ගාලුමුවෙදාර හෝටලය ඉදිරිපිට මාර්ගයේදී පරුෂ වචන කියමින් අශෝභන ලෙස හැසිරුණු නීතිඥවරුන් දෙදෙනකු හා නීති ශිෂ්‍යාවක පෙරේදා (23දා) රාත්‍රි අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් තිදෙනාම අධික ලෙස මත්පැන් පානය කර
සිටි බව පොලිසිය කියයි.
කොල්ලුපිටිය, ගාලුපාරේ අවන්හලක මොවුන් තිදෙනා මත්පැන් පානය කරමින් සිටියදී ඊට යාබද මේසයේ සිටි
පුද්ගලයකු නීති ශිෂ්‍යාව දෙසට හැරී යමක් පවසා ඇති අතර පසුව එම පුද්ගලයා අවන්හලෙන් පිටවන විට
පිටතට පැමිණි
මොවුන් තිදෙනා එම පුද්ගලයා සමඟ බහින්බස්වී ඇති අතර එම පුද්ගලයාට පහරදීමක්ද සිදුවී
ඇතැයි පොලිසිය කියයි.
කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට යෑමේදී නීතිවේදී හැඳුනුම්පත
පෙන්වමින් පොලිස් රාජකාරියට බාධා කරමින් පරුෂ වචන පවසමින් හැසිරෙන්නට වූයෙන් දැඩි පරිශ්‍රමයක්
දරා පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කළ බව පොලිසිය කියයි.
එම පිරිස එදිනම රාත්‍රි කළුබෝවිල රෝහල වෙත රැගෙනවිත් වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමේදී
වෛද්‍ය පරීක්ෂණයට සහභාගි වීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ආවේගශීලීව හැසිරුණු බවද පොලිසිය කියයි.
සැකකාර නීතිඥයන් දෙදෙනා හා නීති ශිෂ්‍යාව මත්පැන් පානය කර ප්‍රසිද්ධ මාර්ගයක අශෝභනව
හැසිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.
මොවුන් මේ ලෙස මාර්ගයේ හැසිරීමෙන් වාහන ධාවනයටද තරමක බාධා සිදුවූ බව පොලිසිය පවසයි.
කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන ද සිල්වා මහතා මේ පිළිබඳ
පරීක්ෂණ සිදුකරයි.
____________________________________________________________
මචන් කොල්ලුපිටිය පට්ට හැපනින් ප්ලේස් එකක් නේද
මගෙන් කීපදෙනෙක්ම ඇහුව විස්තර උන්ට යන්න දවස් 2ට වගේ ඉස්සර..