කොරෝනා - වැරදුන PCR පරීක්ෂණ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    විදුලි පුද්ගලික සමාගමේ කඳාන කාර්යාලයේ සේවය කළ ගාල්ල පෝද්දල පදිංචිකරුවකු කොරෝනා ආසාදනය වී ඇති බවත් ඔහු භාවිතා කළ පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් කළ අය පවා සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත්වන ලෙසත් අප rata.lk වෙබ් අඩවිය මීට පෙර වාර්තා කරන ලදී. එම තොරතුරු ප්‍රකාශයට පත්කරනු ලැබුවේ සෞඛ්‍ය බලධාරීන් සහ කොවිඩ-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් ලබාදුන් තොරතුරු පදනම් කරගනිමිනි. අදාල කරුණු සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන හෝ පුද්ගලයන් වෙතින් මේ බව තහවුරු කිරීමෙන් හැර අප වෙබ් අඩවියේ පුවත් පළ කරන්නේ නැත.
    මෙම පුවත පළවීමෙන් දිනකට පසු අසාදිත පුද්ගලයා ලෙස හැඳින්වූ මහත්මයා අපවෙත කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ තමන් අසාදිතයකු නොවන බවයි. තමන් අසාදිතයකු බවට පත්කර ඇත්තේ පුද්ගලික රෝහලකින් පීසීආර් පරීක්ෂණය සම්බන්ධයෙන් ලබාදුන් වැරදි තොරතුරක් පදනම් කරගෙන බව ද ඒ මහතා කියා සිටියේය. ඒ බව ඔහු දැනුම් දුනේ 2020-10-15 වැනි දින සවස 2.00ට පමණය. ඒ මොහොතේ පටන් අප එම මහත්මයා කියූ කරුණු නිරවද්‍ය දැයි සොයා බැලීමට අදාල බලධාරීන් ඇමතුව ද කිසිවෙකුත් ඒ බව තහවරු කළේ නැත. දිගින් දිගටම ඒ මහත්මා තමන්ට සිදුවූ අසාධාරණය නිවැරදි කරන්න යැයි අපෙන් ඉල්ලා සිටිය ද අසාදිතයකු යැයි සෞඛ්‍ය අංශ විසින් පවසන ඔහු තමන් ආසාදිතයකු නොවේ යැයි කරනු ලබන ප්‍රකාශයන් සෞඛ්‍ය අංශ වෙතින් යළි තහවුරු කරගන්නා තුරු ප්‍රකාශයට පත්කිරීම අප මාධ්‍ය ප්‍රතිපත්තිය අනුව නොහැකිවීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි. නමුත් අප ගත් උත්සාහයන් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරු හා නිලධාරීන් කිහිපදෙනකුගෙන් අද (16) රාත්‍රී 7.30 ට පමණ අදාල කරුණු තහවුරු කරගැනීමට හැකියාව ලැබිණි. එබැවින් පුද්ගලික රෝහලේ වැරදි වාර්තාවක් හේතුවෙන් අසාධාරණයට ලක්වූ ඒ මහතාගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාදවීම පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. අගතියට පත්වන පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටීමත් කිසිවකු අගතියට පත් නොකිරීමත් අප මාධ්‍ය භාවිතයේ ප්‍රතිපත්තිය වුව ද සෞඛ්‍ය බලධාරීන් යම් කරුණක් සනාථ කරන තුරු කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කරුණු සඳහන් කිරීමට අපට හැකියාවක් නොමැති බව ද යළිත් සහිපත් කරන්නෙමු.)




    ගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුනා ගනු ලැබුවේ වරදීමකින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සඳහන් කරනවා.

    පෞද්ගලික රෝහලක සිදුකළ මෙම පීසීආර් පරීක්ෂණ වාර්තා වැරදි ලෙස ලබාදී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සඳහන් කරනවා.

    මෙම වැරදි වාර්තා හේතුවෙන් කඳාන ලෙකෝ ආයතනයේ සේවකයන් කිහිප දෙනකු සහ තවත් පෞද්ගලික ආයතන කිහිපයක සේවකයන් කොරෝනා රෝගීන් යොමුකරන රෝහල්වලට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

    එම රෝහල තමන් දුන් වාර්තාව වැරදි බව පසුව ප්‍රකාශ කිරීමත් සමග එම සේවකයන් රෝහල් වලින් ඉවත්කර නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත.

    පසුව විදුලි පෞද්ගලික සමාගමේ නිලධාරීන් අතරින් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු නොවූ හත් දෙනකු ආපසු යැවීමට කටයුතු කර ඇත.

    නමුත් මේ වන විට ලෙකෝ සමාගම තම ආයතනයේ සේවය කරන සාමාජිකයන් සඳහා ගෙවීම් සිදුකර නිරෝධායනය විය හැකි හෝටල් වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

    ලෙකෝ සමාගමේ නිලධාරීන් ඒ අනුව දික්වැල්ල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් තම අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටින බවයි.

    ඔවුන්‍ කොරෝනා ආසාදිතයන් සිටින රෝහලට යොමු කළ දින සිට දින 14කින් යළි පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බවත් එම ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ වෛද්‍යවරයකු සඳහන් කරනවා.
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    70%ලු බන් PCR හරි යාමේ % එක..එකෙනුත් පුද්ගලික ඒවගේ 50% වගේ ඇත්තේ..රුසියන් එකගේත් වෙරද්දුවේ මාතර පුද්ගලික එකක්නේ
     
    • Like
    Reactions: erozan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,504
    25,805
    113
    Asiri?

    7 USD high quality Korean වගේ වෙන්නේ.....accuracy 70%

    ලාභෙට ගේම ගහන ඒවා 2-3 USD වගේ තියෙනවා. accuracy 30-50%වගේ
     
    • Like
    Reactions: erozan

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    වරදින එකත් හොදයි බන් වැඩි ආරක්ශාවට :lol:
    ඒඑ මනුස්සයා IDH දැම්මට පස්සේ එතනින් ලෙඩේ මේ මනුස්සයට බෝ වෙන්නේ නෑ කියලා කවුද වගකියන්නේ
     
    • Like
    Reactions: charitha2011

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,790
    3,206
    113
    37
    @ katubedda
    වරදින එකත් හොදයි බන් වැඩි ආරක්ශාවට :lol:
    එකේ දෙපැත්තක් තියෙනවනේ මචන්. කොරොනා පොසිටිවු එකෙක් ටෙස්ට් එක කරලා රිපොට් එක පොසිටිවු නොවීමේ පැත්තත් තියෙනවනේ..
     
    • Like
    Reactions: charitha2011

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    පුද්ගලික රෝහල් අමුතු ගේමක් ගහන්නේ. PCR කරන්න එන හැමෝගෙන්ම සල්ලි අරගන්නවා. සැක හිතෙන ලෙඩ්ඩු කෙලින්ම පොසිටිව් කියල රිපෝට් දීල රජයේ රෝහල් වලට යවනවා. රජයෙන් නොමිලේ හරියට PCR එක කරනවනේ. පවුද්ගලික රෝහලේ මල්ල කරේ. සැකයක් තියනවා නම් අනිවාර්යෙන්ම රජයේ එකකට ගිහින් ටෙස්ට් කරගන්න.