මේකට මම සම්බන්ධ වුණාට මම කරපු වැඩක් නෙමෙයි. අපේ අමන වර්ගයට අයත් අයිය කෙනෙක් කරපු ජොලි වැඩක්.
අපේ මහප්ප කිසි චාරයක් නැති පොරක්. මිනිහ ඔය උඩ කියල තියෙන අයියව කඩේ යවල සිගරට් එහෙම ගෙන්නගන්නව.
මිනිහටත්, රු5ක 6ක මාටිය පාරක් සෙට් වෙන වැඩක් නිසා කිවුව ගමං උඩ පැනල යනව,
මමත් එහෙ ගිහින් ඉඳපු දවසක මහප්පගෙ ඕඩරේකට, සිගරට් 2කකුයි රට හුණු කෑලි දෙකකුයි ගේන්න මූත් එක්ක කඩේ ගියා.
කයියක් ගහගෙන කඩචෝරුත් කකා ගෙදර එන ගමං මූ රෝසපාට රටහුණු කෑල්ලක් එක සිගරට් එකක අතුල්ලනව.
දැන් සිගාව රෝසපාටයි. මූ මට කියනව, "යකෝ දැන් මේ දෙක මෙහෙම දෙන්න බෑ. අපි අනිකෙත් රෝසපාට ගාමු" කියල අනික් සිගාවටත් කලර් වොශ් එකක් දුන්න.
ඊටපස්සෙ බඩු ටික මහප්ප අතට දුන්නට පස්සෙ දෙන්න අතර වෙච්ච දෙබස.
මහප්ප - මේ මොකද යකෝ.
අයිය - ඇයි?
මහප්ප - ඇයි කියල අහන්නෙ, මේ බලපං,
අයිය - ඔය ටික එකට අතේ තියාගෙන එනකොට ගෑවිලා ඇති.
මහප්ප - ඒක යකාගෙ වැඩක්නෙ. බලපං මේක බොන්නෙ කොහොමද,
අයිය - හරි... කට තියෙන තැන ගෑවිලා නෑනෙ.
මහප්ප - යකෝ මූ මේකෙ හුණු කෑල්ලත් උලල .#?!#? මෙහෙම බොන්නලු. මේක බොනකොට දකින එවුන් මොනව කියයිද?
අයිය - හරි ඉතිං ඔයා ඕක ලැට් එකට ගිහින් බොන්න.
මහප්ප - බොට පුලුවන්ද ලැට් එකේ ඉඳගෙන බත් කන්න.
අයිය - ඔවු මට පුලුවං.....
මහප්ප - බත් කන්න, ලැට් එකේ ඉඳන්,,, ඔවු ඉතිං, උඹට මොකෝ උඹ ඌරනෙ හරි හිටපංකො, තොට අද බත් කන්න වෙන්නෙ ලැට් එකේ ඉඳන්.
අයිය - හරි.. හරි.. බත් කිවුවට බත්ම කන්න බෑ. බනිස් ගෙඩියක් වගේනං කන්න පුලුවන්.
කෝ... සල්ලි දෙන්න බනිස් ගෙඩියක් ගෙනල්ල කාල පෙන්නන්න.....