කොරෝනා නම සහ අර්ථය

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    කොරෝනා නම සහ අර්ථය

    කොරෝනාවෛරස් කියලා වර්තමාන වෛරස් තත්වයට සරලව නම දුන්නට කොරෝනාවෛරස් කියන්නෙ වෛරස් අයත් කුලයක්. කොරෝනාවයිරිඩේ (Coronaviridae) කුලයට තමයි කොරෝනාවෛරස් අයත් වෙන්නේ. සාමාන්‍ය උණ තත්වයන්ගෙ ඉඳන්, SARS, MERS වගේ දරුණු තත්වයන් වෙනකන් මේකෙ විවිධ ආකාර තියෙනවා. මේවා සියල්ලම කොරෝනාවෛරස් ලෙස තමයි හඳුන්වන්නේ. තාම මේ අලුත් වෛරස් තත්වයට නාමයක් දීලා නෑ. ඒ හේතුව නිසා තමයි හඳුන්වන්නේ නව කොරෝනාවෛරසය කියලා (Novel Coronavirus). ඒ අර්ථයෙන් තමයි 2019 nCoV කියලා හඳුන්වන්නේ.
    කොරෝනාවෛරිඩේ කුලයට තියෙන විශේෂිත ලක්ෂණය තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරද්දි දකින්න ලැබෙන සූර්ය රැස් වළල්ල වගේ පිහිටන කිරීටය. ග්ලයිකොප්‍රෝටීන් වලින් නිර්මිත උපාංග නිසා තමයි මෙයාකාරයට වෛරස් ව්‍යහුය දකින්න පුළුවන් වෙන්නේ. ලතින් භාෂාවෙන් කොරෝනා (corona) කියන්නේ ඔටුන්න, කිරීටය වගේ අරථයක්. Crown කියන ඉංග්‍රීසි පදය බිඳිලා එන්නෙත් මේ වචනයෙන්. මේ හේතුවෙන් තමයි කොරෝනාවෛරස් නිරුක්තිය ලැබෙන්නේ.

    ©Diary of Evolution
     
    • Like
    Reactions: Dishta Didin