මම දන්න උපරිම ඉගෙනගත්ත එකෙක් උනත් දොස්තරව විශ්වාස කරලා බෙහෙත් බොනවා මිසක් බෙහෙත්වල ජාතකේ හොයන්නේ නෑ. උඹ දැකලා තියෙනවද හොස්පිට්ල්වල මිනිස්සු මේ බෙහෙත් කොහේ හදන එකක්ද? කොහෙන්ද එන්නේ? මුලින් හොයාගත්තේ කවුද? ලංකාවට ගේන්නේ කවුද කියලා අහනවා? එහෙම අහන එවුන් ලංකාවේ ඉන්නවනම් මෙච්චර පිළිකාකාරක, අන්තරාදායක රසකාරක, වර්ණ අඩංගු කිරිපිටි, කොකාකෝලා, ක්ෂණික නුඩ්ල්ස්, සුප් කැට ලංකාවේ විකිනෙනවද?
ඔතන තියෙන්නේ Ego එකේ ප්රශ්නයක්. සරමයි ෂර්ට් එකයි ගහගෙන ඉන්න වෙදාගෙන් බෙහෙත් ගන්න බෑ ඒක status එකට මදිකමක්. හැමෝම ආස සුදු කෑල්ලක් good morning sir කියලා පිළිගෙන AC room එකේ වාඩි කරවලා,සුදු ඇඳගත්ත ඩොකෙක් ඇවිත් පුකටත් එක්ක stethoscope එක තියලා බෙහෙත් දෙනවනම්. වෙදා කොච්චර හොඳ උනත් නිකන් බෙහෙත් දුන්නත් ඒවාට සනීප උනත් ඒ නිකන් වෙදා. ඩොකා මාසෙම පඩියට ඇරියත් ඒක වටිනවා.