කොල්ලාගේ දුක...

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
:baffled::baffled::oo::baffled::baffled:

ඉලංදාරියෙකු වශයෙන් මානුෂික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම භුක්ති විඳීමට නම් ඔබ ජීවත් විය යුත්තේ සම්පූර්ණයෙන්ම ගෙදරින් පිටය. එසේ නැතිව, දෙමවුපියන්ගේ පාලනයට යටත්ව ඔවුන් සමග ගෙදර ජීවත් වන ඉලංදාරියෙකුට නිරායාසයෙන්ම ලැබෙන්නේ ලමිස්සියක මෙන් කාලය ගෙවීමටය.

මෙය එතරම් සතුටුදායක තත්වයක් නොවේ. හය හතර නොතේරෙන කාලයේත්, යමක්- කමක් හම්බුකර ගැනීමට නොහැකි කාලයේත් දෙමවුපියන් කියන දෙයක් අහගෙන, ගොනා සේ කරබාගෙන ගෙදරට වී හිටියාට, මං කියන්නේ, දෙයියන්ගේ පිහිටෙන් රස්සාවක් කරගෙන තුට්ටුවක්- දෙකක් අතට ලැබෙන කොටත් අම්මා තාත්තා කියන හැටියට වැඩ කරන්න පුළුවන්ද? අවුරුදු හත අටක් ගමෙන් පිට ගොස් නිදහස් ජීවිතයක් ගත කර ඇති මට දැන් ගම් පලාතට වී රස්සාව කිරීමට සිදු වී ඇති නිසා ලැබී ඇත්තේ දෙමවුපියන්ගේ දරදඬු පාලනයට යටත්ව සිටීමේ අවාසනාවන්ත තත්වයකි.

අම්මා සිතා සිටින්නේ මා තවම කිරි බොන පොඩි එකෙකු කියාය. එහෙත් මට නිතරම ලැබෙන්නේ නිකන් තේ ය. පුංචි දවස්වල අහල පහල කෙල්ලන්- කොල්ලන් සමග ස්ත්‍රී- පුරුෂ භේදයකින් තොරව සෙල්ලම් කිරීමට ඉඩ දුන් අම්මා දැන් නිතරම බයෙන් පසුවන්නේ මා නිසා පිට අය නරක් වේවි කියාය. කෙසේ වුවද, ගෙදරට පෝලිමේ එන මගුල් කපුවන්ට මගේ විස්තර කියා දීමේදී අම්මා මගේ සැබෑ තත්වය කොතෙක් දුරට වෙනස් කරන්නේද කියතහොත්, මා වෙන කෙනෙකු දැයි මටම සැකය.

මගේ කේන්දර කොපිය අම්මාගේ භාරකාරත්වය යටතේ තිබීම නම් මට මහත් අපල දායකය. මෙය මගේ භාරයට ගැනීම සඳහා අවශ්‍යතාවයක් මට ඇතත්, ප්‍රශ්නයක් වී ඇත්තේ ඊට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමය. අනෙක් අතට කේන්දර කොපිය අම්මා ලඟ තිබුණහොත් සල්ලි කඳක් සමග තාර පීප්පයක් කරගැසීමේ වාසනාව මට උදාවනු ඇත. ඒත් කමක් නෑ... කරන දෙයක් අර අදින්නේ නැතිව ඉක්මන් කරනව නම්......

තාත්තා ගෙදර සිටින නිසා දවසකට දහ- දොළොස් පාරක් වැසිකිලියට යාමට මට සිදුවී ඇත්තේ සිගරට් පානය කිරීමටය. තාත්තා ඉදිරියේ මා සිගරට් නොබොන්නේ තාත්තාට ඇති බියකින් නොවේ. මට සම්පූර්ණයෙන්ම සිගරට් එක බොන්නට ඉඩ නොදී තාත්තා සිගරට් කොටය ඉල්ලා ගන්නා නිසාය.

මා අරක්කු බෝතලයක් ගෙදර ගෙනැවිත් තැබුවහොත් තාත්තාට නිතරම බඩේ කැක්කුම හැදේ. බඩේ කැක්කුමට හොඳම ඖෂධය ඉඟුරු බව අම්මා කොතරම් ප්‍රකාශකරතත්, අරක්කු බෝතලය හිස් වෙන තෙක් තාත්තා අම්මගේ කීම පිළිනොගනී.

මා අරක්කු බෝතලය මගේ කාමරයේ පෙට්ටි හතකට යටින් ඇති පොත් පෙට්ටියේ සඟවා තැබුවත් මා නොදැනුවත්වම සියයට අනූහතහමාරක් එයට වතුර එකතු වේ. ඒ සම්බන්ධයෙන් මට බහිරවයා සැක කළ නොහැක්කේ ඌ අරක්කු බොන බවක් මෙතෙක් ඔප්පු වී නැති නිසාය.

මගේ වැඩ කටයුතු ගැන තාත්තාගේ කිසිම පැහැදීමක් නැතත්, මා වැඩ අවසන් වී ගෙදර එනතෙක් තාත්තා බලාසිටින්නේ රේස් කොළය ඉල්ලා ගැනීමටයි.

එහෙත් මට මහත්ම කරදරයක්ව ඇත්තේ දිනන අශ්වයන් තෝරා තාත්තාට ටිප් එක දීමය.

ගෙදර සිට පිට කෙල්ලන්ට ලියුම් ලිවීමද පහසුවක් නැත. මා පෙම්හසුනක් ලිවීමට පටන් ගත්තොත් අයියා හෝ මල්ලී එය කොපි කිරීමට ඉඩ ඇත. මට පෙම්හසුනක් ලැබුනොත් ලැබුනොත් අක්කා හෝ නංගී එය කොපි කිරීමට ඉඩ ඇත. මුලදී කෙල්ලන්ගෙන් ලැබුණු ලියුම් කිහිපයක්ම මට හොරෙන් විවෘත කර ඇති අම්මා ඔවුන්ට පිළිතුරු සැපයීමේ භාරදූර කර්තව්‍යයද තමන් අතට ගත් නිසා, අනේ අප්පෝ- දැන් එක කෙල්ලෙක් හෝ මගේ මුහුණ නොබලන හැටි! අනෙක් අතට පිටස්තර කෙල්ලන් මගේ සහෝදරියන් ලෙස පිටස්තර අයට හඳුන්වාදීමට පුරුදු මා, එවැනි හැඳින්වීමක් ගෙදර අයට කළ විට ගෙදර කවුරුත් මගේ කීම පිළිනොගන්නා හැටි!

ගමෙන් පිට සිටියදී මා නොයෙකුත් ගමන් බිමන් වල යෙදුණේ ගෙදර යන බවක් නවාතැනේ ඇත්තන්ට අඟවාය. එහෙත් දැන් ගෙදර යන බවක් පවසා ගෙදරින් පිට වන විට අම්මා මා අවිශ්වාස කරයි.

මට ලැබෙන වැටුප නිතරම නියම ප්‍රමාණයට වඩා අඩුවෙන් පෙන්වා සිටීමට තරම් නිහතිමානී ගතියක් ඇති මා නිතරම ගෙදරට පවසන්නේ "මේ මාසයේ පඩි තවම ලැබුණේ නෑ" කියාය. එමෙන්ම අම්මා මගෙන් අසන්නේ "ඈ පුතේ, උඹට පඩි හම්බුවෙන්නේ අවුරුද්දකටම එක පාරද?" කියාය. මගේ නියම වත්කම නිතරම අඩුවෙන් පෙන්වා සිටීමට මා උත්සහ දරතත්, ආදායම් බදු දෙපාර්තුමේන්තුවට වඩා හපන් කමක් දක්වා මගේ කමීස සාක්කු සහ කලිසම් සාක්කු පරික්ෂා කර බදු අය කිරීමට අපේ අම්මාට පුළුවන.

කන්තෝරුව පටන්ගන්නේ උදේ 09.00 ට වුවද, මා ගෙදරින් පිටත්විය යුත්තේ පාන්දර 05.00 ටය. පාසල් ශිෂ්‍යාවන් සහ ගුරුවරියන් ගමන් ගන්නා බසයක ගමන් කිරීමට අම්මා මට ඉඩ නොදෙන්නේ අළුත් අධ්‍යාපන ධවල පත්‍රිකාවටද පටහැනිවය.

සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීමට අනාගතයේදී මට අවස්ථාවක් සලසා දීමට කියා, මා ගෙදර සිටින හැම අවස්ථාවකම අම්මා මා කුස්සියට කැඳවා, පොල් ගෑමටත්, මිරිස් ඇඹරීමටත්, පිඟන් හා හැළිවලං සේදීමටත් පුරුදු කරන නමුත්, තම්බන ලද අර්තාපල් අලවල පොතු ගැලවීමට හෝ, සැමන් ටින් කැඩීමට හෝ උම්බලකඩ කැපීමට හෝ කිසිම අවස්ථාවක ඉඩ නොදෙයි. මේක හැබෑ නීතියක්නේ!

කරුණු මෙසේ බැවින්, දැන් මට ගෙදර සිටින එක තිත්ත වී ඇත. ගෙදරින් පිටවීමට තරම් හිතක් දැන් මට ඇත. ඒ සඳහා දැන් මා අමුතුවෙන් මහන්සි විය යුතු නැත. මෙම ලිපිය elakiri එකේ පලවී අපේ ගෙදර කස්ටියට කියවන්නට ලැබුණ පසු මට නිකම්ම ගෙදරින් යන්නට සිදු වනු ඇත... එහෙම වුණොත් මා කොහේ යන්නද?


:baffled::baffled::baffled::baffled:
 

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
අපේ ගෙදර වරෙන් උබට බුදු සරණයි!!!
පට්ට කතාව බන්....
රේප්+
තාමත් හිනා.....
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බුදු අම්මෝ මේක ගැන ආයේ කියන්න ඕනේ නෑ. මමත් ඕක හොඳට දන්නවා:yes::yes: