elaz rep +2
randitha chathumal Well-known member Jul 16, 2011 5,699 1,070 113 Jan 12, 2012 #23 randitha chathumal said: elaz rep +2 Click to expand... rep baelu
damii87 Well-known member Jul 4, 2011 1,685 720 113 **ලුනු ලේවායේ** Jan 12, 2012 #24 කලිසමට බෙල්ට් එකක් කලිසමක් අඳිනවනම් අනිවා බෙල්ට් එකකුත් ඕනි වෙනවා. නැත්තං ඉතිං හැලෙනවනෙ. මං කියල දෙන්න යන්නෙ හරි ක්‍රමේට බෙල්ට් එකක් තෝරගන්න හැටි. ඔය නෝලිමිට්, ෆැෂන්බග් වගේ තැන්වල විතරක් නෙමේ පිටකොටුවෙත් බෙල්ට් තියනව පේමන්ට් එකේ. ඒත් මේව කෝකත් ගන්නකොට පරිස්සමෙන්. සමහර බෙල්ට් හදල තියෙන්නෙ යකඩ වලින් ඉතිං ඉණ කියන්නෙ නිතරම දහඩිය දාන ප්‍රදේශයක් නිසා මේ යකට බෙල්ට් ඉක්මනටම නාස්ති වෙනවා. ඒ විතරක් නෙමේ බෙල්ට් එකේ මලකඩ කලිසමෙත් ගෑවෙන්න පුලුවං. ඔබ අඳින්නෙ කොට කලිසමක් නම් සැහැල්ලු, පළලින් අඩු බෙල්ට් එකක් තෝරගන්න. ඔබ අඳින්නෙ ඩෙනිම් කලිසමක් නම් පළලින් වැඩි සමහර විට ඔබ කැමති නම් බකල් එක ටිකක් විතර විශාල බෙල්ට් එකක් තෝරගන්න පුලුවං. ඒත් සාමාන්‍ය කාර්යාල හෝ වෙනත් වැදගත් ඇඳුම් සඳහා සාමාන්‍ය පළල සහිත බකල් එකේ ඒතරම් වැඩකෑලි නැති එකක් තෝරගන්න තරමට හොඳයි. විශේෂයෙන්ම කාර්යාල ඇදුම් සඳහා දිලිසෙන බෙල්ට් පැළඳීමෙන් ඔබේ පෙනුමට අමුතු sexy ගතියක් එක බව කිව යුතුයි. . එවගේම මේ බකල් වල හැඩය පවා වැදගත්. මම නම් කියන්නෙ හතරැස් හැඩයෙන් යුත් බකල් සහිත බෙල්ට් වඩාත් පෙනුමක් තියනව. ඊ ළඟ ප්රශ්නය බෙල්ට් එකේ දිග. මුලින්ම ඔබේ ඉනේ ප්‍රමාණය මැනගන්න. එක එක අය කලිසං අඳින්නෙ එක එක තැන් වලට. සමහරු ඉණට, සමහරු බඩට. තවත් සමහරු ඉනෙන් පහලට. සාමානයෙන් කලිසම ඇඳිය යුත්තෙ ඔබේ පෙකනියේ සිට ඇඟිලි 3ක පළළ විතර පහලට මැන්නම තියන ප්‍රදේශයට. අපැහැදිලි නම් පහළ පින්තූරෙ බලන්න. මිනුම් පටියෙන් මැනල තියෙන්නෙ ඉණ. ඉතිං සමහරුන්ට මේක වෙනස් වෙන්න පුලුවං. ඉතිං දැං ඉණේ ප්‍රමාණය මැන්නනෙ. බෙල්ට් එකේ දිග, ඉණේ ප්‍රමාණයට තවත් අඟලක් එකතු කලාම කියන ප්‍රමාණයයි වෙන්නෙ. කෝකටත් බෙල්ට් එක පන්ච් කරන්න කලින් මේක හරියටම මැනගන්න. බෙල්ට් පන්ච් කරනකොට එක එක උල් වලින් අනින්න එපා. ඒ සඳහා විශේෂ අඩුවක්ම පාවිච්චි කරන්න. ඊ ළඟට වර්ණය. නිතරම සපත්තුවේ වර්ණයට බෙල්ට් එකේ වර්ණය ගලපන්න. උදා. සපත්තුවේ වර්ණය දුඹුරු නම් බෙල්ට් එකත් දුඹුරු. එවගේමයි මං කලින් කිව්වනෙ දිලිසෙන බෙල්ට් කාර්යාලයට වඩාත් සුදුසුයි කියල. එහෙම කිව්වෙ දිලිසෙන සපත්තු වලට වඩාත් ගැලපෙන්නෙ දිලිසෙන බෙල්ට් වීම නිසා. අවසාන වශයෙන් කලිසම ඇඳල ගෙදර ආවම බෙල්ට් එක ගලවල පැත්තකින් එල්ලල තියන්න. බෙල්ට් රෝල් කරන්න එපා. එහෙම කලාම මැහුම් ගැලවෙනවා. ඒ වගේම මෙන්න මේ ටිකත් මතක තියාගන්න. ගොඩක් විශාල බකල් සහිත බෙල්ට් අඳින්න එපා ඒව හරියන්නෙ කව් බෝයිස්ලට. ඒ වගේම බෙල්ට් නැතුව ෂර්ට් යටකරල කලිසම් අඳින්නම එපා. එහෙම ඇන්දම හරි කැතයි . බෙල්ට් එකක් නැත්තං ෂර්ට් එක යට නොකර උඩින් දාල යන්න.
කලිසමට බෙල්ට් එකක් කලිසමක් අඳිනවනම් අනිවා බෙල්ට් එකකුත් ඕනි වෙනවා. නැත්තං ඉතිං හැලෙනවනෙ. මං කියල දෙන්න යන්නෙ හරි ක්‍රමේට බෙල්ට් එකක් තෝරගන්න හැටි. ඔය නෝලිමිට්, ෆැෂන්බග් වගේ තැන්වල විතරක් නෙමේ පිටකොටුවෙත් බෙල්ට් තියනව පේමන්ට් එකේ. ඒත් මේව කෝකත් ගන්නකොට පරිස්සමෙන්. සමහර බෙල්ට් හදල තියෙන්නෙ යකඩ වලින් ඉතිං ඉණ කියන්නෙ නිතරම දහඩිය දාන ප්‍රදේශයක් නිසා මේ යකට බෙල්ට් ඉක්මනටම නාස්ති වෙනවා. ඒ විතරක් නෙමේ බෙල්ට් එකේ මලකඩ කලිසමෙත් ගෑවෙන්න පුලුවං. ඔබ අඳින්නෙ කොට කලිසමක් නම් සැහැල්ලු, පළලින් අඩු බෙල්ට් එකක් තෝරගන්න. ඔබ අඳින්නෙ ඩෙනිම් කලිසමක් නම් පළලින් වැඩි සමහර විට ඔබ කැමති නම් බකල් එක ටිකක් විතර විශාල බෙල්ට් එකක් තෝරගන්න පුලුවං. ඒත් සාමාන්‍ය කාර්යාල හෝ වෙනත් වැදගත් ඇඳුම් සඳහා සාමාන්‍ය පළල සහිත බකල් එකේ ඒතරම් වැඩකෑලි නැති එකක් තෝරගන්න තරමට හොඳයි. විශේෂයෙන්ම කාර්යාල ඇදුම් සඳහා දිලිසෙන බෙල්ට් පැළඳීමෙන් ඔබේ පෙනුමට අමුතු sexy ගතියක් එක බව කිව යුතුයි. . එවගේම මේ බකල් වල හැඩය පවා වැදගත්. මම නම් කියන්නෙ හතරැස් හැඩයෙන් යුත් බකල් සහිත බෙල්ට් වඩාත් පෙනුමක් තියනව. ඊ ළඟ ප්රශ්නය බෙල්ට් එකේ දිග. මුලින්ම ඔබේ ඉනේ ප්‍රමාණය මැනගන්න. එක එක අය කලිසං අඳින්නෙ එක එක තැන් වලට. සමහරු ඉණට, සමහරු බඩට. තවත් සමහරු ඉනෙන් පහලට. සාමානයෙන් කලිසම ඇඳිය යුත්තෙ ඔබේ පෙකනියේ සිට ඇඟිලි 3ක පළළ විතර පහලට මැන්නම තියන ප්‍රදේශයට. අපැහැදිලි නම් පහළ පින්තූරෙ බලන්න. මිනුම් පටියෙන් මැනල තියෙන්නෙ ඉණ. ඉතිං සමහරුන්ට මේක වෙනස් වෙන්න පුලුවං. ඉතිං දැං ඉණේ ප්‍රමාණය මැන්නනෙ. බෙල්ට් එකේ දිග, ඉණේ ප්‍රමාණයට තවත් අඟලක් එකතු කලාම කියන ප්‍රමාණයයි වෙන්නෙ. කෝකටත් බෙල්ට් එක පන්ච් කරන්න කලින් මේක හරියටම මැනගන්න. බෙල්ට් පන්ච් කරනකොට එක එක උල් වලින් අනින්න එපා. ඒ සඳහා විශේෂ අඩුවක්ම පාවිච්චි කරන්න. ඊ ළඟට වර්ණය. නිතරම සපත්තුවේ වර්ණයට බෙල්ට් එකේ වර්ණය ගලපන්න. උදා. සපත්තුවේ වර්ණය දුඹුරු නම් බෙල්ට් එකත් දුඹුරු. එවගේමයි මං කලින් කිව්වනෙ දිලිසෙන බෙල්ට් කාර්යාලයට වඩාත් සුදුසුයි කියල. එහෙම කිව්වෙ දිලිසෙන සපත්තු වලට වඩාත් ගැලපෙන්නෙ දිලිසෙන බෙල්ට් වීම නිසා. අවසාන වශයෙන් කලිසම ඇඳල ගෙදර ආවම බෙල්ට් එක ගලවල පැත්තකින් එල්ලල තියන්න. බෙල්ට් රෝල් කරන්න එපා. එහෙම කලාම මැහුම් ගැලවෙනවා. ඒ වගේම මෙන්න මේ ටිකත් මතක තියාගන්න. ගොඩක් විශාල බකල් සහිත බෙල්ට් අඳින්න එපා ඒව හරියන්නෙ කව් බෝයිස්ලට. ඒ වගේම බෙල්ට් නැතුව ෂර්ට් යටකරල කලිසම් අඳින්නම එපා. එහෙම ඇන්දම හරි කැතයි . බෙල්ට් එකක් නැත්තං ෂර්ට් එක යට නොකර උඩින් දාල යන්න.
Xcluzive89 Member Dec 21, 2011 2,469 265 0 මිනුවන්ගොඩ Jan 12, 2012 #25 කණියා;11833722 said: machan mewa copy karagaththu blog eke namath dapan ban gentsfashionlk.blogspot.com Click to expand...
කණියා;11833722 said: machan mewa copy karagaththu blog eke namath dapan ban gentsfashionlk.blogspot.com Click to expand...
damii87 Well-known member Jul 4, 2011 1,685 720 113 **ලුනු ලේවායේ** Jan 12, 2012 #26 කොන්ඩෙ පිළිවෙලට තියාගන්න කෙනෙකුගෙ පෞරුෂය පෙනෙන හොඳම සාධකයක් ඒ කෙනාගෙ කොන්ඩෙ. කොන්ඩෙට කොච්චර ස්ටයිල් දැම්මත් වැඩක් නෑ ඒක හරියට පිළිවෙලකට කලේ නැත්නම් තේරුමක් නෑ. කොන්ඩෙ පිළිවෙලට තියාගන්න ගොඩක් දෙනා ගොඩක් දේවල් භාවිතා කරනව. මේ අතර ඉතාම ප්‍රසිද්ධ ඒ වගේම බහුලව භාවිතා වෙන දෙයක් හෙයා ජෙල් (Hair Gel). රුපියල් 5 සැෂේ පැකට්ටු වල ඉඳන් රුපියල් 6-700 දක්වා හෙයාජෙල් වෙළඳපොලේ තියනව. මීට අවුරු ගානකට කලින් හෙයාක්‍රීම් බහුලව භාවිතා වුනත් දැන් ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ හෙයා ජෙල්. ඔයාල හෙයා ජෙල් ගන්නකොට මුලින්ම බලන්න ඒක තමන්ගෙ කොන්ඩෙට ගැලපෙනවද කියල. ඒක කරන්නෙ කොහොමද? සමහර හෙයාජෙල් වර්ග වඩාත් ගැලපෙන්නෙ ස්ටයිලින් වලට (උදා- ගුඩ් ලුක්) මේවා හොඳින් ඇලවෙන නිසා කොන්ඩෙ හොඳින් ඇලවිලා හිටිනව. ඒත් තවත් සමහර ජෙල් වර්ග ආලේප කලාම කොන්ඩෙ තියෙන්නෙ බුරුල්ව. (උදා- ගැට්ස්බි) තමන්ට කොන්ඩෙ තියාගන්න අවශ්‍ය විධිය ගැන හිතල ජෙල් වර්ගය තෝරගන්න. අනිත් දේ හෙයාජෙල් ආලේප කරන්න කලින් කොන්ඩෙ හොඳින් තෙත් කරන්න. තුවායක් අරන් හොඳින් පිහදාන්න හැබැයි තෙත ගතිය යන්තම් ඉතුරු කරන්න. එතකොට හෙයාජෙල් ඉතාමත්ම ලේසියෙන් ආලේප කරන්න පුළුවන්. ඒවගේම හෙයාජෙල් ආලේප කරල දවස අවසානයේ අනිවාර්යෙන් ඔළුව හොඳින් පිරිසිදු කරගන්න. හෙයාජෙල් එක්ක නින්දට යන එක නරක පුරුද්දක්. කොන්ඩෙ පැලෙන්න, ඉදෙන්න වගේම ගැලවෙන්න ඉඩතියනව. තමන්ට අවශ්‍ය සැහැල්ලු ඒත් අවුල්නොවෙන ස්ටයිල් එකක් නම් හෙයාජෙල් වෙනුවට හෙයා මූස් (Hair Mousse) එකක් පාවිච්චි කරල බලන්න. මේක හෙයාස්ප්‍රේ වලට ගොඩක් දුරට සමානයි ඒත් ආලේපයක් විදියට භාවිතා කිරීම ඉතාමත්ම පහසුයි. පාවිච්චි කරන් කලින් බෝතලය හොඳින් සොලවන්න. ගොඩක් වෙලාවට මූස්, ජෙල් වලට වඩා මිලෙන් අධිකයි. ජෙල් වලට වගේ මූස් වලට කොන්ඩෙ තෙත් කිරීම එතරම් අවශ්‍ය නැහැ. කෙලින්ම ආලේප කරන්න පුළුවන්. මූස් භාවිතයෙන් තදින් එකට ඇළුනු නැති ඒත් හොඳ පෙනුමක් සහිත සැහැල්ලු පෙනුමක් ලබාගන්න පුළුවන්. ඒත් මතක ඇතුව දවස අවසානයේදී කොන්ඩය හොඳින් සෝදගන්න. විශේෂයෙන්ම ෂැම්පු වර්ගයක් භාවිතා කරනවානම් ඉතා පහසුවෙන් සාමාන්‍ය සේදිමකින් නොයන, සමහර මූස් වර්ගවල තියන ඇලෙනසුළු ගතිය කොන්ඩෙන් සම්පූණයෙන්ම යවාගන්න පුළුවන්. අපි කලින් කතාකරපු ජෙල් සහ මූස් කියන දෙකම භාවිතා කරන්නෙ ඇලෙනසුළු ද්‍රව්‍ය. මේවා භාවිතයෙන් පස්සෙ අනිවාර්යෙන් කොන්ඩය සෝදාගත යුතුයි. ඒත් මීළඟට අපි කතා කරන්න යන්නෙ එහෙම කරන්න අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍යක් ගැන. හෙයා වැක්ස් (Hair Wax) කලින් කියපු ජෙල් සහ මූස් වලට වඩා මිලෙන් අධිකයි. ඒත් හිසකෙස්වලට හිතකරයි. වැක්ස් කියන්නෙ ඉටි වගේ ද්‍රව්‍යක්. මේක කොන්ඩෙ ගාන්න ඕනෙ ඉතාමත් සුළු වශයෙන්. වැක්ස් භාවිතයෙන් ස්ටයිල් කරන්න ටිකක් අමාරුයි. ඒත් ඔබේ කොන්ඩයේ අමුතු තෙත් පෙනුම දවසම තියාගන්න මේකෙන් පුළුවන්. ජෙල් හෝ මූස් වලින් සිදුවන කොන්ඩය වියලීම මින් සිදුවන්නේ නැහැ. කොන්ඩයේ තෙල් ආලේප කලා වගේ. ඒත් වැක්ස් අධික ලෙස භාවිතා කරන්න එපා. ඊළඟට දවස අවසානයේ හිස පිරිසිදු කිරීම අනිවාර්ය නැහැ. ගොඩක් දෙනා ගෙදර යන්නෙ ගොඩක් රෑ වෙලා නිසා රෑට නාන්න කැමති නෑ. මේ වගේ අයට වැක්ස් ගොඩක් ගැලපෙනවා. ඒත් වැක්ස් එක් වරක් භාවිතයෙන් පසුව අනිවාර්යයෙන් හිස පිරිසිදු කිරීම වැදගත්. ඔය කොයි වර්ගය පාවිච්චි කලත් ඒවා කෙස් ගසේ මුලේ (root) ආලේප නොකල යුතුයි. කෙස් ගස වර්ධනය වීමට එය බාධාවක්. විශේෂයෙන් ජෙල් සහ මූස් කෙස් ගසේ ඉහල කොටසේ පමණක් ආලේප කරන්න. කොහොම උනත් මේ එක දෙයක් හෝ භාවිතා නොකිරීමට තීරණය කිරීමත් හොඳ දෙයක්. අනං මනං වර්ග නිතරම කොන්ඩෙ ගාන එක එච්චර හොඳ දෙයක් නෙමේ. කෙස් වර්ධනයට ඒක බාධාවක්. සමහරු කිසිම දෙයක් ආලේප නොකිරීමට තීරණය කිරීම මීට හේතුව වෙන්න පුළුවන්. ඒත් ඔබ දැඩි හිරු එළියේ යනවා නම් කුමක් හෝ තෙල් වර්ගයක් ආලේප කිරීම වැදගත්. විටමින් E අඩංගු හෙයා ඔයිල් වර්ග වෙළඳපලේ ඕනි තරම් තියනවා. ජෙල්, මූස් හෝ වැක්ස් පාවිච්චි නොකරනවානම් මේ වගේ තෙල් වර්ගයක් පාවිච්චි කිරීමෙන් දැඩි හිරු එලිය නිසා ඔබේ හිස කෙස් දුර්වර්ණ වීම, හැලී යාම සහ පැලීම අවම කරගන්න පුළුවන්.
කොන්ඩෙ පිළිවෙලට තියාගන්න කෙනෙකුගෙ පෞරුෂය පෙනෙන හොඳම සාධකයක් ඒ කෙනාගෙ කොන්ඩෙ. කොන්ඩෙට කොච්චර ස්ටයිල් දැම්මත් වැඩක් නෑ ඒක හරියට පිළිවෙලකට කලේ නැත්නම් තේරුමක් නෑ. කොන්ඩෙ පිළිවෙලට තියාගන්න ගොඩක් දෙනා ගොඩක් දේවල් භාවිතා කරනව. මේ අතර ඉතාම ප්‍රසිද්ධ ඒ වගේම බහුලව භාවිතා වෙන දෙයක් හෙයා ජෙල් (Hair Gel). රුපියල් 5 සැෂේ පැකට්ටු වල ඉඳන් රුපියල් 6-700 දක්වා හෙයාජෙල් වෙළඳපොලේ තියනව. මීට අවුරු ගානකට කලින් හෙයාක්‍රීම් බහුලව භාවිතා වුනත් දැන් ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ හෙයා ජෙල්. ඔයාල හෙයා ජෙල් ගන්නකොට මුලින්ම බලන්න ඒක තමන්ගෙ කොන්ඩෙට ගැලපෙනවද කියල. ඒක කරන්නෙ කොහොමද? සමහර හෙයාජෙල් වර්ග වඩාත් ගැලපෙන්නෙ ස්ටයිලින් වලට (උදා- ගුඩ් ලුක්) මේවා හොඳින් ඇලවෙන නිසා කොන්ඩෙ හොඳින් ඇලවිලා හිටිනව. ඒත් තවත් සමහර ජෙල් වර්ග ආලේප කලාම කොන්ඩෙ තියෙන්නෙ බුරුල්ව. (උදා- ගැට්ස්බි) තමන්ට කොන්ඩෙ තියාගන්න අවශ්‍ය විධිය ගැන හිතල ජෙල් වර්ගය තෝරගන්න. අනිත් දේ හෙයාජෙල් ආලේප කරන්න කලින් කොන්ඩෙ හොඳින් තෙත් කරන්න. තුවායක් අරන් හොඳින් පිහදාන්න හැබැයි තෙත ගතිය යන්තම් ඉතුරු කරන්න. එතකොට හෙයාජෙල් ඉතාමත්ම ලේසියෙන් ආලේප කරන්න පුළුවන්. ඒවගේම හෙයාජෙල් ආලේප කරල දවස අවසානයේ අනිවාර්යෙන් ඔළුව හොඳින් පිරිසිදු කරගන්න. හෙයාජෙල් එක්ක නින්දට යන එක නරක පුරුද්දක්. කොන්ඩෙ පැලෙන්න, ඉදෙන්න වගේම ගැලවෙන්න ඉඩතියනව. තමන්ට අවශ්‍ය සැහැල්ලු ඒත් අවුල්නොවෙන ස්ටයිල් එකක් නම් හෙයාජෙල් වෙනුවට හෙයා මූස් (Hair Mousse) එකක් පාවිච්චි කරල බලන්න. මේක හෙයාස්ප්‍රේ වලට ගොඩක් දුරට සමානයි ඒත් ආලේපයක් විදියට භාවිතා කිරීම ඉතාමත්ම පහසුයි. පාවිච්චි කරන් කලින් බෝතලය හොඳින් සොලවන්න. ගොඩක් වෙලාවට මූස්, ජෙල් වලට වඩා මිලෙන් අධිකයි. ජෙල් වලට වගේ මූස් වලට කොන්ඩෙ තෙත් කිරීම එතරම් අවශ්‍ය නැහැ. කෙලින්ම ආලේප කරන්න පුළුවන්. මූස් භාවිතයෙන් තදින් එකට ඇළුනු නැති ඒත් හොඳ පෙනුමක් සහිත සැහැල්ලු පෙනුමක් ලබාගන්න පුළුවන්. ඒත් මතක ඇතුව දවස අවසානයේදී කොන්ඩය හොඳින් සෝදගන්න. විශේෂයෙන්ම ෂැම්පු වර්ගයක් භාවිතා කරනවානම් ඉතා පහසුවෙන් සාමාන්‍ය සේදිමකින් නොයන, සමහර මූස් වර්ගවල තියන ඇලෙනසුළු ගතිය කොන්ඩෙන් සම්පූණයෙන්ම යවාගන්න පුළුවන්. අපි කලින් කතාකරපු ජෙල් සහ මූස් කියන දෙකම භාවිතා කරන්නෙ ඇලෙනසුළු ද්‍රව්‍ය. මේවා භාවිතයෙන් පස්සෙ අනිවාර්යෙන් කොන්ඩය සෝදාගත යුතුයි. ඒත් මීළඟට අපි කතා කරන්න යන්නෙ එහෙම කරන්න අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍යක් ගැන. හෙයා වැක්ස් (Hair Wax) කලින් කියපු ජෙල් සහ මූස් වලට වඩා මිලෙන් අධිකයි. ඒත් හිසකෙස්වලට හිතකරයි. වැක්ස් කියන්නෙ ඉටි වගේ ද්‍රව්‍යක්. මේක කොන්ඩෙ ගාන්න ඕනෙ ඉතාමත් සුළු වශයෙන්. වැක්ස් භාවිතයෙන් ස්ටයිල් කරන්න ටිකක් අමාරුයි. ඒත් ඔබේ කොන්ඩයේ අමුතු තෙත් පෙනුම දවසම තියාගන්න මේකෙන් පුළුවන්. ජෙල් හෝ මූස් වලින් සිදුවන කොන්ඩය වියලීම මින් සිදුවන්නේ නැහැ. කොන්ඩයේ තෙල් ආලේප කලා වගේ. ඒත් වැක්ස් අධික ලෙස භාවිතා කරන්න එපා. ඊළඟට දවස අවසානයේ හිස පිරිසිදු කිරීම අනිවාර්ය නැහැ. ගොඩක් දෙනා ගෙදර යන්නෙ ගොඩක් රෑ වෙලා නිසා රෑට නාන්න කැමති නෑ. මේ වගේ අයට වැක්ස් ගොඩක් ගැලපෙනවා. ඒත් වැක්ස් එක් වරක් භාවිතයෙන් පසුව අනිවාර්යයෙන් හිස පිරිසිදු කිරීම වැදගත්. ඔය කොයි වර්ගය පාවිච්චි කලත් ඒවා කෙස් ගසේ මුලේ (root) ආලේප නොකල යුතුයි. කෙස් ගස වර්ධනය වීමට එය බාධාවක්. විශේෂයෙන් ජෙල් සහ මූස් කෙස් ගසේ ඉහල කොටසේ පමණක් ආලේප කරන්න. කොහොම උනත් මේ එක දෙයක් හෝ භාවිතා නොකිරීමට තීරණය කිරීමත් හොඳ දෙයක්. අනං මනං වර්ග නිතරම කොන්ඩෙ ගාන එක එච්චර හොඳ දෙයක් නෙමේ. කෙස් වර්ධනයට ඒක බාධාවක්. සමහරු කිසිම දෙයක් ආලේප නොකිරීමට තීරණය කිරීම මීට හේතුව වෙන්න පුළුවන්. ඒත් ඔබ දැඩි හිරු එළියේ යනවා නම් කුමක් හෝ තෙල් වර්ගයක් ආලේප කිරීම වැදගත්. විටමින් E අඩංගු හෙයා ඔයිල් වර්ග වෙළඳපලේ ඕනි තරම් තියනවා. ජෙල්, මූස් හෝ වැක්ස් පාවිච්චි නොකරනවානම් මේ වගේ තෙල් වර්ගයක් පාවිච්චි කිරීමෙන් දැඩි හිරු එලිය නිසා ඔබේ හිස කෙස් දුර්වර්ණ වීම, හැලී යාම සහ පැලීම අවම කරගන්න පුළුවන්.
damii87 Well-known member Jul 4, 2011 1,685 720 113 **ලුනු ලේවායේ** Jan 12, 2012 #27 ඉස්සුවේ ලාංකීය සිතුවිලි
sacrox Well-known member Aug 28, 2011 3,532 998 113 Negombo paththe thama Jan 12, 2012 #29 fatta tips tikak tyhx Bro!!!!!!!!!!
Dulanzz Member Jan 31, 2011 7,845 654 0 Necker Island Jan 12, 2012 #31 wooow valuable thread mschn defa rep denawa danata denna baalu
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jan 12, 2012 #37 thanks machan rep++