කොල්ලා(ෙපාඩි කතාවක්)

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    දැන් කථාවේ කෑලි ටික හොයා ගන්න බැරි වෙනවා මචං!! ප්‍රධාන පෝස්ට් එක අපඩේට් කරපන්කෝ ඊලග කෑල්ල දාන පේජ් එක!
     

    simsam

    Member
    Apr 20, 2013
    96
    29
    0
    Matara
    දැන් කථාවේ කෑලි ටික හොයා ගන්න බැරි වෙනවා මචං!! ප්‍රධාන පෝස්ට් එක අපඩේට් කරපන්කෝ ඊලග කෑල්ල දාන පේජ් එක!

    ඒක දැන් එඩිට් කරන්න බෑනෙ බන්.ඒකනෙ අවුල
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    Ithin ithin?

    hm-interesting-tell-me-more.jpg
     

    simsam

    Member
    Apr 20, 2013
    96
    29
    0
    Matara
    සෙට් එකම හන්දියට එනකොට ටන්කෙගෙ සුපුරුදු බලු ගති ගුණ ටික ටික නැතිවෙන්න ගත්ත.ඌට කොහොමත් අදුරන අය එහෙම කතා කරන්නෙ බල්ලො බූරුවො කියලනෙ.හොදටම අදුරන අය නම් හරකො කියලත් උට කතා කරනව.ගෙදරදිත් උගේ මුල් නම වෙනුවට ගොඩක් වෙලාවට භාවිතා උනේ ඔය වගේ කකුල් හතරෙ සත්තුන්ගෙ නම් තමයි.උගේ නම කියල කතා කරාම ඌට ඒක මීටර් වෙන්නෙ නැති ගතියකුත් මේ කාලෙ තිබ්බ.කො‍හොම හරි උගේ වෙනස තේරුණු කොල්ල අංශක 360 ටම රේඩාර් යොමු කරල බැලුව හදුනා නොගත් පියාඹන වස්තු එහෙම තියද කියල.අප්පට සිරි.. තියනව නේන්නං..අම්ම ගහයි බැට් එකෙන්.පීරිසි දෙකම බස් හෝල්ට් එකේ පාක් කරල තියනව දිලිසි දිලිසි.ඉතින් ඒව දැක්කම දශක ගානකට පස්සෙ ටන්කෙගෙ මනුස්ස ගති මතු වෙලා එන එක අහන්නත් දෙයක්ද.

    හොල්ට් එක ලගට ආවම ටන්කෙ සාක්කුවට අත දාල ගත්ත ෆෝන් එක.ඒ අරගෙන කනේ තියාගෙන මූ හලෝ.... කිව්ව හෙන සද්දෙට.කොල් එකක් ඇවිත් නෙවෙයි ,ඌ නිකමට හලෝ කියල තියෙන්නෙ.පාරෙ යන උනුත් හැරිල බැලුව සද්දෙට.බස් එකට නගින්න හිටපු අක්ක කෙනෙක්ගෙ අතේ හිටපු පොඩි එකෙක් කෑ ගහල අඩන්න ගත්ත මුගේ සද්දෙට.ඒ අක්කත් නොදකිං කියන්න වගේ මුගේ දිහා හැරිල බැලුව.මූ ලැඡ්ඡාවත් එක්කම ෆෝන් එක සාක්කුවට ඔබා ගත්ත.කොල්ලොන්ට ආඩම්බර හිතුන මුගේ වැඩ ගැන.කට්ටියටම මතක් උනා ක්ලාස් යන කාලෙ මූ කරපු බූරු වැඩ ගැන.මේකා දවසක් ක්ලාස් එකට ආව ඔන්න 8.15ට විතර.අවුලක් නෑ ඒක නම් ක්ලාස් පටන්ගද්දි 8.30 විතර වෙන නිසා.ඔන්න ඉතින් මූ එනකම් බලන් හිටපු කොල්ලො ටික මුටත් බැන බැන පෝලිමට ගියා.මෙතන පෝලිම කියල අදහස් කරේ මචංල කාඩ් මාක් කරන තැන පෝලිම.කට්ටියම ඉතින් කෙල්ලොන්ටත් විහිලු කර කර රැවුම් ගෙරවුම් මැද්දෙ ටික්ක ලගට යනව.ටික්ක ලගට යනකොටම ටන්කෙ සාක්කුවට අත දාල ලේන්සුව ඇද්ද දාඩිය පිහදාන්න,ඇයි මූ බස් එකෙන් බැහැල ආපු ගමන්නෙ.ඉතින් ඔන්න මූ ලේන්සුව ඇද්ද විතරයි ඒක දැක්ක කෙල්ලො දෙතුන් දෙනෙක්ගෙ මූණවල් නිකං ඇදවෙලා ඇඹරිලාම ගියා.ටික්කටත් බකස් ගාල හිනා ගියා දරුණු විදියට.පටස් ගාල ලේන්සුව සාක්කුවේ ඔබාගත්තු ටන්කෙ කාඩ් එකත් ටික්කටම තියා ගනිං කියල ක්ලාස් එක ඇතුලට ගියා.උගේ පස්සෙන්ම ආපු කොල්ලො ටික “මොකෝ බං ඒ උනේ?... කියල මුගෙන් ඇහුව.මූ මොනවත් නොවෙච්ච ගානට ආපහු ලේන්සුව ඇදල අරන් පෙන්නුව.කට්ටියටම එතකොට තමයි තේරුණේ වැඩේ.මේකනෙ මචංල කට්ටිය ඊට කලින් දවසෙ නාන්න කියල බීච් ගිහිල්ල,ඉතින් කට්ටිය ඇදුම් ගලවල තියල ෂෝට් ඇදගෙන තමයි නෑවෙ.නැතුව ඩෙනිම් ඇදන් නාන්නයැ.



    ටන්කෙ නාල ඇවිල්ල ඌ ඇදන් හිටපු අනඩර්වෙයාර් එක වතුර එහෙම මිරිකල වැඩි පරිස්සමට ඩෙනිම් සාක්කුවේ දාල ගෙදරින් ගෙනාපු එක ඇදගෙන ආව.ඉතින් මේ පිං ඇති වාසනාවන්ත දරුව එදා ක්ලාස් එද්දිත් කලබලේට ඒ ඩෙනිමම ඇදන් ඇවිල්ල.කොල්ලො උනාම එහෙමනෙ ඉතින්,ඩෙනිමක් එහෙම හෝදන්නෙ හෝදන්නෙ නැතුව අදින්න බැරිම තත්වයක් ආවොත්නෙ.ක්ලාස් යන කාලෙ කොහොමත් එහෙමනෙ.මූ ඉතින් දාඩිය පිහදාන්න ලේන්සුව කියල කලින් දවසෙ සාක්කුවේ දාගත්තු අන්ඩවෙයාර් එක එලියට අරන්.සුපර් මෑන්ල බැට් මෑන්ල කලිසමට උඩින් අන්ඩවෙයා එක අදිනවනම් මං ඒක සාක්කුවේ දාගෙන හිටියම මොනව වෙනවද කියල ටන්කෙට හිතෙන්න ඇති.ඒ උගේ ඉතිහාසෙන් බිදක් කිව්වෙ,පුද්ගලය මොන වගේ එකෙක්ද කියල පැහැදිලි වෙන්න.මූට ඒ පැත්තෙන් ලොකු ඉතිහාසයක් තිබ්බ.

    ඒක නෙවයිනෙ වැඩේ මුගේ හලෝ එකේ සද්දෙට අර උගේ මලත් හැරිල බැලුව.මූ උදේ මැදන් ආපු දත් හතර විතරක් පේන්න හිනාවුනා.අනිත් දත් දැක්කොත් වැඩේ කෙලවෙනවනෙ ඒකයි.ඒකිත් ලාවට හිනා උනා.මූට ඒකට ලැජ්ජාව ඉහ වහ ගිහින් නියපොතු කන ගමන් සපත්තුවෙන් පොලව හාරන්න ගත්ත.ඒ අස්සෙ අර ෆෝන් එක කනේ ගහන් ආපු එකා කියනව“අලෝ ඔව් අනේ දැන් හෝල්ට් එකට ආවෙ.ඔයා උදේත හබුන් කෑවද?අලේ..... ඔත්තොම තෑවද?.සෝක් අලේ..කට්ටියට සැක හිතුන මූ හොරෙන් කසාදයක් කරන් දැන් දරුවෙකුත් ඉන්නවද කියල කතා කරන හැටියට.ඌ ඒ දරුවට වෙන්න ඇති ඔහොම කතා කරන්නෙ කියල කස්ටිය හිතුව,.පව් අප්ප තාත්ත නැතුව ඒ දරුවට බත් ටික කවා ගන්න දරුවගෙ අම්මට අමාරු ඇති,අමිලය කිව්ව.ඌ හිතපු දුර...තොට ඔච්චර අමාරුනං ගිහින් දරුවටයි අම්මටයි දෙන්නටම බත් කවල වර,සන්ගලාස් දාගෙන හිටපු එකා කිව්ව.අමිලය මනමාල කමට බිම බලං හිනා උනා.උගෙත් ඉතින් කල වයස හරිනෙ දැන්.

    බස් එනව උනාට එකකට වත් නැග ගන්න බැරි තත්වයක් තිබ්බෙ,වහලෙ හිට සෙනගනෙ.කොහොමත් තමංගෙ මල යන බස් එකේම නගිමු කියල ටන්කෙ කොල්ලට දැනුම් දීල තිබ්බෙ කලින්ම.උදේ පාන්දරම ඒකගෙ හිත සවුත්තු කරන්නත් බැරි නිසා කොල්ලත් කරබාගෙන හිටිය.
     
    • Like
    Reactions: randy6667