Campus එකේ මුල්ම ට්‍රිප නකල්ස් පැත්තෙ ගියේ මතක විදිහට. ගල් cocacola එක්ක mix කරල කට්ටිය එක්ක බස් එකේ පස්ස පේලි වල දිගටම ගසල හිටියෙ.
කඳුකර පැත්තට එන්ටර් වෙනකොට හොඳටම චූ බරයි. මමයි තව එකෙකුයි බස් එක නවත්තපු වෙලාවක තේ වතු කෑල්ලක උඩට නැග්ග. අනිත් උනුත් එක එක පැති වලට ගියා ටුක් ගාල චූ පාරක් දාල එන්න. වතුර කානුවක් තිබ්බ තේ වත්ත අස්සෙන් යන. Nitrogen නෙහ් පැල වලට පෝර නිසා හොඳයි කියල කාණුවට ජුන්ඩාස් එල්ල කරල වැඩේ අහවර කරා.
ආපහු තේ වතු කෑල්ලෙන් බහිනකොට කෙල්ලො සෙට් එක පෝලිමට පීල්ලකින් වතුර බොනව කන්දෙන් එන නොඉඳුල් වතුර කියල. අපේ වෙරි බැස්ස මචන්, උඩ බැලුවහම අර කානුව සෙට් වෙන්නෙ පීල්ලට.
වැඩේ බරපතල නිසා මමයි අනිත් එකයි අද වෙනකන් ඔය ගැන කට හොල්ලල නැහැ

.
තව අපත වැඩ තියෙනව. පස්සෙ වෙලා තිබ්බොත් කොටන්නම්. එහෙනම් අපි ගියා.