කොලඹ සන්නිය චිත්‍රපටය ඇමරිකානු ටෙලි නාට්‍යක උපුටනයක් ද ?

Fail T

Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    The_Beverly_Hillbillies.jpg


    1976 වසරේ මානික් සන්ද්‍රසාගර විසින් අධ්‍යක්‍ෂණය කරන ලද කොලඹ සන්නිය චිත්‍රපටය ඇමරිකානු විකට ටෙලි නාට්‍යක් වන The Beverly Hillbillies ඇසුරෙන් නිපදවන ලද්දක් බවට සිතීමේ සාධක තිබේ.

    මානික් සන්ද්‍රසාගර යනු බටහිර සිනමාව පිලිබඳව දැණුමක් තිබූ පුද්ගලයෙකි. ඔහු අනිවාර්‍යෙන් The Beverly Hillbillies නරඹා තිබුනු බව කිව හැකිය. මෙම කථා දෙක අතර බොහෝ සමානකම් තිබේ. කොලඹ සන්නිය චිත්‍රපටයේ අහඹු ලෙස මැණිකක් හමු වීම නිසා ධනවත් වී කොලඹ එන ග්‍රාමීය පවුලක් ගැන කතාවකි. කොලඹ ජීවිතයේදී ඔවුන් මුහුණ දෙන සංස්කෘතික හා සමාජීය ගැටළු හාස්‍ය මුසුව චිත්‍රපටයේදී නිරූපනය වෙයි. මෙම චිත්‍රපටයේ ජෝ අබේව්ක්‍රම ( අන්දරේ ) එඩී ජයමාන්න ( ජාකෝලිස් ) අන්දරේ ගේ අක්කා ( දෙනවක හාමිනේ ) අන්දරේ ගෙ දුව ( ගීතා කුමාරසිංහ ) ෆ්‍රෙඩී සිල්වා , දයා අල්විස් චරිත නිරූපනය කළහ.

    ද බෙවර්ලි හිල්බිලීස් යනු 1962 සිට 1971 දක්වා විකාශය වූ ඇමරිකානු රූපවාහිනී කතා මාලාවකි. දුප්පත් (රෙඩ් නෙක්) ගොවියෙකු වන ජෙඩ් ක්ලැම්පට් ඔහුගේ දියණිය, මිත්තනිය සහ ඥාති පුතෙකු සමග මිසූරි හි ඕසාර්ක් කඳුකරයේ ජීවත් වෙති. ඔවුන් දුප්පත් සහ නූගත් ගොවීන් වන අතර ඔවුන් ගේ ඉඩමේ තෙල් හමුවීමත් සමගම ක්‍ෂණිකව ධනවත් වූ ගොවි පවුල කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස් විශාල නිවසහ් මිලදී ගෙන ධනවත් සහ සංස්කෘතික ජීවිතයකට අපහසුවෙන් හුරු වීමට උත්සහ දරති. එම උත්සහයේදී නොයෙකුත් හාස්‍ය ජනක දේ සිදුවේ.

    ද බෙවර්ලි හිල්බිලීස් හි මෙන් කොලඹ සන්නිය චිත්‍රපටයේ නූගත් ගැමියා, ආච්චි සහ දියණිය චරිත ඇත. එසේම සමහර අවස්ථා වලදී ද බෙවර්ලි හිල්බිලීස් වල අඩංගු විකට ජවනිකා උදාහරණයක් ලෙස ලිඳක් ගෙවත්තේ කැපීමේදී පොලව යට තිබෙන වතුර පයිප්ප හාණිවී වතුර මතුවීම , දියණියට උසස් සංස්කෘතියට ගැලපෙන ලෙස ඇඳුම් ඇඳීමට සහ හැසිරීමට උගන්වන චරිතය යනාදිය අඩංගු වෙයි. එසේම පැරණි වර්ගයේ මෝටර් රථය මෙම චිත්‍රපට දෙකේම දක්නට ඇත. මේ අනුව කොලඹ සන්නිය චිත්‍රපටය ඇමරිකානු ටෙලි නාට්‍යක් වන ද බෙවර්ලි හිල්බිලීස් උපුටනයක් ලෙස සිතීමේ බොහෝ සාධක තිබේ. එහෙත් මානික් සන්ද්‍රසාගර කොලඹ සන්නිය චිත්‍රපටය නිපදවා තිබෙන්නේ ශ්‍රී ලාංකියාට අවබෝධ වන හාස්‍යද ඊට එකතු කරගෙනය.
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මේක රුවන් ජයතුංග ලියපු එකක්ද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    බහුතරය කොපි තමයි. නලුවොත් ගෙඩි පිටින් කොපි කලේ. බන්දුවව දැක්කාම මට පෙන්නේම jim carrey ව බාලෙට කොපි කරලා වගේ
     
    • Like
    Reactions: RealityOfX