ඔහොමම වැඩක් උනා සීඩී සම්බන්දයෙන්අපේ එකෙක් ඉස්කෝලෙට ගෙනත් තිබුන මෝටරෝල ෆෝන් එකක්. මොඩ්ල් එකනං මතක නෑ. ඩිස්ප්ලේ එක ෆ්ලිප් කරන්න පුලුවන් ජාතියෙ එකක්. ඒ කාලෙ හැටියට සෑහෙන්න වටිනව.
කොහොම හරි ඕක බෑග් චෙක් කරන වෙලාවක අහුවෙලා ප්‍රින්සිපල් අතටම ගියා. ලොකුම ගැටලුව තිබුණෙ. මූ ඉස්කෝලෙ ඇතුලෙ බෙදාහරින්න ගෙනාපු ජරාව පුරවපු චිප් එකකුත් ෆෝන් එක ඇතුලෙ තිබ්බ එක.
ප්‍රින්සිපල් අනික් වගකිවයුතු පාර්ශවේ එක්ක එකතු වෙලා ෆෝන් එකට ෆුල් සර්ච් එකක් දාල. ඔෆිස් එකේ කබඩ් එකක ආරක්ෂා සහිතව ෆෝන් එක තියල, තම දරුවාගේ හපංකං පෙන්වීමට මා,පිය කැඳවීමක් කලා.
මේ වෙන්න යන විනාසයෙන් අපේ මිත්‍රයව ගලවා ගැනීමට කරන්න තිබුන එකම දේ ප්‍රින්සිපල්ගෙ ලොකර් එකෙන් ෆෝන් එක උස්සන එක විතරයි.
ඒකට අපි යොදාගත්ත පුද්ගලය තමයි අපේ මැත්ස් ක්ලාස් එකේ අපි එක්කම එකට ඉගෙනගත්ත, ඔෆිස් එකේ ඕන තැනකට ඕන වෙලාවක යන්න තරමෙ බලයක් තිබුණ ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකය.
හෙඩ් ප්රිෆාගෙ බැජ් ගැලවිලා ෆයිල් වලට ලියුමක් යන්න තරම් කේස් එක බරපතල් හින්ද ෆෝන් එක ගෙඩිය පිටින් උස්සන්නැතුව චිප් එක විතරක් පන්නන්න අපේ යාලුව එකඟ උණා.
කොහොම හරි වැඩේ ගොඩදාගත්ත. පස්සෙ අපේ යාලුවගෙ අම්ම ඉස්කෝලෙට ආපු දවසෙ නඩුව අහන තැනට ඔලුව දාන්නත් අපේ මිත්‍ර ප්රිෆාවම යොදාගත්ත.
මිනිහට ඇහිල තියෙන්නෙ මෙච්චරයි.
" කෝ.. සර්.. මේකෙ තිබුණනෙ... අන්න ඒ අයිකන් එක තමයි... එතන.. නැද්ද..ඊට පහල එක බලන්න.."
පස්සෙ ෆෝන් එක ආපහු දීල අම්මව යවල තිබුණ. ජරාව කේස් එක එතනින්ම යට ගියා.
මිස් ඒ කාලෙ කොලු වැඩමනෙ කරල තියෙන්නෙකට්ටිය කරල තියෙන අමන වැඩ අපිටත් දැනගන්න එක්කම දාමු බලන්න.
පලවෙනි එක මගෙන්,
2006 O/L ඉවර වෙලා, මායි තව යාලුවො දෙන්නෙකුයි එක්ක ගියා පොඩි ට්‍රිප් එකක්.
ට්‍රිප් එකක් කිවුවට අපි ගියේ, අපි තුන්දෙනාගෙන් එකෙකුගෙ ගම් පලාත වෙච්ච, දකුනු පලාතේ තිබුන යාලුවගෙ මහ ගෙදරට.
දවස් තුනක් විතර ගමේ කොල්ලො එක්ක ගම පුරාම කරක් ගහල, බීච් ගානෙ ගිහින් නාල ජොලි කරල, තුන්වෙනි දවසෙ ගෙදර එන්න හදනකොට ගෙදර මිනිස්සු කිව්ව ගමේ පෙරහැරක් තියෙනව ඒකත් බලල තව දවසක් ඉඳල යන්න කියල.
ඉබ්බ දියේ දාන්න හදනකොට ඇන්නෑවෙ කිවුව වගේ අපිත් ගෙවල් වලට කතාකරල මෙහෙ මිනිස්සු අපිව බලෙන් තියාගත්තගානට කතන්දරේ කියල තව දවසකට අවසර ගත්ත.
එදා රෑ ගමේ පෙරහැරත් බලල පෙරහැරෙන් පස්සෙ තිබුණු ශාන්තිකර්මෙකුත් බලල පාන්දර ජාමෙ එන්න පිටත් උණා. අපි තුන්දෙනත් එක්ක ගමේ කොල්ලො 10ක් 12ක් විතර හිටිය..
එන මගට තිබුන ගෙවල් වනසගෙන තමයි ආවෙ. එන ගමන් පාරට හෙන කටු පදුරු, කොට දාල පාරත් වැහුව.
පාර අයිනෙ තිබුන මඩුවක බාල තිබුන බ්ලොක් ගල් ගොඩක් ඇදල පාර හරහට අඩුක් කරා. අන්තිම ගල අතට ගන්නකොටම වටේ ඉඳපු අනික් උන් දුවන්න ගත්ත. එතකොටම මඩුව ඇතුලෙ බුදියං ඉඳපු එකෙක් කෑ ගහගෙන එළියට බැස්ස.
ගල අතඇරල මාත් අනික් උන් පස්සෙ දිවුවට කොහෙ දුවනවද කියල පාරක් දැනගෙන නෙමේ දිවුවෙ. ටික වෙලාවක් පස්සෙන් එලවල මඩුවෙ අයිති එකා නැවතිලා හෙන ගඩොල් බාග අරං අපි දුවන පැත්තට විසිකරන්න ගත්ත. අපේ වෙලාවට මිනිහට දුවන්නත් බෑ, කෙලිං ගලක් ගහගන්නත් බෑ.
මගෙ ඉස්සරහින් දුවපු උන් දෙන්නගෙන් එකෙක් වත්තකට පැනල (උගෙ ගෙදර වෙන්න ඇති) ලිඳෙන් වතුර බාල්දියකුත් ඇදගෙන වැසිකිළියට රිංගල දොර වහගත්ත.
අනික් එකා ගේකට රිංගුව. මාත් උගෙ පස්සෙන් ගෙට රිංගුව. මේක මාව දැකල බයවෙලා බ්ලොක්ගල් මඩුවෙ අයිතිකාරය කියල.
කොහොමහරි අපේ යාලුවට කතාකරල මම ඉඳපු තැනට ගෙන්නගෙන ආපහු ගෙදර ආව (පාර දන්නෙ නෑනෙ)
පහුවදා උදෙන්ම නඩු ෆයිල් වෙන්න කලින් අපි අපේ ගෙවල් වලට ආව.
පස්සෙ ආපු ආරංචි වලින් දැනගත්තෙ ගමේ කොල්ලො සෙට් එක පෙරහැර ගිය මාර්ගයේ සිදුවූ සියලු නොපනත්කම් වලට වැරදිකරුවන් උන බවත්,
නිදහසට කරුනු විමසීමේදී "කොළඹින් ආපු උන් තමයි ඕව කරේ"
කියා නිදොස් උන බවත්ය.
අඩෝ උබ පාදුක්ක හෝමගම අව්ටද? මායි යාලුවෙකුයි ඒ ල් මුල වගේ පමුනුවෙන් ඇඳුම් ගන්න ගිහින් ඒ එක කඩේක එකෙක් බලෙන්ම අපිට කතා කරලා, බලෙන්ම ඇඳුම් පෙන්නුවා. පෙන්නලා අපි හොයපු ඒවා නෙමේ හින්දා එන්න හැදුවම ඒ යකා මගෙ යාලුවව අල්ලගෙන කුනු හරපෙන් බැන්නා කියපන්කො. එදා ඉදන් පැත්ත පලාතෙ යන්නෙ නෑ. Nolimit හරි CoolPlanet වගේ එකකින් විතරයි ඇඳුම් ගන්නෙ.තව ඒ කාලෙම කරා පමුණුවෙන් රෙදි උස්සපු එක.
උගෙ අප්පට යකෝපොඩි කතාවක් මතක්වෙලා නූල බම්ප් කරල ගන්න හිතුන....
මම ඕලෙවල් පංතියෙ ඉන්න කාලෙ අපේ ඉස්කෝලෙ දිනපතා පංති රැස්වීමට අනිවාර්යයෙන් කවුරුහරි කෙනෙක් කතාවක් පවත්වන්න ඕනෙ කියල කවුරු හරි පිස්සු පොරක් කරුම නීතියක් ගෙනල්ල තිබුණ...
ඕකට මගේ වාරෙ ආවම මොකක් හරි ගේමක් ගහල කටා පාර දාන්න පුරුදුවෙලා හිටියත්, එක දවසක් මග හරින්න බැරි විදිහට බෙල්ල මුලටම තොන්ඩුව හිරවුණා...
සාමාන්‍යයෙන් පංති රැස්වීම් වල කලින් සූදානමක් නැතුව කතා කරන හැම එකාගෙම පොදු මාතෘකාව වුනේ "පරිසරය"...
සුවහසක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසුලු විසුලු මැද, සුවහසක් ගුරුවරුන්ගේ එරවුම් බැණුම් මැද අමාරුවෙන් පරිසරය ගැන වාක්‍ය පහක් ගොත ගගහ ඔබ හමුවේ තබල, සමච්චල් සිනා හඬවල් මධ්‍යයේ වේදිකාවෙන් බැස යාම ඔය රැස්වීම් වල සුලබ දසුනක්....
ඕන්න ඉතිං උඩ කිවුව විදිහට මගේ කරුම දවස උදාවුණා....
හැබැයි මොකාක් හරි අහේතුවකට පරිසර ඉලවුව වෙනුවට මගේ ඔලුවට එදා ආපු මාතෘකාව
"අනගාරික ධර්මපාල තුමා"
මාතෘකාව ඔලුවට ආවට මම එතුමා ගැන හරියට දන්නෙ එතුමගෙ නම විතරයි....
හැබැයි මට පොඩි විශ්වාසයක් තිබුණ, මගේ කතාව අහන්න හිටපු ගුරු ගෝල පිරිස අතරෙ ධර්මපාලතුමා ගැන හරි විස්තරයක් දන්න එකෙක්වත් නැතුව ඇති කියල....
ඕන්න කතාව පටන්ගත්ත,
රැස්ව සිටින ඔබ සියලු දෙනාගෙන් අවසරයි, මා අද දින යත්ම දරන්නේ අනගාර්ක ධර්මපාලතුමා පිළිබඳව යම් කරුණු ස්වල්පයක් ඔබේ දැනුමට එකතුකිරීමටයි..... (නොහිතපු විදිහෙ ප්‍රකාශයක් නිසා සභාව ෆුල් සයිලන්ට් වුණා)
"දොන් ඩේවිඩ් හේවා විතාරණ නමින් එක්දාස් අටසිය (නිකං හිතට ආපු වර්ශයක් ඇදල ඇරිය) දී මෙලොව එළිය දුටු...." කියල පටං අරං
ගජබින්නාලංකාරයේ නව පරිචඡේදයකට අත් පොත් තබමින් හිතට ආපු නම්, ගම් ටිකක් එක්ක හිතට ආපු වර්ශ ටිකක් කලවං කරල කතාවක් ඇදල ඇරිය,
මේ ලෙසින් මාගේ කතාව අවසන් කරමි.... ස්තූතියි..
කියල හෙන අත්පුඩි ගොඩක් සහ ප්‍රශංසා ගොඩක් එක්ක මගේ මහා බොරු සංග්‍රහය අවසන් කරා....
මේ කතාවෙන් පස්සෙ මාව ගුරුවරු අතර සෑහෙන්න ජනප්‍රිය වුණා...
විශය නායක කම් කීපයක් ලැබුණ...
පංති කව රැස්වීම් වලට බයක් හැකක් නැතුව ගෙදරින් එක්ක එන්න පුලුවන් තත්වයක් උදාවුනා...
ඕන්න ඕකයි ක්‍රියේටිවු විදිහට ගලපල බොරු කීමේ ආනිසංස...
මිනිස්සු කොහොමත් නැති දේවල් තියෙනවා වගෙ පෙන්නන්නමනෙ හදන්නෙ හැමවෙලාවෙම. නේද මිස්.අනේ අමන කොලුවෝ.....
මම මෙච්චර මේ නූල බම්ප් කර කර උඩට අදින්නෙ මේකෙ උන්ට මම කොලුවෙක් කියල පෙන්නන්න...,
මූ ඒකටත් කෙලින්න හදන්නෙ....
හම්මට සිරි වෙන කතාවක්... මරු ඒකනං...පලවෙනි කතාවට ගොඩක් ලයික් වැටුන නිසා තව උන ආතල් සිද්දියක් දාන්න හිතුවා, මේක උනේ මුලින්ම ජොබ් එකට training කාලේ,
මේකයි කතාව,
2011 වගේ තමා මුලින්ම construction සයිඩ් එකෙන් ඉගනගෙන training එකට ගියේ, යන්න උනේ බදුල්ලට බදුල්ල සොරණාතොට කියන ගමේ පාර හදන එක තාමා project එක. උබලා ඔය නාරංගල කියල යන්නේ අන්න ඒ ලග තමා අපිට සෙට් උනේ. කෙටියෙන් කිව්වොත් පට්ට දුෂ්කරයි පට්ට හිතලයි පාරේ බස් නැ ලොරියක් දුවන්නේ, රැට කොන්ක්‍රීට් දාන්නේ ගිනිමැලයක් ගහන්,කඩේ යන්නේ එන්නේ JCB එකේ. බෝඩිමේ ඉන්නේ මම මගේ යාළුවා ගබඩා බාරකරු, අපිව බාර ඉන්ජිනේරුතුමා, JCB රියදුරු, කෑම උයන කෙනයි.
දවසක් වැඩ කලින් ඉවර උන දවසක අපි බෝඩිමට ඇවිත් විස්තර කතා කර කර හිටිය රැ වෙනකන්, එක එක්කෙනාගේ විස්තර අස්සේ රියදුරුතුමාට උන හොල්මන් seen එකක් ඇදිල අවා. හොටෙල් එකක එල්ලිලා මරුන සීන් ekak, පොර ආයේ 3D ෆිල්ම් එකක් වගේ සීන් එක දෙනවා. පස්සේ SKත් කිව්වා සයිට් එකේ පාලු තැනක යනකොට පස්සෙන් එන සීන් එකක්. එතනින් රැට එන්න එපා කියලා එතන තියන ගලක ඇත්තටම ලේ වගේ සීන් එකකුත් තිබ්බා අපි දැකල තියනවා. ඔහොම දැන් රැ 12 වගේ වෙනකන් ඇදුනා කතා ටික කස්ටියත් ටිකක් බිල්ලෝ වගේ කන් ඇත් කරන් අහගෙන ඉන්නවා. ඔහොම ඉන්නකොට ඉංජිනිය කාරයා කියනවා මන් උබලට දෙයක් කියන්නම් උබලා බයවෙන්න එපා. මේ බෝඩිමේ මම දැන් අවුරුද්දක් විතර ඉන්නවා හැමදාම පාන්රදට ඉස්සරහා දොර අරගෙන කව්රුහරි ඇවිත් පස්සේ දොරෙන් එලියට යනවා කියපි. හැබැයි කාටවත් කරදරක් නැලු. දැන් මගේ යාළුවා කොමා එකක් හැදිලා වගේ ඉදල කියනවා උටත් එහෙම සීන් එකක් මාට්ටු උ ඇවිත් බැලුවට දොර ඇරලා නැ ලු. ඉගෙන ඉන්න පුටුවෙන් සටස් ගහල කකුලුත් උඩට ගත්තා මම. ඕවා අහගෙන ඉගෙන උයන එකා (පොර ටැමිල් වැඩිය කතා බහ නැ) ඇවිත් කියනවා මාතියා කින ඒවා අහන් හිටියා මම මේ උඩ බංගලාවක උයන කාලේ මාළු වගයක් අරන් පාරේ රැ ක යනකොට කළු මනුස්සයෙක් පස්සෙන් අවාලු, පස්සේ පොර හයියෙන් යනකොට අර කළු මනුස්සයා එක පාරට කළු ලොකු බල්ලෙක් වගේ වෙලා කෙල පෙරාගෙන ඇගට පැන්නලු ඇස් රතුම රතුයිලු. පොරට බය වැඩි කමට සිහිය නැතිවෙලා, සිහිය එනකොට හිටියේ කැලේ අර කලින් කිව්ව ගල ගාවලු.
දැන්නම් සෙට් එකම හොදගානට තැම්බිලා තක්බීර් වෙලා, ලාවට දනිස් දෙකත් හෙල්ලෙනවා වගේ ඒ අස්සේ අරු කියනවා ඒ චු බරයි වරෙන්කො පොඩ්ඩක් යන්න කියලා, රෙද්ද මම මේ කකුල් දෙක බිම තිබ්බෙත් නැ,මුට හුජ්ජ දාන්න මම යන්නේ අරක කේලින් කරන් ඉන්නද කියලා හිතුනට මම කිව්වේ නැ හයියෙන් කතා කරන්නත් බයයි වගේ නිසා, ඔන්න ඒ අස්සේ එකපාරට බරාස් බරස් ගලා සද්දයක් එනවා, හම්මෝ බන් බයවෙච්ච් පාර අරු පැනලා මාව බදාගෙන skයි ඩ්‍රයිවර් කාරයයි ඉන්ජිනියර් ව බදාගෙන. කොහෙන් සද්දේ එනවද කියලා හොයන්න බැ. ටික වෙලාවකින් සද්දේ නැතිඋනා. එකක්වත් හෙල්ලුනේවත් නැ, ටිකවෙලාවකින් වාහනයක් ඇවිත් ඉස්සරහ නතරකරලා එකෙක් බැහැල දොරට තඩිබානවා. කුකා බයේ බයේ ගිහින් දොර ඇරියා. බලනකොට project manager කාරයා, මම ෆෝන් එක දාලා ගිහින් නේ, ඔය කබඩ් එක උඩ තිබ්බේ කෝල් කලා කව්රුත් ගත්තේ නැ, මොකෝ මේ බයවෙලා වගේ කියලා අහපි. අර සද්දේ ලි කබඩ් එක උඩ ෆෝන් එක ව්යිබ්රේට් වෙලා, හම්මෝ එහෙමත් ආතල් එකක්, හොදම වැඩේ අරුට පුටුවේ චු ගිහින්.
වයසට යනකොට ඉතුරුවෙන්නෙ තරුණකාලෙ කොරපු දේවල් තමයි කොලුවෝ....NAKI ATHAL BUMP
මම මිනිහෙක් යකුනේ... මම මිනිහෙක්... මොන අපහාසයක්ද මේ...මිස් ඒ කාලෙ කොලු වැඩමනෙ කරල තියෙන්නෙ

හයියෝ... මේව කොහොමද අහං ඉන්නෙ...මිනිස්සු කොහොමත් නැති දේවල් තියෙනවා වගෙ පෙන්නන්නමනෙ හදන්නෙ හැමවෙලාවෙම. නේද මිස්
නෑ තාම බැඳල නෑ...@PHBhagya මිසී බැඳලද?

... මම මිනිහෙක් යකූ...Bhagya කියන්නෙ පොඩි කාලෙ ක්රස් එකදමම මිනිහෙක් යකුනේ... මම මිනිහෙක්... මොන අපහාසයක්ද මේ...![]()
![]()

නමේ කෑල්ලක්... නම එහෙම වුනාට මම මිනිහෙක්..Bhagya කියන්නෙ පොඩි කාලෙ ක්රස් එකද![]()
භාග්යනමේ කෑල්ලක්... නම එහෙම වුනාට මම මිනිහෙක්..![]()

කියන්ට...කියන්ට...කියන්න නම් දේවල් තියේ ගොඩක් තියේ. ලියන්න කම්මැලී අප්ප![]()
අම්මප...??අපි නම් අමන වැඩ කරේ නෑ.. අපි හොද ලමයි.![]()
එහෙමද?, නැත්තං වටේම ඉන්න කොල්ලො...වටේම ඉන්න කෙල්ලන්ට ගල් කැපුවා.![]()
![]()
ෆොටෝ එකක් නැතුව විශ්වාස කරන්න අමාරුයි. @Solo Rider @NRTG තමයි කිව්වෙ උයා gurl කීලහම්මට සිරි වෙන කතාවක්... මරු ඒකනං...
වයසට යනකොට ඉතුරුවෙන්නෙ තරුණකාලෙ කොරපු දේවල් තමයි කොලුවෝ....
මම මිනිහෙක් යකුනේ... මම මිනිහෙක්... මොන අපහාසයක්ද මේ...![]()
හයියෝ... මේව කොහොමද අහං ඉන්නෙ...
නෑ තාම බැඳල නෑ...
මම පිරිමින්ට කැමති නෑ... ගෑනුන්ට විතරයි කැමති..
මම ලෙස්සබියං...
... මම මිනිහෙක් යකූ...
ඔව් එහෙම තමයි එයා එක සඟවනවා. කරලා තියන දඟ වැඩ ඇහුවම ආදරේ හිතෙනවා.......ෆොටෝ එකක් නැතුව විශ්වාස කරන්න අමාරුයි. @Solo Rider @NRTG තමයි කිව්වෙ උයා gurl කීල
නෑ නෑ මෙයා boi.. මට proof තියනවඔව් එහෙම තමයි එයා එක සඟවනවා. කරලා තියන දඟ වැඩ ඇහුවම ආදරේ හිතෙනවා.......![]()

සමහර දර්ශන වලට එයාගේ අක්කගේ පුතාව දානවා. ඒකයි ඒනෑ නෑ මෙයා boi.. මට proof තියනව![]()

හානේ... කපටි මිසී කෙනෙක් වගේ..සමහර දර්ශන වලට එයාගේ අක්කගේ පුතාව දානවා. ඒකයි ඒ![]()
ඒකනෙ කියන්නෙ...නෑ නෑ මෙයා boi.. මට proof තියනව![]()
දුප් බහ්...සමහර දර්ශන වලට එයාගේ අක්කගේ පුතාව දානවා. ඒකයි ඒ![]()
අනේ ඒ ආදරේකරලා තියන දඟ වැඩ ඇහුවම ආදරේ හිතෙනවා.......![]()