කොලෙස්ටරෝල් අඩු කර ගන්න විදියක්

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ආයුර්වේදයේ හැටියට කරපිංචා, සුදු ලූණු, ගොරකා කියන වර්ග 3 ම කොලෙස්ටරෝල් අඩු කරන්න හේතු වෙනවා... මේ නිසා මේ විදියට සම්බෝල හදලා කන්න දෙන්න...

    සුදු ලූණු බික් කීපයක්
    ගොරකා කෑල්ලක්
    කරපිංචා ඉති දෙක තුනක්
    ගම්මිරිස් ඇට දෙක තුනක්
    ලුණු අවශ්‍ය පමණට

    මේ දේවල් ඔක්කොම එකට අඹරලා සම්බෝල හදන්න....මේක කොලෙස්ටරෝල් වැඩි වෙනවට ඕනිම කෙනෙක්ට කන්න පුලුවන්....මේක රස සම්බෝලයක්...;) සාමාන්‍යයෙන් අපි නිතර කන දේවල් අතරින් කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙන්න හේතු වෙන දේවල් වැඩි නිසා මේ සම්බෝලය කන්න පුරැදු වෙන එක ඕනිම කෙනෙක්ට හොදයි...

    කරපිංචා කැද දෙන්න එපා...කැද හදන්න පොල්කිරි දානවනේ...පොල්කිරිත් කොලෙස්ටරෝල් වැඩි වෙන්න හේතු වෙන දෙයක්...

    • Like
    Reactions: Hi Elakiri

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මචන් මොන බෙහෙත් බිව්වත්(සිංහල,ආයුර්වේද හෝ ඉංග්‍රීසි) පරීක්ෂන(Investigations) නියමිත කාලයට කරලා ඒවයෙ හොඳ නරක පරීක්ෂා කරගන්න.
    අමාරුකම්(Symptoms) අඩුවුනා කියලා ලෙඩෙ අමතක කරන්න එපා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං වෛද්‍ය උපදෙස් නැතුව ව්‍යායාම් කරන්න පටන්ගන්න එක නම් හොද නෑ. ඒත් වෛද්‍ය උපදෙස් අරං ව්‍යායාම කරන්න ඕනේ.
    දන්න විදියට නම් ඕක හොද කරන්න සිංහල බෙහෙත් තියනවා. පුලුවන් නම් තාත්තට පාරම්පරික සිංහල වෙද මහත්තයෙකුගෙන් බෙහෙත් ගන්න.
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    machan.....poddak wisthara madiy.....dadta cholesterol,pressure witharada thiyenne....diabetic uth thiyanwada?kochchara kal indan da oya leda thiyenne?
    oya leda 3 tama machan kochchara treat kalath NO:1 Management eka thama diet control + medicine......
    diet control eka nathnam machan beheth lorryak biwwath wadak na.....
    kiyanna one na danatamth doctors la kiyala athi ne exercise....diet control ehema karana widiya.....
    wadagath ma de machan doctors la kiyana widiyata karala umbata ayth lipid profile ekak,full blood cout ekak ehema kara gena masa 3 kin wage enna kiyanawane ....e welawata hariyama palan parakku karanne nathuwa....

    green tea,karapincha kanda me dekata cholesterol adu wena eka dakka ape ammage...habay machan me deka dunne western beheth walata amatharawa...so hariyatma kiyanna ba me dekin may adu une kiyala....priority eka beheth walta deepan...additionally anik dewal deepan.....
    personally wadi pura hoyala balapn beheth welawata gannawada ehema kiyala...bya wenna epa machan owa hona management ekakin control karanna puluwan leda.....jyawa wewa.....:):):)
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මචන්, අපේ තාත්තා ගොවියෙක්. ඒ නිසා නිතරම මහන්සි වෙලා වැඩපල කරනවා දවසෙම. sugar diabetic නම් නෑ. pressure, cholesterol තමයි තියෙන්නේ. pressure එකට බෙහෙත් ගන්නවා දැන් ටිකක් කල් ඉඳලා. සැරෙන් සැරේ පපුවේ කැක්කුම එනවා. මේ සැරේ බෙහෙත් වගයක් දුන්න බොන්න. සති 2ක් බීල lipid profile test එකකුත් කරගෙන එන්න කිව්වා මචන්. :yes::yes::yes:

    (ගොඩක් ස්තුතියි උදව්වට මචන් :) )
     
    • Like
    Reactions: Luckyherald 5

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සුදු ලුණු දාල කරපිංචා කොළ කැඳ සිරාවට වැඩ කරනවා
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ආයුර්වේදයේ හැටියට කරපිංචා, සුදු ලූණු, ගොරකා කියන වර්ග 3 ම කොලෙස්ටරෝල් අඩු කරන්න හේතු වෙනවා... මේ නිසා මේ විදියට සම්බෝල හදලා කන්න දෙන්න...

    සුදු ලූණු බික් කීපයක්
    ගොරකා කෑල්ලක්
    කරපිංචා ඉති දෙක තුනක්
    ගම්මිරිස් ඇට දෙක තුනක්
    ලුණු අවශ්‍ය පමණට

    මේ දේවල් ඔක්කොම එකට අඹරලා සම්බෝල හදන්න....මේක කොලෙස්ටරෝල් වැඩි වෙනවට ඕනිම කෙනෙක්ට කන්න පුලුවන්....මේක රස සම්බෝලයක්...;) සාමාන්‍යයෙන් අපි නිතර කන දේවල් අතරින් කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙන්න හේතු වෙන දේවල් වැඩි නිසා මේ සම්බෝලය කන්න පුරැදු වෙන එක ඕනිම කෙනෙක්ට හොදයි...

    කරපිංචා කැද දෙන්න එපා...කැද හදන්න පොල්කිරි දානවනේ...පොල්කිරිත් කොලෙස්ටරෝල් වැඩි වෙන්න හේතු වෙන දෙයක්...

    මේක පට්ට රහයි... මම කාලා තියෙනවා :yes:
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    කරපිංචා නියමයි.. කැඳ හදන්න කරදරයිනෙ හැමදාම.. නිකන් තලල බතුත් එක්ක කන්න දවසට මිට ගානෙ..
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මචන්, අපේ තාත්තා ගොවියෙක්. ඒ නිසා නිතරම මහන්සි වෙලා වැඩපල කරනවා දවසෙම. sugar diabetic නම් නෑ. pressure, cholesterol තමයි තියෙන්නේ. pressure එකට බෙහෙත් ගන්නවා දැන් ටිකක් කල් ඉඳලා. සැරෙන් සැරේ පපුවේ කැක්කුම එනවා. මේ සැරේ බෙහෙත් වගයක් දුන්න බොන්න. සති 2ක් බීල lipid profile test එකකුත් කරගෙන එන්න කිව්වා මචන්. :yes::yes::yes:

    (ගොඩක් ස්තුතියි උදව්වට මචන් :) )

    එහෙමද මචන් අහන්නත් සතුටුය්.....lipid profile එක කරගෙන ඊළඟ පර ගියාම මතක අතුව පපුව කැක්කුම ගැන කියන්න මචන්....එතනදී අනිවා අහය් කැක්කුම එන්නේ වැඩ කරද්දීද?නැතිනම් විවේකව ඉදිද්දිද?කැක්කුම කොච්චර වෙලා තියනවද වගේ දේවල්......ඒවා ගැන පොඩ්ඩක් බලපන් මචන්..ගොඩක් වෙලාවට ECG එකක් හරි EXERCISE ECG එකක් හරි ගනියි.LIPID & PRESSURE 2 ම බෙහෙත් + DIET CONTROL වලින් හොඳටම පාලනය කර ගන්න පුළුවන්...බය වෙන්න එපා....වෙලාවට බෙහෙත් ගන්න එක & DIET ගැන පොඩ්ඩක් වැඩියෙන් ගෙදර කට්ටිය හොයල බලන්න,,,,මොකද ඒ කට්ටිය ලෙඩ ගණන් ගන්නේ නැති හින්දා.....:yes::yes::yes:
    JAYA WEWA......:):):)
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මටත් දෙසිය තිස් හයට කොලෙස්ටරෝල් තිබුණා. විශේෂඥ ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් මට දෙසතියෙන් දෙසතියට දිනපතා ගන්න බෙහෙත් දුන්නා. නමුත් මාව පරීක්ෂා කරපු සාමාන්‍ය පළපුරුදු වෛද්‍යවරයෙක් මගේ කොලෙස්ටරෝල් වලට බෙහෙත් අනවශ්‍ය බව කිහිප වතාවකදීම ප්‍රකාශ කලා.

    එහෙම කියූ එක වතාවක මට ටිකක් කේන්ති ගිහින් මම ඇහුවා විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශයට වෙනස් දෙයක් ඔහු කියන්නේ කොහොමද කියලා. ඔහු මා ගැන ප්‍රශ්න කිහිපයක් මගෙන් අහලා මට කීවා කොලෙස්ටරෝල් වලට අවුරුදු විස්සක් විතර දිගටම බෙහෙත් ගත්තාම කොලෙස්ටරෝල් නම් අඩුවෙයි ඒත් වකුගඩු අබලන් වෙයි. ඒ නිසා ව්‍යායාමයට දවසට කිලෝමීටරයක් විතර සාමාන්‍ය පරිදි (හති දාගෙන නොවෙයි) ඇවිදින්න, ලොකු මාළු ආහාරයට ගන්න. මස් ආහාර තෙල් කෑම වලින් හැකිතාක් වලකින්න. සියඹලා ගොරක කරපිංචා ව්‍යංජන වලට යොදාගන්න. හැකි නම් සතියකට වරක් කරපිංචා දළු අඹරලා නෙල්ලි ගෙඩියක් විතර ගුලියක් ආහාරයට ගන්න. දවසට එක වේලක ආහාරයට අමු සුදුළූනු බිකක් එක් කර ගන්න. කියලා උපදෙස් දුන්නා.

    මම බෙහෙත් නැවැත්තුවා. පුළුවන් විදියට අර උපදෙස් පිළිපැද්දා. සේරම නොවෙයි. ඇවිදින එක, සුදුළූනු බික, කරපිංචා කෑම වගේ ඒවා. නමුත් අඩු වුනේ සුළු වශයෙන්.

    ඔය අතරේ මට කියවන්න ලැබුණා තේ සහ හරිත තේ ගැන. ඉන් පස්සේ මම කහට තේ බොන්න පුරුදු වුනා සීනි නැතිව. උදේ නින්දෙන් අවදිවුනාමත් මම බිව්වේ කහට තේ එකක්. අන්න මගෙ කොලෙස්ටරෝල් මට්ටම ශීඝ්‍රයෙන් පහල යන්න පටන් ගත්තා.

    මාස තුනක් යද්දී කොලෙස්ටරෝල් සාමාන්‍ය මට්ටමට ආවා.

    දැන් අවුරුදු අටක් මම ඒ තත්ත්වය පහසුවෙන්ම පාලනය කරගෙන ඉන්නවා.

    හැබැයි මට අධි රුධිර පීඩනය නම් තිබුනෙ නෑ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,020
    113
    -In Darkness-
    මේක අහලා හිනා වෙන්න නම් එපා. විහිළුවකුත් නෙමෙයි. කොස් කොල නැටි තම්බලා බොන්න දීපන්. අඩු වෙනවා බලන් ඉද්දි. සිංහල වෙද කෙනෙක්ගෙන් අහලා බලපන්. ඒකම කියයි :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටත් දෙසිය තිස් හයට කොලෙස්ටරෝල් තිබුණා. විශේෂඥ ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් මට දෙසතියෙන් දෙසතියට දිනපතා ගන්න බෙහෙත් දුන්නා. නමුත් මාව පරීක්ෂා කරපු සාමාන්‍ය පළපුරුදු වෛද්‍යවරයෙක් මගේ කොලෙස්ටරෝල් වලට බෙහෙත් අනවශ්‍ය බව කිහිප වතාවකදීම ප්‍රකාශ කලා.

    එහෙම කියූ එක වතාවක මට ටිකක් කේන්ති ගිහින් මම ඇහුවා විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශයට වෙනස් දෙයක් ඔහු කියන්නේ කොහොමද කියලා. ඔහු මා ගැන ප්‍රශ්න කිහිපයක් මගෙන් අහලා මට කීවා කොලෙස්ටරෝල් වලට අවුරුදු විස්සක් විතර දිගටම බෙහෙත් ගත්තාම කොලෙස්ටරෝල් නම් අඩුවෙයි ඒත් වකුගඩු අබලන් වෙයි. ඒ නිසා ව්‍යායාමයට දවසට කිලෝමීටරයක් විතර සාමාන්‍ය පරිදි (හති දාගෙන නොවෙයි) ඇවිදින්න, ලොකු මාළු ආහාරයට ගන්න. මස් ආහාර තෙල් කෑම වලින් හැකිතාක් වලකින්න. සියඹලා ගොරක කරපිංචා ව්‍යංජන වලට යොදාගන්න. හැකි නම් සතියකට වරක් කරපිංචා දළු අඹරලා නෙල්ලි ගෙඩියක් විතර ගුලියක් ආහාරයට ගන්න. දවසට එක වේලක ආහාරයට අමු සුදුළූනු බිකක් එක් කර ගන්න. කියලා උපදෙස් දුන්නා.

    මම බෙහෙත් නැවැත්තුවා. පුළුවන් විදියට අර උපදෙස් පිළිපැද්දා. සේරම නොවෙයි. ඇවිදින එක, සුදුළූනු බික, කරපිංචා කෑම වගේ ඒවා. නමුත් අඩු වුනේ සුළු වශයෙන්.

    ඔය අතරේ මට කියවන්න ලැබුණා තේ සහ හරිත තේ ගැන. ඉන් පස්සේ මම කහට තේ බොන්න පුරුදු වුනා සීනි නැතිව. උදේ නින්දෙන් අවදිවුනාමත් මම බිව්වේ කහට තේ එකක්. අන්න මගෙ කොලෙස්ටරෝල් මට්ටම ශීඝ්‍රයෙන් පහල යන්න පටන් ගත්තා.

    මාස තුනක් යද්දී කොලෙස්ටරෝල් සාමාන්‍ය මට්ටමට ආවා.

    දැන් අවුරුදු අටක් මම ඒ තත්ත්වය පහසුවෙන්ම පාලනය කරගෙන ඉන්නවා.

    හැබැයි මට අධි රුධිර පීඩනය නම් තිබුනෙ නෑ.

    බොහොම ස්තුතියි මචන් මහන්සිවෙලා දාපු දිග විස්තරේට. දැන් බෙහෙත් බොන ගමන්ම ඔය cholesterol control කරන්න පුළුවන් කෑම වර්ග ටිකත් ගන්න කියලා හදන්නේ. උඹ කියපු කරුණුවල ගොඩක් දේවල් ගන්න තියෙනවා මචන්. බොහොම ස්තුතියි. :yes::yes::yes: