වර්ණපාල තියරිය-කොල්ලට අකමැති කෙල්ලම ඇවිත
කොල්ලට අකමැති කෙල්ලම ඇවිත් කොල්ලට ආදරෙයි කියන කැම්පස් තියරිය මෙන්න
විශ්වවිද්‍යාලවල හරි අපූරු දේවල් වෙනවා. විවිධාකාර පුද්ගලයන් එකට මුහු වෙන තැනකදි කොහොමත් අපූරු දේවල් සිද්ද වෙන එක අහන්න දෙයක් නෑනේ. ඉතින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නෙත් හරි අපූරු සංස්කෘතියක් තියෙන ලංකාවේ ලස්සනම විශ්වවිද්‍යාලය කිව්වොත් හරි.
හන්තාන කදු වලල්ලෙන් වට වෙච්ච පේරාදෙණිය මල් උයන පෙම්වතුන්ගේ පාරාදීසයක්. ඒ ගැන විවිධ කතා විතරක් නෙමේ ගීත පවා ලියවිලා තියෙනවා.ඉතින් මේ තව එක අපූරු හාස්‍යජනය සිදුවීමක්.
මීට අවුරුදු ගනනාවකට කලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉගෙනුම ලබලා තියෙනවා වර්ණපාල කියලා කොල්ලෙක්. මේකා ටිකක් කැත පොරක් ලු. ඒවගේම පොශ් ඩෑල් එකකුත් නෙමේලු.
මිනිහගෙම වසරේ ඉදපු ලස්සනම කෙල්ලෙක්ට මේ වර්ණපාලගේ හිත ගිහින් තියෙනවා.
පස්සේ වර්ණපාල කෙල්ලගෙන් කැමැත්ත අහන්න හිතුවත් මිනිහටම තේරුනාලු ඒකි කොහොමත් කැමති වෙන්නෙ නෑ කියන එක.
ඉතින් වර්ණපාල කරලා තියෙන්නේ ඔය කෙල්ල පාඩම් කරන්න බංකුවක් ළඟට එහෙම නැත්නම් යන එන ගමන් පදුරක් අස්සේ රැකලා ඉදලා කෙල්ල එනකොටම "ආ. ආ වර්ණපාල." වර්ණපාල කියලා කෙල්ලට ඇහෙන්න කියනවලු.කෙල්ල වර්ණපාල කියන්නේ කව්ද කියලවත් දන්නෙ නෑලු.
ඉතින් උත්සහය අත අරින්නෙ නැතුව වර්ණපාල මාස දෙක තුනක්ම මේ විදියට හැංගිලා පදුරු අස්සේ "ආ...ආ වර්ණපාල වර්ණපාල" කියලා ඇහෙන්න කියනවලු.
පස්සේ මේක වටේ ලීක් වෙලා ෆැකල්ටියේ හැම එකාම අර කෙල්ලට "ආ..ආ වර්ණපාල වර්ණපාල" කියලා කින්ඩිය දාන්න ගත්තලු.කෙල්ලට මේක හෙන ප්‍රශ්නයලු.
පස්සේ කෙල්ල හෙව්වලු කවුද මේ වර්ණපාල කියලා. බැලින්නම් කැතම කැත කොල්ලෙක් ලු... කෙල්ලට යකා නැගලා ඊටපස්සේ වර්ණපාලයට ලැවරි පනින්න බැනලා තියෙනවා .
ඉතින් වර්ණපාල බිම බලාගෙන අහගෙන ඉදලා හැරෙන තැපෑලෙන් ආයෙමත් "වර්ණපාල ආ..ආ වර්ණපාල" කියලා සුපුරුදු වැඩේ පදුරු අස්සේ ඉදන් කෙල්ල එනකොට කියාගෙන ගියාලු..
පස්සේ වර්ණපාලම කෙල්ල ළඟට ගිහින් කියනවලු. "බලන්න අනේ මේ කට්ටියට පිස්සුද කොහෙද? අපි දෙන්නා යාලුයි නේද කියලා අහනවා.. මං කොතන හිටියත් ඔයාගේ නම කියලා විහිලු කරනවා" කියලා.
දැන් මාස පහ හයක් යනකොට පේරාදෙණියේ බහුතරයක් කෙල්ලට "වර්ණපාල ආ..ආ වර්ණපාල" කියලා කින්ඩි දාන කොට කෙල්ලට වර්ණපාල ගැන අනුකම්පාවක් හිතිලා.
අනිත් එක දැන් හැමෝම වර්ණපාලගේ නම කියලා විහිලු කරනවත් එක්කනේ.. ඊට පස්සේ කෙල්ලම වර්ණපාල ට ආදරේ ප්‍රකාශ කරලා.
ඉතින් එදා ඉදන් ඔය වගේ වර්ණපාලලා අනන්ත කැම්පස් ඇතුලේ ඉන්න නිසා වර්ණපාලව අනුස්මරණය වෙන්නත් එක්ක " වර්ණපාල ටියරිය " කියලා ක්‍රමවේදයක් කැම්පස් ඇතුලේ හැදෙනවා
උඹලත් අදුනන වර්ණපාලලා ඉන්නවනම් යටින් ටැග්කරගෙන යන්නත් පුලුවන්
(මෙහි වර්ණපාල යනු අද මහාචාර්ය වර්ණපාල වන අතර මෙම ද්‍රවිඩ යුවතිය ඔහුගේ ප්‍රිය බිරිද විශ්වා වර්ණපාල වේ)
උපුටාගැනීම - අන්තර්ජාලයෙනි

Last edited: