කොලෙස්ටරෝල් - හදුනාගැනීම, ප්‍රකිකාර හා වැ&#352

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
කොලෙස්ටරෝල් - හදුනාගැනීම, ප්‍රකිකාර හා වැ&#352

images



කොලෙස්ටරෝල් - අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. බ්ලඩ් ටෙස්ට් එකක් ඊ සී ජී එකක් නොකරපු කෙනෙක් ඛෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක ඉංග්‍රීසි නමක් තියෙන ලෙඩක් හැදෙන එකත් වාසනාවක් කියල හිතන්න ගොඩක් දෙනා පුරුදු වෙලා.ලෙඩෙක් වුණොත් රජකම ලැබුණත් වැඩක් නෑ කියල හිතපු සමාජයක අපි අරුමෝසම් ලෙඩරෝග පොදිබැදගෙන චැනල් සෙන්ටර් ගානේ නෑගම් යන්නෙ දහසින් බැදි පියලි තෑගිත් අරගෙන.වසරකට ලෝකය පුරා ලක්ෂ 171 ක් බෝ නොවන රෝග වලින් මියැදෙද්දි අපේ රටෙනුත් සැලකිය යුතු පිරිසක් එයට ඇතුළත් වෙනවා.කොලෙස්ටරෝල් වලින් මිය යන පිරිසත් අයත් වෙන්නේ ඒ ගොඩට.

ආයුර්වේද ක්‍රමයට පැහැදිලි කරනවානම් මේක මේධෝවෘද්ධි නමින් හදුන්වන අතීතයේදිත් පැවති රෝගයක්.මේධෝවෘද්ධි යන්නෙහි අර්ථය නම් අනවශ්‍ය මේද කොටස් රුධිර නාල වල තැන්පත් වීමක් යන්නයි. මෙයම විවිධ පොත් වල පිත්තාශ්ම, පිත්තස්ෙ:ා්ල ලෙසත් දක්වලා තියෙනවා. ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක් තමයි මේද. හැම දේහ සෛලයකටම තම තමන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න මේද අවශය වෙනවා. අපි පොඩ්ඩක්වත් මේද අඩංගු නැති ආහාර විතරක්ම අනුභව කළත් අපේ ශරීරයට අවශ්‍ය මේද ප්‍රමාණයෙන් 65% දක්වා නිපදවා ගන්න අපේ අක්මාවට හැකියාව තියෙනවා. මේද අවශ්‍යතාවයෙන් ඉතිරි 35% පුර්ණය කරගන්න තමයි අපි මේද සහිත ආහාර ගත යුත්තේ.


xanthelasma_high-cholesterol-symptom.jpg


ඒත් අපේ වැඩි දෙනා උදේ ඉදන් රෑ වෙනකම් කන මේදය අධික ආහාර පාන කන්දරාව දිහා බැලුවාම ශරීරයට දෛනිකව අවශ්‍ය මේද ප්‍රමාණයට වඩා හතරපස්ගුණයක්වත් ආහාරයට ගන්නා බව සත්‍යයක්. මෙහෙම අතිරික්තව ලැඛෙන මේද කොටස් කෙලින්ම මුදාහැරෙන්නේ රුධිරයට.ඒත් රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නෑ.ඒවා රුධිර නාල වල තැන්පත්වෙනවා.එසේ තැන්පත් වල මේද කොටස් තුනකට ඛෙදෙනවා. ඒ සංතෘප්ත මේද(ඒල් ඩී ඒල්) ,අසංතෘප්ත මේද(ඒච් ඩී ඒල් )හා වී ඒල් ඩී ඒල් ලෙස.මෙයින් අසංතෘප්ත මේද තැන්පත් වීමෙන් අපිට හානියක් වෙන්නේ නෑ.හානියක් වෙන්නේ අනෙකුත් දෙවර්ගයේ මේද වැඩිපුර තැන්පත් වීම මත.එමගින් රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වීම මත කෙනෙක් ලමේධෝවෘද්ධිල රෝගියෙක් බවට පත්වෙනවා.හැබැයි බඩේ ඉඩට දිවේ රසට අවනත නොවී හිතල මතල කෑම ගත්තොත් මේ රෝගයෙන් මිදෙන්න අපි කාටත් පුළුවන්. (මතක තියාගන්න- හොදට මහන්සි වෙලා වැඩ කරන හොදින් දහඩිය පිටකරන කෙනෙක් මේද සහිත ආහාර ගත්තට ලමේධෝවෘද්ධිල රෝගියෙක් වන්නට ඇති ඉඩකඩ අවම බව.)

spices_banner.jpg


මෙම කොලෙස්ටරෝල් අවදානම ට ලක්වෙච්ච බොහෝදෙනා රෝග තත්වය උච්ච ස්ථානයට එනකම් තමා රෝගියෙකු බව දැනගෙන ඉදල නැතිවීම වෛද්‍යවරු විදියට අපි හොදට දැකල තියෙනවා.අනෙත් බොහෝ භයානක රෝගවලට සාපේක්ෂව මේධෝවෘද්ධි වලදි පිටතට දැනෙන ලක්ෂණ එතරම් ප්‍රබල නෑ. ඒ නිසා ඒවා නොතකා හරින අවස්ථා වැඩියි. වැලමිට , පිටි අල්ල, දණහිස, ඇස් යට කහ පැහැ ලප කැලැල් මතුවෙනවානම්- වරින් වර ඇගේ තැනින් තැන හිරිවැටෙනවා නම්- සාමන්‍ය ප්‍රමාණයට වඩා දහදිදිය ගලනවානම් - ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැ රවුමක් ඇති වෙනවානම් ඇගේ තැනින් තැන මේද ‍ගැටිති එනවා නම් ඒ මේධවෘද්ධි ලක්ෂණ විය යුතුයි. එසේම හෘදයේ සිට වම් අත දෙසට ගමන්කරන වේදනාව ද මේධවෘද්ධි ලක්ෂණයක්. මේ බාහිර ලක්ෂණ වලට අමතරව
අක්මාව හා ප්ලීහාව විශාල වීමද සිදුවෙනවා. ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.

රෝගයේ මුල් මට්ටම් වලදි වගේම අවධානම් මට්ටමකදි වුණත් ආයුර්වේද ක්‍රමය ගැන විශ්වාසයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ගාවට එන රෝගියෙකු සුවපත් කිරීමේ හැකියාවක් ඇති ප්‍රතිකාර විධි වලින් ආයුර්වේදය පොහොසත්. හැබැයි ආයුර්වේද ප්‍රතිකාර වලට යොමුවෙන රෝගියෙකු තමන්ගේ අවදානම් තත්වයෙන් ගැලවිලා නිට්ටාවට සුව වෙන තෙක් එක හිතින් ප්‍රතිකාර සමග බද්ධ වී සිටිය යුතුයි. .ආයුර්වේදයේ දී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයට මිසෙක රෝග ලක්ෂණ වලට නෙවෙයි. රෝග නිධානය ඉවත් කරල නැවැත රෝගය මතුවීම අත්හිටුවීම වැලැක්වීම තමයි වෛද්‍යවරයාගේ වගකීම. කොලෙස්ටරෝල් වලදි පළමු ඛෙහෙත් වඩියෙන්ම රෝග පාලනය ආරම්භ කරල එතැන් ඉදල මාස දෙකක් තුළ රෝගියාව සාමාන්‍ය මට්ටමට ගේන්න ආයුර්වේද ක්‍රමයේ ප්‍රතිකාර වලින් පුළුවන්. ප්‍රතිකාර ගන්න බොහෝ දෙනා කරන වරදක් තමයි මෙන්න මේ අවස්ථාවෙදි ප්‍රතිකාර ගන්න එක නවත්තලා ~දැන් මට හොදයි~ කියල ආයෙත් පරණ පුරුදු විදියට පාලනයකින් තොරව ආහාර අරන් - නිසි විහරණ පවත්වා නොගනිමින් අන්තනෝමතිකව කටයුතු කිරීම.ඒ නිසා වෙන්නේ නැවත වරක් සතියක් දෙකක් තුළ ප්‍රතිකාර ආරම්භ කරපු අවස්ථාවේ මට්ටමට රෝගය උත්සන්න වීම.අද නිදහස් වුණු ඔබ හෙට දවසෙ ආයෙත් ඒ අගාධයට වැටෙන්න සූදානම් නෑ නේද?



195061057_172710.jpg


එතැනදි ආයුර්වේදයටවත් වෛද්‍යවරයාටවත් දොස් කියල වැඩක් නෑ.තමන්ට ජීවිත කාලය පුරාවටම විදවන්න වෙන රෝගයකින් මිදිල සාමාන්‍ය මට්ටමට පත්වෙලා ජීවිතය විදින්න ලැඛෙන අවස්ථාව අපතේ නොහැර
තමන්ගේ ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් වත් කර ගත්තොත් කොලෙස්ටරෝල් තත්වය නිසා වෙහෙසට පත්ව අඩපණ වුණු අක්මාව ප්ලීහාව වගේ ඉන්ද්‍රියයන් නැවත යථා තත්වයට පත්වෙලා නිසි කියාකාරී මට්ටමට ගේන්න පුළුවන්. ඊළගට එම ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් කරගෙන යනකොට රෝගියාගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරල තරමක් ලිහිල් ඇවතුම් පැවතුම් රටාවකට ගියාට වරදක් වෙන එකක් නෑ.කොහොම වුණත් ප්‍රතිකාර නවත්වා වසර දෙකක් තුනක් යනකම් මාස දෙකකට වතාවක් වත් වෛද්‍ය පරීක්ෂණයකින් කොලෙස්ටරෝල් තත්වය මැනගෙන ඔබේ ආයුර්වේද වෛද්‍යවරයාවත් තත්වය පිළිබද දැනුවත් කරන්න.ඔබ ක්‍රමයෙන් නිරෝගී බවට පත්වෙන ක්‍රමාංකයන් දැන හදුනාගන්නා ඔහුත් ප්‍රතිකාර ලබාගන්නා විට ඔබගෙන් ලද මුදලින් ලැබුවාට වඩා සුන්දර නිරාමිස සතුටකින් සංතෘප්ත වේවි.

කොලෙස්ටරෝල් වලදි භාවිතයට හිතකර හා අහිතකර ආහාර ගැන කතා කලොත් එහෙම මෙන්න මෙහෙමයි. මේ අහිතකර ආහාර භාවිතයට නොගැනීම හෝ අවමව භාවිතයට ගැනීම කොලෙස්ටරෝල් අවධානම නැති කෙනෙකුට එයින් මිදීමේ අවස්ථා ඇති කරාවි. අධිකව තෙල්,සීනි,පිටි වෙන වෙනම හෝ මිශ්‍රව සැකසූ ආහාර, ක්ෂණික ආහාර, එළුමස් , ඌරැ මස් හා හරක්මස්, මීකිරි හා යෝගට්, පොල්, රටකජු හා කජු, පීකුදු හා බිත්තර, චීස්, බටර් හා මාගරින්, බිත්තර එළගි තෙල් හා සෝස්, සොසේජස්, එළවළු තෙල් ආහාර අපත්‍ය ආහාර විදියට දක්වන්න පුළුවන්. පොල් හා පිරිසිදු පොල්තෙල් රෝගය වැළදුනු කෙනෙකුට අහිතකර වුණත් නොවැළදුනු කෙනෙකුට වැළදීමේ අවදානමක් ඇති කරන්නේ නෑ. පත්‍ය හෙවත් සුදුසු ආහාර විදියට ගන්න පුළුවන් දේවල් අතර නිවුඩු හිත තැම්බූ හාලේ බත්,අළුත් එළවළු හා පළතුරු, පලා වර්ග,කුඩා මාළු හා මේද රහිත කිරි,කුරහන් පිටි සහිත ආහාර, සූරියකාන්ත තෙල් හා පරළු පාන් ඉදිරියෙන්ම තියෙනවා. ඒවගේම ආහාර පිසීමේදි තිබුණොත් යොදන එහෙමත් නැත්නම් නොදාම ඉන්න කරපිංච නැට්ටට, ගොරොක් අණ්ඩට රුධිර නාලගත මේදය දියකර හැරීමේ අරුම පුදුම බලයක් තිඛෙන බව අමතක කරන්න එපා. ඒ නිසාම ආහාර පිසීමේදි යොදාගන්නා කරපිංචා, සුදුලූණු, රතුළූනු , කුරුදුපොතු, උළුහාල් , කොත්තමල්ලි, ගොරකා වැඩිවැඩියෙන් යොදාගැනීමත් හොදයි. දිනකට සුදුලූණු, රතුළූනු ගෙඩි දෙක තුනක් අනිවාර්යයෙන් කෑමත්, කරපිංචා-ගොරකා-සුදුළූණු-ගම්මිරිස්-ලුණු කැටයක් පමණක් දැල අඹරපු ලුණු මිරිස් , කරපිංචා දළු සම්බෝලය,දෙහි ඇඹුල් දාපු තෙඹු කොළ සම්බෝලයක් දවස ගානේ මාරුවෙන් මාරුවට කෑමත් කොලෙස්ටරෝල් පලවාහැරීමට කියාපු අත්බේත්. වෙල් තම්පලා. මෑ කොළ, දඹල කොළ, ජපන් බටු කොළ(සමහර පැතිවල ආඩිබටු) මැල්ලුමට එකතු කිරීමත් හැදුනු නොහැදුනු දෙගොල්ලටම හොදයි.

ඒ අතරම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ක්ෂණිකව අඩු කරගන්න ඕන නම් කලින් සකසා ගත් වියළූ නැටි සහිත කරපිංචා කොල කුඩුකර කෝපි මෙන් බීමත්, බත් සමග ගිරිතිල්ල කොල සම්බෝලය කෑමත් අත්දුටුවයි සත්‍යයයි. පාවට්ටා කොල වියලා කුඩුකර කෝපි මෙන් බීමත්, සතියකට වරක් වෙනිවැල්ගැට තම්බා බීමත් ඔබව අවධානමෙන් ගලවා තබා ගැනීමට අත්බේත් කරගන්න පුළුවන්. දිනපතා පැය දෙකක් වත් දහදිය දමන කය වෙහෙසෙන වැඩක යෙදීමත් , සක්‍රීය හා අක්‍රීය දුම්පානයෙන් මිදීමත් ,මත්පැනින් ඈත්වීමත් කොලෙස්ටරෝල් අවදානම ඔඛෙන් පලවාහැරීමට මහත් සේ උපකාරී වේවි.ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.කාන්තා පාර්ශවයට වයස 40න් පමණ සිදුවන ඔසප් නැවතීමෙන් පසු කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාමේ අවධානමක් පවතින බව දැනුවත් වීමත් හොදයි.
 

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
කොලෙස්ටරෝල් - හදුනාගැනීම, ප්‍රකිකාර part 2

කට්ටිය මගේ ‍ලිපිය කියවලා comment දාලා තිබුනා. ඒකෙන් මට තේරුනා ගොඩක් කට්ටිය මේ පිළිබඳව උනන්දු වෙනවා කියලා. ඒක ගොඩක් හොඳ තත්වයක්. හැදෙන්න කලින් වලකින එක. ඒක නිසා දෙවන post එකත් දාන්න හිතුවා.................





කොලස්ටරෝල් යනු ශරීරයේ ස්වාභාවිකව ඇතිවන මේදමය සංඝටකයකි. එය වටිනා කාර්යයන් කිහිපයක් කරයි. මෙය ශෛලවල බිත්ති තැනීමට අවශ්‍ය වන අතර සමහර හෝමෝන වලට හරවන මූලික සංඝටකයකි. ඔබට අවශ්‍ය කොලස්ටරෝල් සම්පූර්ණයෙන්ම ශරීරයෙන් සාදයි. සෞඛ්‍යමත්ව සිටීමට ඔබට ආහාරයේ අවශ්‍ය වනුයේ මේදය කුඩා ප්‍රමාණයකි.
ඔබ ආහාරයට ගන්නා මේදය හා හා කොලස්ටෝල් බඩවැල් වලදී උරාගෙන අක්මාව වෙත ප්‍රවාහනය කරයි. අක්මාවේදී, මේදය කොලස්ටරෝල් බවට හරවා රුධිරයට එකතු කරයි. කොලස්ටරෝල් ප්‍රධාන ලෙස කොටස් 2කි. අඩු ඝණත්ව ලිපොප්‍රොටිස් (LDL) කොලස්ටරෝල් (නරක කොලස්ටරෝල්) හා ඉහල ඝණත්ව ලිපොප්‍රෝටීන් (HDL) (හොද කොලස්ටරෝල්)
ඉහල ප්‍රමාණයෙන් අඩු ඝණත්ව ලිපොප්‍රෝටීන් ඇතරොස්ලොරාසිස් සමග සම්බන්ධය ඇතරොස්ලොරාසිස් යනු ධමනිවල කොලස්ටරෝල් බහුල මේද තැන්පත් වීමය. මෙය අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක් වන හෘදයට, මොළයට රුධිරය සැපයුම අඩු කිරීමට හෝ නතර කිරීමට රුධිර නාල සිහින් වීම හෝ අවහිර වීම සිදු කළ හැක. ඇතරොස්ලොරාසිස් හෘදයට බලපෑම කිරීටක ධමනි රෝගය ලෙස නම් කරන අතර එය හෘදයාබාධ සදහා හේතු වේ. මොලයට රුධිරය සපයන නාල ඇතරොස්ලොරාසිස් මගින් අවහිර වූ විට එය ආසාධනය සදහා හේතු වේ.
වැඩි මට්ටමේ ඉහල ඝණත්ව ලිපොප්‍රෝටීන් කොලස්ටරෝල්, හෘදයාබාධ හා අසහනයෙන් වලකනුයේ ධමනිවලින් කොලස්ටරෝල ඉවත් කර අක්මාව වෙත නැවත ගෙන ඒම මගිනි.
ඉහල කොලස්ටරෝල් මට්ටම් මගින් ඇතරොස්ලොරාසිස් ඇති විය හැකි නිසා වෛදයවරුන් නිර්දේශ කෙරෙනුයේ නියම මට්ටමේ කොලස්ටරෝල් මට්ටම රදවා ගන්නා ලෙසයි. සාමාන්‍යයෙන්, වයස අවුරුදු 20 ට වැඩි වැඩිහිටියන් සම්පූර්ණ කොලස්ටරෝල් මට්ටම ඩෙසිලීටර මිලිග්‍රෑම් 200ට අඩුවෙන් පවත්වා ගත යුතුය.
ඇතරොස්ලොරාසිස් වල අවදානම වඩා නිශ්චිත ලෙස සලකා බැලීමට ඔබගේ පහල ඝණත්ව ලිපොප්‍රෝටීන් පරීක්ෂා කල යුතුය. පවත්වා ගත යුතු අඩු ලිපොප්‍රෝටීන් මට්ටම එම පුද්ගලයා දැනටමත් ඇතරොස්ලොරාසිස් නිසා රෝගයකින් පෙලෙනවාද, දියවැඩියාව තිබේද, කිරීටක ධමනි රෝගය සදහා වෙනත් අවදානම් කරුණු තිබේද යන්න මත නිර්ණය වේ. මෙම මට්ටම් රජයේ අනුග්‍රහයෙන් ස්ථාපිත ජාතික කොලස්ටරෝල් අධ්‍යාපන වැඩසටහන මගින් නිර්ණය කරනු ලැබේ. ඉහල මට්ටමේ ඝණත්ව ලිපොප්‍රෝටීන හා දියවැඩියාව අමතරව නිර්ධන ධමනි රෝගය සදහා අවදානම් කරුණු වනුයේ,

  • වයස අවු. 45ට වැඩි පිරිමින්.
  • වයස අවු. 55ට වැඩි ගැහැනුන්
  • ඉක්මණින් ආර්තවභාවයට පත් කාන්තාවන්
  • පවුලේ අයට කිරීටක ධමනි රෝගය කලින් ඇති වීම. (තාත්තාට හෝ සහෝදරයාට අවු. 55ට කලින් හා අම්මාට හෝ සහෝදරියට අවු. 65ට කලින් කිරීටක ධමනි රෝගය ඇති වීම.)
  • දුම්පානය
  • අධික රුධිර පීඩනය තිබීම.
  • හොද කොලස්ටරෝල් ප්‍රමාණවත් තරම් නොතිබීම (ඉහල ඝණත්ව ලිපොප්‍රෝටීන්) HDL
ඔබට කිරීටක ධමනි රෝගය, පර්යන්ත ධමනි රෝගය හෝ පහල ඝණත්ව ලිපොප්‍රෝටීන මට්ටම් ඩෙසි ලීටරයට මිලි ග්‍රෑම් 70 හෝ ඊට අඩු විය යුතුය. ඔබට අවදානම් කරුණු තවත් පහල විය යුතුය. සාමාන්‍යයෙන් පහල ඝණත්ව කොලස්ටරෝල් මට්ටම් 100ට අඩුනම් හොදය. අවදානම් කරුණු අඩු නම් හෝ නැති නම් 130ට අඩුවෙන් පිලිගත හැක.
ඔබගේ ඉහළ ඝණත්ව ලිපොප්‍රෝටීන මට්ටමද, ඉතා වැදගත්ය. ඩෙසි ලීටරයට මිලිග්‍රෑම් 40ට අඩු පුද්ගලයන්ට ඇතරොස්ලෙරෝසිස්, අසහනය සෑදීමට වැඩි ඉඩක් ඇත. ඉහල ඝණත්ව ලිපොප්‍රෝටීන් මට්ටම ඩෙසි ලීටරයට මිලිග්‍රෑම් 60 ට වැඩි නම් ඇතරොස්ලෙරොසිස් ඇතිවිට අඩුවන අතර හෘද රෝග වලින් හා ආසාධනයෙන් ආරක්ෂා කරනු ලැබේ, යැයි සිතනු ලැබේ.
අධික කොලස්ටරෝල් සදහා වෙනත් හේතූන් තිබේද?
අධික කොලස්ටරෝල් ඇති වීමට සුව හේතූන් රාශියක් ඇත.

  • ජාන ඉතිහාසය
  • කෑම අරුචිය
  • වකුගඩු රෝගී තත්ත්වය
  • තයිරොක්සින් ඌණතාවය
  • HIV ආසාධනයට ප්‍රතිකාර කරන ඇතැම් ඖෂධ වර්ග
  • සන්තෘප්ත මේද අධික ආහාර රුධිරයේ කොලස්ටරෝල් මට්ටම ඉහළ නංවයි.
  • කොලස්ටරෝල් අධික බවට අධි ස්ථූලතාවයද, බලපායි. බර අඩු කිරීම මගින් පහල ඝණත්ව ලිපෝප්‍රෝටීන් හා සම්පූර්ණ කොලස්ටරෝල් මට්ටම පහල දමයි.
  • ශරීර චලනයන් අඩු බවද, හෘදය ආශ්‍රිත රෝග සදහා විශාල ලෙස බලපායි.
:love::love::love:සැපවත් දිවි පෙවෙතක් ඇති වේවා elakiri යාලුවෝ ඔක්කෝටම. ඡය වේවා :love::love::love::love: