කොලෙස්ටරෝල් - හදුනාගැනීම, ප්‍රකිකාර හා වැළකීමේ ක්‍රම
කොලෙස්ටරෝල් - cholesterol අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක ඉංග්‍රීසි නමක් තියෙන ලෙඩක් හැදෙන එකත් වාසනාවක් කියල හිතන්න ගොඩක් දෙනා පුරුදු වෙලා.ලෙඩෙක් වුණොත් රජකම ලැබුණත් වැඩක් නෑ කියල හිතපු සමාජයක අපි අරුමෝසම් ලෙඩරෝග පොදිබැදගෙන චැනල් සෙන්ටර් ගානේ නෑගම් යන්නෙ දහසින් බැදි පියලි තෑගිත් අරගෙන.වසරකට ලෝකය පුරා ලක්ෂ 171 ක් බෝ නොවන රෝග වලින් මියැදෙද්දි අපේ රටෙනුත් සැලකිය යුතු පිරිසක් එයට ඇතුළත් වෙනවා.කොලෙස්ටරෝල් වලින් මිය යන පිරිසත් අයත් වෙන්නේ ඒ ගොඩට.
ආයුර්වේද ක්‍රමයට පැහැදිලි කරනවානම් මේක ''මේධෝවෘද්ධි'' නමින් හදුන්වන අතීතයේදිත් පැවති රෝගයක්.''මේධෝවෘද්ධි'' යන්නෙහි අර්ථය නම් අනවශ්‍ය මේද කොටස් රුධිර නාල වල තැන්පත් වීමක් යන්නයි. මෙයම විවිධ පොත් වල පිත්තාශ්ම, පිත්තස්ථෝල ලෙසත් දක්වලා තියෙනවා. ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක් තමයි මේද. හැම දේහ සෛලයකටම තම තමන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න මේද අවශය වෙනවා. අපි පොඩ්ඩක්වත් මේද අඩංගු නැති ආහාර විතරක්ම අනුභව කළත් අපේ ශරීරයට අවශ්‍ය මේද ප්‍රමාණයෙන් 65% දක්වා නිපදවා ගන්න අපේ අක්මාවට හැකියාව තියෙනවා. මේද අවශ්‍යතාවයෙන් ඉතිරි 35% පුර්ණය කරගන්න තමයි අපි මේද සහිත ආහාර ගත යුත්තේ.
ඒත් අපේ වැඩි දෙනා උදේ ඉදන් රෑ වෙනකම් කන මේදය අධික ආහාර පාන කන්දරාව දිහා බැලුවාම ශරීරයට දෛනිකව අවශ්‍ය මේද ප්‍රමාණයට වඩා හතරපස්ගුණයක්වත් ආහාරයට ගන්නා බව සත්‍යයක්. මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් කෙලින්ම මුදාහැරෙන්නේ රුධිරයට.ඒත් රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නෑ.ඒවා රුධිර නාල වල තැන්පත්වෙනවා.එසේ තැන්පත් වල මේද කොටස් තුනකට බෙදෙනවා. ඒ සංතෘප්ත මේද(LDL) ,අසංතෘප්ත මේද(HDL)හා VLDL ලෙස.මෙයින් අසංතෘප්ත මේද තැන්පත් වීමෙන් අපිට හානියක් වෙන්නේ නෑ.හානියක් වෙන්නේ අනෙකුත් දෙවර්ගයේ මේද වැඩිපුර තැන්පත් වීම මත.එමගින් රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වීම මත කෙනෙක් "මේධෝවෘද්ධි" රෝගියෙක් බවට පත්වෙනවා.හැබැයි බඩේ ඉඩට දිවේ රසට අවනත නොවී හිතල මතල කෑම ගත්තොත් මේ රෝගයෙන් මිදෙන්න අපි කාටත් පුළුවන්. (මතක තියාගන්න- හොදට මහන්සි වෙලා වැඩ කරන හොදින් දහඩිය පිටකරන කෙනෙක් මේද සහිත ආහාර ගත්තට "මේධෝවෘද්ධි" රෝගියෙක් වන්නට ඇති ඉඩකඩ අවම බව.)
මෙම කොලෙස්ටරෝල් අවදානම ට ලක්වෙච්ච බොහෝදෙනා රෝග තත්වය උච්ච ස්ථානයට එනකම් තමා රෝගියෙකු බව දැනගෙන ඉදල නැතිවීම වෛද්‍යවරු විදියට අපි හොදට දැකල තියෙනවා.අනෙත් බොහෝ භයානක රෝගවලට සාපේක්ෂව "මේධෝවෘද්ධි" වලදි පිටතට දැනෙන ලක්ෂණ එතරම් ප්‍රබල නෑ. ඒ නිසා ඒවා නොතකා හරින අවස්ථා වැඩියි. වැලමිට , පිටි අල්ල, දණහිස, ඇස් යට කහ පැහැ ලප කැලැල් මතුවෙනවානම්- වරින් වර ඇගේ තැනින් තැන හිරිවැටෙනවා නම්- සාමන්‍ය ප්‍රමාණයට වඩා දහදිදිය ගලනවානම් - ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැ රවුමක් ඇති වෙනවානම් ඇගේ තැනින් තැන මේද ගැටිති එනවා නම් ඒ "මේධවෘද්ධි" ලක්ෂණ විය යුතුයි. එසේම හෘදයේ සිට වම් අත දෙසට ගමන්කරන වේදනාව ද "මේධවෘද්ධි" ලක්ෂණයක්. මේ බාහිර ලක්ෂණ වලට අමතරව
අක්මාව හා ප්ලීහාව විශාල වීමද සිදුවෙනවා. ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.
රෝගයේ මුල් මට්ටම් වලදි වගේම අවධානම් මට්ටමකදි වුණත් ආයුර්වේද ක්‍රමය ගැන විශ්වාසයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ගාවට එන රෝගියෙකු සුවපත් කිරීමේ හැකියාවක් ඇති ප්‍රතිකාර විධි වලින් ආයුර්වේදය පොහොසත්. හැබැයි ආයුර්වේද ප්‍රතිකාර වලට යොමුවෙන රෝගියෙකු තමන්ගේ අවදානම් තත්වයෙන් ගැලවිලා නිට්ටාවට සුව වෙන තෙක් එක හිතින් ප්‍රතිකාර සමග බද්ධ වී සිටිය යුතුයි. ඒ ගැන වැඩි විස්තර දැන ගන්න වෙදහාමිනේගේ ලිපිය බලන්න.ආයුර්වේදයේ දී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයට මිසෙක රෝග ලක්ෂණ වලට නෙවෙයි. රෝග නිධානය ඉවත් කරල නැවැත රෝගය මතුවීම අත්හිටුවීම වැලැක්වීම තමයි වෛද්‍යවරයාගේ වගකීම. කොලෙස්ටරෝල් වලදි පළමු බෙහෙත් වඩියෙන්ම රෝග පාලනය ආරම්භ කරල එතැන් ඉදල මාස දෙකක් තුළ රෝගියාව සාමාන්‍ය මට්ටමට ගේන්න ආයුර්වේද ක්රමයේ ප්‍රතිකාර වලින් පුළුවන්. ප්‍රතිකාර ගන්න බොහෝ දෙනා කරන වරදක් තමයි මෙන්න මේ අවස්ථාවෙදි ප්‍රතිකාර ගන්න එක නවත්තලා 'දැන් මට හොදයි' කියල ආයෙත් පරණ පුරුදු විදියට පාලනයකින් තොරව ආහාර අරන් - නිසි විහරණ පවත්වා නොගනිමින් අන්තනෝමතිකව කටයුතු කිරීම.ඒ නිසා වෙන්නේ නැවත වරක් සතියක් දෙකක් තුළ ප්‍රතිකාර ආරම්භ කරපු අවස්ථාවේ මට්ටමට රෝගය උත්සන්න වීම.අද නිදහස් වුණු ඔබ හෙට දවසෙ ආයෙත් ඒ අගාධයට වැටෙන්න සූදානම් නෑ නේද?
FB-Source

Last edited: