකේ කේස් එකත් ශේප් කරගත්ත එකේ මේක ලොකුවට යන එකක් නැහැ
    නේවී එකේ ය ලංකාවේ හැමතැනම ගිහින් ඉදලත් පාලනය කරගන්න පුළුවන් උනානේ
    Navy eke aya hariyata wisthara dunna aduwak nathuwa eka godak clear nisai ehema une.

    Meke public transport giyapu aya nisa eka loku prashnayak. public transport use karala thiyenawane eya hambuna anik minissuth

    Namuth dan godak aya mask daana nisa hondai, eath daanne namata mask wage. oka galo galo nahaya kasa kasa thamai inne
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක නේවි එකට වඩා ටිකක් කේස් වෙන්න පුලුවන්. ඔතනින් නෑවතිලා නෑතිව එලියට ඈවිල්ලා නම් අපි ලොකු ප්‍රශ්ණෙකට මුණ දෙනවා. සෙල්ලම් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: SadSandun

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    නිරෝධායන මද්යස්ඨාන වල වැඩ කරන ඒ උපදේශිකාව හිතල බලන්නේ නැතුව වැඩ කරලා වගේ. ගෙවල් ලග දොස්තර ලගටත් ගිහිල්ලනේ.
    ඒකි වැඩකරේ නිර්‍රෝධායන මද්‍යස්තානයක නෙවෙයි බොල පුනරුත්තාපන මද්‍යස්තානයක😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    ඕක ලොකුවට යන එකක් නැහැකලින් නේවී එකේ කේස් එකත් ශේප් කරගත්ත එකේ මේක ලොකුවට යන එකක් නැහැ
    නේවී එකේ ය ලංකාවේ හැමතැනම ගිහින් ඉදලත් පාලනය කරගන්න පුළුවන් උනානේ
    :baffled::baffled::baffled:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒකි වැඩකරේ නිර්‍රෝධායන මද්‍යස්තානයක නෙවෙයි බොල පුනරුත්තාපන මද්‍යස්තානයක😂
    හරි යකෝ ඉතින් කුඩු කාරයෝන්ගෙන් නේ වැඩියෙන්ම ලෙඩේ පැතිරුනේ. ඔතනට අනිවා පහු ගිය කාලේ කට්ටිය ගෙනත් දාන්න ඇතිනේ. සෞඛ්‍ය පිළිවෙත් අනිවාරෙන් පිළිපදින්න කියල ඇතිනේ. ඉතින් ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ අනිවා. ඉන්න තැන නිරෝධායනද නැද්ද කියල නෑ.
     
    • Dislike
    Reactions: bestdivx

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    ඕක ලොකුවට යන එකක් නැහැ
    කලින් නේවී එකේ කේස් එකත් ශේප් කරගත්ත එකේ මේක ලොකුවට යන එකක් නැහැ
    නේවී එකේ ය ලංකාවේ හැමතැනම ගිහින් ඉදලත් පාලනය කරගන්න පුළුවන් උනානේ
    e kale curfew dan melo deyak ne
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමුවී තිබෙනවා.

    Another 196 persons at Kandakadu Rehabilitation Centre tested positive for Covid-19 raising total to 252 so far - DG Govt Info Dept- adaderana.lk

    සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ,එම මධ්‍යස්ථානයේ ඊයේ දිනයේ සිදුකළ pcr පරීක්ෂණ 338 ක ප්‍රතිඵල මේ වනවිට ලැබී ඇති අතර ඒ අතරින් මෙම ආසාදිතයින් හඳුනා ගත් බවයි.

    ඊයේ දිනයේ හඳුනාගත් අසාදිතයින් 56 දෙනා සමග අදාළ මධ්‍යස්ථානයෙන් මේ වනවිට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 252 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ එම මධ්‍යස්ථානයේ PCR පරීක්ෂණ සිදුකරමින් පවතින අතර තවදුරටත් ආසාදිතයින් වාර්තාවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි.
    #adaderana#deranaaruna

    second wave awilla ayet curfew dala wahanna unot mala magulai wenne
    danatamath economy ekata patta impact ekak wela tiyenne
    poddak hari mehema adagena yanne rata athule operations wena nisa

    mona wave awath election ekata kalin curfew, lockdown karanne na :P
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    "කඳවුරේ උපදේශක කාන්තාව" මේවගේ අයව බස් වල යවන එක ගැන හිතන්න ඒපැයි..බන් මටනම් හිතෙන්නේ හිතාමතා කරපු දෙයක් වගේ.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,910
    4,319
    113
    "කඳවුරේ උපදේශක කාන්තාව" මේවගේ අයව බස් වල යවන එක ගැන හිතන්න ඒපැයි..බන් මටනම් හිතෙන්නේ හිතාමතා කරපු දෙයක් වගේ.

    ඇයි බන් මෙහෙම දෙයක් හිතාමතා කරන්නේ ??
     
    • Like
    Reactions: T Eranga

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    "කඳවුරේ උපදේශක කාන්තාව" මේවගේ අයව බස් වල යවන එක ගැන හිතන්න ඒපැයි..බන් මටනම් හිතෙන්නේ හිතාමතා කරපු දෙයක් වගේ.
    උපදේශනෙ කදවුරේනේ බන්.. නිරෝධායන මධ්‍යස්තානෙ නෙවෙයි... ඒ නිසා ඕක වැරැද්දක් නෙවෙයි.. මෙතන ප්‍රශ්නෙ නිරෝධායනේ ඉන්න කුඩ්ඩෝ උපදේශන කදවුරට දාද්දි වෙච්ච මිස්ටේක් එකක්.. එක්කෝ pcr side එකේ, නැත්තම් disinfection side එකේ.. ඇදුම් වලින් හරි බඩු බෑග් වලින් හරි germs ගියාද දන්නෑ:baffled:
     
    • Like
    Reactions: navinnuwan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    දැන් කාටද කියන්න පුලුවන් මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන කදවුරට කොරෝනා ගෙනිච්චේ මේ ගෑනු කෙනා නෙවෙයි කියලා ? :baffled:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    දැන් කාටද කියන්න පුලුවන් මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන කදවුරට කොරෝනා ගෙනිච්චේ මේ ගෑනු කෙනා නෙවෙයි කියලා ? :baffled:
    මත් ද්‍රව්‍ය භාවිතය නිසා තමයි මේ වගේ කඳවුරක් හදල තියෙන්නෙ. එහෙම කඳවුරක් තිබුණේ නැත්තන් අද මේ ප්‍රශ්නෙ නෑ.
    මත් ද්‍රව්‍ය භාවිතය තහනම් කරා නම් මෙහෙම කඳවුරක් අවශ්‍ය වන්නේ නැහැ සහ අද වන විට මේ තත්ත්වය උදා වෙන්නේ නෑ. කල්පනා කරන්න ඕන දෙයක් නේද?
    මෙකට සම්පූර්ණ වරද ගෝඨාභය නේද? පඹයෙක් නොවී ආපු ගමන් මත් ද්‍රව්‍ය භාවිතය තහනම් කරා නම් ඉවරයි.
    Ruchira55 ඇවිල්ලා මොනා හරි කියන්ඩ කො