කොලිටියට ආතල් දීම ....

naage

Active member
  • Apr 16, 2015
    236
    26
    28
    කොලිටියට ආතල් දීම ....

    කොලිටියට ආතල් දීම - FunKy DiRt

    2bs5xk.jpg


    ආතල් ගැනීමට වයස් භේදයක් නැතුවම අපි කවුරුත් කැමතිය. එහෙම අකමැතියි කියනවානම් ඒ එක්කෝ “ආතල්” යන වචනයේ තේරුම නොදන්නා කෙනෙක්ය. නැත්නම් මොනවාම හරි තදබල මානසික ගැටලුවක් තියෙන කෙනෙක් ය.


    “ආතල් කැටගරි” රැසකි. එය වයස, ස්ත්‍රී පුරුෂ භාවය, වත්කම වගේම සංස්කෘතිය මතත් වෙනස් වෙනවාය. උදාහරණයකට කිවුවොත් පැටි වියේදී සුමනාවතී බෝනික්කන් නැලවීමෙන් ආතල් ගත් අතර සිරිපාල ආතල් ගත්තේ සෙල්ලම් කාර් පැදීමෙනි. වයසින් වැඩෙත්ම විවිධාකාරයේ හෙයාර් ඉස්ටැයිල් අත්හදා බැලීම සුමනාවතීගේ ආතල් එක වූ අතර, ගම වටා රස්තියාදු ගැසීම සිරිපාලගේ ආතල් එක බවට පත් වෙනවාය.


    ආතල් නොගන්නා මිනිස්සු කියලා ජාතියක් මේ ලෝකේ නැතිය. හැමෝම, තම තමන්ට අනන්‍ය ආකාරයට ආතල් ගන්නවාය. ඔය අතරින් ඉතා සුළු පිරිසක් අනිත් අයට ආතල් දෙනවාය.


    “ආතල්” කියන්නේ සන්තෝසයම නොවේය. ඒක සාමාන්‍ය සන්තුෂ්ඨියට එහා ගිය, හිත ඇතුලෙන් පුබුදුවාලන හැඟීමකි. ඊට අදාළ හරබර සිංහල වචනයක් මම නොදනිමි. හැබැයි මම දන්නා එක දෙයක් ඇත. ඒ, “බස්සිගේ නවාතැන” බ්ලොග් කටුව ලිවීමෙන්ද, ෆේස්බුකියේ කවි ලිවීමෙන් ද මමත් කරන්නේ ආතල් සැපයීමක් බවය.


    සමහරු ආතල් දෙන්නට ගොස් පීචං වෙනවාය. හත්පොලේ ගා ගන්නවාය. ලාබ ආතල් දෙන්නට යන සමහරු හිරේ විලංගුවේ පවා වැටෙනවාය.


    ගා ගන්නේවත්, නාගන්නේවත්, අනාගන්නේවත් නැතුව ආතල් දීම අසීරුය. මෙතෙක් කාලයකට එහෙම නා ගන්නේ නැතුව ආතල් දුන්නු උදවිය අතරේ අලුතින් පායපු ආතල් ස්ටාර්ලා තුන්දෙනෙක් ඉන්නවාය. ඒ “Funky Dirt” බෑන්ඩ් එකය.

    බස්සිගේ රසවින්දන පරාසය ටිකක් පුළුල් ය. ඉකි ගහන්නේ හෝ කන් ගොඩ වෙන්නේ නැත්නම් බස් සින්දු සහ මල් සින්දු වුනත් ලොකු අවුලක් නැතිය. ඒත් බස්සිව ආශක්ත කරගැනීමට සමත් නිර්මාණකරුවෙක් වෙත්නම් ඒ හැබෑ වැඩ්ඩෙක් ය. ඒ කියන්නේ බසු නිර්ණායක වලට අනුව “Funky Dirt”ලා වැඩ්ඩන්ය.


    හැමදේම හැමෝටම දිරවන්නේ නැත.
    බස්සිට දූරියන් සුවඳ අප්පිරියා වන අතර, බස්සා දූරියන් මාරයෙකි.
    බස්සාට ඩෝනට් අප්‍රසන්න වන අතර බස්සි ඩෝනට් ලෝලියෙකි.
    එව්වායේ හැටි එහෙම නිසා ඕනෑම කෙනෙකුට මෙතනින් එහාට කියවා ලේ පුච්චාගන්නේ නැතුව සමාදානයෙන් ජීවත් වෙන්නට පුලුවන් ය.


    “Funky Dirt” ලාගේ සිංදු සරලය.
    එදිනෙදා කතා කරන වචනය.
    ‘අලුත් සිංහල’ ය.



    හෝන් සද්දෙ
    ඇසේ සංගීතයක් සේ
    ට්‍රැෆික් එකේ මෙ රස්නෙ
    දැනේවි පෙම් සිසිලෙ
    ඈ ළඟ හිඳින වේලෙ – හෘදෙ සාදයක් සෙ
    ම’ ලෝකෙ පාරදීසෙ – මැවේවි හයිලෙවල් පාරෙ

    යළිත් මෙසේ - මෙ බස් එකේ – මෙ රූට් එකේ – මුණගැසේ
    කියා සිතා – හිතා මතා – ඈ එන වෙලාවටම එන්නෙ


    ඔෆීසියෙන් හයිලෙවල් පාරට බහින හද්දා වෙහෙසකර හවසකට සෙට් වෙන්නේ එහෙම සිංදුය. වෙහෙසකර මනස තවත් මහන්සි නොකරන සුගම වචන ය. වෙහෙසකර ගත ඉබේ නැටවෙන ‘ආතල්’ බීට් එකක්ය.


    සිංදුවට වඩා නැගලා යන්නේ මියුසික් වීඩියෝවය. දැන් බිහිවෙන බොහොමයක් මියුසික් වීඩියෝවල කපල් එක යන්නේ ලිමොසි එකේය. හැබැයි රිඩ්සි කෙල්ලත් එක්ක යන්නේ බස් එකේය. අනිත් මියුසික් වීඩියෝවල කෙල්ලගේ දුෂ්ට තාත්තා හමර් එකෙන් ඇවිත් කෙල්ලව කුණු මාලු කෑල්ලක් සේ ඇදගෙන යයි. ඒත් ‘අයියෝ ඩාන්ස්’ එකේදී කොල්ලාගේ තාත්තා පුටු පුටුවෙන් ඇවිත් බාල්දිය දමයි. පෙම්වතා හොටු පෙරාගෙන අඬන වීඩියෝ මේනියාව “Funky Dirt” ලාට තවත් ආතල් පොයින්ට් එකකි.

    2isilxd.jpg


    “අපේ තාලේ බූට් සිංදුවක්” හෙවත් “ඒක තමයි මේක” “Funky Dirt”ලාගේ අලුත්ම මියුසික් වීඩියෝවයි. බූට් එක ආතල් එකට හරවා ගන්නා සිංදු පහුගිය කාලේ තොග පිටින් බිහිවූ බව ඇත්තය. හැබැයි බසු කන්වලට නම් ඒවා බොහොමයක් ඇල්වතුර හෝ ගොං ආතල් විය. බූට් එකෙන් දැනෙන ආතල් එකක් දුන්නේ “ඒක තමයි මේක” විතරය.


    මම බ්‍රේක් නැතිව කිලෝ ගණන් හීන මවද්දී..
    එයා බ්‍රේකප් වෙන්න දාලා යන්න හේතු හොයද්දී..
    ඊයේ ගැලපුණු හඳහන් අද අවුල් කියද්දී..
    තේරුණේ මට පෙරලෙන බව ප්‍රේමේ බාල්දි. . . .!



    ඕනෑම සිංදුවක් එක්ක ‘පිස්සු කොර වෙන’ මඥ්ඥං බීට් එකකට පොඩි ඩාන්ස් කෑල්ලක්ද එකතු වෙයි. ඒ ඉතා සරල ස්ටෙප්ස් වලින්ය. ඕනෑම රසවතෙක්ට ඩී.ජේ එකකදී හෝ ප්‍රසංගයකදී පහසුවෙන් නැටුමට එකතු විය හැකි තරම් පහසු වන අතරම, ඒ ඩාන්ස් එක බලමින් බඩ අල්ලාගෙන හිනාවෙන්නටත් පුලුවන්ය.

    v7qsdh.jpg


    සිංදු හිට් කරන්න සල්ලි ගෙවන්නේ නැති නිසාදෝ ඉකි ගහන බස් සින්දු, මල් සින්දු හෝ වට්ටෝරු සින්දු මෙන් මේවා ලංකාවේ මාධ්‍යවල ප්‍රචාරය වෙන්නේ නැත. විකාශය වුනත් යලට මහටය. හැබැයි කෙටි කාලයක් තුල “Funky Dirt” ලා ලොකු පිම්මක් පැන්න බව මේ සම්මාන වලින් පැහැදිලිය.


    2012 Best new artist of the year – Derana music vedio awards


    2012 Hot and spicy upcoming star – Derana music vedio awards



    2013 Best online music vedio of the year – Derana music vedio awards



    වැඩි කලබල නැතිව, අනවරත ගමනක යෙදෙන්නාට සෑහෙන දුරක් යන්නට පුලුවන්ය. ඉතින් ‘අවුරුද්දට එකායි – ආතල් ගොඩායි’ අරගෙන තව සෑහෙන්න කාලයක් අපිට ආතල් දෙන්නට “Funky Dirt”ලාට හැකි වේවායැයි හදවතින්ම සුභපතනවාය...

    Source : බස්සිගේ නවාතැන Blog

    Type DMV (SPACE) 35
    Send to 9900
    To vote eka thamai meka

    Me set ekama mage yaluwo set ekak bnz..pls help then to win another award by sending SMS bnz..thank you...​
     
    Last edited:
    • Like
    Reactions: MR.BILLA