කොල්ලන්ට ෆැෂන් Tips

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    11.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක නම් සිරාම සිරා. මම ගොඩක් වෙලාවට හිඟන්නා වගේ ඔහේ කඩමාලු ටිකක් ඇඳගෙන යනවා. මේකවත් බලලා පිලිවෙලකට මනුස්සයෙක් වගේ යන්න ඕනේ
     

    visalperera

    Member
    Mar 17, 2007
    102
    5
    0
    ඇඳුම් තෝරන විට... (casual wear)


    මේ කියන්න යන්නෙ කැෂුවල් ඇඳුම් තෝරන විට මොන වගේ ඇඳුම්ද තෝරගන්න ඕනි කියල. පිරිමි කැෂුවල් ඇඳුම් ප්‍රධාන වශයෙන් ටී ෂර්ට් හෝ ෂර්ට් සහ කලිසම් හෝ ඩෙනිම් කලිසම් ලෙස බෙදන්න පුළුවන්.

    මේ හැම එකකදීම පාට තුනකට වඩා යන්න එපා. එහෙම ගියොත් අච්චාරුවක් වෙයි. ඇඳු‍මේ වටිනාකම පේන විදියට ඇඳුම් ගලපන්න. ඒ වගේම හැම ඇඳුමක්ම තමන්ගෙ ඇ‍ඟේ ප්‍රමාණයට ගැලපෙන විදියට තෝරගන්න.

    ඇ‍ඟේ ප්‍රමාණයට වඩා විශාල ටීෂර්ට් සහ ෂර්ට් ඔබේ ඇ‍ඟේ හැඩය හංගනවා. බැගි ෂර්ට් ඇන්දෙ 90 ගණන් වල දැන් ඒව එච්චර ගනන් ගන්නෙ නෑ. ඔබ කෙට්ටු නම් ඒ ගැන වද වෙන්න එපා. හැමෝම ලස්සනයි. ලොකු ඇඳුම් ඇන්ද කියල‍ ඔබ ලොකුවට පේන්නෙ නෑ. එහෙමයි කියල කිටි කිටියට හිර ඇඳුම් ගන්නත් එපා. ටී ෂර්ට් හෝ ෂර්ට් වල, කර ළඟින් ගානට හරි ගිය තරමින් ඉතිරි ටික නිකන්ම හරියන්නෙ නෑ. එක එක අයගෙ ශරීරයේ හැඩ පරිමාණ වෙනස් සමහරුන්ගෙ උරෙස් පළල් ඒත් ඉණ ටිකක් පොඩියි. තවත් සමහරුන්ගෙ බෙල්ල මහතයි. ඒ නිසා හැම තැනින්ම ගානට හරියන ඇඳුම් විතරක් තෝරගන්න.

    නිතරම ටී ෂර්ට් සහ ෂර්ට් තෝරන විට උරහිස සහ අත අසල මැස්ම නිවැරද තැන තියනවද බලන්න. එම මැස්ම තියෙන්නෙ උරහිසෙන් ඉහල හෝ පහල නම් ඒ ඇඳුම ගැලපෙන්නෙ නැහැ.

    shoulder.jpg


    ඔබේ උස අනුව ටී ෂර්ට් හෝ ෂර්ට් වල උස තෝරගන්න. විශේෂයෙන්ම ඕනෑවට වඩා උස ටී ෂර්ට් ඇන්දම ඒව නිතරම පිටිපස්සෙ පැටලෙනවා. මේක ටිකක් කරදරයක්. ටී ෂර්ට් එකේ උස, බෙල්ට් එකට ටිකක් පහලට වඩා යටට ගන්න එපා.

    කලිසම් තෝරනකොට නිතරම ඉණ මනින්න.සාමානයෙන් කලිසම ඇඳිය යුත්තෙ ඔබේ පෙකනියේ සිට අඟල් 3ක පළළ විතර පහලට මැන්නම තියන ප්‍රදේශයට. අපැහැදිලි නම් පහළ පින්තූරෙ බලන්න.

    2245733.jpg


    මිනුම් පටියෙන් මැනල තියෙන්නෙ ඉණ. ඉතිං සමහරුන්ට මේක වෙනස් වෙන්න පුලුවං. ඔබ ගන්නෙ ඩෙනිමක් නම් හරිගානට වඩා ටිකක් වැඩියෙන් ගත්තට කමක් නෑ. ගොඩක් ඩෙනිම් හෝදනකොට ටිකක් විතර පුංචි වෙනවා. ඉණ හරියටම තද කරගන්න බෙල්ට් එකක් පාවිච්චි කරන්න.

    ඩෙනිමේ පිටිපස්ස ඕනෑවට වඩා බැගී තියන ඒව ගන්න එපා. ඒව ඇන්දම ඇ‍ඟේ හරි හැඩය එන්නෙ නෑ. ‍එහෙමයි කියල ඕනවට වඩා කිටි කිටියට හිර ඒව ගන්නත් එපා. අනාගතේ ආරක්ෂා කරගන්න.

    1333520081414112262133_M.jpg

    බැගී ‍‍‍ඩෙනිම්

    ඒ වගේම කලිසම් වල උස ඉතා වැදගත්. ඩෙනිම් වල උස තෝරනකොට පහලින් ටිකක් රැළි තිබනට කමක් නෑ. ඒත් කලිසම් වල එහෙම රැළි තිබීම අවලස්සනයි. සපත්තුවේ අඩිය අසල තමා කලිසමේ උස තිබිය යුත්තේ. තවත් දෙයක් කලිසම් වල කකුල දිග නම් නවන්න එපා. ටේලර් කෙනෙකුට කීයක් හරි දීල කකුල අඩු කරල මහගන්න.

    goodfitjeans.jpg

    හොඳ ගැලපුමක්

    ඕනෑවට වඩා වැඩි වැඩ දාන්න යන්නත් එපා. උදා- යකඩ දම්වැල් සහිත ඩෙනිම් කලිසම + දිලිසෙන ප්‍රින්ට් සහිත ටී ෂර්ට් එක. අපේ අය ගොඩදෙනෙක් කරගන්න වැරැද්දක් මේක. චාම් ඒත් පෙනුමක් එන විදියට ඇඳුම් තෝරගන්න. දීප්තිමත් වර්ණ වලට යන්න. සියල්ල ලා පාට හෝ සියල්ල තද පාට වලින් තේරීමෙන් වලකින්න.

    ඇඳුම් වල වර්ණ ගැලපීම ඉතාමත් වැදගත්. පාට තුනකට වඩා යන්න එපා කියල මං කලිනුත් කිව්වනෙ. ඔබ තේරුවෙ ඩෙනිමක් නම් තනිපාටක ප්‍රින්ටඩ් ටී ෂර්ට් එකක් හොඳින් ගැපපෙනව. උදා-නිල්පාට ඩෙනිම + සුදු පාට ටී එක. ලා පාට සහ තද පාටවල් එකිනෙක ගලපන්න. ඩෙනිම් කලිසමේ වැඩිය මෝස්තර නැත්නම් මෝස්තර වැඩිය තියන ෂර්ට් එකක් හෝ ටී ෂර්ට් එකක් තෝරගන්න.

    අවසාන වශයෙන් හොඳ සපත්තු කුට්ටමක් සහ බෙල්ට් එකක් භාවිතා කරන්න. දැං කාලෙ සැන්ඩල්ස් දෙකක් ගන්නවට වඩා සපත්තු දෙකක් ගන්න එක ලාබයි.



    ට තුනකට වඩා යන්න එපා කියල මං කලිනුත් කිව්වනෙ. මේ මොකක් ද මේ ...ඇය් උබ අපේ තාත්තාද ..??නැත්තම් ඉස්කෝලේ පිනා ද ...?? පලයන් බන් පුක් ඔෆ් නොවී.... :lol::lol::lol: බලහන් කෝ අර උඩ නියම ගැලපුම කියන කොල්ලා ඇදන් ඉන්න එකේ කැත් නොදකින්.... :no::no::no: ඒක හොදය්...උබට් අන්දලා ....කලිසම පාත් කරලා...වේවැලෙන් එකක් දෙන් කොට තට්‍ටම ක්‍රැක් වෙන්න ///අන්න ඒ දවසට අන්දන්න :no::no::no::frown: